Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දඩුමොණරය ඇත්තක්-ඉන්දීය උගතුන් හෙලි කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මස්කෙළියේ රාවණා ගල ලංකාවේ පැරණිම ගුවන්තොටද?

රාමායනය කථා පුවතේ එන පරිදි රාවණා රජු යනු බල සම්පන්න රජකෙනෙකු වේ. නමුත් රාමායනය කථා පුවතේ රාවණා දුෂ්ටයාගේ චරිතයට ඇද දමා ඇති මුත් රාවණා රජු පිළිබඳ ගවේෂණය කරන ලාංකික විද්වත්හු ඔහුව දේශයේ අසමසම රජකෙනෙකු ලෙස සැළකූහ. එ් මන්දයත් ඔහු සතුව පැවැති බලය හා තාක්ෂණික දැනුමේ සන්නද්ධභාවය නිසාය. ලංකාවේ පළාත් සියල්ලම තුළ රාවණා රජු සම්බන්ධ කුමන හෝ ස්ථානයක් ඇති අතර වර්තමානය වනවිට රාවණා රජු පිළිබඳ කතිකාවත දැඩි ලෙස සමාජගත වී හමාරය. දඬුමොනරය යනු ලෝක ඉතිහාසය තුළ ගුවනින් ගමන් ගත් ප්‍රථම වාහනය වන අතර මෙකී දඬුමොනරය එලෙස ගුවනින් ගමන් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ ගුවන්තොට පිළිබඳ විවිධ මතවාද හා ජනප්‍රවාද ගොඩනැගී ඇත. ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නා එවැනි ගුවන්තොටක පැහැදිලි ලක්ෂණ සහිත ඉසව්වක සැඟවුණු අභිරහස් සොයාගිය ගමනක විස්තර මෙසේය.

රාවණා පරිශීලකයන්ගෙන් මෙන්ම සංචාරකයන්ගෙන් වසං වූ මෙම ස්ථානය පිළිබඳ අභිරහස ලංකාවේ අභිරහස් ගොන්නට වැටෙන සුවිශේෂී ස්ථානයකි. මන්ද ගුවන් තොටක ලක්ෂණ පෙන්නුම් කරන රාවණාගල එසේ නම් ලංකාවේ හෝ ලෝකයේ ඉපැරැණිම ගුවන්තොට විය හැකි බැවිනි.

දඬුමොනරය ගොඩබස්සවන ස්ථාන අට අතරින් පළමුවැන්න ලෙස උස්සාන්ගොඩ පිළිබඳ ගත් කල එහි සමතලා පොළොව විශාල වපසරියක යුක්තවීමත් කිසිදු උස් ශාකයක් නොවැවෙන පරිදි රක්ත වර්ණ දෙරණක් වීමත් රාවණා රජුගේ දඬුමොනරය දක්ෂිණ ප්‍රදේශයේ ගොඩබස්වන ප්‍රධාන ස්ථානයක් ලෙස සැළකිය හැක. තවද වාතයෙන් ගමන් කරන වාහනවල නැවතුම්පොළ ලෙස අර්ථ දැක්විය හැකි වාරියපොළ (වා+රිය+පොළ) සහ ගුරුළුපොත ප්‍රදේශයත් අපට දඬුමොනරය සම්බන්ධ ස්ථාන වේ. උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානයක් සේම ගුරුළුපොත යනු පුරා විද්‍යා බිමකි. ගුරුළුපොත යනු මොනර සම්බන්ධ අතර දඬුමොනරයේ අළුත්වැඩියා සිදුකළ ස්ථානයක් ලෙස ජනප්රවාදයේ සඳහන් වේ.

තවද සිව්වැන්න ලෙස හෝර්ටන්තැන්නේ පිහිටි ලංකාවේ තෙවන උසම කන්ද වන තොටුපොළ කන්ද ද දඬුමොනරය ගොඩබාන ස්ථානයක් ලෙස සැළකේ. ගුවන් තොටුපොළ වැනි අරුත් දෙන තොටුපොළ කන්ද දඬුමොනරය හා ප්‍රචලිත ස්ථානයක් වේ. ඊළඟට සීගිරිය හා වේරගන්තොට සැළකෙන අතර ඒවාද දඬුමොනරය ගොඩබාන ලද ස්ථාන ලෙස රාවණා කථා පුවත්වල සඳහන් වේ. මීට අමතරව ලකේගල සහ අද කතිකාවත රාවණාගල ද දඬුමොනරු ගුවනට යොමු කරන හා ගොඩබාන ස්ථාන ලෙස සැළකේ.

මීට අමතරව අපට රාවණා කථා පුවත්වල එන කඳු පර්වත වනුයේ රම්බොඩ චැරියට් පාත්, නුවරඑළියේ හක්ගල කන්ද, බෙලිහුල්ඔය හාවාගල කන්ද, කුරුණෑගල දොළුකන්ද හා මහකුඩුගල කන්ද පමණි. රාවණාගල යනු පවතින භූමි වපසරිය තුළ පිහිටි ස්ථානයක් වන අතර මාඋස්සාකැලේ ජලාශය පෙනෙන මානයේ නෝටන් හී පිහිටි ඉසව්වකි. පසෙකින් සමනල රක්ෂිතයත්, කාසල්රී - මාඋස්සකැලේ ජලාශ සේම කැනියොන් විදුලි බලාගාරයක් පිහිටි මෙම ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ තේ දළු නෙළීම හා තේ ආශ්රිත වගාවන්ය.

ලකම්බි (Luccumbe) නම් වූ කුඩා නගරය ආසන්නතම නගරය වන අතර මෙම ස්ථානයට යා යුතු මාර්ගය අතිශය දුෂ්කර හා සෞන්දර්ය විචිත්‍රභාවයෙන් පිරුණු ගමනකි. රාවණාගල යනු ස්වභාවිකව පිහිටි දැවැන්ත සමතලා ගලකි. එම කළුගල දැවැන්ත ප්‍රදේශයක පැතිර ඇති අතර ගලට දෙපසින් රූස්ස ගස් හා මාන පඳුරුවලින් පිරී පවතියි.

