ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ හයේ හය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ හයේ හය


    විස්සයි විස්ස ක්‍රිකට් තරගයකදී පන්දුවාරයක් තුළදී හයේ පහර හයක් එල්ලකළ තුන්වන ක්‍රීඩකයා ලෙස ක්‍රිකට් වාර්තා පොතට එක්වීමට නේපාල ක්‍රිකට් ක්‍රීඩක දිපේන්ද්‍ර සිං සමත්ව තිබේ.

    ආසියානු ප්‍රිමියර් කුසලාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ කටාර් රාජ්‍යට එරෙහිව පැවති තරගයේදී ඔහු මෙම දක්ෂතාවය දක්වා ඇත.
    ඒ අනුව සුපිරි ක්‍රීඩකයින් වන යුවරාජ් සිං සහ කිරන් පොලාඩ්ගෙන් පසුව ජාත්‍යන්තර 20-20 පිටියේ පිට පිට පන්දු 6 කදී හයේ පහරවල් 6ක් වාර්තා කළ පිතිකරුවා බවට දිපේන්ද්‍ර සිං පත්විය.

    පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මොංගෝලියාවට එරෙහිව පැවති තරගයකදී පන්දු 9කින් අර්ධ ශතකයක් වාර්තා කරමින් 20/20 පිටියේ වේගවත්ම අර්ධ ශතක ලාභියා ලෙස ද දිපේන්ද්‍ර සිං ක්‍රිකට් වාර්තා පොතට එක්විය.

    තරගයේ පළමුව පන්දුවට පහර දුන් නේපාලය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවි ලකුණු 210ක් රැස්කළේය.
    එහි අවසන් පන්දුවාරයේදී ක්‍රියාත්මක වූ දිපේන්ද්‍ර සිං පිට පිට පන්දු 6 කදී හයේ පහරවල් 6ක් වාර්තා කිරීමට සමත්වුණා.
    එහිදී දීපේන්ද්‍ර සිං පන්දු 21කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 64කි.
    කටාර් රාජ්‍යට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 178ක් පමණකි.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    පන්දුවාරයක් තුළදී ganna puluwan wadima lakunu gana keeyada?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    Ado ehema ottu ne haritha. Dhoni ayya kiyala lankawe Cricket thahanam karanawa onna.
    බලපං මේ යකා IPL එකේ wide දානවද කියලා.
    ලංකාවේ මැච් එකක් නම් මූ ඕවරේට බෝල 10ක් විතර දාල ලකුණු 15ක් විතර දෙනවා.

    මූ බෝල් කරද්දී මෙන්ඩ ට දෝනිගේ මුණ තියන වෙස් මුන්ක් දාගෙන ඉන්න කිව්වා නම් හරි .
     
    • Haha
    Reactions: blue_in_rio