තිසරගේ මල්වෙඩි ලෝක පිලට මදිවෙයි..
මාස 8 කට පෙරාතුව බටහිර ඉන්දීය කොදෙව් කලාපයට බලපෑ ඉර්මා සහ මාරියා නැමති දරුණු සුළි සුළං තත්වයන්ගෙන් අපදාවට පත්වූ ජනතාවට පිහිටවීම උදෙසා අරමුදලක් නිර්මාණය කිරීමේ අරමුණින් පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 72ක විශිෂ්ට ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම සමත්විය.
ලන්ඩන් නුවර ක්‍රිකට් රන් දෙවොල ලෙස සැලකෙන සුප්‍රසිද්ධ ලෝඩ්ස් පිටියේ රාත්‍රී විදුලි ආලෝක මධ්‍යයේ පැවති මෙම තරඟයට විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක්ද එක්ව සිටියහ. මෙම තරඟයේ මුදල් අදාල ආපදා සහන සඳහා වැයකිරීම හේතුවෙන් ක්‍රීඩකයන් මෙන්ම සජීව රූපවාහිනී විකාශය ගෙන ආ ස්කයි ස්පෝර්ට්ස් මාධ්‍ය ජාලය පවා මෙම තරඟය නොමිලේ විකාශය කිරීමට කටයුතු කරන ලදි.
තරඟයේ මුලින් පන්දුවට පහරදුන් කොදෙව් පිල පන්දුවාර විස්ස නිමාවට පත්වෙද්දි ලකුණු 199ක් ලබාගත්තේ කඩුලු 4ක් පමණක් දැවීය. අනගි ඉනිමක් ක්‍රීඩා කල එවින් ලෙවිස් පන්දු 26කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමග ලකුණු 58ක් ලබාගැනීමට සමත්විය. එසේම දිනේෂ් රාම්දීන් හයේ පහර 3ක් සමග ලකුණු 44ක් නොදැවී ලබාගත් අතර මාලන් සැමුවෙල් හයේ පහර 4ක් සමග ලකුණු 43ක් ලබාගැනීමට හැකිවිය. කෙදෙව් ඉනිම පුරාවට පන්දුව අවස්ථා 15කදී නොපතිතව හතරේ සීමාව ඉක්මවා තිබීම විශේෂ සිදුවීමකි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් ලෝක කණ්ඩායම පන්දුවාර 16 ක් සහ පන්දු 4 කදී සියලුම දෙනා දැවී ලබාගත්තේ ලකුණු 127ක් පමණි. මෙහිදී කලකට පසු මතකයේ රැඳෙන ඉනිමක් ක්‍රීඩාකල ලෝක කණ්ඩායම නියෝජනය කරන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන තිසර පෙරේරා පන්දු 37කදී ලකුණු 61ක් ලබාගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින්ය. නමුත් ඔහුගේ ඉනිම ලෝක කණ්ඩායම ජයග්‍රහණයට ගෙනයාමට තරම් ප්‍රමාණවත් නොවූයේ වෙනත් කිසිඳු ක්‍රීඩකයෙක්ට සාර්ථකවීමට නොහැකිවූ නිසාවෙන්ය.
පන්දු යැවීමේදී කෙස්රික් විලියම්ස් කඩුලු 3ක් ද, ඇන්ඩ්‍රි රසල් සහ සැමුවෙල් බද්‍රී කඩුලු 2 බැගින් ලබාගනිමින් ලෝක කණ්ඩායමේ ඉනිම අඩාල කිරීමට කටයුතු කරන ලදි. ලෝක කණ්ඩායම වෙනුවෙන් මුලින් නම්කර තිබූ නායකයා වන එංගලන්ත නායක ඔයින් මෝගන් මෙම තරඟයට සහභාගී නොවූ අතර, ෂකීබ් අල් හසන් ද අවසන් මොහොතේ තරඟයට එක් නොවුනි. කොදෙව් පිළ මෙහෙයවූයේ තුන් ඉරියව් ක්‍රීඩක කාලෝස් බර්ත්වයිට් විසින්ය.
මෙම තරඟයට පෙරාතුව ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම සටහන් කිරීමට අෆ්රිඩ් තීරණයකර තිබීම නිසා මෙම තරඟය ආරම්භයේදී ඔහුට උපහාර පිළිගැන්වීම සහෝදර ක්‍රීඩකයන් විසින් සිදුකරනු ලැබීය අවස්ථාවකි. නමුත් පන්දුවට පහරදීමේදී පාදයේ ආබාධයක් හේතුවෙන් එතරම් සාර්ථකවීමට ඔහුට නොහැකිවිය. එහිදී මේවන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙ නීති රීති අතරින් ඉවත්කර ඇති කඩුලු අතර දිවයාම සඳහා අතිරේක ක්‍රීඩකයෙක් භාවිතා කිරීම මෙම තරඟයේදී නැවතත් භාවිතාවට ගත් අතර එලෙස අතිරේකව පැමිණි බිලින්ග්ස් සහ තිසර කඩුලු අතර දිවයාමේදී ඇතිවූ විනෝදාත්මක අවස්ථා ප්‍රේක්ෂකයන්ට අපූරු අත්දැකීමක් එක්කරනු ලැබීය.
එසේම ප්‍රථම වතාවට පර්යේෂණයක් ලෙස තරඟය අතර මැදදී On-field Commentator කෙනෙකු මෙම තරඟයේදී භාවිතා කල අතර හිටපු එංගලන්ත නායක නසාර් හුසේන් තරඟය අතරමැද විවිධ ක්‍රීඩකයන් සමග තරගය සම්බන්ධ අදහස් හුවමාරු කරගැනීම සහ ඔහුගේ කැප් තොප්පිය මත රැඳුනු කැමරාවෙන් සජීවී දසුන් ගෙනඒම විශේෂ අත්දැකීමක් විය.
උපුටා ගැනීම - www.her.lk

mathakada ara Pakistan vs World Xi series ekak gahuwa Pakistan wala, eke mu lakunuth gahuwa , wicket nuth gaththa henata, ekaka man of the match nuth unada koheda 