වාහනයකින් පවා මෙම ස්ථානයටම පැමිණිය හැකි අතර පැහැදිලි අහස් කුස සහිත දිනයන්හිදී ප්‍රදේශයේ ලස්සන හා රාවණා ගලේ පිහිටීම අපූරුවට දැකගත හැක. සාමාන්‍යයෙන් ගුවන් පථයක් යනු සමතලා බිමක විශාල වපසරියක පැතිරුණු ප්රදේශයකි. එම ප්‍රදේශයේ කිසිදු ශාකයක් හෝ ගොඩනැගිල්ලක් නොමැත්තේ ගුවන් යානා ගොඩබැස්සවීම සිදුකරන නිසාවෙනි. එසේ නම් එම මූලික ලක්ෂණ අපට රාවණාගල මතුපිටින්ද දැකිය හැකි විය. මීදුමෙන් බර වැසිබර කාලගුණික තත්ත්වයක් තිබුණද රාවණා ගල මත සීතල දිය දහරා රැඳී තිබුණි. රාවණා ගලේ එක් අන්තයකට ගිය විට නැවත විවෘතව තිබෙන ගල්තලාව දෙස බැලූ කල සිතෙහි මැවෙන්නේ වර්තමානයේ ඇති ගුවන් තොටුපළක චිත්තරූපයයි. මන්ද සමාන්තරව පිහිටි ප්‍රදේශයක පසෙකින් මහා ගොඩනැගිලි පිහිටා ඇති අතර ගුවන් පථය තුළට ගුවන් යානා ගොඩබැස්සවිය හැකි බව මනාව දැකිය හැකි වේ.

සාමාන්‍යයෙන් ගුවන් තොටුපොළක් නිර්මාණය කරන විට ගුවනතට විවෘත විශාල බිම් කඩක් තෝරාගනු ලබන අතර ගොඩනැගිලි හැරුණු විට එම භූමියේ කිසිදු ශාකයක වර්ධනයක් සිදු නොකරයි. එලෙසම ගුවනේ සිට බලන කල ගුවන් පථය පැහැදිලි ලෙස හඳුනාගත හැකි ලෙස පිහිටා තිබිය යුතු අතර ගුවන් නියමුවාට පහළ යානාව හසුරුවීමට සංඥා ලබාදෙන නිලධාරින්ව සහ යානය ගොඩබස්වන පථය පැහැදිලිව පෙනිය යුතුය. එසේ නම් මධ්‍යම කඳුකරය තුළ කඳු හෙල් වනාන්තර බහුලව තිබෙන බැවින් දඬුමොනරය ගොඩ බැස්සවීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස අපට වුව සංචාරක අත්දැකීමෙන් පෙනෙන්නේ මෙම රාවණාගල පමණි. මන්ද හෝර්ටන්තැන්න හෝ චැරියට්පාත් යන ප්‍රදේශ කොතරම් සමතලා තැනිතලා ලෙස පිහිටියත් එවැනි තණ පඳුරු වැවී ඇති පස පොළවට යටින් පිහිටි භුමි ප්‍රදේශ වේ. තවද සමස්ත නුවරඑළිය දිස්ත්‍රික්කය තුළම ස්වභාවිකව පිහිටි දැවැන්ත සමතලා ගල් තලාවක් ලෙස මෙම ස්ථානය අවිවාදයෙන් හඳුනාගත හැක.

කරුණු කාරණා එපරිද්දෙන් ගුවන් යානයක් ගොඩබැස්වීමට බලපාන්නේ නම් අතීතයේ හෙළයේ රාවණා රජු ඔහුගේ තාක්ෂණික දැනුම මත ගොඩනැගුණු දඬුමොනරය ගොඩබෑමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස රාවණාගල තෝරා ගැනීම සාධාරණ වේ. අතීත හෙළයාට වර්තමානයේ පරිදි පරිගණකාශ්රිත තාක්ෂණික දැනුමක් නොතිබුණද පරිසරය මත පදනම් වූ ප්‍රායෝගික යථාර්ථානුකූල දැනුමක් ඔවුන්ට තිබූ බව රාවණා රජු තුළින්ද අතීතයේ වාරිමාර්ග හා රාජකීය ක්ෂේත්‍ර තුළින්ද අපට මනාව පැහැදිලි වෙයි.

මේ වනවිට සමතලා ගල මතුපිට යම් ප්‍රදේශයක තේ වගා කරන අතර සමහර ස්ථානවල මාන හා තණ පඳුරු වැවී ඇත. ඒ පඳුරු ඉවත් කොට බැලූ කල මෙම ගල්තලාව අක්කර භාගයකට වඩා වැඩි සමතලා තනි කලුගලක් වේ. මෙම රාවණාගල ගුවන් පථයක් යැයි උපකල්පනය කිරීමට ප්‍රබල සාධකය නම් අඟලේ ගැඹුරට මීටර 60ක් පමණ දුරට පිහිටි ඉරි වේ. මෙය ගලේ ස්වභාවික පිහිටීමක් විය නොහැක මන්ද මෙවැනි ඉරි (Lines) 4ක් පමණ පැහැදිලිව සමස්ත ප්‍රදේශය විවිධ ස්ථානවල දැකිය හැක. ඒ සියල්ල අඟලක පමණ ගැඹුරට කැණ තනි කෙළින් මීටර 50ක් 60ක් පමණ පවතින ඉරි වේ. නිතැතින්ම මිනිසාගේ මැදිහත්වීමත් සහිතව මෙලෙස කළු ගලේ පිහිටීමත් තිබිය යුතුමය. තවද එම ඉරි බොහෝ ඈතට වුව පැහැදිලිව දැක ගත හැකිවේ. අසල සන්නිවේදන කුළුණක් සහිත මීට වඩා උසින් පිහිටි කඳු ගැටයක් ඇති අතර එහි ගිය කල පහළ බලන විට එම ඉරි පැහැදිලිව දැකගත හැකිවිය යුතු බව සිතුණි. තවද මෙම ස්ථානය පිහිටියේ ලකම්බ ගම්මානයේ සිට මීටර 200ක පමණ උසින් වන අතර සමස්තයක් ලෙස මුහුදු මට්ටමේ සිට මීටර 1400ක් උසින් රාවණා ගල පිහිටා ඇත. සංචාරකයෙක් ලෙස අප මධ්‍යම පළාත තුළ කළ සංචාර අතුරින් එහි කොතැනකවත් මෙපමණ ප්‍රදේශයක් පුරා පැවැති සම්පූර්ණ සමතලා ගල්තලාවක් දැකගත නොහැක. ලුල්කඳුරේ කොණ්ඩගල පවා බෑවුමක් සහිත ගල්තලාවකි. කෙසේ නමුත් මෙම ප්‍රදේශයට ඉතාමත් පැහැදිලිව සප්ත කන්‍යා කඳු වැටියත් ගවරවිල කඳුවැටියත් දැකගත හැකි අතර වර්ෂාව හේතුවෙන් ගැටමෝර් ඇළේ මහ ජල කඳ වැටෙන දර්ශනය පවා පැහැදිලිව දැකගත හැකිවිය. තවද ලක්ෂපාන ප්‍රදේශය රාවණා ගලට බෑවුමක් වන අතර පැහැදිලි දිනයක අවට පිහිටි විසල් කඳු පර්වත දැකගත හැකි බව ගම්වැසියන් අපට පැවැසීය. තවද මෙම ප්‍රදේශයේ දිවියන් සැරිසරන බැවින් ආරක්ෂාකාරීව හා අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් බව ඔවුන් අප සමඟ පැවැසීය.

