තෙල් ඉන්දියාවට, ලිං මැට්ටන්ට

leolanka

Banned
Jul 3, 2011
425
63
0
තෙල් ඉන්දියාවට, ලිං මැට්ටන්ට

ආණ්‌ඩුව අත්සන් කළ අරුම පුදුම ගිවිසුමෙන්
තෙල් ළිං ටික අපිට තෙල් ටික ඉන්දියාවට!
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

තෙල් ලෝක ආර්ථිකයේ ප්‍රධාන ප්‍රශ්නයක්‌ බවට පත්ව ඇත. ලෝක ආර්ථිකය අර්බුද තුනක්‌ හමුවේ කටයුතු කරයි. තෙල් නිෂ්පාදනය, තෙල් මිල නියම කිරීම හා තෙල් බෙදා හැරීම පළමු අභියෝගයයි. දෙවැන්න ආහාර නිෂ්පාදනය වන අතර පරිසරය තුන්වැනි අභියෝගයයි. මේ ලොව අර්ථ ශාස්‌ත්‍රඥයන්ගේ පිළිගැනීමකි.

පළමු අභියෝගයට මුහුණ දීමට දැන් ශ්‍රී ලංකාව පළමු පියවර තබමින් සිටී. අපේ රටේ සිදු කළ පර්යේෂණ අනුව මුහුදු සීමාව තුළ තෙල් සහිත කට්‌ටි දොළහක්‌ හඳුනාගෙන ඇත. ඉන් තුනක්‌ තිබෙන්නේ කාවේරි ෙද්‍රdaණියේය. කට්‌ටි අටක්‌ මන්නාරම් ෙද්‍රdaණියේද එක්‌ කට්‌ටියක්‌ හම්බන්තොට ආසන්නයේ දකුණු ෙද්‍රdaණිය තුළ හඳුනාගෙන තිබේ. මේ අතරින් පළමු ගවේෂණය, ලෙස මන්නාරම් ෙද්‍රdaණියේ තිබෙන එම් 2 නමැති කට්‌ටිය තුළ ඇති තෙල් ළිං තුනක්‌ කැණීමද දැන් අරඹා ඇත. මේ කැණීම් කටයුතු සිදු කරන්නේ කෙයාන් නමැති ඉන්දීය සමාගමක්‌ (Cairnin India) විසිනි.

මෙම ඉන්දීය සමාගමට මන්නාරම් ෙද්‍රdaණියේ තෙල් ළිං කැණීමේ කටයුතු පැවරීම සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුව තුළ දීද විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරු සැක පහළ කරමින් කතා කළහ. ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දිවයින ඉරිදා සංග්‍රහය සමග මෙම කරුණ පිළිබඳ සාකච්ඡා කළේය. එහි සටහන් මතු දැක්‌වේ.

ප්‍රශ්නය- අපේ රටේ තෙල් කැණීමේ කටයුත්තට ජනතා විමුක්‌ති පෙරමුණ විරුද්ධද?

පිළිතුර- කිසිසේත් විරුද්ධ නැහැ. එය අපේ රටේ ජාතික සංවර්ධනයට ඉතාමත් අගනා සම්පතක්‌. ඒ සම්පත රටේත් ජනතාවගේත් යහපත උදෙසා උපයෝගී කරගත යුතුයි. අපි විරුද්ධ වන්නේ මේ තෙල් සම්පත රටේත් ජනතාවගේත් යහපතට යොදා ගන්නවා වෙනුවට ජාවාරම් කාර ආණ්‌ඩුව තමන්ගේ කොමිස්‌ මඩිය තර කර ගැනීමට විදේශීය කොම්පැනිවලට පවරා දීමට එරෙහිවය.

ප්‍රශ්නය- ඉන්දියාවේ කෙයාන් සමාගමට මේ තෙල් කැණීමේ කාර්යය භාරදීම පිළිබඳ තිබෙන ගැටලු මොනවාද?

