තෙල් අහේනිය අස්සේ යතුරු පැදි සවාරි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_09870409a2.gif



    ප්‍රබල දේශපාලඥයකු මැදිහත් වි කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබු අධිබලැති එන්ජීන් ධාරිතාවයකින් සමන්විත යතුරු පැදි සවාරියට පුත්තලම දළුව මංසන්දියෙදී කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මිගට්ටු වත්තේ සුමිත්ත හිමියෝ ඇතුළු පිරිසක් දැඩි විරෝධයක් පෑහ.

    අධිබල එන්ජීන් ධාරිතාවයකින් සමන්විත යතුරු පැදි 300 කට අධික සංඛ්‍යාවක් එක්කර ගෙන තිබු මෙම සවාරිය සුඛෝපභෝගි ජීප් රථ විශාල සංඛ්‍යාවක් ද ගමන් ගත්තේය.

    මෙම සවාරිය කල්පිටියට හරහා ගමන් කරද්දි දළුව මංසන්දියෙදි කළු කොඩියක් ප්‍රදර්ශනය කරමින් එය නවතා මෙය සංවිධානයක කල සියලු දෙනාටම විරෝධය මතු කරමින් මිගට්ටුවත්තේ සුමිත් හිමියෝ දොස් තබන්නට වූහ.

    මෙම යතුරු පැදි සවාරියට පොලිස් පෙර ගමන් යතුරු පැදි ලබා දෙමින් ආරක්ෂාව සැපයූ අයුරුද දැක ගත හැකි විය.

    “ මේ රටේ මිනිස්සු ඩිසල් ටිකක් පෙට්‍රල් ටිකක් ගහ ගන්න දවස් ගනන් පෝලිම් වල ඉද්දි දේශපාලඥයන්ගේ උවමනාවට යතුරු පැදි සවාරි තියනවා.

    යතුරු පැදි මදිවට එයට එකවන අධි සුඛෝපභෝගි වාහන වලටත් ඉන්දන ලබා දෙන්න වෙනම ඉන්දන බවුසරයක් ඉස්සරලා යවනවා.

    ඇත්තටම මේ ඇමතිවරුන්ට තේරුම් ගන්න බැරිද මේ ඉන්දන ප්‍රශ්නය හා අනිකුත් ප්‍රශ්ණ හමුවේ මිනිස්සු දුක් විදිද්දී මේ විදිහට නාස්තිකාර වැඩ වැරදි කියලා.

    මෙම සවාරිය තමන් කල්පිටියට රැගෙන ආ බවත් එයින් පාසල්වලට හා දේවස්ථාන වෙත ආධාර ලබා දීමට කටයුතු කර ඇති බවත් ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි උදාර මධුසංඛ මහතා මිගට්ටුවත්තේ සුමිත්ත හිමියන්ට පවසන්නට විය.

    කෙසේ නමුත් සුමිත් හිමියන් මෙම සවාරිය සංවිධානය කල ප්‍රබල දේශපාලඥයාට හා අනිකුත් පිරිසට දොස් තබන්නට ද වුහ.

    සුමිත්ත හිමියන් ඇතුළු පිරිසගේ විරෝධය ගනන් නොගත් එම පිරිස පොලිස් පෙර ගමන් යතුරු පැදියද යළි කල්පිටියට ගමන් කළේය.

    image_5b655c9ada.gif


    image_1e2fe757da.gif


    image_bec0ddc871.gif


    image_662dced3bb.gif
     
    • Like
    Reactions: rajamawatha

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ප්‍රෙබල ඇමැති ගේ නම මොකද්ද? අනික ඇමැති කෙනෙක් ප්‍රේබල වෙන්නේ කොහොමද? ඇමති කෙනෙක් කියන්නේ පඹයෙක් නේ. අඩුම ගානේ චෙක් එකක් වත් අත්සන් කරන්න බෑ නේ.
    අපි නේ ද උන් ප්‍රෙබලයි කියලා කියන්නේ.
    අන්න ඒ ගොන් මානසිකත්වය නැති වෙනකං මේ රටට ගොඩ ඒමක් නෑ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    මුකුත් කියන්න එපා..
    බයියන්ගෙ පත්තර විරුවා චතුර කියුවා එයාලා සමාජ සේවයකුත් කරනවා කියලා..
     
    • Haha
    Reactions: gayan.w

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මටත් බයික් ට්ක මූනට හම්ඹ උනා.මිනිස්සු තෙල් පෝලිම් වල.පෙට්‍රල් ඇත්තෙත් නෑ.මුන් හෝන් ගහන් සවාරි.කාලක්ණ්ණි.මින්ස්සු දුකින් ඉද්දි ,මේව මහ අපත වැඩ.
     
    • Like
    Reactions: bladeable

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    තෙල් නැති නිසා අනවශ්‍ය ගමන් යන්න එපා කියල ඇමතිල, ජනාධිපති කියනවා.

    ඒ අතරෙම පාරේ පදින්න තහනං වාහන වලින් තෙල් නැති වෙලාවෙ ඇමතිලාගෙ පුත්තු පුක් ගෝලයො පාරත් බ්ලොක් වෙන්න සවාරි යනවා.

    ඒව බලන් ඉන්න ඒ රටේ ජනතාවට පොන්නයෝ කිව්වොත් ඒක පොන්නයන්ටත් අගෞරවයක්. 😐😐😐
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,988
    10,156
    113
    @thaweesha

    ඔයත් හිටියද පල්සර් සහෝ
    නෑ සාගෝ 🥺 ඔවට යන්න තරම් ලොකු බයික් එකක් නෑ. අපි පුළුවන් විදියට අපේ හිගන පල්සර් ටිකෙන් රටට දෙයක් කරා
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    ටැක්ස් නැතුව හොරට ගෙනාපු බයික් නම්
    හොරට රෙජිටර් කරපු බයික් නම් රටට අහිමි කරපු ආදායම කෝටි ගානක්. කුඩු ට්‍රාස්පෝට් කරලා අසාධාරණ සල්ලි වලින් ගත්තු බයික් වාහන නම් ඒත් වැඩක් නෑ. කවුරුවත් ගනන් ගන්නේ නෑ.

    සාධාරණ විදිහට හම්බකරගත්තුවා නම් සුපිරි වැඩක්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ලක්ශ 10ක් ඉස්පිරිලාතෙට දුන්නා කියලා පාර බදු අරන් වගේ යන්න බෑනේ.

    අනෙක පොලීසිය මොන දේකටද මෙතනට ආවේ.

    ජනාදිපති ජනතාවට කියනවා අරපිරිමැස්මෙන් තෙල් පාවිච්චියට ගන්න කියලා , ඒ අස්සෙ ඇමතිලා රථ පෙළපාලි .
     
    • Like
    Reactions: SK29

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    නෑ සාගෝ 🥺 ඔවට යන්න තරම් ලොකු බයික් එකක් නෑ. අපි පුළුවන් විදියට අපේ හිගන පල්සර් ටිකෙන් රටට දෙයක් කරා
    එකෙන්ම සහෝ.
    තව අවුරුදු ගානක් ගිහිල්ලත් උඩට එන නුල් වලින් ඔයාගේ ඒ මෙහෙවර අපි අගය කරනවා.
    ඒ වද කොත්තු වලින් අපිව බේරගත්ත විරුවන්ගෙන් එකෙක් කියල ඉතිහාසයේ ලියවිලා ඉවරයි සහෝ.