නැවතත් අප දඬුමොනරය ගොඩ බෑ ස්ථාන ලෙස හඳුනාගත් ස්ථාන දෙස බලන කල උස්සන්ගොඩ යනු මුහුද අද්දර පිහිටි තැනිතලාවකි. රක්ත වර්ණ පස් සහ අස්වභාවික පාෂාණා පිහිටි එම භූමියේ කිසිදු ශාකයක් වර්ධනය නොවේ. නමුත් ඇත්තේ එක මට්ටමට තෘණ පමණයි. දඬුමොනරය ගොඩබෑමේදී වූ පිළිස්සුම් නිසා රතු පාට පස් සේම පිළිස්සුණ වැනි ගල් හැදුණු බවද තවත් පසෙකින් මෙහි ඇති අාවාටයක් වැනි කොටසට අතීතයේ උල්කාපාතයක් වැටී ප්‍රදේශය රක්ත වර්ණ පස් බවට හැරවුණු බවත් කියැවේ. අම්බලන්තොටට උරුම වූ මෙම ජාතික උද්‍යානයේ පිහිටි අස්වභාවික භූමිය සහ ඊට දඬුමොනරය ගොඩබැස්විය හැකි තරම් ගුවන් පථයක අවශ්‍ය මූලික ලක්ෂණ පිහිටීමත් නිසා උස්සන්ගොඩ රාවණා කථා පුවතට වැදගත් ස්ථානයක් වේ.

එසේම සීගිරිය හා මා අසල පිහිටි පිදුරංගල කන්ද යනු රාවණා කථා පුවතටත් දඬුමොනරය ගොඩබස්වන හෝ අහසට නග්ගවන ස්ථානයක් ලෙස සැලකේ. මන්ද පිදුරංගල පවා ගුවන් යානයක් හෝ වාතයෙන් ගමන් ගන්නා යම් වාහනයක් ගුවනට යොමු කිරීමට සුදුසු තරම් වපසරියක බිම් කඩක් පවතියි. එසේම ලකේගල පවා පිහිටි සුවිශේෂි බව තුළ දඬුමොනරය නවතා තැබීමට කදිම තෝතැන්නක් වූ බවට ප්රකටය. වාතයේ වේගයෙන් ගමන් ගන්නා රිය නැවතුම් කරන පොළ ලෙස අර්ථ දැක්විය හැකි වාරියපොළ ප්‍රදේශය දඬුමොනරයට කදිම නිදසුනක් වේ. ඊට වඩාත් සුදුසුම නිදසුන නම් කදිරාගල පුරාණ විහාරස්ථානය පිහිටි කදිරාගල කන්දයි. මෙය කඳ සුරිඳු ආගල ලෙස අර්ථ දක්වන නමුත් කදිරාගල කඳු මුදුන ඉහළ සමතලා බිමක් පවතියි. වාරියපොළ ප්‍රදේශය තුළ සමතලා කඳු බිමක් දැකිය හැකි නම් ඒ කදිරාගල පමණක් වන අතර රාවණා කථා පුවතේ දඬුමොනරය ගොඩබාන්නට වාරියපොළ පිහිටි එකම සුදුසු බිම් කඩ මෙය විය හැකි බව අවිවාදයෙන් පිළිගත යුතු වේ.

තව ද ඊළඟට අප කථා කළ යුත්තේ ගුරුළුපොත නම් ප්රදේශයයි. ගුරුළුපොත පුරාවිද්‍යා වැඩ බිමක් වන අතර අනවසරයෙන් පිවිසිය නොහැක. තවද ගුරුළුපොත වඩාත් ප්‍රචලිත වන්නේ සීතා කොටුව නම් පුරා විද්‍යාත්මක නටබුන් තිබෙන හෙයිනි. හසලක ප්‍රදේශයට ආසන්නව පිහිටි ගුරුළුපොත ග්‍රාමයේ පිහිටි සීතා කොටුව ආශ්රිත නටබුන් සමහරක් අද වනවිට වනගත වී යමින් තිබේ. එලෙසම මේ අසල දිය ඇලි යුගලයක්ද පිහිටා ඇති අතර ඒවා ද සීතා කොටුව ඇලි ලෙස නම්කර ඇත. තවද ගුරුළුපොත යන අරුත නම් මොනරා සම්බන්ධයි. එම නිසා ගුරුළුපොත යනු දඬුමොනරයේ යම් යම් අලුත්වැඩියා කටයුතුවලට භාජනය වූ ස්ථානයක් විය හැක. එසේ නම් දඬු මොනරය අලුත්වැඩියා කරන්නේ මෙම ස්ථානයේ පමණක් නම් එහි අරුත රාවණා රජු නිතරම ගැවසෙන ස්ථානයක් බවයි. එසේ නම් සීතා දේවිය සඟවා තැබුමට හෝ සීතා දේවියට රැඳී සිටීමට සීතා කොටුව නම් බලකොටුවක් මෙහි ස්ථාපනය කළ හැකි තර්කයකි. මන්ද දඬුමොනරය අලුත්වැඩියා කිරීම් යනු කාලය ගත වන කටයුත්තක් බැවින් සීතා හා රාවණා රැඳී සිටි ස්ථානයක් ගුරුළුපොත සීතා කොටුව විය හැකිය.

