තේ බොමු අපි තේ බොමු තේ බොමු අපි තේ බොමු තේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝරෝනා 99.9ක් මුලින් ආසාදනය වෙන්නෙ උගුර ආශිතව..උගුර ආශිතව වර්ධනය වෙලයි පෙනහලු වලට බහින්නෙ..මුලින් උගුර ආශිතව වර්ධය වෙන එක සහ පෙනහලු වලට ඇතුල් උනත් විනාශ වීම හුමාලය නිසා වෙන්ව..

    WHO එකෙන් කියන්ඩ ටිකක් පරක්කු වෙයි ,ඒක නිසා උන් කියන එක අහන්ඩ දැම්මම ඔය උපදෙස් අනුගමනය කරපල්ල



    කොරෝනාවෙන් වැලකීම සදහා ඔබ කලයුතු දේ...

    1.දිනකට 4, 5 වතාවක් හුමාලය ඇල්ලිම කරන්න.
    2.දිනකට 4 ,5 වතාවක් උණුවෙන් තේ බොන්න.
    5. දිනකට 4 ,5 වතාවක් උනුසුම් ජලය පානය කරන්න.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොවිඩ් – 19 වෛරසය වැළැක්වීමේ සුවතා පානයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘කළු තේ’ සිලෝන් ටී නාමය යටතේ ගෝලීයව ප්‍රවර්ධනය කිරීමේ සැලසුමක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සකස් කර ඇත.

    වෛරසය හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවශ්‍ය අතිරේක විදේශ විනිමය ගෙන ඒමේ සැලසුමක් ලෙස මෙම උපාය මාර්ගය යෝජනා වී තිබේ.

    ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ පවසන්නේ කළු තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක පොලිෆෙනෝල් නම් රසායනිකය ඔස්සේ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩදියුණු කෙරෙන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇති බවත් එය කොවිඩ් – 19 වෛරසයට එරෙහිව උපයෝගි කර ගත හැකි බවත්ය.



    ඒ අනුව ඉහළ මට්ටමේ කොන්දේසිවලට යටත්ව රසායනික පළිබෝධනාශක අත්‍යවශ්‍ය ලෙස භාවිත නොකරමින් නිපදවන ශ්‍රී ලංකාවේ කළු තේ මේ මොහොතේ ගෝලීය සුවතා පානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම කාලෝචිත බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.
     
    • Like
    Reactions: IKL

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php
     
    • Like
    Reactions: erozan

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තේ කෝප්ප තුනකින් කොරෝනා මර්ධනය කරමු..

    --------

    කොරෝනා වෛරසය ගැන මුලින්ම ලොවට හෙළිකරන ලද චීන ජාතික වෛද්‍යවරයා විසින් කොරෝනා වෛරසයෙන් මිනිස් සිරුරට වන බලපෑම අවම කිරීම සඳහා වන සංයෝගයක් ද හෙළි කර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    ඔහු එමගින් සදහන් කර ඇත්තේ අදාල රසායනික සංයෝග සියල්ල තේ පානය තුළින් ලබා ගත හැකි වනු ඇති බවයි.

    චීනයේ වූහාන් ප‍්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාධිතයන් සදහා දිනකට තේ කෝප්ප තුනක් පානය කිරීම දුන් බව බවද එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි.

    කොරෝනා වෛරසය ගැන පලමුව හෙළි කළ වෛද්‍යවරයා පසුව එම වෛරසයම ආසාධනය වී මිය ගියේය. ...
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොරෝනා ආසාධනයෙන් ගෙදර සිට සුවය ලැබු ශ්‍රි ලකිකයාගේ කතාව..උනුසුම් දියර වර්ග සහ හුමාලය ඇල්ලිම නිසා සුවය ලබපු හැටි..

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ ජනාධිපතිතුමා චිනෙට කොරෝනා අස්සෙ තේ ටොන් ගානක් නොමිලේ දුන්න ආන්න ඒව බිල වෙන්ඩ ඔනෙ සුව වෙලා තියෙන්නෙ..