පිළිතුර- මේකට දිගු ඉතිහාස ගමනක්‌ තිබෙනවා. ඔබ දන්නවා නෝර්වේ මැදිහත්වීම මත සටන් විරාම ගිවිසුම 2002 පෙබරවාරි 31දා අත්සන් කළා. පෙබරවාරි 13 දා අපේ තෙල් ගවේෂණ කටයුතු නෝර්වේජියානු නොපෙක්‌ සමාගමට භාර දුන්නා. අවසානයේ එම ගවේෂණ දත්ත අපට ගන්න සිද්ධ වුණේ ඇමරිකානු ඩොලර් මිලියන දහයක්‌ ආසන්න වශයෙන් රුපියල් කෝටි 100 ක්‌ එම සමාගමට ගෙවූ පසුවයි. අනතුරුව 2007 මාර්තු මාසයේදී රජය එවක ඇමරිකානු තානාපති රොබර්ට්‌ ඕ. බ්ලේක්‌ මහතා සමග ඛණිජ තෙල් සම්පත පරිහරණය හා පරිපාලන ව්‍යqහය සඳහා තාක්‍ෂණික රෙගුලාසි සැකසීමට කියා ගිවිසුමක්‌ අත්සන් කළා. එය ඇමරිකානු ඩොලර් ලක්‍ෂ හතරකට ඇමරිකාවට භාර දුන්නා.

2007 අගෝස්‌තු සහ සැප්තැම්බර් වල ලන්ඩන්, හූස්‌ටන්, ක්‌වාලාලම්පූර් කියන නගරවල "රෝඩ් ෂෝ" හෙවත් තෙල් බිම් කොටස කැණීමේ ටෙන්ඩර් කටයුතුවල ප්‍රචාරක වැඩසටහන් කළා. අපි ලැබූ අත්දැකීම් අනුව ඒ සඳහා මුදල් වියදම් කළේ ප්‍රංශයේ ටූවාල් සමාගම. ඒත් ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වුණේ සමාගම් තුනයි. ඉන් කෙයාන් සමාගම තෝරා ගත්තා. මේ හා සමාන ලෙසම 2008 පෙබරවාරි 29 දා ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත නම් ජාවාරම්කාර පනතක්‌ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තා. ඒ පනතට අනුව 2011 මාර්තු 11 දා පළ කළ ගැසට්‌ පත්‍රයෙන් මෙම කෙයාන් තෙල් ව්‍යාපෘතිය ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතිය ලෙස නම් කළා.
ඒ අනුව 2011 අප්‍රේල් 29 ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කරමින් මෙම කෙයාන් සමාගමට තිබූ සියලුම බදු ඉවත් කළා. මෙම කෙයාන් සමාගමට තෙල් කැණීම් ලබාදීමේ කටයුතු අත්සන් කරද්දී 2008 ජුලි 07 දා අපට රාජ්‍ය භාගය ලෙස ගොඩගන්නා තෙල්වලින් 10% ක්‌ දෙන්න එකඟ වුණා. ඊට අමතරව ඒ සඳහා පැනවෙන සියලු බදු ඒ සමාගම විසින් ගෙවීමට බැඳුනා. ඒ ගිවිසුම අනුව මුළු තෙල් නිෂ්පාදනයෙන් 38% කට ආසන්න ප්‍රමාණයක්‌ අපට හිමිවිය යුතුව තිබුණා. ඒත් මෙම බදු ඉවත් කිරීම නිසා දැන් අපට 10% ක්‌ පමණක්‌ ලැබීමට කටයුතු සැලසුවා. ඒ අනුව තෙල් බැරල් 1000 ක්‌ ගොඩගත්තොත් අපට හිමිවන්නේ බැරල් 100 යි. බැරල් 900 ක්‌ ඉන්දියාවට. තෙල් බැරල් ලක්‍ෂයක්‌ ගොඩගත්තොත් අපට ලැබෙන්නේ බැරල් දසදහසයි. බැරල් අනූදාහක්‌ ඉන්දියාවට. ඒ නිසා මේ කෙයාන් සමාගමේ බදු ඉවත් කිරීම හරහා අපේ රටට ලැබිය යුතු මහා මුදල් සම්භාරයක්‌ අහිමි වෙලා. අනෙක්‌ පැත්තෙන් මෙම බදු ඉවත් කිරීම ටෙන්ඩර් කැඳවීමට පෙර කළා නම් අපිට වාසි සහගත ලෙස සමාගමක්‌ කැඳවන්න තිබුණා. ඒත් ටෙන්ඩර් කැඳවා කෙයාන් සමාගම තෝරාගෙන ඒ සමාගමට විශේෂ කොට ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කරමින් මහා විශාල බදු මුදලක්‌, සියලු බදු ඉවත් කිරීමෙන් අතයට සිදු වූ ගනුදෙනුව රුපියල් කෝටි දහස්‌ ගණනක්‌ විය හැකියි. එම නිසා තමයි අපි මේ කෙයාන් සමාගමට අපේ මහඟු තෙල් සම්පත පැවරීමේ දේශෙද්‍රdaහී පාවාදීමට, ජාතික අපරාධයට විරුද්ධ වුණේ.
ප්‍රශ්නය - මේ සම්බන්ධයෙන් ආණ්‌ඩුව අදාළ සමාගම සමඟ අත්සන් කළ බව කියන ගිවිසුම ඔබ දැක තිබෙනවාද?