කෙසේ නමුත් දඬුමොනරය නිශ්චිත වශයෙන් පුද්ගලයන් දෙදෙනකුට හෝ ඉතා සීමිත ප්‍රමාණයකට යා හැකි යානයක්ද නැතහොත් එය විමාන තාක්ෂණය යටතේ අහසේ ගමන් කළ හැකි විමානයක් බඳු යානයක් දැයි නිගමනය කළ නොහැකිය. එය විමාන තාක්ෂණය ඔස්සේ කළ නිමැවුමක් නම් තොටුපොළ කන්ද, වාරියපොළ, මහකුඩුගල, හක්ගල හා සීගිරිය, පිදුරංගල, ගුරුළුපොත වැනි ප්‍රදේශ උපකාරි විය හැක. නමුත් එය යානයක් ලෙස සැළකෙන්නේ නම් එයට යම් බලයක් ආරෝපණය කර ගැනීමට වර්තමාන ගුවන් යානා ලෙස මඳ දුරක් ගමන් කරවිය යුතු නම් ඊට හොඳම ස්ථාන ලෙස උස්සන්ගොඩ හා රාවණාගල සැළකිය හැකිය.

කෙසේ හෝ රාවණා රජුගේ දඬු මොනරය හා සම්බන්ධ ලංකාවේ පැරැණිතම ගුවන් තොටුපොළවල් ලෙස අර්ථ දැක්විය හැකි උස්සන්ගොඩ හා රාවණා ගල තුළ සැබැවින්ම අස්වාභාවික පිහිටීම් සිදුවිය නොහැකිද? මෙම ප්‍රදේශ දෙක තුළම පවතින ස්වභාවිකව පිහිටීමක් යැයි විශ්වාස කළ නොහැකි සාධකවල සැඟවුණු අභිරහස විසඳීම වර්තමානයේ කළ නොහැක්කක්ද? රාවණාගල මතුපිට පිහිටි ගලේ කොටා ඍජුව තිබෙන ඉරි පිහිටවූයේ කෙලෙසද?

එහි සමාන අඟලක බැස්ම තුළ එය නිර්මාණය කළ පුද්ගලයන් අපේක්ෂා කළේ කුමක්දැයි අපට තවමත් සොයා ගත නොහැක. මධ්‍යම කඳුකරය තුළ ස්වභාවිකව පිහිටි විශාලම සමතලා කළුගල් බිම වනුයේ රාවණාගලය. එහි වර්තමානය වනවිට වැවී තිබෙන පඳුරු හා ශාක ඉවත් කළහොත් අපට දැකිය හැකි බිම් කඩට වඩා විශාල කළුගල් තලාවක් මෙහි පවතියි. එම නිසා මෙවැනි ස්වභාවික පිහිටීම අතීතයේ හෙළ දරුවන් රජ දරුවන් විසින් ඔවුන්ගේ යුද උපක්රමවලට හෝ රාවණා වැනි බල සම්පන්න රජ කෙනෙකුගේ දඬුමොනරය වැනි තාක්ෂණික ගුවන් යානවල ගුවන් පථ ලෙස භාවිත නොකෙරෙන්නට ඇත්දැයි නිශ්චිත කළ නොහැක.

එබැවින් ලංකාවේ අභිරහස් ගොන්නට අයත් රාවණාගේ දඬුමොනරය හා සම්බන්ධ ගුවන් තොටුපොළ සියල්ලම සහ මෙම රාවණාගල වැනි අතහැර දැමූ ස්ථාන නිසි පරිදි ගවේෂණයකට ලක් කළ යුතුය. විශේෂයෙන් එහි භූ විද්‍යාත්මක පිහිටීම පිළිබඳ සොයා බැලිය යුතු යැයි අපට සිතුනි.

දඬුමොනරය වචනයේ පරිසමාප්ත අරුතින්ම මොනරකුගේ හැඩය ගත් යානාවකි. එම යානය ගුවන් ගත කිරීමට සුළං ප්‍රවාහය මාධ්‍යයක් ලෙස යොදා ගැනුණද එය උඩුගුවනට යාමට එම ක්‍රමය කෙෙලස තාක්ෂණිකව යොදා ගත්තේද යන්න ගැටළුවකි. තවද ජනප්රවාදයට අනුව දඬුමොනරය යනු දෙදෙනකුට පමණක් යා හැකි ලෙස නිමැවුණු අලංකාර ගුවන් යානයකි. වර්තමාන සිත්තරුන් ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් බොහෝමයක් ඔවුන්ගේ මනසේ ගලායන සිතුවමකින් දඬුමොනරය අර්ථ දැක්වීමට උත්සහ කළ අතර ඉන් බොහොමයක පරිදි මෙය නෞකාවක් ලෙස හැඩ ගැන්වුණු ගුවනට ඉහළ විවෘත යානාවකි. කෙසේ හෝ මෙවැනි යානයක් ගුවන්ගත කිරීමටත් එය නැවත ගොඩබෑමටත් සුදුසු ස්ථාන තිබිය යුතුය. ජනවහරට අනුව ලංකාවේ එලෙස හඳුනාගත් ස්ථාන අටක් පමණ දැකිය හැකි අතර ඉන් වඩාත්ම සුවිශේෂී පිහිටීමක් ඇත්තේ මස්කෙළියේ පිහිටි රාවණාගල නම් ස්ථානයයි.

http://www.lankadeepa.lk/sunday/rasawitha/මස්කෙළියේ-රාවණා-ගල-ලංකාවේ-පැරණිම-ගුවන්තොටද-/57-519584