    මේක හොද අවස්තාවක් ලෝකෙටම පතුරෝමු..පස්සෙ රුපියල් 10 පෙරුම්කායන් කෑල්ල 150 වික්ක වගේ තේ මිල වැඩි කරල රටක් විදිහට ගොඩ යමු.. :D:D

    අනේ බන් විදේස විනිමය ගේන තේ නිකන් දුන්නම හරියනවද :no::no:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    එහෙනම් බොට කොරෝනා හැදෙන් නැ..:yes::yes::yes:

    ශ්‍රි ලකාවේ කදුකරගෙන් නෙලාගත් තේ දලු වලින් සෑදු තේ පානයෙන් කොරෝනා වලින් සුවය ලබා ගන්ඩ පුලුවන් කියල අපි ලෝකෙම පතුරවමු...රටක් විදිහට ගොඩ යන්ඩ හොද අවස්තාවක්.. :):):)

    :P:P:P:P:P:P:P:P:P:P:P
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Ceylon Tea kiyala kiyaganna tikath nathi karaganna potak. Ehe unta kalin mehe unta honda tea bonna denna kiyapan. Mehe unta denne kasalama thamai wadi hariyak.
    කොරෝනා වෛරසය ගැන පලමුව හෙළි කළ වෛද්‍යවරයා පසුව එම වෛරසයම ආසාධනය වී මිය ගියේය. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව ප‍්‍රතිශක්තිය වර්ධනය සදහා දේශීය ඖෂධ ශාක පත්‍ර යොදා දුම් ඇල්ලීමට තීරණය කර ඇති බව කොරෝනා සඳහා වන පර්යේෂණ කණ්ඩායම සඳහන් කරයි.

    එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මාධ්‍ය වෙත ඒ බව කියා සිටියේය.

    කොත්තමල්ලි සහ වෙනිවැල්ගැට ආදියේ ඇති වෛරස හා බැක්ටීරියා ආසාදනයන් වලකන ගුණය කොරෝනා වැලකීමටද ප්‍රයෝජනවත් බව පැහැදිලි වී ඇති බවද ඔහු සඳහන් කළේය.

    අදාල කමිටුවේ ප්‍රධානියා ලෙස තමන් මෙසේ හුමාලය ඇල්ලීම සහ උණු වතුර බීම නිර්දේශ කරන බවද ඔහු සඳහන් කළේය.

    කමිටුව විසින් මෙම තීන්දුව අනුමත කරන ලද බවද ඔහු පැවසුවේය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සරලව මෙහෙමයි කොරෝනා කියන්නෙ මොකක්ද වයිරස් එකක්..හෙම්බිරිස්සාව කියන්නෙ මොකක්ද ඒත් වයිරස් එකක්..හෙම්බිරිස්සව උස්සන්න උනාමත් නියුමෝනියාව හැදිල මැරෙනව හමෝම දන්න දේ ඒක..

    හෙම්බිරිස්සාව තියෙද්දි උනුසුම් දියර බිවම වාශ්ප අල්ලුවම මොකද වෙන්නෙ??? හෙම්බිරිස්සාව හොද වෙනව /වයිරස් එක මරෙනව /නැති වෙනව /අතුරුදහන් වෙන්ව /එක්කො වෙන දෙයක් වෙලා හරි හොද වෙනව..නියුමෝනියාවට යන්නෙ නැ..

    කොරෝනා කියන්නෙත් වයිරස් එකක් ,ඉක්මනින් පතිරෙන.. හෙම්බිරිසාව වගේම බහුතරයකට පැනඩෝල් පෙත්තක් ගහපුවම කොරෝන හොද වෙනව නැ කියන්ඩද කවුරු හරි..?????

    එහෙනම් මොකක්ද ,බිල්ලො මවාගෙන දගලනව වෙනුවට, අපි දන්න ප්‍රතිකර්මය කරාම හෙන ගැහෙයිද????

