තිරිකුණාමලයට හිත වැටී
තිරිකුණාමලයට හිත වැටී
දවටගෙන සිනහවක්
පැළඳගෙන සෙනෙහසක්
නුඹ ගියා මා අසලින්...
නොදැක්කද දැක්කා සේ
පාසැල් බෑගයක් රුවාගෙන
ටියුෂන් පන්තියෙන් නිවහනට
ගිය හැටි අගෙයි මග
අවට වැසි රැකවරණ මැද
කෙස් රොදින් සැඟවුවද
පුංචි ඔය මුව කමල
තේ කඩේදී මම
දැක ගතිමි හොරැහින්ම සිහින කුමරිය ලෙසින
තිරිකුණාමල වෙරළට
යන අතරමග සවාරියට
වඩා සුන්දරයි ඒ මිරිඟුව
යළි හමුවේදෝ එදා සිතුණ
පමා වී එන වසන්තේ
හමා ඒවි මටත් හේමන්තේ
ගලා ආවත් ග්‍රීස්මේ
නුඹ සොයා එමි මමත් මනරම් නම් වසන්තේ
සංකල්පනාව - මාලන් විදානපතිරණ
තිරිකුණාමලයට හිත වැටී

දවටගෙන සිනහවක්
පැළඳගෙන සෙනෙහසක්
නුඹ ගියා මා අසලින්...
නොදැක්කද දැක්කා සේ
පාසැල් බෑගයක් රුවාගෙන
ටියුෂන් පන්තියෙන් නිවහනට
ගිය හැටි අගෙයි මග
අවට වැසි රැකවරණ මැද
කෙස් රොදින් සැඟවුවද
පුංචි ඔය මුව කමල
තේ කඩේදී මම
දැක ගතිමි හොරැහින්ම සිහින කුමරිය ලෙසින
තිරිකුණාමල වෙරළට
යන අතරමග සවාරියට
වඩා සුන්දරයි ඒ මිරිඟුව
යළි හමුවේදෝ එදා සිතුණ
පමා වී එන වසන්තේ
හමා ඒවි මටත් හේමන්තේ
ගලා ආවත් ග්‍රීස්මේ
නුඹ සොයා එමි මමත් මනරම් නම් වසන්තේ
සංකල්පනාව - මාලන් විදානපතිරණ