තේරෙන සිංහලෙන් බැඳුම්කර ගැන (VIDEO)

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව (කෝප්) ඉදිරිපත් කරන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පෙර ප්‍රසිද්ධ කිරීම හා ප්‍රකාශ කිරීම ජූලි 23 දක්වා තහනම් කරමින් කොළඹ දිසා අධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා අද (16) නියෝගයක් නිකුත් කළේය.
    අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතා ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරිණි.



    අධිකරණ නියෝග අරං ජන්දෙ පහුවෙනකන් වාර්තාව කල්දාන්නෙ වැරැද්දක් නැති හින්ද වෙන්න ඇති හොදා .. හොදා අධිකරණ නියෝජ්‍ය ඇමැති
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    දැන් හැමෝටම පේනව නේද ඔය වාර්තාව එළිවෙනවට මුන්ගෙ තියෙන බය? පෙරේද මෛත්‍රීපාලත් කට ඇරල කිව්වනෙ ඕකෙන් රනිල්ව බේරගන්න තමයි පාර්ලිමේන්තුව විසිරෙව්වෙ කියල. යහපාලනයෙ බොරුව හොඳටම පේන්නෙ දැන් තමයි.




    මහබැංකු බැඳුම්කරයට අදාළ කෝප් අතුරු කමිටු වාර්තාවට අතුරු තහනම් නියෝගයක්

    මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

    මහබැංකුවේ බැඳුම්කර නිකුතුවට අදාළව සිදුවීයයි කියනු ලබන ගනුදෙනුවට අදාළව කථානායක නියෝග මත කෝප් කමිටුව විසින් අතුරුකමිටුවක් මගින් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් සකස් කොට තිබේ.

    මෙම වාර්තාව කථානායකවරයාට බාරදීමට ප්‍රථම ප්‍රසිද්ධියට හා ප්‍රචාරයට ලක්කිරීම නීති විරෝධී බැවින් එලෙස ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    පෙත්සම්කාර සුජීව ‍සේනසිංහ මහතාගේ ඉල්ලීම සලකා බැලූ කොළඹ දිසා අධිකරණය මෙම අතුරු කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම ජූලි 23 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වාලමින් අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

    එසේම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති හිටපු අමාත්‍ය හා කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා ඇතුළු පිරිසකට ජූලි මස 23 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමටද අධිකරණය විසින් කටයුතු කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    TV දෙරණ විකාශය කරන, 'අලුත් පාර්ලිමේන්තුව' වැඩ සටහනේ මීළග සංවාදය (22), 'මහ බැංකුවේ බැදුම්කර වංචාව' පිළිබ‍ද ව තේමා කර ගනිමින් සිදු කරන්න‍ට නියමිත ව තිබිණි. ඒ සදහාපැමිණෙන්නට නියමිත වූයේ අජිත් නිවාඩ් කබ්රාල්, බන්දුල ගුණවර්ධන, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න ඇතුඵ විද්වත් පිරිසකි.
    එහෙත් අවසානයේදී, ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩසටහනට පැමිණීම ප්‍රතික්ෂේප කර අැති බැවින්, වැඩසටහනේ තේමාව වෙනස් කිරීමට සිදු ව තිබේ.
    'බැදුම්කර වංචාව' වැනි ජාතික වැදගත්කමින් යුක්ත සිදු වීමක් පිළිබද අදහස් දැක්වීම මෙලෙස අර්බුදයට ලක් කිරීම, නුසුදුසු ක්‍රියාවක් බව විශේෂයෙන් සදහන් කළ යුතු නැත. ආචාර්ය හර්ෂ ද සිල්වා, අදාළ නො පැමිණීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ, 'අජිත් නිවාඩ් කබ්රාල් සමග එකට අසුන් ගැනීමට අකැමැති ය' යන කරුණයි.මෙය අපභ්‍රංෂයකි.
    ආචාර්ය හර්ෂ ද සිල්වාට කළ යුතු ව තිබුණේ අදාළ වැඩසටහනට පැමිණ, අජිත් නිවාඩ් කබ්රාල්ට කට උත්තර නැති වන්නට කරුණු කීම ය. එහෙත් ඒ වෙනුවට, විත්තිකරුවකු විසින් වැඩසටහන වර්ජනය කෙරී තිබේ.

    එ් අතර අද සවස පැවැති වෙනත් හමුවකට අජිත් නිවාඩ් කබ්රාල්, බැදුම්කර වංචාව පිළිබද දිගු පැහැදිලි කිරීමක් යොමු කර තිබිණි. එහි මාතෘකාව වන්නේ 'බැදුම්කර වංචාව-මහ මොළකරු කවුරුන් ද?' යන්න ය. සවිස්තරාත්මක ලියවිල්ලක් වන එහි ප්‍රමාණවත් කරුණු සදහන් යඑහි 04 ඡේදයේ මෙලෙස දැක් වේ.

    'රනිල් වික්‍රමසිංහ ගේ ඉල්ලීම ඉටු කිරීමේ දැඩි උනන්දුව මත දෙවාරයක්ම මහේන්ද්‍රන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ වෙන්දේසි මැදිරියට ගොස් ඇත්තේ ඔහුට ලැබුණු උපදෙස් අනුව බැදුම්කර නිකුත් කිරීමේ කාර්යය සම්පූර්ණ කිරීමට වන නමුත්, එමගින් ඇතිවිය හැකි විශාල අලාභ හේතුවෙන් රාජ්‍ය මූල්‍ය සදහා ඇති වන අහිතකර බලපෑම පිළිබද ව කිසිදු සැලකීමකින් තොරවයි.'