    අපිට වඩා දන්න IDH එකේ දොස්තරලයි ආයුර්වේදයේ දොස්තරලයි එකතුවෙලා , දැන් IDH එකේ ඉන්න සියලුම ලෙඩ්ඩුන්ට/ තොරාගත් පිරිසකමට කැද සහ වාශ්ප ඇල්ලිම පටන් අරන් තියෙන්නෙ..මේක ජනගත කිරිමයි දැන් අවශ්ය..:yes::yes:




    :)
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    තේ කෝප්ප තුනකින් කොරෝනා මර්ධනය කරමු..

    --------

    කොරෝනා වෛරසය ගැන මුලින්ම ලොවට හෙළිකරන ලද චීන ජාතික වෛද්‍යවරයා විසින් කොරෝනා වෛරසයෙන් මිනිස් සිරුරට වන බලපෑම අවම කිරීම සඳහා වන සංයෝගයක් ද හෙළි කර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    ඔහු එමගින් සදහන් කර ඇත්තේ අදාල රසායනික සංයෝග සියල්ල තේ පානය තුළින් ලබා ගත හැකි වනු ඇති බවයි.

    චීනයේ වූහාන් ප‍්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාධිතයන් සදහා දිනකට තේ කෝප්ප තුනක් පානය කිරීම දුන් බව බවද එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි.

    කොරෝනා වෛරසය ගැන පලමුව හෙළි කළ වෛද්‍යවරයා පසුව එම වෛරසයම ආසාධනය වී මිය ගියේය. ...


    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අද ප්‍රවෘත්ති වල සදහන් කරපු ශාක පත්‍ර ‌වලින් මනුෂ්‍ය ශරීරයට කිසිම අහිතකර බවක් ඇති වන්නේ නෑ.

    එහිදී සදහන් කරපු ශාක පත්‍ර නම්,

    01. පාවට්ටා ‌ නොහොත් ආඩතෝඩ
    02. නික
    03. හිං මදුරු තලා
    04. කුරුදු
    05. පැගිරි කුළයේ ශාඛ (සරලම දේ ගෙදර තියන දෙහි කොළ ගන්න)


    මීට අමතරව දුම් ඇල්ලීම සදහා පහත දේවල්ද භාවිතයට ගත හැක.

    01. කොත්තමල්ලි
    02. අමු කහ

    (අද දෙරණ 2020/04/08 වන දින පස්වරු 6.55 පුවත් වල 26.10 විනාඩියේ සිට 29.48 විනාඩිය දක්වා විකාශිත ප්‍ර‍වෘත්තියෙන් උපුටා ගන්නා ලදී)

    මේ සම්බන්ධව පොඩි දැනුමක් තියන කෙනෙක් විදියට කෝවිඩ් - 19 වෛරසය පාලනය කිරීම සදහා මෙම වෛද්‍ය උපදේශයන් මගින් පොඩි සහනයක් ලබා ගත හැකි. පාවට්ටා නොහොත් ආඩතෝඩ වලින් සෙම්ප්‍ර‍තිශ්‍යාව වැනි වෛරස් විනාශ කිරීමේ ගුණාංගය වගේම සෙම බුරුල් කර ගරීරයෙන් සෙම කොටස් ඉවත් කිරීමට මනා හැකියාවක් තියන බව මම අත්දැකීමෙන් දන්නවා. මගේ ලොකුඅප්පච්චිලා දෙන්නා විසින් නියුමෝනියාවට ආසන්න සෙම රෝගී පුද්ගලයින් පවා පාවට්ටා භාවිතයෙන් සෙම කොටස් ඉවත් කර සුව කරපු විදිය ඇස් දෙකෙන්ම දැකලා තියනවා.

