දඩමස් සොයා වන්දනාවේ :(

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දඩමස් සොයා වන්දනාවේ :(

    ඔබත් දඩමස් සොයා වන්දනාවේ යන පුද්ගලයෙක් නම් මඳක් මේ ගැන සිතන්න....ඔබ ආහාරයට ගන්නේ මෙලෙසින් වස පොවා මරන ලද අසරණ සතකුගේ මාංශයයි.ඒවා ඔබගේ ශරීරයටද කෙතරම් විස වනවා ඇද්ද ....එමෙන්ම මෙලෙසින් මරන සතුන්ගේ මස් සමග මරන ලද බල්ලන්ගේ මස්ද ම්ශ්‍ර කර අලෙවි කිරීම පිළිබඳව අප විසින් පසුගිය වසර වල තොරතුරු අනාවරණය කරගනු ලැබුවා..එම නිසා දඩමස් අනුභවයෙන් වලකින්න.
    හම්බන්තොට දිවුලපැලැස්ස වැව ප්‍රදේශයේදී,වන ජීවී නියෝජ්‍ය අමාත්‍යතුමා ප්‍රමුඛ නිළධාරී කණ්ඩායම විසින් කරන ලද වැටලීමකදී මෙම ජාවාරම හසුකර ගත හැකි වුනා.වන සතුන් දියබීමට පැමිනෙණ හම්බන්තොට යෝජිත අලි කලමනාකරණ රක්ෂිතය තුල පිහිටි කුඩා වැවක් අසල කෘතීමව සකස් කරන ලද දිය කඩිත්තකට වස මිශ්‍රකර තිබූ අතර,ඉන් දිය පානය කර මියගිය මුවෙකු හා සැක කරුවන් පැමිනි යතුරු පැදිය මෙහිදී අප භාරයට ගනු ලැබුවා.
    මේ වනවිට සැකකරුවන් හඳුනාගෙන ඇති අතර,ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
    දඩමස් සොයා හම්බන්තොට- තිස්ස වැනි ප්‍රදේශ හරහා මේ දිනවල කතරගම වන්දනාවේ යන පුද්ගලයින් ඉලක්ක කර වන සතුන් දඩයම සිදුකරන බවට තොරතුරු වාර්තා වෙයි.
    37286196_1958894047463392_2270364247181492224_n.jpg

    https://www.facebook.com/DWC-අපේ-පි...T5hCj4esOpExvrgqEz1EpSsCCd5p6D3KbTtEI&fref=nf
     

    Similar threads