පිළිsතුර -අනිවාර්යයෙන්ම... ඒ ගිවිසුම මා ළඟ තියෙනවා. එහි කොතැනකවත් නැහැ බදු නිදහසක්‌ ගැන. ටෙන්ඩරයට අදාළ දැනුම් දීමේදීත් මෙවැනි බදු නිදහසක්‌ ගැන සඳහනක්‌ නැහැ.

ප්‍රශ්නය - හොඳයි... මේ ගිවිසුම යටතේ තෙල් කැණීමෙන් අපට සිදුවන අවාසිය මොකක්‌ද?

පිළිතුර- අපේ රටේ තෙල් තිබ්බට තෙල් අපිට අයිති නැහැ. තෙල් අයිති ඉන්දියාවට.

ප්‍රශ්නය- එහෙමනම් මොකද්ද මේකට කළ යුත්තේ?

පිළිතුර- ඇත්තටම තෙල් කැණීම අධික වියදමක්‌. මේ කෙයාන් සමාගමේ ව්‍යාපෘති ඇස්‌තමේන්තුට ඇමරිකානු ඩොලර් බිලියන 3 ක්‌ පමණ වෙනවා. එය විශාල ව්‍යාපෘතියක්‌. එය රජයට තනිව කළ නොහැකි විය හැකියි. එම නිසා මේ තෙල් කැණීමට රජයට විකල්ප ක්‍රියා ගණනාවක්‌ තිබුණා. පළමුවැන්න රජය හා දේශීය සමාගමක ඒකාබද්ධ ව්‍යාපෘතියක්‌ ලෙස දෙවැන්න රජය සමග විදේශ සමාගමක ඒකාබද්ධ ව්‍යාපෘතියක්‌ ලෙස තුන් වැන්න දේශීය සමාගමක්‌ හා විදේශීය සමාගමක්‌ ඒකාබද්ධ ව්‍යාපෘතියක්‌ ලෙස ආදී විකල්ප ගණනාවක්‌ තෝරා ගන්න රජයට තිබුණා. ඒත් රටේ උපන් නූපන් පරම්පරාවට අයත් රටේ අතිශය වැදගත් සම්පතට තෝරාගත හැකි නරකම ක්‍රමවේදය රජය තෝරා ගත්තා. ඒ මේ කැණීම් කටයුතු ඉන්දීය සමාගමකට දෙමින්. මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා ශ්‍රී ලංකාවේ පවත්වන පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලේ ඇස්‌තමේන්තුව ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක්‌ කියා. තෙල් කැණීමේ ව්‍යාපෘතියට ඒ මුදල් යොදවන එකද හොඳ, පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලට ඒ මුදල් යොදවන එකද හොඳ කියා හිතන්න තිබුණා. අධිවේගී මාර්ග සඳහා වියදම ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරයි. ඒ හරහා ඒකාබද්ධ ව්‍යාපෘතියකට තෙල් කැණීම් යා හැකි වුණත් විදෙස්‌ ජාවාරම්කරුවන්ට තෙල් කැණීම පැවරීම ආණ්‌ඩුව තෝරා ගත්තා. ඒ අන් කවරක්‌ නිසාවත් නොවේ. ලොව පුරා තෙල් සම්පත ඇති රටවල් බහුතරයක ඇති ජාවාරම්කාර දේශපාලනයේ නග්න ගොදුරක්‌ බවට අපේ මේ තෙල් උරුමය ලක්‌වීමයි.