    හොදින් මතක තියාගන්න.... ඔිනෑම දෙයක අධි මාත්‍රාව වගේම වෛද්‍ය උපදේශයන් නොගෙන තම හිතුමතේට භාවිතා කලොත් ක්ෂණිකව එලොව යන්නත් පුළුවන් බව. ඒක නිසා මෙම ප්‍ර‍තිකාර ක්‍ර‍මය ගැන යම් විශ්වාසයක් තියනවා නම් ආසන්නතම රජයේ ආයුර්වේද රෝහලට ගිහින් වෛද්‍ය උපදේශයන් මත මේ ඖෂධ භාවිතා කරන්න. සුදුසුකම් ලත් දක්ෂ දේශීය / ආයුර්වේද වෛද්‍යවරුන්ට නාඩි අල්ලලා ඔබගේ රෝග දෝෂය මොකද්ද කියලා හරියටම කියාවි. අනික රජයේ ආයුර්වේද රෝහල මගින් මෙම සේවාව ඔබට නොමිලේම ලබා ගන්න පුළුවන්. මෙම ව්‍යසන තත්ත්වය හේතුවෙන් සෑම රජයේ ආයුර්වේද රෝහලක්ම පැය 24 ම විවෘත්තව පවතිනවා.

    මම මගේ හොදම යාළුවෙක්ට දීපු උපදේශයක් නිසා කෝවිඩ් - 19 ව්‍යසනය හමුවේ අසරණ වු මුළු පවුලක් ගොඩ ගියපු අවස්ථාවක් තියනවා. මගේ යාළුවා A/L ඉවර උන ගමන්ම ඉතාලියට පැන ගත්තා. ඉතාලියට කෙලවෙන්න වගේ යන බව දැනුන නිසා මම මගේ යාළුවාට අන්තර්ජාල ඇමතුමක් ලබා ගනිමින් තොරතුරු විමසා සිටියා. ඒ අවස්ථාවේදී මගේ යාළුවා අවදානම ගැන ඉවෙන් වගේ දැනගෙන ස්වීඩනයට පැන ගන්න හැකි වෙලා තිබුනා. නමුත් ඔහුට තාමත් ලංකාවට එන්න බැරිව හිර වෙලා ඉන්නවා.

    පසුව මම ඒ රටේ තොරතුරු විමසනකොට ස්විඩන් වලත් රෝග ව්‍යාප්තිය තියන බවට දැනුවත් උනා. එහිදි මම මගේ යාළුවාට කිව්වා හැකියාවක් තියනවානම් ඉන්දියානු ආයුර්වේද කඩ වලින් වගේ හොයලා බලලා කොත්තමල්ලි ටිකක් හෝ පස්පංගුව ඇති තැම්බුම් පැකට් ටිකක් අරන් තියාගන්න කියලා. ඔහු කොත්තමල්ලි හොයා ගන්න පුළුවන් බව දැනුම් දුන් නිසා ලෙඩක් නොමැති නම් එය දින 02 කට වරක් පමණ හදාගෙන පානය කරන ලෙසටත් එය සකසන විට වාෂ්පය නිකරුනේ එලියට යන්න නොදී වාෂ්පයට මූණ අල්ලලා ආග්‍ර‍හණය කරන ලෙසත් දැන්ම් දුන්නා. හෙම්බිරිස්සාවේ ලක්ෂණ පහල වෙනවා නම් කොත්තමල්ලි හෝ තැම්බුම් පැකට් වල වාෂ්පය අනිවාරයයෙන්ම අල්ලන ලෙසටත්, දවසට වේල් 03 ක් සිදු කරන ලෙසටත් තැම්බුම හෝ කොත්තමල්ලි උදේට හා හවසට අඩු කොප්පයක් පමණ පානය කරන ලෙසත් උපදෙස් ලබා දුන්නා.

    ඔය සිද්ධිය වෙලා සති 03 කට විතර පස්සේ දවස් 02 ක් විතර මගේ යාළුවා මට දුරකථන ඇමතුම් රාශියක් අරන් තියන බව දැක්කා. මට කාර්යබහුල තත්ත්වයක සිටිය නිසා ඔහුගේ ඇමතුම් වලට ප්‍ර‍තිචාර දක්වන්න බැරි උනා. පස්සේ මට විවේකයක් ලැබුන ගමන්ම ඔහුට අන්තර්ජාල දුරකථන ඇමතුමක් ලබා දුන්නා.... එයට ප්‍ර‍තිචාර දක්වපු විගසම යාළුවා මට දිගට හරහට නොසැහෙන්න ස්තුති කිරීමක් සහ ලබා දුන් උපදෙස් වලට පින් සිදු වන බව පුකාශ කර සිටියා. මට ඇත්තටම හිතා ගන්න බැරි උනා වෙලා තියෙන්නේ මොකක්ද කියලා....

