දකුණු වෙරළේ හෝටල් බල්ලෝ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දකුණු වෙරළේ හෝටල් බල්ලෝ

    873bb7c932.jpg


    විවිධ අපරාධ අනාවරණය කර ගැනීමට ලෝකයේ විවිධ රටවල සුනඛයන්ගෙන් ඉටු කරගන්නා කාර්යභාර්ය අතිමහත්ය. ලංකාවේද විවිධ අපරාධ සොයා පොලිස් සුනඛයන් යොදා ගැනීම සුලබව සිදුකරන්නකි. එහෙත් විවිධ අපරාධ සඳහා සුනඛයන්ගේ සහයෝගය ලබා ගැනීම ගැන එතරම් තොරතුරු ලැබී නැත. නමුත් සූක්‍ෂ්මව සුනඛයන් පුරුදු පුහුණු කර තම ව්‍යාපාර සාර්ථක කර ගැනීමට කරන උත්සාහයක් පිළිබ¼ද තොරතුරු අනාවරණය වූයේ දකුණු වෙරළ තීරයේ සංචාරක හෝටල් ආශි්‍රතවයි. එම සංචාරක ව්‍යාපාරවල සිදුවන්නේ කුමක්ද යන්න හෙළිදරව් කිරීමට නොව මෙම බොහෝ සංචාරක හෝටලවලට සහ හෝටල් ආශි්‍රතව සැරිසරන පුද්ගලයන් හඳුනා ගැනීමට සුනඛයන් යොදා ගැනීම පිළිබ¼ද තතු මෙසේ අනාවරණය විය. ඇතැම් සංචාරක වෙරළබඩ හෝටලවල සාමාන්‍ය සුනඛයන් ඇති කිරීම කිසිවකුගේ අවධානයට එතරම් ලක් නොවේ. ඊට හේතුව වී ඇත්තේ දිවයිනේ සෑම ස්ථානයකම සුනඛයන් රංචු ලෙස සිටීමයි. එහෙත් මෙම හෝටල් ආශි්‍රතව සැරිසරන සුනඛයන්ට විශේෂ පුහුණුවක් ලබා දී ඇති බව අනාවරණය විය. මීට හේතුව එම සංචාරක ව්‍යාපාරවල සිදුකෙරෙන කිසියම් නීති විරෝධී කටයුතුවලදී ආරක්‍ෂා වීම සඳහා මෙම සුනඛ සහයෝගය ලබා ගන්නා බවයි.

    ඒ අනුව දණහිසෙන් පහළට දිග කලිසම අඳින පුද්ගලයන් හා කාකි කලිසම අඳින පුද්ගලයන්ව මෙම සුනඛයන් පැන හපා කන බවත් ඔවුන්ට හෝටලයට ඇතුළුවීමට හැකියාව මෙම සුනඛයන් විසින් මුළුමනින්ම අවහිර කරයි. එහෙත් ඉදිරිපස ‍ෙදාරටුවෙන් ඕනෑම අයකුට ඇතුළු විය හැකිය. හෝටලයේ ඉදිරිපස බොහෝදුරට ප්‍රධාන මාර්ගයට මුහුණලා නිර්මාණය කර ඇති අතර පිටුපස වෙරළට මුහුණත දමා නිර්මාණය කර ඇත. මෙම සුනඛයන් ගැවසෙන්නේ වෙරළ සීමාවේය. ඒ අනුව සංචාරකයන් කිසිවකු වෙරළ සීමාවේ දිග කලිසම් ඇඳ ගමන් කරන්නේ නැත.

    මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමේදී බොහෝ කරුණු අනාවරණය විය. විශේෂයෙන්ම දික්වැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල්, මාතර පොල්හේන සංචාරක හෝටල් සහ මිරිස්ස උණවටුන හික්කඩුව යන වෙරළ තීරයේ සංචාරක හෝටලවල මෙම සුනඛ වත හෙළිවේ. මෙම සංචාරක හෝටල් බොහෝමයක ගංජා සුරුට්ටු අලෙවිය ප්‍රසිද්ධ රහසකි. ඒ හැරුණු විට බලපත්‍ර නොමැති මත්පැන් අලෙවිය මෙන්ම නීති විරෝධී මස් මාංස අලෙවිය, කැස්බෑ මස් තහනම් මාස වල පොකිරිස්සන් හා දඩ මස්, ආදිය ආහාර කර අලෙවි කිරීම වැනි සුලබ නීති විරෝධී කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් හා ගණිකා වෘත්තීන් වැනි නීති විරෝධී ක්‍රියාවන් සිදුකිරීම හේතුවෙන් මෙම සුනඛ සහයෝගය එම ව්‍යාපාරිකයෝ අපේක්‍ෂා කරති. විදේශීය පුද්ගලයන් බොහෝදුරට දිග කලිසම් ඇඳ වෙරළ තීරයේ ගමන් නොකරන හෙයින් මෙම සුනඛයන්ගේ ග්‍රහණයට හසු නොවේ. කොතෙකුත් විශාල විදේශකයන් පිරිසක් සිටියද දිග කලිසම හෝ කාකි කලිසම ඇඳගෙන එන එක පුද්ගලයා හඳුනා ගැනීමටත් ඔහුට පැනීමටත් තරම් මෙම සුනඛයන් සූක්ෂ්මව හුරු කර ඇත. මෙය කලක සිට සිදු කරගෙන යන ජාවාරමකි. මේ වන විට ඒ පිළිබඳව බුද්ධි අංශවල අවධානය යොමු වී තිබේ.

    විශේෂයෙන්ම හෙල් සහ ආපනශාලා පරීක්ෂාවට එන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට වෙරළ තීරයෙන් පැමිණ මුළුතැන්ගෙට ඇතුල්වීමට මෙම සුනඛයන්ගෙන් නම් කිසිසේත්ම හැකියාවක් නැත. ඔවුන් ඉදිරිපසින් පැමිණෙන විට ඕනෑම අක්‍රමිකතාවක් නි‍ෙදාස් කර පෙන්වන්නට තරම් ඔවුන්ට හැකියාවක් ඇත.

    විශේෂයෙන්ම මිරිස්ස වෙරළ තීරයේ මෙම සුනඛ දසුන් වැඩි වශයෙන් දැකගත හැකිය. බොහෝ දෙනකු වෙරළේ සුනඛයන් සිටින බවත් දනී. නමුත් මෙහි ඇති තත්ත්වය පිළිබඳ කිසිවකුට අවබෝධයක් නැත.

    මේ අතර විදේශිකයන්ද ඔවුන්ගේ සංචාරක හෝටලවල මේ ආකාරයටම සුනඛයන් ඇතිකරයි. එම සුනඛයන්ද යොදාගන්නේ මෙවැනිම අකටයුතුකම්වලට එන බාධා මැඬ පැවැත්වීම සඳහාය.


    mawbima.lk