දකුණේ නොනවතින ඝාතන වැලක ආරම්බය.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,425
    6,387
    113
    දකුණේ නොනවතින ඝාතන වැලක ආරම්බය.


    ඉහළ මාලවල ප්‍රධාන මාර්ගය අසල පිහිටි මේනකාගේ මහ ගෙදර ඉදිරිපිට ලේ ගලන මිනිස් හිසක් දුටු පුද්ගලයකු කෑගසන්නට විය.
    ඔහුගේ ශබ්දයට අහල පහළ සියල්ලෝම පාහේ මහ පාරට දිව එන්නට වූහ. එලෙස පැමිණි ඔවුන් දුටුවේ සරත් කුමාර නොහොත් බොස් සරත් ගේ කඳින් වෙන් කළ හිසය.
    සරත් පදිංචි නිවෙස පිහිටා ඇත්තේ එම ස්ථානයේ සිට මීටර් 150 ක් පමණ නුදුරින්ය. සිය සැමියා වන සරත් මරා දමා ඇති බවට බිරිය මේනකාට තොරතුර ලැබෙත්තට වැඩි වේලාවක් ගතවූයේ නැත. කනට ඇසුණු දෑ පිළිගන්නට අකමැති වූ ඇය සරත් ගේ හිස දමා තිබෙනවා යැයි කී සිය මහ ගෙදර අසලට දිව ගියේ පිස්සියක මෙනි. එහෙත්.... සරත් ගේ හිස තිබෙන ස්ථානය අසලට යාමට ඇයට අවට රැස්ව සිටි අසල් වැසියෝ
    ඉඩ දුන්නේ නැත. ......එම දසුන බිරියකට තබා සංවේදී හදවත් ඇති කිසිම මිනිසකුට බැලිය නොහැකි දසුනක් වූ නිසාය.

    boss.jpg

    ඌරගස් මංහන්දිය පොලිසියේ බුද්ධි අංශයේ ස්ථානාධිපතිගේ ජංගම දුරකථනයට එදින උදේ එකොළහට පමණ ලැබුණු දුරකථන ඇමතුමකින් කියැවුණේ සරත් නමැත්තා ඉහළ මාලවල මරා දමා ඇති බවය. ඒ සමඟම පොලිස් හදිසි ඇමතුම් 119 අංශයෙන්ද පොලිසියට මේ ඝාතන සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබිණි.​

    මෙම තොරතුර ලද සැණිත් ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් ද සමඟ ඉහළ මාලවලට යද්දී දක්නට ලැබුණේ මීට මසකට පමණ පෙර දෙදෙනකු වෙඩිතබා ඝාතනය කළ ස්ථානයේ සුරංග නමැති තරුණයාගේ මළ සිරුර වැටී තිබූ තැන කඳෙන් වෙන් කළ හිස තිබෙන අයුරුත්, ඒ වටා මහජනතාව එක්රොක්ව සිටින අයුරුත්ය.

    ඒ සමඟම බොස් සරත් ගේ කඳ කොටස පිළිබඳ තොරතුරු ද ලැබිණි. ඒ හිස තිබූ ස්ථානයේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ එපිටින් පිහිටි ගල්ගොඩවත්ත පාර අයිනේ පාළු ස්ථානයක තිබෙන බවටය. හිස තිබෙන ස්ථානයට ආරක්ෂාව යෙදූ ස්ථානාධිපතිවරයා කඳ තිබෙන බව කී ස්ථානය බලා පිටත්ව ගියේය. එම ස්ථානයට ගියවිට දක්නට ලැබුණේ හිසෙන් වෙන් වූ කඳේ බෙල්ල ප්‍රදේශයෙන් තවමත් රුධිරය ගලා යන අයුරුය.
    ගෙල කඳින් වෙන්කොට බොස් සරත් තමැති අය ඝාතනය කර ඇති බවට ඇල්පිටිය මහෙස්ත්‍රාත් අසංක බෝතරගම මහතාට කරුණු වාර්තා කළ ඌරගස්මංහන්දිය පොලිසිය ඝාතකයා සොයා පරීක්ෂණ ආරම්භ කළේය.