ප්‍රශ්නය- මේ තෙල් කැණීමේ කටයුත්ත ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක්‌ බව ඔබ ඉහත ප්‍රකාශ කළා. මොකද්ද මේ ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතිය.

පිළිතුර- ක්‍රමෝපායික සංවර්ධන පනත 2006 පෙබරවාරි 29 සම්මත කළා. ඒ අනුව ආර්ථික සංවර්ධන ඇමැතිවරයාට අයිතිය ලබා දී තිබෙනවා ඕනෑම ව්‍යාපෘතියක්‌ ඔහු කැමැති, වඩාත් වැඩියෙන් කොමිස්‌ ලැබෙන වෙනත් නිර්ණායක මත තෝරා ගන්න. ඕනෑම ව්‍යාපෘතියක්‌ ක්‍රමෝපායික ලෙස ගැසට්‌ කරන්න. පසුව එම ව්‍යාපෘතිය වෙනුවෙන් බදු යම් පමණකින් අඩු කිරීම, බදු කීපයක්‌ අදාළ නොවන පරිදි ඉවත් කිරීම, නැතිනම් සියලු බදු ඉවත් කිරීම ආදී තීරණ ගැනීමට එකී කෙයාන් සමාගමට දුන්නේ මා ඉහතින් සඳහන් කළ තුන් වැනි කාරණය හෙවත් සියලුම බදු ඉවත් කිරීමයි.

ප්‍රශ්නය- අපේ රටේ කාවේරි ෙද්‍රdaණියේ මන්නාරම්, ෙද්‍රdaණියේ සහ හම්බන්තොටට ආසන්න දකුණු ෙද්‍රdaණියේ තෙල් කට්‌ටි එකොළහක්‌ ඇතැයි හඳුනාගෙන තිබෙනවා. මේ කෙයාන් සමාගමට දී තිබෙන්නේ මන්නාරම් ෙද්‍රdaණියේ කැණීම් විතරයි.......?

පිළිතුර- මන්නාරමේ බිම් කට්‌ටි තුනක්‌ සඳහා ටෙන්ඩර් කැඳවූවා. ඉන් එකක්‌ දුන්නා. මේ කෙයාන් සමාගම සමග එන එකඟතාව අනුව වෙනත් කවර හෝ සමාගමක්‌ අපේ තෙල් කැණීම්වලට සම්බන්ධ වෙද්දී දැන් අනිවාර්යයෙන්ම කෙයාන් සමාගමට දුන් බදු සහන ලබාදීමට සිදුවෙනවා. ඒ අනුව මේ බදු ඉවත් කිරීමත්, කෙයාන් සමාගම අතර ඇති කර ගත් ගිවිසුමත් අප රටේ ඛණිජ තෙල් කැණීම ගැන මාර්ගෝපදේශයක්‌ සකස්‌ කරනවා. එයයි අතිශය භයානක. මෙය කෙයාන් සමාගමට පමණක්‌ සීමා වන්නේ නැහැ. එය අපේ මුළු ඛණිජ තෙල් සම්පත කෙරෙහිම ඉතාම අහිතකර ලෙස බලපානවා. ජනාධිපතිවරයා පවසන ආර්ථික ඝාතකයන් මොවුන් නොවේද? ජනාධිපතිවරයා වටා ඉන්නා දේශප්‍රේමී තීන්ත තවරා ගත්තු විකටයන්ගේ මේ කෙරෙහි ඇති මැනීම කුමක්‌ද? මේ මුළුමනින්ම තෙල් සම්පත ආර්ථික ඝාතකයන්ට ආර්ථික ජාවාරම්කරුවන්ට යට කිරීමක්‌.

ප්‍රශ්නය- ඔබ කියා තිබුණා තෙල් කැණීමට දේශීය සමාගමකුත් ඉදිරිපත්වන්ට සිටිද්දී එය ඉන්දීය සමාගමකට දුන්නා කියා මොකක්‌ද ඒ කතාව?