    අද (19) උදෑසන තවත් උත්සවයකට සහභාගි වූ මහාචාර්ය ජී. එල්. පීරිස් පවසා ඇත්තේ, 'බැදුම්කර වංචාවට සම්බන්ධ කෝප් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට එරෙහි ව, සුජීව සේනසිංහ අධිකරණයෙන් ලබා ගෙන තිබෙන වාරණ නියෝගය සම්බන්ධ තාක්ෂණික දුර්වලතාවක් තිබෙන බවත්, එහෙයින් කෝප් වාර්තාව සමාජගත වීම, නොවැළැක්විය හැකි බවත්' ය.

    මෙවැනි කරුණු අධ්‍යයන කරන විට පෙනී යන්නේ, එක්සත් ජාතික පක්ෂය, මහ බැංකු බැදුම්කර වංචාව යට ගැසීමට සෑම උත්සාහයක් ම ගනිමින් සිටින බව ය. එක්සත් ජනතා නිදහස් සංධානය, එය කෙසේ හෝ එළියට අදින්නට වැර දරමින් සිටින බව ය.

    මෙබදු මූල්‍ය අපරාධයක් වසන්නට මාන බලන එක්සත් ජාතික පක්ෂය, දැන් ඔප්පු කරමින් සිටින්නේ, එය 'සැබැවින්ම වංචා හෝ දූෂණ විරෝධී, යහපාලනයට අනුගත දේශපාලන පක්ෂයක් නො වේ' යන්න ය.
    එක්සත් ජාතික පක්ෂය යනු, මෙරටට මහා පරිමාණ දූෂණ හුරු කළ පක්ෂය ය. එයට ද ඇත්තේ ටයිකෝට්වලින් වැසුණු අන්ත දූෂිත අතීතයකි.

    http://www.sathhanda.com/2015/07/blog-post_340.html
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    පැටියා;18664010 said:
    සන්ධාන ජාතික ලැයිස්තුව


    01. ඒ.එච්.එම් ෆවුසි
    02. මහාචාර්ය ජී.එල් පීරිස්
    03. ඩිව් ගුණසේකර
    04. මහාචාර්ය තිස්ස විතාරණ
    05. මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්වි ෂෙරීෆ්
    06. ආචාර්ය සරත් අමුණුගම
    07. තිස්ස අත්තනායක
    08. ඩිලාන් පෙරේරා
    09. ජෙයරත්නම් ශ්‍රී රංගා
    10. රෙජිනෝල්ඩ් කුරේ
    11. ජීවන් කුමාරතුංග
    12. ටිරාන් අලස්
    13. මලිත් ජයතිලක
    14. ශිරාල් චිරන්ත ලක්තිලක
    15. මහාචාර්ය කොල්වින් ගුණතිලක
    16. ප්‍රභා ගනේෂන්
    17. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා
    18. මහාචාර්ය රජීව් විජේසිංහ
    19. මහාචාර්ය කපිල ගුණසේකර
    20. ආචාර්ය බී.ඒ රත්නපාල
    21. එච්.එම් චරිත හේරත්
    22. කරුපයියා ගනේෂමූර්ති
    23. ලෙස්ලි දේවේන්ද්‍ර
    24. සෝමවීර චන්ද්‍රසිරි
    25. එම්.එස් උතුමා ලෙබ්බෙ
    26. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
    27. පියසිරි විජේනායක
    28. එම්.එෆ්.එම් මුසම්මිල්
    29. ගෙවිඳු කුමාරතුංග

    :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සහ ඔහුගේ බෑණාට අද නොතීසි නිකුත් කළා.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම ලියනගේ මහතා මෙම නියෝගය නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

    පරීක්ෂණ අවසන් වනතුරු මහබැංකු අධිපතිවරයාට සහ ඔහුගේ බෑණාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද පෙත්සමෙන් ඉල්ලා තිබුණද ඊට අවසර හිමිවුණේ නැහැ. සිද්ධියට අදාළ නඩුව ලබන ඔක්තෝම්බර් 30 වෙනිදාට කල් තැබුණා.
    - See more at: http://nethfm.com/article/79775#sthash.VOcuWiea.dpuf
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මහ බැංකු වංචාවක් උනා කියල පිළිගමුකො ... ඒකෙ ප්‍රශ්ණයක් නෑ

    යකො අච්චර මහින්ද හොර මැරකම් කරද්දි මුන් කොහෙද බන් හිටියෙ

    :dull:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මහ බැංකු වංචාවක් උනා කියල පිළිගමුකො ... ඒකෙ ප්‍රශ්ණයක් නෑ

    යකො අච්චර මහින්ද හොර මැරකම් කරද්දි මුන් කොහෙද බන් හිටියෙ


    ඉතින් රනිල් පික්පොකට් අගමැති වෙලා මාස 6ක් යන්න කලින් කරපු මේ මෑත ඉතිහාසයේ ලොකුම වංචාව ඔප්පු කරා වගේ, මහින්ද කරා කියන හොරකමුත් ඔප්පු කරපන්. එතකොට අපි ඒවා ගැනත් කතා කරන්නම්.

    මහබැංකු වංචාව නිකම් කටට එනවාට් කියපු මඩක් නෙවෙයි. ඔක්කොම සාක්කි තියෙනවා. එත් වහපාලන කාරයොන්ට බැරි වුනා මාස 6ක් ආණ්ඩු බලය තියාගෙනත් මහින්ද ඔය කරා කියන එක හොරකමක්වත් ඔප්පු කරගන්න. අර ලිත් වගයක් බෙදුව කියල එකකුයි ආපදා ආධාර වලට සතොසෙන් ණයට බඩු අරගත්ත කියල (ණ පියවල තියෙද්දියත්) එකකුයි විතරයි මුන්ට අන්තිමට කියන්න තිබුනේ.