    බොස් සරත් ගේ හිස තිබූ ස්ථානයේදී මීට පෙර ද්විත්ව ඝාතනයක් සිදු විය.
    oluwa.jpg




    ඒ උෂාන් සහ සුරංග නමැති තරුණයන් දෙදෙනා මෙම ස්ථානයේදී මීට පෙර වෙඩි තබා ඝාතනය කර තිබිණි. පොලිසිය මේ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු සොයන්නට විය. ඒ අතරතුර ඔවුන් පොලිසියට ඉදිරිපත් තොවී වහා අධිකරණයට බාර විය. ඒ බොස් සරත් ගේ ළගම ගෝලයන් වන ඉන්දික සහ අසංක යන දෙදෙනාය. එබැවින් මෙම ඝාතනය උෂාත්ගේ හෝ සුරංගගේ පාර්ශ්වයෙන් සිදු කරන්නට ඇතැයි උපකල්පනය කළ පොලිසිය ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළේය.

    මෙම ඝාතනය පිළිබඳ ගම්මුන්ගෙන්දපොලිසියට තොරතුරු ලැබුණු අතර එම තොරතුරු වලින් කියැවුණේ සුරංගගේ වැඩිමල් සහෝදරයකු වන සමන් මෙම ඝාතනය සිදු කළ බවය. සම ද මෙම ගම් ප්‍රදේශයේම පදිංචි අතර පොලිසිය ඔහු සොයා නිවෙසට ගිය විට දක්නට ලැබුණේ නිවෙස දොරගුලු දමා වසා ඇති බවය. ඔහුගේ බිරිය හා දරුවන් පිළිබඳ ආරංචියක් නොලැබිණි. සමන් සෙවීම සඳහා කණ්ඩායමක් යෙද වූ ස්ථානාධිපතිවරයා බොස් සරත් ඝාතනය පිළිබඳ පුළුල් විමර්ශනයක යෙදිණි. ඒ අනුව මෙම ඝාතනය මේ ප්‍රදේශයේ කල්ලි දෙකක් අතර ආරවුලක් බවට එම විමර්ශනයේදී කරුණු හෙළිකර ගැනීමට පොලිසියට හැකි විය.

    පොලිස් පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරුවලට අනුව බොස් සරත් ගේ වෘත්තිය වූයේ වැලි ව්‍යාපාරයයි. ඔහුට වැලි ප්‍රවාහනයට බලපත්‍රයක් ඇත. එහෙත්... වැලි ගොඩ දැමීමට බලපත්‍ර නැත. එබැවින් ඔහු ප්‍රවාහනය කළ යුත්තේ වැලි තොටුපළවල් වලින් මිලදී ගන්නා වැලිය, එවිට ලොකු ලාභයක් නැත. ඌරගස්මංහන්දිය පොලිස් වසමේ බලපත් සහිත වැලි තොටු පළවල් ඇත්තේ ද සීමිත සංඛ්‍යාවකි. එබැවින් බලපත් රහිතව වැලි ගොඩදැමීම
    නිරන්තරයෙන් සිදු වේ.

    පොලිසිය ද දිගින් දිගටම වැටලීම් සිදු කරමින් පුද්ගලයන් මෙන්ම වැලි අදින බෝට්ටු ඇතුළු ආම්පන්න අත්අඩංගුවට ගත්තද අනවසර ජාවාරමේ අවසානයක් පෙනෙත්තට නැත. අත්අඩංගුවට පත් බෝට්ටු පොලිසියේ ගොඩගසා ඇතත් ඊට වඩා බෝට්ටු සංඛ්‍යාවක් තවමත් හොර ජාවාරමේ යොදවා ඇත. බොස් සරත් ද බලපත් රහිතව වැලි ද ගොඩ දැමීම සිදුකරගෙන ගියේය. ඔහු ගේ බෝට්ටු වැලි රැගෙන ඉවුරට පැමිණී විට ඔහු ඒවා තම ටිපර් රථ වලට පටවා ප්‍රවාහනය සිදු කරයි. ඔහුට වැලි ප්‍රවාහනයට බලපත් ඇති බැවින් පරිස්සමෙන් කළ යුතු වුයේ ගඟෙත් වැලි ගොඩදමා විපරයට පටවා මහ පාරට රැගෙන ඒම පමණී. හමුදා සේවයෙන් පැන ආ සමන්, සරත්ගේ වැලි ජාවාරමට එක් වූයේ මුදල් ඉපැයීමට වෙත මාර්ගයක් නොවූ බැවිනි. ඒ මීට වසර ගණනකට ඉහතදීය.

