Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තොපිට සහ අපිට වෙන දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුසල් මෙන්ඩිස් සහ රිය අනතුරු වන්දි

කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර හා සමගාමීව ඔහු විසින් එම රිය අනතුරෙන් මරණයට පත්වූ පාර්ශවයට ගෙවීමට එකග වූ වන්දි මුදල වූ ලක්ෂ 10 පිළිබදව විවිධාකාර කතිකාවන් සමාජයේ ඇතිවන ආකාරය පෙනේ. එහිදී මිනිස් ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක් වන්නේද යනාදී වශයෙන් ඉතා කෝපාන්විත ප්රශ්න යොමු වන ආකාරය මම දුටුවෙමි. එබැවින් ඒ පිළිබදව සංක්ෂිප්ත සටහනක් තැබීම කාලෝචිත යැයි සිතමි.

රිය අනතුරකදී අනතුර සිදුකරනු ලබන පුද්ගලයාට ආකාර 2කින් වගකීම ආරෝපණය වේ.

1. අපරාධමය වගකීම

එනම් රිය අනතුර සිදු කිරීමෙන් යම් පාර්ශවයකට සිදුකරනු ලබන ශාරීරික හානිය සම්බන්ධයෙන් පැවරෙන අපරාධ වගකීම වේ. මේ පිළිබදව සළකා බලන්නේ මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිටදීය. යම් රිය අනතුරක් වාර්තා වූ පසු එම රිය අනතුරට වගකිවයුතු පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරී. ඉන්පසු ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොණු කිරීම සිදුවේ. චූදිත තැනැත්තා අධිකරණය ඉදිරිපිට වරද පිළිගැනීම හෝ අධිකරණයේ නඩු විභාගයක් අවසානයේ වරදකරු වීමෙන් පසුව ඔහුට දඩුවම් නියම කිරීම සිදුවේ.

2. සිවිල් වගකීම

මෙය අදාළ රිය අනතුරෙන් හානියට පත් පාර්ශවයට වන්දි ලබාගැනීම සදහා හෝ වෙනයම් හානිපූර්ණයක් සදහා පැවරෙන වගකීමයි. මේ ආකාරයෙන් වන්දි ලබාගැනීම සදහා රිය අනතුරෙන් අගතියට පත්වූ අය හෝ ඒ අයගේ යැපෙන්නන් රියඅනතුරට වගකිවයුතු පුද්ගලයාට අදාළ වාහනයේ අයිතිකරුට සහ එම වාහනය රක්ෂණය කර තිබූ රක්ෂණ ආයතනයට එරෙහිව දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පැවරිය යුතු වේ.

මහේස්ත්රාත් අධිකරණයේදී ලබාදිය හැකි උපරිම වන්දි මුදල

රිය අනතුරක් සම්බන්ධයෙන් වන මහේස්ත්රාත් අධිකරණයේ නඩුවකදී අදාළ අපරාධයෙන් අගතියට පත්වූ එනම් තුවාල ලැබූ පාර්ශවයට හෝ මරණයට පත් පාර්ශවයේ යැපෙන්නන්ට යම් වන්දි මුදලක් ගෙවන ලෙස චූදිතට නියම කිරීමට මහේස්ත්රාත්වරයෙකුට හැකිය. මෙය මෑතක් වන තෙක්ම පැවතියේ රුපියල් ලක්ෂයක (රු. 100,000/-) උපරිම සීමාවකට යටත්වය. එනම් අපරාධයක වින්දිතයෙකුට වන්දි මුදල් ගෙවන ලෙස නියම කිරීමට මහෙස්ත්රාවරයෙකුට හැකියාව තිබුණේ රුපියල් ලක්ෂයක (රු. 100,000/-) උපරිමයක් දක්වා පමණි. නමුත් වර්ෂ 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත මගින් මෙම තත්වයේ යම් වෙනසක් සිදුවිය.