පිළිතුර- අපේ රටේ තෙල් සම්පත තිබෙනව කියද්දී දූරදර්ශී රජයකට තිබුණ එය අප රටේ සම්පතක්‌ නිසා ඒ පිළිබඳව විශේෂඥයන් පුහුණු කරන්න. ඒ පිළිබඳ දක්‍ෂ කළමනාකරුවන් හදන්න. ඒ සඳහා විදේශීය පුහුණුව, ඥානය ලබා දෙන වැඩ පිළිවෙළක්‌ අරඹන්න. රජයට තිබුණා. අපි මේ ගිවිසුමට අත්සන් කරද්දී ගිවිසුම අපට හදා දුන්නේ ඉන්දියාවේ µdගෝ සමාගමයි. ඒ සඳහා රුපියල් ලක්‍ෂ 1200 ක්‌ වැය කළා. නමුත් අපේ රටේ පුද්ගලික සමාගමක්‌ ඔවුන්ගේ ආයතනයේ වියදමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භය හැදෑරූ විද්‍යාඥයන් 14 ක්‌ විදේශයට යවා පුහුණු කිරීමේ කටයුත්ත අරඹා තිබුණා. ඔවුන්ගේ යම් කැමැත්තක්‌ හා වුවමනාවක්‌ තිබුණා මේ තෙල් ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙන්න. නමුත් ඒ සමාගමට කිසිදු අවස්‌ථාවක්‌ ලබා දී නැහැ. අඩුම තරමේ ඒ සමාගම සමග සාකච්ඡාවක්‌ කරමින් අප රටට වඩාත් වාසි සහගත ලෙස එකඟතාවකට යා හැකි දැයි සොයා බැලීමට හෝ තිබුණා. ඒ සමගම රටට අහිතකර ලෙස කටයුතු කරනවා නම් ප්‍රතික්‍ෂේප කිරීම කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් කිසිම සාකච්ඡාවක්‌ හෝ ඉදිරිපත් වීමක්‌ හෝ දේශීය සමාගම්වලට ලබා නොදී විදේශීය සමාගමකට කැණීම් කටයුතු භාර දීමයි බරපතළ වරද.

සාකච්ඡා කළේ අජිත් අලහකෝන්
 

leolanka

Banned
Jul 3, 2011
425
63
0
ආන්ඩුව දන්නවා ලාංකිකයන් කියන්නේ මැට්ටන් කියලා.ඒක නිසා තමයි මේ වගේ ගිවිසුමක් ගැහුවේ.අපරාදේ ගඩාපි උගේ රටේ තෙල් ටික විනාස කරලා, රටත් කෑවා.අපේ ගඩාපිලාත් මිනිස්සුන්ට හුලං ගස්සලා උන්ගේ පවුල සැපවත් කරන එක තමයි කරන්නේ
 
Last edited:

leolanka

Banned
Jul 3, 2011
425
63
0
තෙල් බැරල් 1000 ක්‌ ගොඩගත්තොත් අපට හිමිවන්නේ බැරල් 100 යි. බැරල් 900 ක්‌ ඉන්දියාවට
තෙල් හම්බ වුනොත් මේක කරන්න මිනිස්සු ඉඩ දෙන්නේ නෑ.මිනිස්සු ආන්ඩුවට දෙකට නවලා පු* අරී. ඒ විදිහට ගිවිසුම් ගැහුවට, ආන්ඩුව වෙනස් කරලා මේවා ජනසතු කරන එක සුලු දෙයක්.
:lol:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තෙල් හම්බ වුනොත් මේක කරන්න මිනිස්සු ඉඩ දෙන්නේ නෑ.මිනිස්සු ආන්ඩුවට දෙකට නවලා පු* අරී. ඒ විදිහට ගිවිසුම් ගැහුවට, ආන්ඩුව වෙනස් කරලා මේවා ජනසතු කරන එක සුලු දෙයක්.
    :lol:

    පිස්සුද බං..යුද්ධෙ තිබුන නම් බැරල් 100 ක් තියා එකක් වත් හම්බ වෙනවද කියල අහයි...ඊට පස්සෙ ඉතින් එක ඉහ මුදුනින් පිළිගන්න හරක් රැළකුත් ඉන්නවනේ. :P
     