    ඒ වන විට බොස් සරත් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගියේ තරුණවියට එළැඹි දියණියක ද සිටින කාන්තාවක සමඟය. ඔහු එම නිවෙසට ආ ගිය අතර සමහර අවස්ථා වලදී මේ ගමනට සමන්ද එක්විය. එලෙස සරත් සමඟ එම නිවෙසට ගිය සමන් කල් ගතවෙද්දී එම කාන්තාවගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තේය.
    මේ බව දැනගත් සරත් මෙන්ම කාන්තාවද ( දියණියගේ මව) එයට එක හෙලා විරුද්ධ වූහ. එලෙස විරෝධතා මතු වෙද්දී සමන් කළේ දියණිය ද රැගෙන හොර රහසේ පලා යාමයි. ඒ හේතුවෙන් සමන් සහ සරත් අතර තිබූ හිතවත්කම අවසන් වී දෙදෙනා තරහකාරයන් බවට පත්විය. කසාදයක් කරගත්තද රැකියාවක් නොමැති හෙයින් සමන් වඩු වැඩට යොමු වූයේ ඉන් අනතුරුවය.

    උෂාන් සහ බොස් සරත් ගේ ගෝලයන් අතර මුල් වරට ආරවුලක් හටගත්තේ පසුගිය අප්‍රේල් මස මැද භාගයේදීය. ඒ පසුගිය සිංහල අලුත් අවුරුදු සමයේදී උෂාන්ගේ මිතුරකු ඉන්දිකගේ යතුරුපැදියට රතිඤ්ඤා පත්තුකර දැමීම හේතුවෙනි.
    මේ සියල්ලෝම එකම ගමේ පදිංචිකරුවත් වූ අතර ගහ මරා ගත්තද සියල්ලෝම එක්ව විටෙක ක්‍රීඩා කටයුතු වලද යෙදිණි. රතිඤ්ඤා දැමීමේ සිද්ධියෙන් අනතුරුව උෂාන්, ඉන්දික, සමන්ත (ඉන්දිකගේ මිතුරෙක්) ඇතුළු ගමේ තරුණයන් දිනක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිට ඇත. එහිදී ඇති වූ යම් ආරවුලක් හේතුවෙන් සමන්ත ස්ටම්ප් එක රැගෙන උෂාන්ට පහරදී ඇති අතර ඉන් උරණ වූ උෂාන් සිය අත වූ ක්‍රිකට් පිත්තෙන් ඉන්දිකට පහර දී ඇත.

    මේ ආකාරයෙන් කල්ලි දෙකක් වූ ගමේ තරුණයන් ගේ එක් කල්ලියක නායකයා වූයේ සරත්ය.
    කල සොරකම්, මංකොල්ලකෑම්වලට සම්බන්ධ නඩුවලට පැටලී සිටි සරත් වැලි ව්‍යාපාරයට එක් වූ අතර ඔහුගේ ටිපරයේ රියැදුරු ලෙස සේවය කළේ ඉන්දිකය. එබැවින් ඉන්දික, අසංක ඇතුළු ගමේ තරුණ කොටසක් සරත් සිය කල්ලියේ නායකයා කරගෙන ඔහුට "බොස් සරත් " යන නම්බුනාමය ද පිරිනැමීය. එහෙත් ඔහු ඉන්දිකලාගේ ආරවුල් එකකටවත් සහභාගී වී තිබුණේ නැත. ඉන්දික ඇතුළු කල්ලියත් උෂාන් ඇතුළු කල්ලියත් අතර ක්‍රිකට් තරගයෙන් අනතුරුව දිගින් දිගටම ආරවුල් හටගත් අතර මේ දෙගොල්ලන්ගේම අරමුණු වූයේ අනෙක් කල්ලි සාමාජිකයන්ට එරෙහිව ප්‍රහාර එල්ල කොට ජයග්‍රහණය ලැබීමය.

    ඒ පසුගිය නොවැම්බර් මස තුන්වැනිදා උදෑසනයි. එදින උදේ ඉන්දික, අසංක සමඟ යතුරු පැදියෙන් ගමන් කරද්දී උෂාන් සහ සුරංග අතරමඟදී හමු විය. අතරමඟදී හමු වූ තරහකරුවන් එකිනෙකා බැන ගන්නට විය. ඒ අතරතුරේ දුරකථන ඇමතුමක් ගත් සුරංග පට්ටමක් ලැස්ති කරපං ලෙසින් පවසනු ඉන්දිකට ඇසිණි.

