තෙල් මිල ගණන් හදන්නේ මෙහෙමයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    ඇමරිකාවේ තෙල් මිල හැදෙන හැටි

    වෙනත් ඕනෑම භාණ්ඩයක මිල වගේම ඉන්ධන වෙනුවෙන් පාරිභෝගිකයාට ගෙවන්න සිදු වන මිලද තීරණය වෙන්නේ අදියර කිහිපයකින් අගය එකතු වෙලා. එම අගය එකතු වීම පහත ආකාරයෙන් විස්තර කළ හැකියි.

    බොරතෙල් නිපදවීමේ පිරිවැය හා නිෂ්පාදකයින්ගේ ලාබය -> පිරිපහදු කරන්නන්ගේ පිරිවැය සහ ලාබය -> බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම කරන්නන්ගේ පිරිවැය හා ලාබය -> රජයට ගෙවිය යුතු බදු

    ලංකාවේ "මිල සූත්‍රය" පිළියෙල කර තිබෙන්නේද අදියරෙන් අදියර සිදු වන මෙම අගය එකතු කිරීම මත පදනම්වයි. ඒ හැර, එම මිල සූත්‍රය පිළිබඳ වැඩි විස්තර මා දන්නේ නැහැ.

    ඇමරිකාවේ ලංකාවේ මෙන් මිල සූත්‍ර ක්‍රමයක් නැතත්, අදියරෙන් අදියර සිදු වන අගය එකතු වීම පිළිබඳ දත්ත මත පදනම්ව ඇමරිකාවේ බලශක්ති තොරතුරු පාලනාධිකාරිය විසින් ඉහත සටහන් පිළියෙල කර තිබෙනවා. පළමු සටහන 2013-2022 කාලයේ සාමාන්‍ය අගයයන් මත පදනම්ව. දෙවැන්න 2022 දත්ත මත පදනම්ව.

    ඉහත ගණන් තිබෙන්නේ ඉන්ධන ගැලුමක ඇමරිකන් ඩොලර් මිල මත පදනම්වයි. මෙය කියවන පාඨකයින් ගැලුම් වලට හා ඇමරිකන් ඩොලර් වලට එතරම් සංවේදී නැති නිසා, ඇමරිකාවේ මිල ගණන් රුපියල් වලට හා ලීටර වලට හැරවූ පසු ඇමරිකාවේ ඉන්ධන ලීටරයක මිල සකස් වෙන්නේ පහත ආකාරයටයි.

    මෙම ගණනයේදී මා විසින් අද විණිමය අනුපාතය මත පදනම්ව ඩොලරයක මිල රුපියල් 312.24 ලෙස සලකනවා. එමෙන්ම, ඉන්ධන ගැලුමක මිල පසුගිය සතියේ ඇමරිකාවේ සාමාන්‍ය මිල වූ ඩොලර් 3.062 ලෙස සලකනවා. එම මිල 2022 මිලට වඩා අඩු, එහෙත් 2013-2022 සාමාන්‍ය මිලට වඩා වැඩි අගයක්. අගය එකතු වීම ගණනය කිරීම සඳහා 2022 ප්‍රතිශත යොදා ගන්නවා.

    👉බොරතෙල් නිපදවීමේ පිරිවැය හා නිෂ්පාදකයින්ගේ ලාබය = රුපියල් 144.22 (57.1%)
    👉පිරිපහදු කරන්නන්ගේ පිරිවැය සහ ලාබය = රුපියල් 44.70 (17.7%)
    👉බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම කරන්නන්ගේ පිරිවැය හා ලාබය = රුපියල් 31.32 (12.4%)
    👉රජයට ගෙවිය යුතු බදු = රුපියල් 32.33 (12.8%)

    ✌️ පාරිභෝගිකයා ගෙවන මිල = රුපියල් 252.57

    ඇමරිකාවේ 'වෙළඳපොළ තරඟය' නිසා ඉහත දෙවන හා තෙවන කොටස් සෑහෙන තරම් අඩු මට්ටමකයි තියෙන්නේ. එහෙත්, පළමු කොටස තීරණය වන්නේ ලෝක මට්ටමේදී. එහිදී ඔපෙක් වැනි ඒකාධිකාර විසින් මිල කෙරෙහි විශාල බලපෑමක් කරනවා.

    #ඉකොනොමැට්ටා