    පසුව මම ඇහුවා මොකෝ මචන් මම මොකද්ද කලේ එච්චරටම ස්තුති කරන්න කියලා.... ඇත්තටම මම දීපු පොඩි උපදෙස් ටික ගැන මගේ යාළුවා එංගලන්තයේ ඉන්න ඔහුගේ අම්මාටත් කියලා දැනුවත් කරාලු. යාළුවාගේ අම්මා ඉන්නේ ඔහුගේ ලොකු නංගී ගාව. කොහොම හරි මේ පවුලේ පොඩි දරුවෙකුත් එක්ක පවුලේ සියළුම සාමාජිකයින්ට කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වෙලා. ඉතින් මේ අය දැඩි උත්සාහයක යෙදිලා තියනවා එංගලන්තයේ රෝහලකට ඇතුලත් වෙන්න... ඒත් හිරු නොබසින අධිරාජ්‍යයේ කිසිම රෝහලක් මගින් මේ අය භාර ගැනීමට කටයුතු කරලා නෑ.

    මෙයින් ඉතාමත් අසරණ තත්ත්වයට පත් උන මේ උදවිය කරන්න කිසිම දෙයක් නැතිව ඉන්න වෙලාවෙදි මගේ යාළුවා දීපු උපදෙස් ටික එයාගේ අම්මට මතක් වෙලා තියනවා. ඊට පස්සේ කොත්තමල්ලි ටිකක්වත් හොයාගන්න කියලා යාළුවාගේ අම්මා ඉන්දියානු ආයුර්වේද බඩු කඩේකට ගිහින් තියනවා. වාසනාවකට මෙන් කොත්තමල්ලි සහ මම කියපු පස් පංගුව පැකට් තිබුන නිසා ඒවා පුළුවන් උපරිම ප්‍ර‍මාණයක් අරන් ගිහින් එකෙන් වත් ජීවිතය ආරක්ෂා කර ගන්න උත්සාහයක යෙදිලා තියනවා.

    විශේෂයෙන්ම ලක් පොලවේ ඉපදුන ඒ අම්මා වැඩිහිටියෙක් වශයෙන් මට වඩා හොදට මේ ඖෂධ භාවිතා කරන විදිය ගැන දන්න නිසා වැඩේ හරියටම කරලා තියනවා....
    කියන්න සතුටුයි තුණුරුවන්ගේ සරණින් සහ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ පවුලේ කිසිම කෙනෙකුට හානියක් වෙලා නෑ. නිව්මෝනියා තත්ත්වයට ආසන්නව හිටපු යාළුවාගේ අම්මගේ නංගි (පුංචිඅම්මා) පවා ඉතාමත් කෙටි කලකින් අවධානම් තත්ත්වයෙන් මිදෙන්න හැකියාව ලැබිලා තියනවා. මෙම ඖෂධ ලබා ගන්න අතරෙදිම ඔවුන් අර චිනයේ මිනිසුන් සිදු කරපු විදියට පැය 02 කට වරක් පමණ උණු වතුර පානය කරන්නත් දවසේ අවස්ථාවන් 03 හෝ 04 ක් ලුණු වතුරෙන් උගුර කට සෝදන්නත් තටයුතු කරලා තියනවා.

    කොහොම හරි සත් සමුදුරින් එහා ඉන්න ඒ පවුල ආරක්ෂා වෙන්න මගේ පුංචි උපදෙස් කීපය වැදගත් උන එකට මම හදවතින්ම සතුටු වෙනවා. ඔබටත් මෙයින් යම් ප්‍රයෝජනයක් ඇති වෙයි සිතා මෙය පල කිරීමට අදහස් කලා.