    "සර්. පට්ටමක් ලැස්ති කරන්න කියලා සුරංග කාටද කෝල් කරලා කියනවා ඇහුනා මම හිතුවේ අපිට ගහත්ත ලැස්ති වෙන්නේ කියලා. අපි එතනින් යන්න ගියා.. මම අසංක එක්ක බයික් එකේ අපේ ගෙදර ගිහින් ආපහු ආවා, එද්දි වෙපන් එකත් ඉනේ ගහගෙනයි ආවේ. ඒ එද්දී උෂානුයි සුරංගයි බයික් එකේ එනවා මූණට මුණ හම්බවුණා උෂාත් අතේ යකඩ පොල්ලකුයි මන්නයකුයි තිබුණා. සුරංග තමයි බයික් එක පැදගෙත ආවේ.....
    උෂාන් බයික් එකෙන් බැහැලා යකඩ පොල්ලයි මන්නෙයි අරගෙන ඉස්සරහට ආවා. මමත් බයික් එකෙන් බැහැලා ඉස්සරහට ගිහින් ඉනේ තිබුණ පිස්තෝලේ ඇදලා අරගෙන උෂාන්ට ෂොට් එකක් තිව්වා. උෂාන් පැතලා දුවද්දී තවත් ෂොට් කීපයක් නිව්වා උෂාන් වැටුණා. සුරංගටත් වෙඩි තියලා අපි යන්න ගියා"
    උෂාන් සහ සුරංග ඝාතනය කොට ප්‍රදේශය හැර පලාගොස් සිට පසුව අධිකරණයට බාර වූ ඉන්දික සහ අසංක එලෙස පාපොච්චාරණය කර තිබිණි.

    dabala.jpg

    මේ අතර බොස් සරත් ගේ ඝාතනයට සැක කෙරෙන සුරංගගේ අයියා සමන් සොයා මෙහෙයුම් දියත් කළ පොලිසිය ඔහු අත්අඩංගුවට ගනු ලබන්නේ පාළුවට ගිය තේ වත්තක නිවෙසක සැඟව සිටියදීය. ඒ සිද්ධිය වී දින තුනක් ගෙවුණ හත්වැනි සඳුදාට එළිවෙමින් තිබියදීය. සොයාගත් තොරතුරුවලට අනුව එම තේ වත්තට ගිය පොලිසිය හොර රහසේ එම නිවෙස වටලා බලද්දි සමන් තදින්ම නින්දට වැටී සිටිනු දක්නට ලැබිණි. පොලිසිය ඔහු නින්දෙන් පුබුදුවා අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණි බවත්, ඊට මූලික වූ චෝදනාවන් පැවසූ විට තමා බොස් සරත් ඝාතනය කළ බව හෙතෙම පිළිගත්තේය.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,425
    6,387
    113
    "මගේ මල්ලි මරපු ඉන්දිකයි, අසංකයි දැන් ඇතුලේ හිටියට උන් එළියට ආපු ගමන් මාවයි මගේ යාළුවෙකුයි මරනවා කියලා කියපු කතාවක් මට ආරංචි වුණා. එළියට ඇවිත් ඉන්න නම් අපි දෙන්නව මරන්න ඕන කියලා සරත්ට කියලා. සරත් ඒකට ආයුධයකුත් ගෙනාවා කියලා ආරංචි උනා.
    ඉන්දිකගෙයි, අසංකගෙයි ලොක්කා බොස් සරත් නේ. ඒ නිසා මම හිතුවා අපිට නිදහසේ ඉත්ත නම් සරත්ව මරලා දාන්න ඕත කියලා සතියකට දවස් දෙක තුනක් බොස් සරත් ගමං ගොඩවත්ත පැත්තේ වැලි තොටු පළ ළඟ ඔත්තු බලන්න එන බව මම දැනගෙන හිටියා.”
    එදා උදේ මම මන්නෙත් මල්ලක දාගෙන ගෙදරින් ගියා. උදේ පහමාරේ විතර ඉඳලා පාළු ගේ ළඟ කොස් ගහ මුල හැංගිලා සරත් එතකම් බලාගෙන හිටියා... උදේ නවය නවයහමාර විතර වෙද්දී සරත් ගැනු කෙනෙක් එක්ක ඒ ගෙට ගියා. ඇවිත් පැය බාගයකට විතර පස්සේ ඒ ගෑනුකෙනා ගියා මටත් එහෙමම නින්ද ගියා. මට එක පාරටම කොළ පොඩිවෙන සද්දයක් ඇහිලා ඇහැරුණා. බලද්දී සරත් සරමත් උස්සගෙන ඉස්සරහට එනවා. මම එක පාරටම මන්නෙන් සරත්ට ගැහුවා. සරත් ඒ පාර කාගෙන දිව්වා. මම පස්සෙන් පත්තගෙන ගිහින් බෙල්ලටම කෙටුවා. බෙල්ල ඇගෙන් වෙන් වෙනතුරුම මම සරත් ගේ බෙල්ලට කෙටුවා.......