[QUOTE="sj91, post: 24101061, member: 514405"] [COLOR="DarkRed"][SIZE="3"][B]මස්කෙළියේ රාවණා ගල ලංකාවේ පැරණිම ගුවන්තොටද? රාමායනය කථා පුවතේ එන පරිදි රාවණා රජු යනු බල සම්පන්න රජකෙනෙකු වේ. නමුත් රාමායනය කථා පුවතේ රාවණා දුෂ්ටයාගේ චරිතයට ඇද දමා ඇති මුත් රාවණා රජු පිළිබඳ ගවේෂණය කරන ලාංකික විද්වත්හු ඔහුව දේශයේ අසමසම රජකෙනෙකු ලෙස සැළකූහ. එ් මන්දයත් ඔහු සතුව පැවැති බලය හා තාක්ෂණික දැනුමේ සන්නද්ධභාවය නිසාය. ලංකාවේ පළාත් සියල්ලම තුළ රාවණා රජු සම්බන්ධ කුමන හෝ ස්ථානයක් ඇති අතර වර්තමානය වනවිට රාවණා රජු පිළිබඳ කතිකාවත දැඩි ලෙස සමාජගත වී හමාරය. දඬුමොනරය යනු ලෝක ඉතිහාසය තුළ ගුවනින් ගමන් ගත් ප්‍රථම වාහනය වන අතර මෙකී දඬුමොනරය එලෙස ගුවනින් ගමන් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ ගුවන්තොට පිළිබඳ විවිධ මතවාද හා ජනප්‍රවාද ගොඩනැගී ඇත. ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නා එවැනි ගුවන්තොටක පැහැදිලි ලක්ෂණ සහිත ඉසව්වක සැඟවුණු අභිරහස් සොයාගිය ගමනක විස්තර මෙසේය. රාවණා පරිශීලකයන්ගෙන් මෙන්ම සංචාරකයන්ගෙන් වසං වූ මෙම ස්ථානය පිළිබඳ අභිරහස ලංකාවේ අභිරහස් ගොන්නට වැටෙන සුවිශේෂී ස්ථානයකි. මන්ද ගුවන් තොටක ලක්ෂණ පෙන්නුම් කරන රාවණාගල එසේ නම් ලංකාවේ හෝ ලෝකයේ ඉපැරැණිම ගුවන්තොට විය හැකි බැවිනි. දඬුමොනරය ගොඩබස්සවන ස්ථාන අට අතරින් පළමුවැන්න ලෙස උස්සාන්ගොඩ පිළිබඳ ගත් කල එහි සමතලා පොළොව විශාල වපසරියක යුක්තවීමත් කිසිදු උස් ශාකයක් නොවැවෙන පරිදි රක්ත වර්ණ දෙරණක් වීමත් රාවණා රජුගේ දඬුමොනරය දක්ෂිණ ප්‍රදේශයේ ගොඩබස්වන ප්‍රධාන ස්ථානයක් ලෙස සැළකිය හැක. තවද වාතයෙන් ගමන් කරන වාහනවල නැවතුම්පොළ ලෙස අර්ථ දැක්විය හැකි වාරියපොළ (වා+රිය+පොළ) සහ ගුරුළුපොත ප්‍රදේශයත් අපට දඬුමොනරය සම්බන්ධ ස්ථාන වේ. උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානයක් සේම ගුරුළුපොත යනු පුරා විද්‍යා බිමකි. ගුරුළුපොත යනු මොනර සම්බන්ධ අතර දඬුමොනරයේ අළුත්වැඩියා සිදුකළ ස්ථානයක් ලෙස ජනප්රවාදයේ සඳහන් වේ. තවද සිව්වැන්න ලෙස හෝර්ටන්තැන්නේ පිහිටි ලංකාවේ තෙවන උසම කන්ද වන තොටුපොළ කන්ද ද දඬුමොනරය ගොඩබාන ස්ථානයක් ලෙස සැළකේ. ගුවන් තොටුපොළ වැනි අරුත් දෙන තොටුපොළ කන්ද දඬුමොනරය හා ප්‍රචලිත ස්ථානයක් වේ. ඊළඟට සීගිරිය හා වේරගන්තොට සැළකෙන අතර ඒවාද දඬුමොනරය ගොඩබාන ලද ස්ථාන ලෙස රාවණා කථා පුවත්වල සඳහන් වේ. මීට අමතරව ලකේගල සහ අද කතිකාවත රාවණාගල ද දඬුමොනරු ගුවනට යොමු කරන හා ගොඩබාන ස්ථාන ලෙස සැළකේ. මීට අමතරව අපට රාවණා කථා පුවත්වල එන කඳු පර්වත වනුයේ රම්බොඩ චැරියට් පාත්, නුවරඑළියේ හක්ගල කන්ද, බෙලිහුල්ඔය හාවාගල කන්ද, කුරුණෑගල දොළුකන්ද හා මහකුඩුගල කන්ද පමණි. රාවණාගල යනු පවතින භූමි වපසරිය තුළ පිහිටි ස්ථානයක් වන අතර මාඋස්සාකැලේ ජලාශය පෙනෙන මානයේ නෝටන් හී පිහිටි ඉසව්වකි. පසෙකින් සමනල රක්ෂිතයත්, කාසල්රී - මාඋස්සකැලේ ජලාශ සේම කැනියොන් විදුලි බලාගාරයක් පිහිටි මෙම ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ තේ දළු නෙළීම හා තේ ආශ්රිත වගාවන්ය. ලකම්බි (Luccumbe) නම් වූ කුඩා නගරය ආසන්නතම නගරය වන අතර මෙම ස්ථානයට යා යුතු මාර්ගය අතිශය දුෂ්කර හා සෞන්දර්ය විචිත්‍රභාවයෙන් පිරුණු ගමනකි. රාවණාගල යනු ස්වභාවිකව පිහිටි දැවැන්ත සමතලා ගලකි. එම කළුගල දැවැන්ත ප්‍රදේශයක පැතිර ඇති අතර ගලට දෙපසින් රූස්ස ගස් හා මාන පඳුරුවලින් පිරී පවතියි. වාහනයකින් පවා මෙම