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත

රිය අනතුරු සම්බන්ධයෙන් වන්දි වලට අදාළව ඉහත කී පනතේ 28 (1) වගන්තියේ දක්වා ඇති ප්රතිපාදන වැදගත් වේ:-

ඒ අනුව යම් පුද්ගලයෙකුට රිය අනතුරක් හෝ වෙනත් සිද්ධියක වින්දිතයෙකුට අපරාධ වගකීම යටතේ අයකරගත හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියනයක් (රු. 1,000,000/-) වේ.

ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක්ද?

මේ අනුව පුද්ගලයෙකුගේ ජීවිතයක අතක පයක වටිනාකම රුපියල් මිලියනයක් එනම් ලක්ෂ දහයක් පමණක්ද යනුවෙන් කෙනෙකුට ගැටලුවක් මතු විය හැකිය. අපරාධ අධිකරණයක් යනු අපරාධකරුවන්ට දඩුවම් දීම සදහා මිස පුද්ගලයන්ට වන්දි ප්රදානය කිරීම සදහා පිහිටවූ අධිකරණයක් නොවේ. වන්දි යනු සිවිල් නීතිය යටතට වැටෙන සංකල්පයකි. අපරාධ අධිකරණ වල ඉහත කී සීමාව තුල පවා ලක්ෂ දහයක් දක්වා වන්දි ලබාදීමට ප්රතිපාදන තිබීම සතුටු විය යුතු තත්වයකි. යම් වින්දිතයෙකුට අපරාධ අධිකරණයේදී ලැබෙන වන්දි මුදල ප්රමාණවත් නොවේ නම් ඒ සදහා ඇති විසදුම වන්දි ලබාගැනීම සදහා දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පැවරීමය. දිසා අධිකරණයේදී අදාළ අනතුර හෝ අපරාධය හේතුවෙන් සිදුවූ අලාභයේ ප්රමාණය තක්සේරු කොට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ.

නීතිඥවරුන් සදොස්ද?

කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර මේ වන විට පවතින්නේ මහේස්ත්රාත් අධිකරණයේය. එහිදී ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීම සිදුකරන අවස්ථාවේදී රිය අනතුරෙන් මියගිය පාර්ශවයේ යැපෙන්නන්ට යම් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට තම සේවා දායකයා සූදානම් බව කුසල් මෙන්ඩිස්ගේ නීතිඥවරයා ප්රකාශ කර ඇත. මාධ්ය වාර්තා කළ ආකාරයට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ඉල්ලා ඇත.

බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වී ඇත්තේ මෙම ක්රියා කළාපයයි. එහිදී මරණයට පත් තැනැත්තාගේ දුගී දුප්පත් නිවසේ ඡායාරූප දක්වමින් "ඔහු දුප්පතෙකු වීම නිසා නීතිඥවරුන් එකතු වී ඔහුගේ ජීවිතයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට තක්සේරු කර ඇත" යනුවෙන් වන ඉතාම සාවද්ය චිත්රයක් මැවෙමින් තිබෙන බව පෙනේ.

එහි කිසිදු සත්යතාවයක් නොමැත. රිය අනතුරක් සම්බන්ධ නඩුවකදී සැකකරුගේ පාර්ශවය විසින් යම් වන්දියක් ගෙවීමට කැමැත්ත ප්රකාශ කිරීම සාමාන්ය තත්වයකි. එමෙන්ම අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා රුපියල් දස ලක්ෂයක වන්දි මුදලක් ඉල්ලා සිටීම යනු මහේස්ත්රාත් අධිකරණයේ ලබා ගතහැකි උපරිම වන්දි මුදල ඉල්ලා සිටීමකි. මරණයට පත්වූ තැනැත්තා දුගී දුප්පතෙකු වුවද කෝටිපතියෙකු වුවද මහේස්ත්රාත් අධිකරණයේදී ලබාගත හැකි උපරිම වන්දි මුදලේ වෙනසක් වන්නේ නැත. එය කුමන තත්වයක් යටතේ වුවද රුපියල් ලක්ෂ දහය ඉක්මවන්නේ නැත. ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් මියගිය තැනැත්තාගේ යැපෙන්නන්ට අවශ්ය නම් ඒ සදහා දිසා අධිකරණයේ වන්දි ඉල්ලා නඩුවක් පැවරිය හැකිය.