    ඊළඟට මොකද කරන්නේ කියලා කල්පනා කළා. මම එද්දී මන්නෙත් දාගෙන ආපු පෝර උරේ කොස්ගහ මුල තිබුණා. මම සරන්ගේ බෙල්ලයි. මන්න යයි පෝර මල්ලට දාගෙන පහළට ආවා. එහෙම ටික දුරක් එද්දි බයික් එකක් ආවා. මම ඒ බයික් එක නතර කරලා මාවත් හන්දියට ගිහින් දාන්න කියලා කිව්වම ඒ මනුස්සයා මාව බයික් එකේ දාගත්තා. මම ඉහළ මාලවලට ඇවිත් සරත් ගේ ඔළුව පාර අයිනේ දැම්මා එතන තමයි මගේ මල්ලි සුරංග මැරිලා වැටිලා හිටියේ මල්ලිගේ මිනිය තිබුණ තැන බොස් සරත් ගේ ඔළුව දාලා මන්නෙයි පෝර උරයයි අරගෙන ගෙදර ගියා, මන්නේ හෝදලා හංගලා පෝර මල්ල පුච්චලා දැම්මා"

    බොස් සරත් ඝාතනයට සැකපිට අත්අඩංගුවට පත් සමන් එලෙස සිද්ධිය විස්තර කළේය. සැකකරුගේ මඟ පෙන්වීම යටතේ සරත් ඝාතනය සඳහා උපයෝගී කරගත් මන්නය සොයාගනු ලැබීය. අත්ත්අඩංගුවට ගත් සැකකරු ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

    එහෙත් උෂාන් සහ සුරංග ඝාතනය සඳහා උපයෝගී කරගත් ගිනි අවිය තවමත් හමුවී නැත. එම ගිනි අවිය සොයා පොලිසිය තවදුරටත් පරීක්ෂණ වල යෙදී සිටී.

    "සරත් එදා උදේ නවයට විතර ගෙදරින් ගිහින් තිබුණේ වැලි ගොඩදාන තැන ඔත්තු බලත්ත. එයාට වැලි ප්‍රවාහනයට පර්මිට් තිබුණට වැලි තොටුපළට පර්මිට් නෑ ඒ නිසා වැලි ගොඩදාලා ටිපර් එකට පටවලා පාරට එතකම් උඩ ඉඳගෙන පොලිසියෙන් එනවද කියලා බලාගෙන ඉන්නවා. එදා උදේ ගෙදරින් ගියෙන් වැලි ගොඩදාන තැන ඔත්තු බලන්න.
    උසාවියට බාරවුණු ඉන්දික සරත්ගේ වැලි තොටු පළේ ටිපර් එක එළවන ඩ්‍රයිවර් සමනුත් අවුරුදු හතරක් විතර සරත් ළඟ වැඩ කළේ. පස්සේ එක එක ගැටලු ඇවිත් එයා අයිත් වුණා. වඩු වැඩ පටන් ගත්තෙ බැන්දට පස්සේ. මිනිහා එස්. ටී. එෆ්. එකෙත් පැනලා ඇවිත් හිටි. සරත්ගේ ඔළුව තිබුණේ අපේ මහ ගේ ඉස්සරහ. කඳ තිබුණේ ඊට කිලෝමීටර් එකහමාරක් විතර ඈතින් සරත් පිං අතේ වැඩවලට දායක වුණ කෙනෙක් එයා දැන් අවුරුදු හතක් තිස්සේ තනියම තොරණක් ගැහුවා. සරත්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට වයස අවුරුදු දාසයයි. මේ දවස් වල ඕ ලෙවල්
    විභාගයට ලියනවා. දුවට වයස අවුරුදු හයයි. අන්තිමට ඒ දරුවෝ දෙන්න අසරණ වුණා."
    සරත්ගේ බිරියගේ සහෝදරයකු එලෙස පවසා සිටියේය.


    ඇල්පිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර, සහකාර පොලිස් අධිකාරි සුසිල් පුස්සැල්ල යන නිලධාරීන්ගේ උපදෙස් මත ඌරගස් මංහන්දිය පොලිසියේ ස්ථානාධිපති කේ. එච්. සුජිත් ප්‍රියන්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති ජයතිස්ස, සැරයන් (31918) ජයතිලක. කොස්තාපල් (44356) නානායක්කාර ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ සඳහා එක් වූහ.


    මතු සම්බන්දයි.