ස්ථානයටම පැමිණිය හැකි අතර පැහැදිලි අහස් කුස සහිත දිනයන්හිදී ප්‍රදේශයේ ලස්සන හා රාවණා ගලේ පිහිටීම අපූරුවට දැකගත හැක. සාමාන්‍යයෙන් ගුවන් පථයක් යනු සමතලා බිමක විශාල වපසරියක පැතිරුණු ප්රදේශයකි. එම ප්‍රදේශයේ කිසිදු ශාකයක් හෝ ගොඩනැගිල්ලක් නොමැත්තේ ගුවන් යානා ගොඩබැස්සවීම සිදුකරන නිසාවෙනි. එසේ නම් එම මූලික ලක්ෂණ අපට රාවණාගල මතුපිටින්ද දැකිය හැකි විය. මීදුමෙන් බර වැසිබර කාලගුණික තත්ත්වයක් තිබුණද රාවණා ගල මත සීතල දිය දහරා රැඳී තිබුණි. රාවණා ගලේ එක් අන්තයකට ගිය විට නැවත විවෘතව තිබෙන ගල්තලාව දෙස බැලූ කල සිතෙහි මැවෙන්නේ වර්තමානයේ ඇති ගුවන් තොටුපළක චිත්තරූපයයි. මන්ද සමාන්තරව පිහිටි ප්‍රදේශයක පසෙකින් මහා ගොඩනැගිලි පිහිටා ඇති අතර ගුවන් පථය තුළට ගුවන් යානා ගොඩබැස්සවිය හැකි බව මනාව දැකිය හැකි වේ. සාමාන්‍යයෙන් ගුවන් තොටුපොළක් නිර්මාණය කරන විට ගුවනතට විවෘත විශාල බිම් කඩක් තෝරාගනු ලබන අතර ගොඩනැගිලි හැරුණු විට එම භූමියේ කිසිදු ශාකයක වර්ධනයක් සිදු නොකරයි. එලෙසම ගුවනේ සිට බලන කල ගුවන් පථය පැහැදිලි ලෙස හඳුනාගත හැකි ලෙස පිහිටා තිබිය යුතු අතර ගුවන් නියමුවාට පහළ යානාව හසුරුවීමට සංඥා ලබාදෙන නිලධාරින්ව සහ යානය ගොඩබස්වන පථය පැහැදිලිව පෙනිය යුතුය. එසේ නම් මධ්‍යම කඳුකරය තුළ කඳු හෙල් වනාන්තර බහුලව තිබෙන බැවින් දඬුමොනරය ගොඩ බැස්සවීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස අපට වුව සංචාරක අත්දැකීමෙන් පෙනෙන්නේ මෙම රාවණාගල පමණි. මන්ද හෝර්ටන්තැන්න හෝ චැරියට්පාත් යන ප්‍රදේශ කොතරම් සමතලා තැනිතලා ලෙස පිහිටියත් එවැනි තණ පඳුරු වැවී ඇති පස පොළවට යටින් පිහිටි භුමි ප්‍රදේශ වේ. තවද සමස්ත නුවරඑළිය දිස්ත්‍රික්කය තුළම ස්වභාවිකව පිහිටි දැවැන්ත සමතලා ගල් තලාවක් ලෙස මෙම ස්ථානය අවිවාදයෙන් හඳුනාගත හැක. කරුණු කාරණා එපරිද්දෙන් ගුවන් යානයක් ගොඩබැස්වීමට බලපාන්නේ නම් අතීතයේ හෙළයේ රාවණා රජු ඔහුගේ තාක්ෂණික දැනුම මත ගොඩනැගුණු දඬුමොනරය ගොඩබෑමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස රාවණාගල තෝරා ගැනීම සාධාරණ වේ. අතීත හෙළයාට වර්තමානයේ පරිදි පරිගණකාශ්රිත තාක්ෂණික දැනුමක් නොතිබුණද පරිසරය මත පදනම් වූ ප්‍රායෝගික යථාර්ථානුකූල දැනුමක් ඔවුන්ට තිබූ බව රාවණා රජු තුළින්ද අතීතයේ වාරිමාර්ග හා රාජකීය ක්ෂේත්‍ර තුළින්ද අපට මනාව පැහැදිලි වෙයි. මේ වනවිට සමතලා ගල මතුපිට යම් ප්‍රදේශයක තේ වගා කරන අතර සමහර ස්ථානවල මාන හා තණ පඳුරු වැවී ඇත. ඒ පඳුරු ඉවත් කොට බැලූ කල මෙම ගල්තලාව අක්කර භාගයකට වඩා වැඩි සමතලා තනි කලුගලක් වේ. මෙම රාවණාගල ගුවන් පථයක් යැයි උපකල්පනය කිරීමට ප්‍රබල සාධකය නම් අඟලේ ගැඹුරට මීටර 60ක් පමණ දුරට පිහිටි ඉරි වේ. මෙය ගලේ ස්වභාවික පිහිටීමක් විය නොහැක මන්ද මෙවැනි ඉරි (Lines) 4ක් පමණ පැහැදිලිව සමස්ත ප්‍රදේශය විවිධ ස්ථානවල දැකිය හැක. ඒ සියල්ල අඟලක පමණ ගැඹුරට කැණ තනි කෙළින් මීටර 50ක් 60ක් පමණ පවතින ඉරි වේ. නිතැතින්ම මිනිසාගේ මැදිහත්වීමත් සහිතව මෙලෙස කළු ගලේ පිහිටීමත් තිබිය යුතුමය. තවද එම ඉරි බොහෝ ඈතට වුව පැහැදිලිව දැක ගත හැකිවේ. අසල සන්නිවේදන කුළුණක් සහිත මීට වඩා උසින් පිහිටි කඳු ගැටයක් ඇති අතර එහි ගිය කල පහළ බලන විට එම ඉරි පැහැදිලිව දැකගත හැකිවිය යුතු බව සිතුණි. තවද මෙම ස්ථානය පිහිටියේ ලකම්බ ගම්මානයේ සිට මීටර 200ක පමණ උසින් වන අතර සමස්තයක් ලෙස මුහුදු මට්ටමේ සිට මීටර 1400ක් උසින් රාවණා ගල පිහිටා ඇත. සංචාරකයෙක් ලෙස අප