තෙවරප්පෙරුම සහ අපි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    තෙවරප්පෙරුම සහ අපි

    Yesterday at 13:17 ·
    ලංකාවේ ගංවතුර සහ ඕස්ට්‍රේලියාවේ ගංවතුර....
    *******
    ලංකාවේ බිහිසුනු ගංවතුරක් ඇතිවෙලා. මිනිස්සුන්ගේ ජීවිත, දේපල, නිවාස, හරකා බාන, වැවිලි බෝග ආදී සකල මනාවම රුදුරු ගං වතුර අරන් ගිහින්.

    ඊයේ මං ජතික රූපවාහිනිය, සිරස, ස්වර්ණවාහීනි, දෙරන, හිරු යන නාලිකා වල නිවුස් බැලුවා.

    මේ හැමෝම විපතට පත්වූවන්ට ආධාර දෙන වැඩසටහන් අරඹලා. ඒක තමයි හැම නාලිකාවම ප්‍රමුක පුවත. පොලිස්පතිත් අපේ නාලිකාවට ආධාර දෙන්න කිව්වා කියලා එක් නාලිකාවක් කියනවා. අනික් නාලිකාත් අපි තමයි ආධාර දෙන මූලිකයෝ කියලා පොලොවෙ පස් කමින් කියනවා.

    ඊට පස්සෙ ඉන්දියාවේන් ආධාර අරන් නැවක් ඇවිත්. නේවී එකෙන් ඒ නැවේ ආපු අයට සෙලුට් ගහනවා, රවී කරුනානායක ඉංදීය තානාපතිගෙන් ආධාර බාර ගන්නවා වගේ ජොලි දේවල් දෙවනි ප්‍රධාන පුවතින් පෙන්වනවා.

    ඊලගට රූපවාහීනී වාර්තාකරුවෝ ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් විපතට පත්වූ පෙදෙස් වලට යාමට වන සූදානම ඊලග පුවත. ගුවන් හමුදාවේ ගුන වගේම "බෙල්" හෙලිකොප්ටරය නිශ්පාදිත රට ලංකාවේ එය කල සේවය ආදී "බෙල්" එකේ උපතෙ සිට විපත දක්වාම මාර විස්තරයක් දෙනවා. බෙල් හෙලිකොප්ටරයක් ලංකාවේ මේ සදහා යොදා ගත් පලමු අවස්තාව මෙයලු. හරිම වැදගත් ප්‍රවෘත්තියක්.

    ඊලගට දේශපාලකයෝ ගංවතුර සිරි නරඹනවා පෙන්නනවා. මහින්ද අමරවීර හම්බන්තොට ගිහින්, මංගල සමරවීර සහ වජිර අබේවර්ධන තරගෙට ප්‍රෙස් එකක් තියලා රිඹ යන්නම නෙලනවා. ලක්ෂ්මන් යාපා අබේවර්ධන නනල රුලි කරන් ගංවතුර බලනවා. අකිල විරාජ් ලිප්ස්ටික් ගාපු තොල් අතරින් ඉස්කෝල ගැන මොනාද කියනවා. කරුනාරත්න පරණවිතාන කලවානේ ගිහින්. ගුවන් හමුදා හෙලිකොප්ටරෙන් බහිනවා පවා පෙන්වනවා. හිටපු ජනාධිපතිත් ගංවතුර බලන්න ගිහින් ඉන්නවා එක නාලිකාවක පෙන්වනවා.

    ගංවතුරට යටවෙලා වතුරෙන් එලියට එන මිනිස්සු, රෝහල් වල සුදු රෙදි වලින් වසා ඇති මලමිනී, වහල දක්වා යටවූ නිවාස, කොටුවෙලා ඉන්න බල්ලො එහෙමත් ඊලගට පෙන්වනවා. අඩුම තරමින් පසුබිමින් ශෝකී සංගීතයක් වත් නැතිව. ජීවත කාලයක්ම හම්බ කල සේසත ජීවිත අහිමිවූවන් ගැන කිසිම හැගීමක් මෙයින් බලන්නාට ඇතිවෙන්නෙ නැහැ.

    ඊගාවට කාලගුනේ පොරක් ඇවිත් අංග චලන ගොඩාක් එක්ක හෙට තත්වය ගැන කියනවා. ඒ නිවුස් එකට ලැබෙන්නෙ අඩු වටිනාකමක් වගේම මිනිස්සුන්ගේ අවධානෙ යන්නෙ පොරගෙ අංග චලනෙට. පුහුනුවක් නැති මෝඩයෙක්.

    නිවුස් ඉවර වෙනවා.
    **********

    ගිය මාසේ ඕස්ට්‍රේලියාවට "සයික්ලෝන් ඩෙබී" එනවා. ගංවතුර සහ සුලි සුලගට යටවූ ප්‍රදේශය (දෙවනි පිංතූරය) මුලු යුරෝපයෙන් බාගෙකටත් වඩා ලොකුයි. ව්‍යසනය ලංකාවට වඩා ගොඩාක් වැඩියි.ඒකත් මං රූපවාහිනී නිවුස් වලින් බලනවා.

    ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී පුවත් පෙලගැහෙන්නෙ මෙහෙම.

    පලමු පුවත චන්ද්‍ර්කා චායාරූප, "ගූගල් වෙදර්" වීඩියෝ සහ රූපවාහීනි ආයතන විසින් ඔවුන්ම නිපදවූ වීඩියෝ මගින් අඩුපීඩන අවපාතය, වලාකුල් වල පිහිටීම, ඉදිරියේ ලැබෙන වර්ෂාව, සුලග ආදිය ගැන පිංතූර ආශ්‍රයෙන් මිනිසුන් පුලුල් ලෙස දැනුවත් කරනවා.

    මිනිසුන්ට ත්‍රාසයක් භීතියක් නොදී ඊලග පැය/දිනය තුල විය හැකි දේ ගැන පුලුල් අවබෝධයක් ලබා දෙනවා. මේ තත්වය පැයෙන් පැයට "බ්‍රේකින් නිවුස්" මගින් පෙන්වනවා.

    කල යුතු දේ නොකල යුතු දේ ගැන අවබෝධයක් දෙනවා. ආරක්ෂිත ස්තාන කොහෙද තියෙන්නෙ ගතයුතු පියවර මොනවාද ආදිය ගැන මිනිස්සු දැනුවත් කරනවා.

    රජයේ ආපදා කලමනා කරන ඒකකයේ විස්තර එහි දුරකතන අංක ගැන තොරතුරු ලබා දෙනවා. රජයෙන් ලබා දෙන සරහනාධාර පැකට්ටුව ගැන දැනුවත් කරනවා. රජයෙන් අත්‍යාවශ්‍ය භාන්ඩ සහිත පැකට් එකක් විපතට පත්වූවන්ට දෙනවා.

    මෙහි කුඩා ටෝච් එකක්, පානීය ජල බොතලයක්, විටමින් සහිත විශේෂ ෆෘට් ජූස් බෝතලයක්, චොකලට් පැකට්ටුවක්, චීස් පැකට් එකක්, පිජාමා එකක් යට ඇදුම් කට්ටලයක් , විෂබීජ නාශක සහ සනීපරක්ෂක උපකරන ආදිය ඇතුලත්.

    වතුරින් යටවූ ප්‍රදේශ ගුවන් චායාරූප වලින් පෙන්වනවා හැබැයි ඊට දෙන්නෙ අඩුම වටිනාකමක්. වහල දක්වා යටවූ නිවාස සේසතම අහිමිවූ මිනිසුන් පෙන්වලා චූන් දීමක් නෑ. මේවා පෙන්නද්දී බොහොම ශෝකී සංගීතයක් පසුබිමින් ඇහෙනව.ා

    ඊලගට අගමැති මයිකල් ටර්න්බුල්, ක්වීන්ස්ලන්ත මහ ඇමතිනී ඇනස්තියා පලාෂොව්, බ්‍රිස්බන් නගරාධිපති ග්‍රැහැම් ක්වීක් ඇතුලු පක්ෂ විපක්ෂ දේශපාලකයින්, සහන කංඩායම් සමග එකතුවී වැස්සේ තෙමෙමින් මඩ නාගනිමින් හරි හරියට වැලිකොට්ට පිරවීම්, ගංවතුර බැස ගිය පෙදෙස්වල නිවාස පිරිසිදු කිරීම් ආදිය පෙන්වනවා. මේවා පෙන්වන්නෙව් ජනතාවගේ "මොරාල්" නැග්ගවීමට මිස දේශපාලකයින් පිම්ඹීමට නෙවෙයි.

    ලංකාවේ මං එහෙම කරනවා දැක්කේ එකම දේශපාලකයයි. ඒ පලිත තෙවරප්පෙරුම. ජත්‍යන්තර මට්ටමේ ඉන්නේ ඔහු පමනයි. පිටරට දේශපාලකයෝ හැසිරෙන්නෙ තෙවරප්පෙරුම වගේ. එහේ හැම දේශපාලකයෙක්ම රටේ විපතකදී තෙවරප්පෙරුම කෙනෙක් වෙනවා.
    *******
    කොහොම උනත් මේ රටවල් දෙකේම මාස දෙකක් තුල සිදුවූ මේ ස්වාභාවික විපත් දෙකම අති බිහිසුනුයි.

    ලංකාවටත් වඩා බිහිසුනු ඕස්ට්‍රේලියා ගංවතුරෙන් වූ ජීවිත හානි ගනන දෙකයි. ඒ දෙකින් පලමු වැන්න ගංවතුරින් කොටුවී සිටි මහලු මාතාවක් හර්දායාබාදයකින් මියයාම දෙවැන්න පිලිපීන් ජාතිකයෙකු උපදෙස් පිලි නොපැද මහා ජල කදට බැසීම නිසා සිදුවූවක්.

