තැඹිලි

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    රෝග ගණනාවකට ගුණ තැඹිලි සෙමට අගුණයි...
    Inline images 2

    මේ කතාව ගමේ නම් බොහොම ප්‍රසිද්ධ කියමනකි. තැඹිලි ඇත්තටම සෙමට අගුණයි ද අපි මේ ගැන විමසමු. තැඹිළි වැවෙන්නේ ලංකාවේ පමණක් නොවේ. ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, මාලදිවයින වැනි රටවල ද හොඳින් වැඩේ. ජධජභඵ දභඵඪඵඥපච යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තැඹිලි ලංකාවේ දී විවිධ වර්ගවලින් ද දැකිය හැක. කුන්දිරා, රන් තැඹිලි, නවසී, ගොන් තැඹිලි ආදී තැඹිලි වර්ග කිහිපයක් තිබුණ ද පොදුවේ තැඹිලිවල ගුණ සමානයි.

    යකඩ, කැල්සියම්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේඩ් තන්තු වැනි පෝෂක වර්ග ප්‍රධාන වශයෙන් ම වැඩිපුර ඇති බැවින් තැඹිලි බෙහෙවින් ගුණදායක පලතුරකි. බාල, මහලු, තරුණ කොයි කා අතරත් බෙහෙවින් ජනප්‍රිය පානයක් වන තැඹිලි දේශීය වෙදකමේ කසාය, පත්තු, අනුපාන, ගුලි, කල්ක සෑදීම සඳහා ද තෙල් වර්ග සඳහා ද තැඹිලි පලතුර යොදාගනී.

    තැඹිලිවල හිතකර ගුණ

    * මුත්‍රා පිටවීමේ අපහසුවෙන් පෙළෙන අයට මුත්‍රා පිටවීම පහසුවීමට තැඹිලි පානය කරන්න.

    * මුත්‍රා මාර්ගය පිරිසිදු කරන අපූරු ශක්තියක් තැඹිලි වතුරට ඇත.

    * ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරයි.

    * කුඩා දරුවන්ට වැළෙඳන බඩ අජීර්ණයන් හා බඩ පිපුම වැනි තත්ත්වයන් සමනය කිරීමට තැඹිලි වතුර ගුණදායකයි.

    * ශරීරයෙහි උෂ්ණගතිය මගහැර ශරීරය සිසිල් කිරීම තැඹිලිවතුරින් සිදුවේ.

    * ශරීරයේ ඇති දැවිල්ල නැති කිරීමේ අපූරු ගුණයක් තැඹිලි පලතුරට ලැබේ.

    * ශරීරයේ නැවුම්බවට හේතුවන තැඹිලි වතුර නිතර නිතර පානය කිරීමෙන් ඔබ ශරීරය නැවුම්වේ.

    * රුධිරය පිරිසිදු කරනා අතරම රුධිරයේ ඇති විෂ කොටස් විනාශ කර දමයි.

    * රුධිර සංසරණය හොඳින් සිදු වෙයි.

    * ධමනිවල ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය නැති කිරීම නිසා කොලෙස්ටරෝල් ඇති අයට වඩාත් සුදුසුය.

    * වමනය නැති කරයි.

    * ශරීරයේ ශක්තිය ඇති කිරීම සඳහා උදව් වේ.

    * මාංශ පේෂිවල වැඩීම ඇති කරයි.

    * ශරීරයෙහි බර අඩුවීම නැතිකර බර වැඩිවීමට මගපාදයි.

    * ශරීරයෙහි ප්‍රතිශක්තිය වැඩිකර ලෙඩ රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඇති අයුරින් ශරීරය හැඩගස්වයි.

    * වෛරස් රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව මනා අයුරින් හිමිවීමට තැඹිලිවතුර පානයට ගන්න.

    * දියවැඩියාව ඇත්තන්ට තැඹිලි වතුර පානය කිරීමට බියක් ඇති කරගත යුතු නොවේ.

    * පිළිකා සැදීම සඳහා ඇති අවදානම නැති කිරීමට තැඹිලි පලතුරට පුළුවන.

    * මුත්‍රා ගල් හැදීම අඩු කරන බැවින් එම රෝගයට ගොදුරු වී සිටි අයට මෙන් ම එම රෝගය වැළඳීමට ඉඩකඩ ඇති අයට උචිතයි.

    * මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ට එම රෝග තත්ත්වයෙන් මිඳීමට උදව් වේ.

    * කුඩා දරුවන්ගේ පණු රෝගවලට ගුණදායකය.

    * සන්ධි රෝගවලට අපූරු ගුණදායක බවක් ගෙන දේ.

    * පිත්තාශයේ රෝගවලට හොඳය.

    * සමෙහි සුසිනිඳු බව ආරක්ෂා කරයි.

    * හිස් කබලෙහි ඉස්හොරි සෑදීම වළක්වයි.

    * අකලට කෙස් පැසීම රෝගයෙන් පීඩා විඳින තරුණ තරුණියන්ට තැඹිලි වතුර බීම කදිම පණිවුඩයකි.

    * දිලීර රෝගයක් සෑදුණු අවස්ථාවල දී තැඹිලි වතුර බීමෙන් ඉන් ඉවත් විය හැකිය.

    * බැක්ටීරියා නැසීමේ ගුණයක් ඇත.

    * බඩවැල්වල හැදෙන පණුවන් විනාශ කරයි.

    * උණසන්නිපාතය, මැලේරියාව වැනි රෝගවලට ගුණදායක වේ.

    * හිසරදයට කදිමය.

    * ධමනිගත රෝගවලට ගුණදායකය.

    * ගලගණ්ඩය සැදී ඇති අයට මනාය.

    * දෙවන ලෝක යුද්ධයේ දී සේලයින් වෙනුවට තැඹිලි වතුර එන්නත් කරන ලද බව කියැවේ. ඒ නිසා සේලයින් වෙනුවට තැඹිලි වතුර භාවිතයට ගත හැක.

    තැඹිලිවල අහිතකර ගුණ

    * වකුගඩු රෝගවල දී තැඹිලි වතුර පානය නුසුදුසුය.

    * සර්පයින් දෂ්ට කළ අවස්ථාවල දී තැඹිලි වතුර පානයෙන් වැළකී සිටින්න.

    * සෙම් රෝගවල දී තැඹිලි අගුණය.

    * ලේ දන් දී පැමිණි අවස්ථාවක දී තැඹිලි පලතුර පානය ඔබට අහිතකර විය හැක.

    තිලානි ශානිකා විතානාච්චි
    ජීවක වෙද අසපුව
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. මෙච්චර ගුණයි කියලා දැනන් හිටියෙ නෑනෙ බං.. මං හිතන් හිටියෙ ඩ්‍රින්ක් එක දැම්ම දාට පහුවදා උදේට බොන්න විතරයි හොඳ කියලා බඩ කූල් වෙන්න..:dull:
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    gud post....
    11.gif
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපේ ලංකාවේ මෝඩයෝ ඉතින් පොෂ් එකට බොන්නේ කොකා කොලා,රෙඩ් බුල් නෙහ්හ්..තියෙන දේ අගයක් නැහැ කියල කියනවනේ..පිටරටින් ආවොත් ඕන ජරාවක්..තැබිලි ව‍ගේම කුරුම්බාත් ගොඩක් ගුණයි..:yes:



    Coconut-from-a-street-vendor.jpg
     
    Last edited:

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    "දවල් 12ට පෙර රන් පවුමක් දී හෝ තැඹිලි ගෙඩියක් බොන්න, දවල් 12න් පසු රන් පවුමක් දුන්නත් තැඹිලි ගෙඩියක් නොබොන්න" ඔන්න ඔහොමයි මුතුන් මිත්තෝ කිව්වේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අප්පටසිරි.. මෙච්චර ගුණයි කියලා දැනන් හිටියෙ නෑනෙ බං.. මං හිතන් හිටියෙ ඩ්‍රින්ක් එක දැම්ම දාට පහුවදා උදේට බොන්න විතරයි හොඳ කියලා බඩ කූල් වෙන්න..:dull:
    මේ ඉන්නේ කස්ටිය වෙනම ට්‍රේඩ් එකකුත් දැම්ම උබ අතුරුදහන් වෙලා කියල :P