දකින්න අපහසු ඇටිකෙසෙල්..🍌

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,170
    46,946
    113
    cpWUfR5.jpeg



    මාතලේ රත්තොට රිවස්ටන් හා නකල්ස් ප්‍ර දේශවල ආශ්‍රිතව මේ දිනවල ඇටි කෙසෙල් ඇති අතර ඉදුණු ඇටි කෙසෙල් කැන් කිහිපයක්ම දැක ගැනිමට හැකි විය.

    ඇටි කෙසෙල් කියු සැණින් මතකයට නැගෙන්නේ ප්‍රස්ථාව පිරුලකි.ඒ ඇටි කෙසෙල් කැ උගුඩුවා වගේ කියාය. ඉතා අධික පැණි රසකින් යුක්ත හා කෙසෙල් ගෙඩියේ ඇට වැඩියෙන් තිබෙන අතර උගුඩුවන් විසින් කෙසෙල් කා දිරවා ගත නොහැකිව සහ අධීක පැණි රසය නිසා මත්වි සිටිම නිසා මෙම ප්‍රස්ථා පිරුළ සැදි ඇති බව ගැමියන්ගේ අදහසයි.

    මිට අමතරව බුදු දහමේ සදහන් වන අෂ්ට පාන අතුරින් චෝච පානය සදහා යොදා ගනු ලබන්නේ ද ඉදුණු ඇටිකෙසෙල් ගෙඩි ඇල් දියෙන් මැඩ කළ පානයය.

    මාතලේ මහේෂ් කිර්තිරත්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    මේ දවස් වල ඔසෙට ඉන්නවා ඔව්ව කාපු උන් ඒත් ගෙඩි නන් දැකලා තිබ්බ කියලා මතකයක් නෑ. TFS ♥️
     
    • Like
    Reactions: NRTG