දක්ෂිණ අධිවේගයට නව කැමරා පද්ධතියක්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    දක්ෂිණ අධිවේගයට නව කැමරා පද්ධතියක්

    දක්ෂිණ අධිවේගයට වේග පරීක්ෂාව සමග නව කැමරා පද්ධතියක්



    ee.jpg

    දක්ෂිණ අධිවේගී මාර්ගය සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කිරීමට කටයුතු කරන බව අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අධක්ෂ සමන් ඕපනායක මහතා පැවැසීය. මේ වන විට අත්තර් හුවමාරූ ආශ්‍රිතව පමණක් කැමරා පද්ධති ක්‍රියාත්මක වන අතර නව වැඩසටහන යටතේ කැමරා පද්ධතිය කඩවත සිට මාතර, ගොඩගම දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. ඉදිකිරිම අවසන් වූ පසු ගොඩගම සිට හම්බන්තොට දක්වා කැමරා පද්ධතිය සවි කිරීමට නියමිතව ඇත. මෙම ආරක්ෂිත කැමරා මඟින් මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් සහ මාර්ගයේ දේපළවලට හානි සිදුකර පලායන රියැදුරන් පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව පවතී.

    මේ සමඟ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පහසු වේ. මේ වන විට කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් ආවරණය වන පරීදි කැමරා පද්ධතිය සවිකර ඇත. ආරක්ෂිත කැමරා පද්ධති භාවිතාවත් සමඟ එම මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ගේ සංඛ්‍යාව අවම වී ඇති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

    -සජිත් ප්‍රියන්ත-