තෙල් ගෙන්වන්න සංස්ථාවට ඩොලර් නොව රුපියලුත් නැහැ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    @erozan

    ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් පමණක් නොව රුපියල් නොමැති වීමේ ප්‍රශ්නයකට ද මුහුණ දී සිටින බවත් නුදුරු ආනාගතයේ තෙල් හිගයක් ඇති වීමේ අවදානමක් ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.


    තෙල් සංස්ථාවට ඉදිරියට යන්න බැරි තත්වයක් ඇති වී අනාගතයේ බරපතළ බලශක්ති අර්බුදයක් ඇති වන බවට 2021 පෙබරවාරි මස 15 වැනිදා තමන් අමාත්‍ය මණ්ඩලය පත්‍රිකාවක් මගින් දැනුවත් කළ බව කී අමාත්‍ය ගම්මන්පිල මහතා සාගර කාරියවසම් මන්ත්‍රීතුමාට පිළිතුරු දෙන්න 2021 ජූනි මස 12 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී රට දැවැන්ත විදේශ විනියම අර්බුදයකට මුහුණ දෙන බව හෙළිකළ බව ද සඳහන් කළේය.

    තමන් එසේ පැවසූ විට සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් බැනුම් අහන්නට සිදුවූ බවත් ජනතාව බොරුවට බය කරන්න එපා, අපිට සල්ලි තියෙනවා, අපිට ඇතිවෙන්න ඩොලර් තියෙනවා, රුපියල් තියෙනවා යැයි සමහරු රටට කියූ බවත් අමාත්‍යවරයා කීය.

    2021 පෙබරවාරි මස මීට වසරකට පෙර - 2021 ජූනි මස මීට මාස අටකට පෙර කියූ දේවල් අද වන විට මහපොළවේ තිත්ත ඇත්ත බවට පත්ව ඇති බව කී අමාත්‍ය ගම්මන්පිල මහතා සඳහන් කළේ රට ආර්ථික අර්බුදයේ කරවටට එරිලා ඉන්න නිසා පංච මහා පියවරයන් ගෙන විසඳන ලෙස මේ මස 6 වැනිදා තමන් ප්‍රකාශ කළ ද මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බවත්ය. පැස්බරා වැල්ලේ ඔළුව ගහගෙන ඔන්න මම හැංගිලා ඉන්න ආකාරයට මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවත් තෙල් හිඟයක් ඇති නොවන්නට පසුගිය මාස අටක් කටයුතු කළ ද තවදුරටත් එම සහතිකය දිය නොහැකි අතර ඇතැම් විට කාර් එක ගෙදර තියලා බයිසිකලේ යන්න වන තත්වයක් ඇති විය හැකි බවත් අමාත්‍යවරයා කීය.



    ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට ඩොලර් මිලියන 3700 ක් හෙවත් රුපියල් කෝටි 74,000 ක් රාජ්‍ය බැංකු දෙකට ණය වී සිටීම නිසා එම බැංකුවලට තවදුරටත් ණය නොදෙන ලෙස මහ බැංකුව උපදෙස් දී ඇති බවත් තෙල් සංස්ථාව දීර්ඝ කාලයක සිට ණයට තෙල් විකිණීම මෙයට හේතුව බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 8000ක සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කෝටි 6300ක ණයට තෙල් ලබාගෙන මුදල් ගෙවා නොමැතිවීම නිසා ඛනිජ තෙල් සංස්ථාව ණයකාරයකු බවට පත්ව ඇති බව කීම අමාත්‍යවරයා පැවසුවේ ඒ හේතුවෙන් තවදුරටත් එම ආයතනවලට ණයට තෙල් සැපයීම නතර කළ බවයි. පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ කඩුවෙල ජන සභා රැස්වීමේදී එම පක්‍ෂයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    උඹල සල්ලි නොදී තෙල් ගහගෙන දැන් පේනවා නේද වෙලා තියෙන දේ?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    8gY6Eyp.jpg
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    kawadda yako apita petrol liter ekakwath nayata dunne,ida passe salli diyan kiyala.munma palane karala,munma gasa kala,dan unta karanna deyak nathi ganata talk eka.okunwa presiddiye ula thiyanna oni harinam :angry::angry::angry:
     
    • Like
    Reactions: wawula

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ රාජෆක්ස සාපෙන් කවදද බන් රට ගැලවෙන්නේ? මුන් බලේට ආපු දවසේ ඉඳලා මුළු රටටම මුස්පෙන්තුයි. ඇයි අහිංසක මිනිස්සු 300ක් විතර මරලා බලේට ආවම හරියයිද?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,905
    113
    පෘථිවිය
    මේ රාජෆක්ස සාපෙන් කවදද බන් රට ගැලවෙන්නේ? මුන් බලේට ආපු දවසේ ඉඳලා මුළු රටටම මුස්පෙන්තුයි. ඇයි අහිංසක මිනිස්සු 300ක් විතර මරලා බලේට ආවම හරියයිද?
    කලින් හිටන් සාපේ
    ඊට කලින් රනිල් සාපේ
    දැන් රාජපක්ෂ සාපේ
    ඉස්සරහට අනුර සාපේ

    සාප වලින් ගැලවීමක් නැහැ.

    සාපලන්තය