ආරක්ෂක රැකවල් දැඩි කෙරේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,927
    40,750
    113
    ආරක්ෂක රැකවල් දැඩි කෙරේ

    ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර අද (06) පැවැත්වෙන නිදහස් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය සඳහා ආරක්ෂක රැකවල් දැඩි කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

    අද තරගයේ සියලූ ප‍්‍රවේශපත්‍ර ද මේ වන අලෙවි වී අවසන්. මෙම තරගය රාතී‍්‍ර 7.00ට කොළඹ ආර්. පේ‍්‍රමදාය කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    තරගයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළුව පොලිස් නිලධාරීන් දහසක් යොදවා සිටින බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. ඊට අමතරව පුද්ගලික ආරක්ෂක සේවා නිලධාරීන් තුන්සිය දෙනෙකු අද තරගයේ ආරක්ෂාවට යොදවා තිබෙනවා.

    පිවිසුම් දොරටු අසල තදබදය අවම කර ගැනීමට කල් වේලාව ඇතිව කී‍්‍රඩාංගණයට පැමිණෙන ලෙසයි ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගත් කී‍්‍රඩා ලෝලීන්ට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නැවත දැනුම් දෙන්නේ. කී‍්‍රඩාංගණය ඉදිරිපිට සිටින ඇතැම් පිරිස් අද දිනයේදී ප‍්‍රවේශපත‍්‍ර ඉතා වැඩි මුදලට අලෙවි කරන බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. ඇතැමුන් රුපියල් 300 ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කරන්නේ රුපියල් දහසක වැනි මුදලකටයි.

    මේ අතර අද තරගයේදී කුසල් ජනිත්ට කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇතැයිද වාර්තා වනවා. ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියට ඔහු සහභාගි වූයේ නැහැ. ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ පසුවන්නේ 8 වැනි ස්ථානයේයි. ඉන්දීය කණ්ඩායම එම සටහනේ 3 වන ස්ථානයේ පසුවනවා.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura Kumarage kathawak dammanam hari Match cancel karala:):) kohomath t20 time cover wenawa uge kathawakata:)
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තම්බි නානලට ගහපු සින්හල කොල්ලන්ට, ඉන්දියන් පක්කු මොක්කුද?