ත‍්‍රස්තවාදයෙන්_රට_නිදහස්
තමන් විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල භාවිත කළේ ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගෙන ආර්ථික වශයෙන් ද නගාසිටුවා විදේශ බලවේගවලින් ද රට ආරක්ෂා කර ගැනීමට මිස රට පාවා දෙන ගිවිසුම්වලට අත්සන් තැබීමට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ඇතැමුන් තම බලතල භාවිත කරමින් එල්.ටී.ටී.ඊ. සමග රට දෙකඩ කිරීමේ
ගිවිසුම්වලට අත්සන් තැබු අන්දම සිහිපත් කරන ජනාධිපතිතුමා තමන් විධායක ජනාධිපති ධුරයේ බලතල භාවිත කළේ එම වැරදි නිවැරදි කර රටේ ඒකීය භාවය සුරැුකීමට බවද පෙන්වා දෙයි. මහනුවර ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති උත්සව කිහිපයකට එක් වෙමින් එතුමා මේ කරුණු සදහන් කළේය. කොටි ත‍්‍රස්තවාදීන් හමුවේ පොලිස් නිලධාරීන් 550 දෙනෙකුට දෙනෙකුට යටත් වීමට නියෝග කිරීමට ඇතැම්හු විධායක ජනාධිපති ධුරයේ බලතල භාවිත කළහ. එම නිලධාරීන් අදාල තීන්දුව හේතුවෙන් ඝාතනයට ලක්වු බව ජනාධිපතිතුමා සිහිපත් කළේය. වර්තමානයේ ඇතැමුන්ට ඇති විශාලම ගැටලූව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. වසරකට වැඩි කාලයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කොට ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය සහ ජනාධිපති ධුරය සම්බන්ධයෙන් තීරණය ගැනීම පාර්ලිමේන්තු කාරක සභාවට භාරදී ඇති බව එතුමා අවධාරණය කළේය. එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය මෙම කාරක සභාවට නොපැමිණ වසරක් ගෙවුනු පසු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ලෙස කරන ඉල්ලීම කෙතරම් අසාධාරණ දැයි එතුමා මෙහිදී පැවසීය. එම ගැටලූව පාර්ලිමේන්තුව සමග විසදා ගත හැකිය. එසේ නොමැතිව මහමගට බැස කෑ ගැසීමෙන් කිසිදු ඵලක් නොවන බව එතුමා සඳහන් කළේය. විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවලට අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් රට අපහසුතාවට පත් කිරීමට කිසිසේත් ඉඩදිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිතුමා රටත් ජනතාවත් සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව සියලු දෙනා කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.