ඇස් පොත අස්සෙ හංගගෙන නිදිකිරන හැන්දෑවක ෆෝන් එක බෙරිහන් දෙනව."හලෝ දොස්තර මහත්තයා "එහැ පැත්තෙන් ඇහෙනව .අදුනගන්න බැරි කමට නිහඬව ඉන්නකොට "ඔහොම තමයි හරියනකොට මම තිලිණ බං"කියනව .මට පොලව පලාගෙන යන්න හිතෙනව.
තිලිණ රුවන් පතිරාජ ..කොට කලිසම් ඇදන් ගස් කොටපු කාලෙ ඉදන් මගෙ යාලුව.තාත්තා නැති පවුලෙ අම්මා අක්කල,නංගි බලාගෙන පවුලට හිටිය හයිය තමා තිලිණ .මොන අඩු පාඩු තිබුණත් හිනා වෙලා හිටිය තිලිණ ඒ කාලෙම අපිට වඩා ජීවිතේ බර දැනගෙන හිටිය .
ඉස්කෝලෙන් ගියාට පස්සෙ මුණගැහුනෙ කතා කලේ අහම්බෙන් උනාට උගෙ ලෙංගතුකමේ පුංචි අඩුපාඩු වක් වත් තිබුණෙ නෑ.දවසක් නෙලුම්දෙණියෙදි මට තිලිණ ය හම්බ උනා කෑගල්ලෙ ජොබක් සෙට් උනා කියල බීම එකකුත් අරන් දීල මාව බයිසිකලෙන් මගටත් ගෙනත් දාල ගියා.තව දවසක් මචං අම්මට සනීප නෑ හොඳ ඩොකෙක් කියපන් කියල මට කතා කලා.ඊට ටික කාලෙකට පස්සෙ හම්බ උන වෙලාවක අම්මගෙ ඔපරේෂන් එක්ක් තියේ කොටා ඒකෙන් පස්සෙ අම්මට කදු ගානෙ නගින්න බෑ ඒ නිසා ටවුන් එක කිට්ටුවෙන් කාමර කෑල්ලක් හදනව කිව්ව.අනාගතේ ගැන දාහක් හීන ඒ ඇස් වල දිලිසි දිලිසි තිලිණ .අපේ උන් ටික තිලිණ ගෙ හැම වැඩකම ලඟින් හිටිය ත් ඌට ගඩොලක් වත් ඇදල දෙන්න මට ඉස්පාසුවක් තිබුණෙ නෑ.
ගෙදර හිටපු දවසක මට කෝල් එකක් අවා යාලුවෙකුගෙන්
"මචං තිලිණ ය ඇක්සිඩන්ට් වෙලා ටිකක් අමාරුයි "කිව්ව බඩ පපුව පිච්චිලා ගිහින් උගුරෙ හිරවෙන්න ගත්ත.අහස අඳුරු වෙලා මලානික වුණ එදා තිලිණ මේ ලෝකෙ දාල යන්න ගියා .අනාගතේ ගැන තිබුණු දහසක් හීන අවිනීත රියදුරෙක්ගෙ බස් රෝදෙක අස්සෙ කුඩු පට්ටම් වෙලා ගියා.
තිලිණ ගෙ ගෙදර ට යන්න අමාරු නිසා නෑදෑ ගෙදර ක මලගම සූදානම් උනා.කලු පාට ටයි කෝට් ඇඳගෙන පපුවෙ සුදු මලක් ගහල තිලිණ වෙනදටත් වඩා ලස්සනට හිටිය .ගෙදර අයටවත් ලං වෙන්න බැරි තරමට අපේ උන් රෑ එළි වෙනකල් අපේ තිලිණ ය නැගිටිනකල් බලාගෙන හිටිය.අඩො කොටා කියල කර වටේ උනුහුමට එතුනු අත් අයිස් ගානට සීතල වෙලා තිබුණා .
අදටත් පංසලට ගිය වෙලාවක මම තිලිණ ට පිං අනුමෝදන් කරනව .කොල්ලො උඹට නිවන් සුව!