තේ, ටින්ඩර් සහ සෙක්ස්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    තේ, ටින්ඩර් සහ සෙක්ස්
    ====================
    එක්තරා තරුණයෙක් ටින්ඩර් ඩේටින් එකකින් පසු තරුණියක් ඇයගේ නිවසට ඇරලීමට යයි.
    "ධනුෂ්ක, ඔයා තේ එකක් බොන්න ඇතුළට එනවද?"
    තරුණිය තම නිවසේ දොරකඩ ළගට පැමිණි පසු තරුණයාගෙන් විමසයි.
    "සමාවෙන්න ෂෙරීන්, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම තේ බොන්නේ නෑනේ."
    ඒ තරුණයාගේ පිළිතුරයි.
    " ආ..ඒකට කමක් නෑ. මගේ ළගත් තේ කුඩු නෑ".
    තරුණිය සිනාමුසු මුහුණින් නැවත පවසයි.
    අවවාදයයි:
    දැන් මෙවැනි ද්විත්ව නිෂේධනයක් අවසානයේ ඉතිරි වන දෙය ශුද්ධ වූ ආරාධනයක් ලෙස තේරුම් ගැනීමේ රොමැන්තික යුගය අවසන් වී ඇත. අවසානයේ හිරේ විලංගුවේ පවා වැටිය හැක. දැන් ඇත්තේ ඩේටින් ඇන්ෂයටි සමඟ තේ බීමේ යුගයයි. තේ කෝප්පය ගැන පමණක් සිතන්න.