    ලංකාවේ අපේ වෛද්‍ය සේවාව සහ හිරු නොබසින රාජ්‍යයේ වෛද්‍ය සේවාව අහසට පොළව වගේ බව ඔබට මෙයින් පෙනී යනු ඇති. ලංකාවේ වෛද්‍ය සේවාවට මල් තියලා වැදපල්ලා ඔවුන් මේ කරන සේවාවට... ඔවුන්ගේ ඉල්ලීම් වලට කන් දීලා තොපිලට තාම ගේ ඇතුලට වෙලා දවස් 14 ක් ගත කරගන්න බැරිව ඉන්න එක ගැන පුරවැසියන් විදියට ලැජ්ජා වෙයල්ලා...

    විශේෂයෙන්ම ආයෙත් කියන්න ඔිනේ දේශීය හෝ ආයුර්වේද ඖෂධ ගන්නවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත ඒක සිදු කරන්න කියලා නැවතත් අවධාරණය කරනවා.

    අනික තව දෙයක් තමා මේ කිරියේ ඉන්න බක පණ්ඩිත හුත්තිගේ පුතාලා මීට කලින් කිව්වා මට කොත්තමල්ලි බිබි හිටපන් කියලා... එහෙම අවඥාවෙන් කියපු උන්ට කෝවිඩ් - 19 වෛරසය නිසා කෙළ වෙලා ඉන්නවාද දන්නේ නෑ. එහෙම කෙල වෙලා ඉන්නවා නම් මේ දෙයින් උන්ට ගන්න දෙයක් ඇත්නම් ඒක අරන් ජීවිතේ ආරක්ෂා කර ගනිල්ලා. අපේ රටේ තියන මිලෙන් අඩු හෝ නොමිලෙම හොයා ගන්න පුළුවන් ඖෂධ වලින් මේ වෙලාවේ උපරිම ප්‍රයෝජනය ගනිල්ලා... අරක නෑ මේක නෑ කිය කිය වැලපෙන්නේ නැතිව...

    ඔබ සැමට බුදු සරණයි!


    up
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    erozan moko wenne ethin gedarada me davs tike

    අද නම් පොඩි රවුමක් ගහල ආව බන් හැමතැනම වහල පාමසි ලග පෝලිම් ඕහොම තමයි ඉතින් ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕන්න මාගේ අනාවැකිය හරිගියා-කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි..


    කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සති කිහිපයකට පසු කොළඹ දි (08) දින පැවැත් වු තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට නිෂ්පාදන තේ කිලෝවක් සදහා වාර්තාගත මිලක් ලැබි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටියි.

    උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා පැවති තේ වෙන්දේසියේදි රු 700/= මිලක් ලැබුණු බවත් අවසන් වරට පැවති තේ වෙන්දේසියේ ලැබුණු තේ කිලෝවක් සදහා ලැබුණු මිලට වඩා මිලට වඩා රු සියයක් වැඩි වි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටියි.

    මධ්‍යම කදුකරයට පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග තේ ඵලදාව අඩු වි තේ නිෂ්පාදනය 40% කින් පහත වැටි ඇති බවත්, තේ කර්මාන්තය කඩා වැටිමේ අවධානමක පැවති සමයේ උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා රු හත්සියක මුදලක් වෙන්දේසියේදි මිල ඉහල යාම තේ කර්මාන්තයේ අනාගතය පිලිබදව තවදුරටත් විශ්වාසය තබා ගත හැකි බව වතු අධිකාරිවරුන් කියා සිටියේය.

    කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා ඉහල ඉල්ලුමක් පවතින බවත්, මේ දිනවල විදේශිකයන් තේ පානය වැඩි වශයෙන් සිදු කරන බව වතු අධිකාරිවරුන් කියයි.

    ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙලදපොලේ දැනට පවතින ඉල්ලුම එලෙසම තව මාස කිහිපයක් පැවතිය හොත් රුපියලේ අගය කඩා වැටිම තරමක් දුර පාලනය කර ගත හැකි බවත්, පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තයේ අනාගතයද යහපත් වන බව වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියයි.