තුන් කල් දැක්ම

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තුන් කල් දැක්ම

මීලග මැතිවරනය තීරනාත්මකය.එහිදී පෙරමුනු හතරක් තරග කරයි.එකක් එජාපය වෙන අතර අනෙක් ඒවා ශ්‍රිලනිපය ජවිපේ සහ මහින්ද පෙරමුනය.මෙහිදි සියලූම අන්තවාදීන් මහින්ද පෙරමුන ස්මග එක්ව අන්ත ජාතීවාදී සටන් පෙරමුනකට ගොනු වීම අනිවාර්ය වෙනු ඇත.එහිදි ඇතිවන ආන්ඩුවකට විධායක ජනාධිපති කෙනෙක් නැත.පිල් මාරුවක්ද කල නොහැක.මේ අනුව බලන කල මීලඟ අගමැතිවරයා තරමක බලසම්පන්න චරිතයක් වෙනු ඇත.මෙහිදී අගමැති කමට බොහෝවිට රනිල් වික්‍රමසිංහ සහ නිමල් සිරිපාල සිල්වා තරග කිරීම සිදු විය හැක. දැනට අනුමාන කල හැක්කේ 2004 චන්ද්‍රිකා මංගල අනුර කල අනුවන කම යලිත් සිදු වීමේ අවදානමකි.මහින්ද හිතවතුන් බහුතරයක් ශ්‍රිලනිපය තුල නොමිනේෂන් ලබා ගතහොත් අනිවාර්යෙන්ම මෛත්‍රීගේ ජනාධිපතිකමට තට්‍ටු වීමක් වෙනු ඇත.චන්ද්‍රිකා එදා රනිල් එලවා ඊට වඩා සතුරෙක් වෙන මහින්ද අගමැති කර පසුව ජනපති බවට පත් කරගෙන විශාල බැට කෑමක් කෑවාය.බැරි වෙලාවත් නිමල් සිරිපාල විධායක අගමැති වුවහොත් ඔහුට මහ්න්දවාදීන්ගේ පැත්තට නම්මා ගැනීමක් විය හැක.මෙමගින් යලිත් මෛත්‍රීට තට්‍ටු කර නිමල් සිරිපාල ජනපති වශයෙන් පත් කරගෙන මහින්දව අගැමති කරගෙන ශ්‍රිලනිපය යලිත් රාජපක්ෂවාදීන් ගනු ඇත.මෛත්‍රීට චන්ද්‍රිකාට යන එන මන් නැති වෙනු ඇත.මෙය සමනය කල හැක්කේ ශ්‍රිලනිපය තුල මහින්ද වාදීන්ගේ නොමිනෙෂන් අවම කිරීම සහ රනිල් සමග එක්ව රනිල්ට අගමැතිකම ලබා දී වසර තුනක කාලයක් ජාතික ආන්ඩුවක් පිහි‍ටුවීමය.ඉන්පසු වසර තුනකින් යලිත් ජාතික මැතිවරනයක් තුලින් පක්ෂ දෙකම තමන්ගේ ශක්තිය වෙනම උරගා බැලීමය.එලඹෙන මැතිවරනය ප්‍රධාන පක්ෂ දෙක සිය ශක්තිය උරගා බැලීමට ගියහොත් මහින්දවාදීන් රටට යලිත් කෙලවනු ඇත.gl