මධ්‍යම පළාත තුළ කළ සංචාර අතුරින් එහි කොතැනකවත් මෙපමණ ප්‍රදේශයක් පුරා පැවැති සම්පූර්ණ සමතලා ගල්තලාවක් දැකගත නොහැක. ලුල්කඳුරේ කොණ්ඩගල පවා බෑවුමක් සහිත ගල්තලාවකි. කෙසේ නමුත් මෙම ප්‍රදේශයට ඉතාමත් පැහැදිලිව සප්ත කන්‍යා කඳු වැටියත් ගවරවිල කඳුවැටියත් දැකගත හැකි අතර වර්ෂාව හේතුවෙන් ගැටමෝර් ඇළේ මහ ජල කඳ වැටෙන දර්ශනය පවා පැහැදිලිව දැකගත හැකිවිය. තවද ලක්ෂපාන ප්‍රදේශය රාවණා ගලට බෑවුමක් වන අතර පැහැදිලි දිනයක අවට පිහිටි විසල් කඳු පර්වත දැකගත හැකි බව ගම්වැසියන් අපට පැවැසීය. තවද මෙම ප්‍රදේශයේ දිවියන් සැරිසරන බැවින් ආරක්ෂාකාරීව හා අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් බව ඔවුන් අප සමඟ පැවැසීය. නැවතත් අප දඬුමොනරය ගොඩ බෑ ස්ථාන ලෙස හඳුනාගත් ස්ථාන දෙස බලන කල උස්සන්ගොඩ යනු මුහුද අද්දර පිහිටි තැනිතලාවකි. රක්ත වර්ණ පස් සහ අස්වභාවික පාෂාණා පිහිටි එම භූමියේ කිසිදු ශාකයක් වර්ධනය නොවේ. නමුත් ඇත්තේ එක මට්ටමට තෘණ පමණයි. දඬුමොනරය ගොඩබෑමේදී වූ පිළිස්සුම් නිසා රතු පාට පස් සේම පිළිස්සුණ වැනි ගල් හැදුණු බවද තවත් පසෙකින් මෙහි ඇති අාවාටයක් වැනි කොටසට අතීතයේ උල්කාපාතයක් වැටී ප්‍රදේශය රක්ත වර්ණ පස් බවට හැරවුණු බවත් කියැවේ. අම්බලන්තොටට උරුම වූ මෙම ජාතික උද්‍යානයේ පිහිටි අස්වභාවික භූමිය සහ ඊට දඬුමොනරය ගොඩබැස්විය හැකි තරම් ගුවන් පථයක අවශ්‍ය මූලික ලක්ෂණ පිහිටීමත් නිසා උස්සන්ගොඩ රාවණා කථා පුවතට වැදගත් ස්ථානයක් වේ. එසේම සීගිරිය හා මා අසල පිහිටි පිදුරංගල කන්ද යනු රාවණා කථා පුවතටත් දඬුමොනරය ගොඩබස්වන හෝ අහසට නග්ගවන ස්ථානයක් ලෙස සැලකේ. මන්ද පිදුරංගල පවා ගුවන් යානයක් හෝ වාතයෙන් ගමන් ගන්නා යම් වාහනයක් ගුවනට යොමු කිරීමට සුදුසු තරම් වපසරියක බිම් කඩක් පවතියි. එසේම ලකේගල පවා පිහිටි සුවිශේෂි බව තුළ දඬුමොනරය නවතා තැබීමට කදිම තෝතැන්නක් වූ බවට ප්රකටය. වාතයේ වේගයෙන් ගමන් ගන්නා රිය නැවතුම් කරන පොළ ලෙස අර්ථ දැක්විය හැකි වාරියපොළ ප්‍රදේශය දඬුමොනරයට කදිම නිදසුනක් වේ. ඊට වඩාත් සුදුසුම නිදසුන නම් කදිරාගල පුරාණ විහාරස්ථානය පිහිටි කදිරාගල කන්දයි. මෙය කඳ සුරිඳු ආගල ලෙස අර්ථ දක්වන නමුත් කදිරාගල කඳු මුදුන ඉහළ සමතලා බිමක් පවතියි. වාරියපොළ ප්‍රදේශය තුළ සමතලා කඳු බිමක් දැකිය හැකි නම් ඒ කදිරාගල පමණක් වන අතර රාවණා කථා පුවතේ දඬුමොනරය ගොඩබාන්නට වාරියපොළ පිහිටි එකම සුදුසු බිම් කඩ මෙය විය හැකි බව අවිවාදයෙන් පිළිගත යුතු වේ. තව ද ඊළඟට අප කථා කළ යුත්තේ ගුරුළුපොත නම් ප්රදේශයයි. ගුරුළුපොත පුරාවිද්‍යා වැඩ බිමක් වන අතර අනවසරයෙන් පිවිසිය නොහැක. තවද ගුරුළුපොත වඩාත් ප්‍රචලිත වන්නේ සීතා කොටුව නම් පුරා විද්‍යාත්මක නටබුන් තිබෙන හෙයිනි. හසලක ප්‍රදේශයට ආසන්නව පිහිටි ගුරුළුපොත ග්‍රාමයේ පිහිටි සීතා කොටුව ආශ්රිත නටබුන් සමහරක් අද වනවිට වනගත වී යමින් තිබේ. එලෙසම මේ අසල දිය ඇලි යුගලයක්ද පිහිටා ඇති අතර ඒවා ද සීතා කොටුව ඇලි ලෙස නම්කර ඇත. තවද ගුරුළුපොත යන අරුත නම් මොනරා සම්බන්ධයි. එම නිසා ගුරුළුපොත යනු දඬුමොනරයේ යම් යම් අලුත්වැඩියා කටයුතුවලට භාජනය වූ ස්ථානයක් විය හැක. එසේ නම් දඬු මොනරය අලුත්වැඩියා කරන්නේ මෙම ස්ථානයේ පමණක් නම් එහි අරුත රාවණා රජු නිතරම ගැවසෙන ස්ථානයක් බවයි. එසේ නම් සීතා දේවිය සඟවා තැබුමට හෝ සීතා දේවියට රැඳී සිටීමට සීතා කොටුව නම් බලකොටුවක් මෙහි ස්ථාපනය කළ හැකි තර්කයකි. මන්ද දඬුමොනරය අලුත්වැඩියා කිරීම් යනු කාලය ගත වන කටයුත්තක් බැවින් සීතා