    • Like
    Reactions: Mr Dilshan

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අයියෝ මේ තට්ටං දෙක මූට්ටු වෙනකන් තෙල් මන්ද මෝරපු අපේ රටේ දේශපාලුවන්ට මේ තෙල් මොන කජ්ජක්ද?
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    මේ තෙල් ලිං ටික හොර හැතිකරයක් රට පාලනය කරන කාලේ හාරන්නේ මහ අපරාදයක්. බැරි වෙලාවත් ඕක හම්බ වුනොත් රටට හම්බ වෙන ලබ්බක් නෑ.හොර පාලකයෝ ටික ඔය සල්ලි ඔක්කොටම කෙලියි.අන්තිමට ඕවා නවතින්නේ පිටරටවල් වල.කොමිස් ගහලම ඕකේ ප්‍රයෝජනයක් නැති වෙනවා.රටට වැඩදායි, හොරකම නොකරන මොලේ තියෙන මිනිස්සු ඉන්න කාලෙක ඕක හෑරුවොත් රටට වැඩක් තියෙයි. දැන් ආන්ඩු පක්ෂෙයි, විපක්ෂෙයි දෙකේම ඉන්නේ එක වගේ හොරු. මුන් නැති බංගස්ත වුන කාලෙක තෙල් පහල වේවා.මේ හොර හැත්ත ඉන්නකම් ලංකාවේ තෙල් පහල නොවේවා කියලා තමයි කියන්න වෙන්නේ.
    තෙල් හම්බ වුනේ නැත්නම් හොඳයි.එතකොට ඉන්දියන් කාරයන්ට පාඩුව.

    :D:D
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    පිස්සුද බං..යුද්ධෙ තිබුන නම් බැරල් 100 ක් තියා එකක් වත් හම්බ වෙනවද කියල අහයි...ඊට පස්සෙ ඉතින් එක ඉහ මුදුනින් පිළිගන්න හරක් රැළකුත් ඉන්නවනේ. :P
    ඒ කෙලි හරියන්නේ නෑ. මට හිතෙන්නේ තෙල් හම්බ වුනොත් මහ විනාසයක් වෙන්නේ.ඒක නිසා තෙල් නැති වෙන තරමට හොඳයි.ඇමරිකාව උන්ගේ රටේ තියෙන තෙල් සංචිත වලට අතවත් තියලා නෑ.ඒ අය අරාබි තෙල් හි‍ඳෙන කාලෙක තමයි ඒවා හාරන්නේ.ඇමරිකාවෙත් විශාල තෙල් නිධි තියෙනවා
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    පිටසක්වල ජීවින් බලශක්තිය විදිහට පාවිච්චි කරන්නේ පොලව අභ්‍යන්තරයේ තියෙන තාප ශක්තිය.පෘතුවිය අභ්‍යන්තර මධ්‍යය උෂ්නත්වය සූර්ය උෂ්නත්වයට සමානයි.විශාල තාප ශක්තියක් නිසැකවම තියෙනවා.මේක ප්‍රයෝජනයට ගන්න පුලුවන් උන දවසක ඕන ග්‍රහලෝකයක ජනාවාස හදන්න පුලුවන් වෙයි.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පිස්සුද බං..යුද්ධෙ තිබුන නම් බැරල් 100 ක් තියා එකක් වත් හම්බ වෙනවද කියල අහයි...ඊට පස්සෙ ඉතින් එක ඉහ මුදුනින් පිළිගන්න හරක් රැළකුත් ඉන්නවනේ. :P

    මේක තමයි දවසේ කතාව
    6+
     

    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    MAHINDA KIYANNE KAWDA KIYAL TIKA TIKA THEREI KATTIYATA OHOMA YANAKOTA......THAWA AWRUDU 6K TIYANAWA......ANE APPE HITHEDDI BAYATH HITHENAWA.........
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පිටසක්වල ජීවින් බලශක්තිය විදිහට පාවිච්චි කරන්නේ පොලව අභ්‍යන්තරයේ තියෙන තාප ශක්තිය.පෘතුවිය අභ්‍යන්තර මධ්‍යය උෂ්නත්වය සූර්ය උෂ්නත්වයට සමානයි.විශාල තාප ශක්තියක් නිසැකවම තියෙනවා.මේක ප්‍රයෝජනයට ගන්න පුලුවන් උන දවසක ඕන ග්‍රහලෝකයක ජනාවාස හදන්න පුලුවන් වෙයි.
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Similar threads