තිස්සගේ දියණිය දුල්මිණි

shoo

Banned
Mar 5, 2009
592
24
0
තිස්සගේ දියණිය දුල්මිණි

තිස්සගේ දියණිය දුල්මිණි ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයට
By කතෘ මණ්ඩලය // 2019 ජුලි 27 වන සෙනසුරාදා බැලුවෝ - 561
(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සහ හිටපු අමාත්‍යවරයකු ද වන තිස්ස අත්තනායක මහතාගේ දියණිය දුල්මිණි අත්තනායක මෙනවිය ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තුන්වැනි ලේකම් ලෙස පත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ සඳහා විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා විසින් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිව තිබේ.


මෙම යෝජනාව මීට පෙර ද ඉදිරිපත් කරනු ලැබුව ද වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ අනුමැතිය හිමි නොවීම නිසා කැබිනට් මණ්ඩල අනුමැතිය නොලැබී තිබිණි. එහෙත් පසුව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ අනුමැතිය ඒ සඳහා ලබාදී තිබිණි.