හා රාවණා රැඳී සිටි ස්ථානයක් ගුරුළුපොත සීතා කොටුව විය හැකිය. කෙසේ නමුත් දඬුමොනරය නිශ්චිත වශයෙන් පුද්ගලයන් දෙදෙනකුට හෝ ඉතා සීමිත ප්‍රමාණයකට යා හැකි යානයක්ද නැතහොත් එය විමාන තාක්ෂණය යටතේ අහසේ ගමන් කළ හැකි විමානයක් බඳු යානයක් දැයි නිගමනය කළ නොහැකිය. එය විමාන තාක්ෂණය ඔස්සේ කළ නිමැවුමක් නම් තොටුපොළ කන්ද, වාරියපොළ, මහකුඩුගල, හක්ගල හා සීගිරිය, පිදුරංගල, ගුරුළුපොත වැනි ප්‍රදේශ උපකාරි විය හැක. නමුත් එය යානයක් ලෙස සැළකෙන්නේ නම් එයට යම් බලයක් ආරෝපණය කර ගැනීමට වර්තමාන ගුවන් යානා ලෙස මඳ දුරක් ගමන් කරවිය යුතු නම් ඊට හොඳම ස්ථාන ලෙස උස්සන්ගොඩ හා රාවණාගල සැළකිය හැකිය. කෙසේ හෝ රාවණා රජුගේ දඬු මොනරය හා සම්බන්ධ ලංකාවේ පැරැණිතම ගුවන් තොටුපොළවල් ලෙස අර්ථ දැක්විය හැකි උස්සන්ගොඩ හා රාවණා ගල තුළ සැබැවින්ම අස්වාභාවික පිහිටීම් සිදුවිය නොහැකිද? මෙම ප්‍රදේශ දෙක තුළම පවතින ස්වභාවිකව පිහිටීමක් යැයි විශ්වාස කළ නොහැකි සාධකවල සැඟවුණු අභිරහස විසඳීම වර්තමානයේ කළ නොහැක්කක්ද? රාවණාගල මතුපිට පිහිටි ගලේ කොටා ඍජුව තිබෙන ඉරි පිහිටවූයේ කෙලෙසද? එහි සමාන අඟලක බැස්ම තුළ එය නිර්මාණය කළ පුද්ගලයන් අපේක්ෂා කළේ කුමක්දැයි අපට තවමත් සොයා ගත නොහැක. මධ්‍යම කඳුකරය තුළ ස්වභාවිකව පිහිටි විශාලම සමතලා කළුගල් බිම වනුයේ රාවණාගලය. එහි වර්තමානය වනවිට වැවී තිබෙන පඳුරු හා ශාක ඉවත් කළහොත් අපට දැකිය හැකි බිම් කඩට වඩා විශාල කළුගල් තලාවක් මෙහි පවතියි. එම නිසා මෙවැනි ස්වභාවික පිහිටීම අතීතයේ හෙළ දරුවන් රජ දරුවන් විසින් ඔවුන්ගේ යුද උපක්රමවලට හෝ රාවණා වැනි බල සම්පන්න රජ කෙනෙකුගේ දඬුමොනරය වැනි තාක්ෂණික ගුවන් යානවල ගුවන් පථ ලෙස භාවිත නොකෙරෙන්නට ඇත්දැයි නිශ්චිත කළ නොහැක. එබැවින් ලංකාවේ අභිරහස් ගොන්නට අයත් රාවණාගේ දඬුමොනරය හා සම්බන්ධ ගුවන් තොටුපොළ සියල්ලම සහ මෙම රාවණාගල වැනි අතහැර දැමූ ස්ථාන නිසි පරිදි ගවේෂණයකට ලක් කළ යුතුය. විශේෂයෙන් එහි භූ විද්‍යාත්මක පිහිටීම පිළිබඳ සොයා බැලිය යුතු යැයි අපට සිතුනි. දඬුමොනරය වචනයේ පරිසමාප්ත අරුතින්ම මොනරකුගේ හැඩය ගත් යානාවකි. එම යානය ගුවන් ගත කිරීමට සුළං ප්‍රවාහය මාධ්‍යයක් ලෙස යොදා ගැනුණද එය උඩුගුවනට යාමට එම ක්‍රමය කෙෙලස තාක්ෂණිකව යොදා ගත්තේද යන්න ගැටළුවකි. තවද ජනප්රවාදයට අනුව දඬුමොනරය යනු දෙදෙනකුට පමණක් යා හැකි ලෙස නිමැවුණු අලංකාර ගුවන් යානයකි. වර්තමාන සිත්තරුන් ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් බොහෝමයක් ඔවුන්ගේ මනසේ ගලායන සිතුවමකින් දඬුමොනරය අර්ථ දැක්වීමට උත්සහ කළ අතර ඉන් බොහොමයක පරිදි මෙය නෞකාවක් ලෙස හැඩ ගැන්වුණු ගුවනට ඉහළ විවෘත යානාවකි. කෙසේ හෝ මෙවැනි යානයක් ගුවන්ගත කිරීමටත් එය නැවත ගොඩබෑමටත් සුදුසු ස්ථාන තිබිය යුතුය. ජනවහරට අනුව ලංකාවේ එලෙස හඳුනාගත් ස්ථාන අටක් පමණ දැකිය හැකි අතර ඉන් වඩාත්ම සුවිශේෂී පිහිටීමක් ඇත්තේ මස්කෙළියේ පිහිටි රාවණාගල නම් ස්ථානයයි. [/B][/SIZE][/COLOR] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7e05912492.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_ce3d6b3f32.jpg[/IMG] :cool::cool::cool::cool::cool::cool: [url]http://www.lankadeepa.lk/sunday/rasawitha/%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F-%E0%B6%9C%E0%B6%BD-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF-/57-519584[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom