තේ දළු නෙළන වතු කම්කරුවන්ට විශේෂ කුඩයක් හඳුන්වාදීමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක් හෝම් වතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
තේ දළු නෙළන වතු කම්කරුවන්ට අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වී දළු නෙළීමේ කටයුතු සිදුකිරීම සඳහායි මෙම කුඩය හඳුන්වාදී තිබෙන්නේ.
දැනටමත් වතු සමාගම විසින් තේ දළු නෙළන වතු කම්රුවන්ට සැහැල්ලු බට වලින් සකස් කළ තේ කූඩයක් හඳුන්වා දී තිබෙනවා.
එයට සමගාමීවයි මෙම කුඩය හඳුන්වාදීමට පියවර ගෙන තිබෙන්නේ.
කූඩයට බඳ පටි සකස් කර ඇති අතර කුඩය දිගහැරීමෙන් පසු එම බඳ පටි පැළද පහසුවෙන් තේ දළු නෙළීමට හැකි බවයි වතු කම්කරුවන් පවසන්නේ.
රුපියල් 1,600ක පමණ පිරිවැයක් දරා නිර්මාණය කළ එම කුඩය වතු කම්කරුවන්ට නොමිලේ ලබාදීමට කටයුතු කරන බවයි වතු අධිකාරිවරයා සඳහන් කළේ.