    නමුත් ලංකාවේ මේ විපතින් සිදුවූ මරන ගනන දැනට එකසිය ගනනක්. අතුරුදහන් වූවනුත් එකසිය ගනනක්.

    හිතන්න දෙයක් තියේනම් විතරක් හිතන්න.

    Copy by
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    We have a wonderful president very simple also:) today he cancelled all the car imports to ministers for this year:)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    My3 and Ponil ponnayo dennek apith dunnane unta chande

    18700297_1396891293726519_5760092968231259260_n.jpg
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    නිකන් ප්‍රෙතිරූප හදන්නැතුව හිටපන් බන්. පොඩි දෙයක් දකින්න බෑ අල්ලන් නලවනව. තව දෙයක් කැක්ක ගමන් අල්ලන් නෙලනව. :lol::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    We have a wonderful president very simple also:) today he cancelled all the car imports to ministers for this year:)
    :lol::dull:

    also we should remind our prime minister also who had heart attach after listening the stories about his dearest country man who died /sufferd badly on flood immediately flew to America to get help from amarican president donald trump
    .:lol::dull:

    as a direct result of our prime minister s effort us navy will visit and move their navel operation base on trico harbor from Diego gashiya near future .this will stop the flood forever . :dull::dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොනවා වුනත් මේ මනුස්සය මෙහෙම හරි මිනිස්සුන්ට උදව් කරපු එක අගය කරන්න ඕන .
    මිනිස්සුන්ගෙන්ම කාල බීල වාහන ගෙවල් අරන් ජොලි කරලා පරම්පරා 7 කට සෑහෙන්න හොරාකල ජීවත් වෙන පර්ලිමන්තුවේ ඉන්න බුරුවන්ගෙන් තමන්ට මෙච්චර උපකාර කල ජනතාව අමාරුවේ වැටුන වෙලාවට මෙහෙම හරි එකම එක මනුස්සයෙක් කාලගුණ සලකපු එක ලොකු දෙයක්:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes::yes:මේක තමයි ඇත්ත කතාව..අද රට පාලනය කරල විපතට පත් වෙච්ච මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ දෙන්ඩ වෙලා තියෙන්නෙ සාමන්ය මිනිස්සුන්ට..අපේ මිනිස්සුන්ට මනුස්ස කම තියෙන නිසා විපතට පත් වෙච්ච් අයට කන්ඩ දෙනව ...එහෙම නැත්තන්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gon post danna epa ban.

    Hamudawa,Policiya,Gov. officers la dala flood relief campaigns karanne anduwen thamai.

    උබට මතකද අවුරුද්දකට කලින් උන සාමස්සර කන්ද නාය යාමෙන් ගෙවල් නැති උන මිනිස්සු...මේ ලියන වෙලවෙත් ඒ මිනිස්සු තාම ටෙන්ට් අස්සෙ...ඒ මිනිස්සුන්ට අදත් ගෙවල් හදල දුන්නෙ නැ ආන්ඩුවෙන්...හමුදාව කරන්නෙ හමුදවෙ වගකීම ඒත් ආණ්ඩුවෙ වගකීම ඉටු උනා කියන්ඩ කිසිම සාධකයක් නැ.:no::no:යකො රටේ අගමැති පුද්ගලික සවාරියෙ ගිහින් ආයෙ මොනවද කියවන්නෙ.???
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    :yes::yes::yes::yes:මේක තමයි ඇත්ත කතාව..අද රට පාලනය කරල විපතට පත් වෙච්ච මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ දෙන්ඩ වෙලා තියෙන්නෙ සාමන්ය මිනිස්සුන්ට..අපේ මිනිස්සුන්ට මනුස්ස කම තියෙන නිසා විපතට පත් වෙච්ච් අයට කන්ඩ දෙනව ...එහෙම නැත්තන්...


    උබට මතකද අවුරුද්දකට කලින් උන සාමස්සර කන්ද නාය යාමෙන් ගෙවල් නැති උන මිනිස්සු...මේ ලියන වෙලවෙත් ඒ මිනිස්සු තාම ටෙන්ට් අස්සෙ...ඒ මිනිස්සුන්ට අදත් ගෙවල් හදල දුන්නෙ නැ ආන්ඩුවෙන්...හමුදාව කරන්නෙ හමුදවෙ වගකීම ඒත් ආණ්ඩුවෙ වගකීම ඉටු උනා කියන්ඩ කිසිම සාධකයක් නැ.:no::no:යකො රටේ අගමැති පුද්ගලික සවාරියෙ ගිහින් ආයෙ මොනවද කියවන්නෙ.???

    :yes: :yes: :yes:
     

    Similar threads