තෙල් ළිඳේ ගින්න - ප්‍රේමකීර්තිට සවන් දෙමු.

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    තෙල් ළිඳේ ගින්න - ප්‍රේමකීර්තිට සවන් දෙමු.

    තෙල් ළිඳේ ගින්න - ප්‍රේමකීර්තිට සවන් දෙමු.

    තෙල් සපයන රටක තෙල් ලබා දෙන ළිඳක දවසක් විශාල ගින්නක් හට ගත්තා. තෙල් නිසා ඇතිවන ගින්නක් ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැහැනේ. ඇතිවූ ගින්න ක්‍රමයෙන් වැඩි වන ස්වභාවයක් ගත්තා.

    ගින්න තවත් ළිඳකට පැතිරුනා. දැන් ප්‍රශ්නය තවත් උග්‍රයි. ගිනි නිවන හමුදා රථ පැමිණියත් ඒ කිසිවක්ම ගින්න නැගෙන පළාතටවත් යන්න කැමතිවූ බවක් දකින්නට තිබුණේ නැහැ. ඒකට හේතුව තමා අවට වසා ගෙන පැතිර තිබූ අධික උෂ්ණත්වය.

    කිසිම කෙනෙකුට කිසිම දෙයක් කර ගන්නට බැරි තත්ත්වයක් උදා වෙලා තිබුණා මේ නිසා ඇවිලෙන ගින්න කිසිම බාධාවකින් තොරව තව තවත් දැඩිව නැගෙන්නට වුණා.

    දැන් ප්‍රශ්නය හරිම භයානක තත්ත්වයකට ඇවිත්.බලා ඉඳීමෙන් වෙන්නේ ගින්න තව තවත් පැතිරීම විතරයි.
    තෙල් ළිඳේ හිමිකරුවන් පවා අසරණ වෙලා. ඔවුන්ටත් කර කියා ගන්න දෙයක් නැති තත්ත්වයක් තමා දැන් ඇති වෙලා තියෙන්නේ.

    හැබැයි තෙල් ආකර හිමිකරුවන් කිසියම් තීරණයක් ක්‍ෂණිකව ප්‍රකාශයට පත් කළා. ඒ තමා මේ ගින්න නිවා දෙන ඕනෑම කෙනෙකුට එහෙම නැති නම් ගිනි නිවන හමුදාවට මහා විශාල මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට.

    ඒ අයට ඕනෑ තරම් මුදල් තියෙන නිසා ඒ හිමිකරුවන් උත්සාහ කළේ ඒ මාර්ගයෙන්වත් ගිනි නිවන භටයන් උනන්දු කර වන්නටයි. ඒ නිවේදනයෙන් පසුවත් ටික වෙලාවක් යනතුරු කිසිවක්ම අමුතුවෙන් සිදු වුණේ නැහැ.

    ඒත් ටික වෙලාවකට පසු නම් වෙනසක් දකින්නට ලැබුණා. එක ගිනි නිවන රථයක් හෙමින් හෙමින් මේ දරුනු ලෙස ඇවිලෙන ගින්න ඇති දෙසට ගමන් කරමින් තිබුණා. මේ කාරණය බලා සිටි හැම දෙනා තුළම ඇති කළේ පුදුමයක්. ඒ වගේම බියක්. මේසා විශාල ගින්නක් ඇති තැනකට කොහොම යන්නද, ගිහින් කටයුතු කර ගන්නේ කොහොමද, වගේ සිතිවිලි කා තුළත් ඇති වෙන්නට ඇති.

    කොහෝම හරි ඉතාම සෙමින් ගින්නට හැකි තරම් ආසන්නවූ ගිනි නිවන රථයෙන් ඉක්මනටම පිටතට බැහැ ගත් ගිනි භටයන් යුහුසුළුව තමන්ගේ රාජකාරියේ ඒ වගේම වගකීම ඉටු කිරීමේ කටයුත්තේ යෙදෙනු දකින්නට හැකි වුණා.

    මේ තත්ත්වය තෙල් ආකර හිමිකරුවන්ගේ විතරක් නෙවෙයි. ගින්න ගැන උනන්දුවූ හැම දෙනා තුළම ඇති කළේ විශාල අස්වැසිල්ලක්.

    ගින්නට හැකි තරම් සමීපව ගින්න නිවීමේ යෙදී සිටින මේ එඩිතර ගිනි භටයන්ගේ වෑයම වටේ සිටි අනෙක් ගිනි භටයන් තුළත් ඇති කළේ විශාල ධෛර්යයක්. අන්තිමට පැත්තකට වෙලා බලා සිටි අනෙක් ගිනි නිවන රථද ක්‍රමයෙන් මේ උත්සාහයට සහයෝගය දක්වන්නට වුණා. කොහොම හරි පැය කිහිපයක දැඩි උත්සාහයකින් පසුව ඒ මහා ගිනි ජාලාව නිවා දමන්නට ගිනි නිවන භටයන්ට හැකි වුණා.

    දැන් ගින්න නිවා හමාරයි. දැන් ඇත්තේ හිමිකරුවන් දුන් පොරොන්දුව ඉෂ්ට කිරීමේ වාරයයි.
    ඒ ගැන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. තමන් පොරොන්දුවූ මුදල් ත්‍යාගය රැගෙන පැමිණි තෙල් ආකර හිමිකරුවකු එය බොහොම කාතඥතා පූර්වකව අර මුලින්ම ගින්න දෙසට නිර්භයව පැමිණි ගිනි රථයේ රියදුරුට පිරිනැමුවා.
    වටේ සිටි හැම දෙනාම අත්පොළසන්දී තම සතුට ප්‍රකාශ කළා.

    ත්‍යාගය පිරිනැමූ මහතා රථයේ රියදුරු සමග මඳක් කතා කළා.

    "ඔබ මේ මුදල්වලින් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?" තෑග්ග පිරිනැමූ මහතා ගිනි නිවන රථයේ රියදුරුගෙන් ඇසුවා.

    ඒ ප්‍රශ්නයට රියදුරු පැහැදිලි පිළිතුරක් දුන්නා.

    "මං ඉස්සෙල්ලාම කරන්නේ මගේ රථයේ බ්‍රේක් හදා ගන්න එකයි."

    (මේ සටහන කියවීමෙන් ඔබ කිසියම් ආශ්වාදයක් ලැබුවා නම් එහි පින හිමි විය යුත්තේ දැනට අප අතර නැති ශූර සන්නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස් මහතාටය. මේ ඔහු පිළිබඳ මතකයෙන් උපුටා ගැනුනකි.)
     

    Similar threads