[QUOTE="malakadss, post: 25502256, member: 179884"] [SIZE=4][B]කුසල් මෙන්ඩිස් සහ රිය අනතුරු වන්දි[/B] කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර හා සමගාමීව ඔහු විසින් එම රිය අනතුරෙන් මරණයට පත්වූ පාර්ශවයට ගෙවීමට එකග වූ වන්දි මුදල වූ ලක්ෂ 10 පිළිබදව විවිධාකාර කතිකාවන් සමාජයේ ඇතිවන ආකාරය පෙනේ. එහිදී මිනිස් ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක් වන්නේද යනාදී වශයෙන් ඉතා කෝපාන්විත ප්රශ්න යොමු වන ආකාරය මම දුටුවෙමි. එබැවින් ඒ පිළිබදව සංක්ෂිප්ත සටහනක් තැබීම කාලෝචිත යැයි සිතමි. රිය අනතුරකදී අනතුර සිදුකරනු ලබන පුද්ගලයාට ආකාර 2කින් වගකීම ආරෝපණය වේ. 1. අපරාධමය වගකීම එනම් රිය අනතුර සිදු කිරීමෙන් යම් පාර්ශවයකට සිදුකරනු ලබන ශාරීරික හානිය සම්බන්ධයෙන් පැවරෙන අපරාධ වගකීම වේ. මේ පිළිබදව සළකා බලන්නේ මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිටදීය. යම් රිය අනතුරක් වාර්තා වූ පසු එම රිය අනතුරට වගකිවයුතු පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරී. ඉන්පසු ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොණු කිරීම සිදුවේ. චූදිත තැනැත්තා අධිකරණය ඉදිරිපිට වරද පිළිගැනීම හෝ අධිකරණයේ නඩු විභාගයක් අවසානයේ වරදකරු වීමෙන් පසුව ඔහුට දඩුවම් නියම කිරීම සිදුවේ. 2. සිවිල් වගකීම මෙය අදාළ රිය අනතුරෙන් හානියට පත් පාර්ශවයට වන්දි ලබාගැනීම සදහා හෝ වෙනයම් හානිපූර්ණයක් සදහා පැවරෙන වගකීමයි. මේ ආකාරයෙන් වන්දි ලබාගැනීම සදහා රිය අනතුරෙන් අගතියට පත්වූ අය හෝ ඒ අයගේ යැපෙන්නන් රියඅනතුරට වගකිවයුතු පුද්ගලයාට අදාළ වාහනයේ අයිතිකරුට සහ එම වාහනය රක්ෂණය කර තිබූ රක්ෂණ ආයතනයට එරෙහිව දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පැවරිය යුතු වේ. මහේස්ත්රාත් අධිකරණයේදී ලබාදිය හැකි උපරිම වන්දි මුදල රිය අනතුරක් සම්බන්ධයෙන් වන මහේස්ත්රාත් අධිකරණයේ නඩුවකදී අදාළ අපරාධයෙන් අගතියට පත්වූ එනම් තුවාල ලැබූ පාර්ශවයට හෝ මරණයට පත් පාර්ශවයේ යැපෙන්නන්ට යම් වන්දි මුදලක් ගෙවන ලෙස චූදිතට නියම කිරීමට මහේස්ත්රාත්වරයෙකුට හැකිය. මෙය මෑතක් වන තෙක්ම පැවතියේ රුපියල් ලක්ෂයක (රු. 100,000/-) උපරිම සීමාවකට යටත්වය. එනම් අපරාධයක වින්දිතයෙකුට වන්දි මුදල් ගෙවන ලෙස නියම කිරීමට මහෙස්ත්රාවරයෙකුට හැකියාව තිබුණේ රුපියල් ලක්ෂයක (රු. 100,000/-) උපරිමයක් දක්වා පමණි. නමුත් වර්ෂ 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත මගින් මෙම තත්වයේ යම් වෙනසක් සිදුවිය. අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත රිය අනතුරු සම්බන්ධයෙන් වන්දි වලට අදාළව ඉහත කී පනතේ 28 (1) වගන්තියේ දක්වා ඇති ප්රතිපාදන වැදගත් වේ:-[/SIZE] [SIZE=4]ඒ අනුව යම් පුද්ගලයෙකුට රිය අනතුරක් හෝ වෙනත් සිද්ධියක වින්දිතයෙකුට අපරාධ වගකීම යටතේ අයකරගත හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියනයක් (රු. 