තැවුණේ දැවුණේ පිරිසිදු සිතකින් එකම ලඳක් වෙත පෙම් කළ නිසාවෙනි 🎵🎶🎼

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දියකර සාගරයේ
    අඳුරේ උන්නෙමි ලොවම එපාවී
    මා හැරදා ඈ ගිය දවසේ
    මා හැරදා ඈ ගිය දවසේ

    දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැති
    පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැති
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි

    තරු මල් යායම.....

    නුවර උයන් මැද හමුවු ළඳුන් නැතී
    යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කළ නිසාවෙනි


     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    නොමියන ගී..
    මුලින්ම ඇහැවුවෙ කැසට් පීස් වලින්, ඉට පස්සේ ඔඩියො සිඩි විදිහට රයිට් කරාලා සෙටප් එකේ දාං ඇහැවුවා.
    ඉට පස්සේ ආවා බලක් mp3 විදිහට සිඩි ආපු කාලයක් විසිඩි ප්ලෙයර් වල විතරයි එවා ප්ලේ කරන්න පුලුවන්උනේ. මතක විදිහට කපුගෙ මහත්තයාගේ සිංදු 150 ක් 200ක් එකම සිඩි එකේ තිබුනා.
    අද චෙනකොට යූටියුබ් ස්පොටිෆයි වලන් පවා අහන ඇහෙන සිංදු.

    තව ඉස්සරහට මොන ටෙක්නෙලජියක් ආවත් එවටත් කොපි වෙවි එදාටත් අනිවා අහන සිංදු.

    දැං ඉන්න ගං කබරයින්ගෙ මගුල් නම් සතියයි දෙකයි උපරිම මාසයයි. එහෙමත් එකෙක් තමයි අවුරුද්දක් දෙකක් ඇදෙන සිංදුවක් කරන්නෙ