1,000,000/-) වේ. ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක්ද? මේ අනුව පුද්ගලයෙකුගේ ජීවිතයක අතක පයක වටිනාකම රුපියල් මිලියනයක් එනම් ලක්ෂ දහයක් පමණක්ද යනුවෙන් කෙනෙකුට ගැටලුවක් මතු විය හැකිය. අපරාධ අධිකරණයක් යනු අපරාධකරුවන්ට දඩුවම් දීම සදහා මිස පුද්ගලයන්ට වන්දි ප්රදානය කිරීම සදහා පිහිටවූ අධිකරණයක් නොවේ. වන්දි යනු සිවිල් නීතිය යටතට වැටෙන සංකල්පයකි. අපරාධ අධිකරණ වල ඉහත කී සීමාව තුල පවා ලක්ෂ දහයක් දක්වා වන්දි ලබාදීමට ප්රතිපාදන තිබීම සතුටු විය යුතු තත්වයකි. යම් වින්දිතයෙකුට අපරාධ අධිකරණයේදී ලැබෙන වන්දි මුදල ප්රමාණවත් නොවේ නම් ඒ සදහා ඇති විසදුම වන්දි ලබාගැනීම සදහා දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පැවරීමය. දිසා අධිකරණයේදී අදාළ අනතුර හෝ අපරාධය හේතුවෙන් සිදුවූ අලාභයේ ප්රමාණය තක්සේරු කොට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. නීතිඥවරුන් සදොස්ද? කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර මේ වන විට පවතින්නේ මහේස්ත්රාත් අධිකරණයේය. එහිදී ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීම සිදුකරන අවස්ථාවේදී රිය අනතුරෙන් මියගිය පාර්ශවයේ යැපෙන්නන්ට යම් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට තම සේවා දායකයා සූදානම් බව කුසල් මෙන්ඩිස්ගේ නීතිඥවරයා ප්රකාශ කර ඇත. මාධ්ය වාර්තා කළ ආකාරයට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ඉල්ලා ඇත. බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වී ඇත්තේ මෙම ක්රියා කළාපයයි. එහිදී මරණයට පත් තැනැත්තාගේ දුගී දුප්පත් නිවසේ ඡායාරූප දක්වමින් "ඔහු දුප්පතෙකු වීම නිසා නීතිඥවරුන් එකතු වී ඔහුගේ ජීවිතයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට තක්සේරු කර ඇත" යනුවෙන් වන ඉතාම සාවද්ය චිත්රයක් මැවෙමින් තිබෙන බව පෙනේ. එහි කිසිදු සත්යතාවයක් නොමැත. රිය අනතුරක් සම්බන්ධ නඩුවකදී සැකකරුගේ පාර්ශවය විසින් යම් වන්දියක් ගෙවීමට කැමැත්ත ප්රකාශ කිරීම සාමාන්ය තත්වයකි. එමෙන්ම අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා රුපියල් දස ලක්ෂයක වන්දි මුදලක් ඉල්ලා සිටීම යනු මහේස්ත්රාත් අධිකරණයේ ලබා ගතහැකි උපරිම වන්දි මුදල ඉල්ලා සිටීමකි. මරණයට පත්වූ තැනැත්තා දුගී දුප්පතෙකු වුවද කෝටිපතියෙකු වුවද මහේස්ත්රාත් අධිකරණයේදී ලබාගත හැකි උපරිම වන්දි මුදලේ වෙනසක් වන්නේ නැත. එය කුමන තත්වයක් යටතේ වුවද රුපියල් ලක්ෂ දහය ඉක්මවන්නේ නැත. ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් මියගිය තැනැත්තාගේ යැපෙන්නන්ට අවශ්ය නම් ඒ සදහා දිසා අධිකරණයේ වන්දි ඉල්ලා නඩුවක් පැවරිය හැකිය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom