දඩුවම් නැති අශ්චර්යයේ හොරකම්

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    දඩුවම් නැති අශ්චර්යයේ හොරකම්

    චීනයේදී ලක්‍ෂ 140ක්‌ වූ මැෂිම ලංකාවට
    එද්දී 560ක්‌ වුණේ කොහොමද?

    - පොස්‌පේට්‌ සේවකයෝ මාධ්‍යයට පවසති



    ආයතනයේ සේවා කටයුතු සඳහා කාලීන අවශ්‍යතාවයක්‌ නැති, රුපියල් කෝටි පහ හමාරක්‌ මිලවූ ගල් අඹරණ යන්ත්‍රයක්‌ මිලදී ගැනීම නිසා සේවකයන් විසින් කරන ලද පැමිණිලිවල යථාර්ථය සොයා බැලීම සඳහා ජනාධිපතිතුමාගේ නියමයෙන් පසුගියදා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්‌ස විතාරණ මහතා එප්පාවල පොස්‌පේට්‌ වැඩබිමට පැමිණියේය.

    කර්මාන්ත ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව රුපියල් මිලියන 56 කට චීනයෙන් මිලදී ගෙන ඇති මෙම පොස්‌පේට්‌ ගල් අඹරණ යන්ත්‍රය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ්‍රී තිසේරා මහතාගේ සහ උතුරුමැද ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය 20 වැනිදා විවෘත කිරීමට නියමිතව තිබිණි.

    මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන පොස්‌පේට්‌ කර්මාන්තයේ සේවකයෝ මෙසේ මාධ්‍යයට කරුණු පැහැදිලි කළහ.

    මිලියන 56 ක්‌ කියන්නේ ලක්‍ෂ 560 ක්‌. පොස්‌පේට්‌ ගල්, කුඩු අපේ සල්ලි. මේවා නිකරුණේ ඉහළ කළමනාකරණයට නාස්‌ති කරන්න දෙන්න බෑ.

    දැනට ආයතනය තුළ පොස්‌පේට්‌ ගල් අඹරණ මැෂින් තුනක්‌ ක්‍රියාත්මකව තිබෙනවා. මේ මැෂින්වලින් වසරකට පොස්‌පේට්‌ කුඩු මෙටි්‍රක්‌ ටොන් හැත්තෑදහසක්‌ නිෂ්පාදනය කරනවා. වසරකට ඉල්ලුම තියෙන්නෙ මෙටි්‍රක්‌ ටොන් පනස්‌පන්දාහයි. ඒ අනුව වාර්ෂික නිෂ්පාදනයෙන් මෙටි්‍රක්‌ ටොන් 15 ක අතිරික්‌තයක්‌ තියෙනවා. එසේ තිබියදී පොස්‌පේට්‌ ගල් ඇඹරීමට ලක්‍ෂ 560 ක්‌ වියදම්කොට තවත් මැෂිමක්‌ ගත්තේ ඇයි?

    පොස්‌පෙට්‌ ගල් ඇඹරීමට පිටරටවලින් මැෂින් ගතයුතු නෑ. දැනටත් හොඳින් ක්‍රියාකරන ආයතනයේම කාර්මිකයන් විසින් නිෂ්පාදනය කරන ලද පොස්‌පේට්‌ ගල් අඹරන මැෂිම පැයකට මෙටි්‍රක්‌ ටොන් පහක්‌ හයක්‌ නිෂ්පාදනය කරනවා. මැෂින් හදා ගැනීමේ ශක්‌තිය ආයතනය තුළම තිබියදී චීනයෙන් මේ යන්ත්‍රය අසමාන මිලකට මිලදී ගත්තේ ඇයි?

    මෙම මැෂිමට වැය කළ අසාමාන්‍ය මිල නිසා අපි මේ ගැන චීනයේ අදාළ සමාගමෙන් විමසා බැලුවා. චීනයේදී මෙම යන්ත්‍රයේ සැබෑ මිල රුපියල් ලක්‍ෂ එකසිය හතළිහක්‌, චීනයේදී ලක්‍ෂ 140 ක්‌ වූ මැෂිම ලංකාවට එද්දී ලක්‍ෂ 560 ක්‌ වුණේ කොහොමද? මෙහිදී ලක්‍ෂ 420 ක මුදලක්‌. එනම් කෝටි හතරක්‌ අතරමගදී පිල්ලිගියේ කොහොමද?

    මෙම යන්ත්‍රය මිලදී ගැනීමට පෙර ආයතනයේ නිෂ්පාදන කළමනාකරුගෙන් සහ අලෙවි කළමනාකරුගෙන් අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව යන්ත්‍රයක අවශ්‍යතාවය ගැන විමසා බැලීමක්‌ නොකළේ ඇයි?

    මෙම යන්ත්‍රයේ මිල ගණන් පියවීමට පෙර යන්ත්‍රය පැය තිහක කාලයක්‌ ආයතනය තුළ ක්‍රියාත්මක කොට යන්ත්‍රයේ සක්‍රීයතාවය නිසි ලෙස සහතික කළ ද?. එවැනි සහතික කිරීමක්‌ නැතිව නියමිත මුදලින් 90% ක්‌ එනම් රුපියල් ලක්‍ෂ පන්සිය හතරක්‌ අදාළ සමාගමට ගෙව්වේ ඇයි? මෙම යන්ත්‍රය ආයතනය තුළ පණ ගැන්වීමට ගොස්‌ දෙවරක්‌ම අංග විකලත්වයට පත්වූ බව ඉහළ කළමනාකරණය දන්නවාද?

    මෙම යන්ත්‍රය උත්සවශ්‍රීයෙන් විවෘත කිරීමට පූර්ව සූදානමක්‌ ඇතිව කල් ඇතිව යන්ත්‍රයේ නිෂ්පාදන පිටකරන මුවදොරට ආසන්නව අඹරණ ලද පොස්‌පේට්‌ ගල්කුඩු ගබඩාකර ඇති බව ඉහළ කළමනාකරණය දන්නවාද?

    මෙම අකටයුත්ත ගැන සේවක මණ්‌ඩලය එක හඬින් නැඟී සිටීම සඳහා පක්‍ෂ පාට භේද නොසලකා වෘත්තීය සමිති එක්‌සත්ව එක්‌ පොදු වෘත්තීය සමිතියක්‌ බවට පත්වී ඇති බව සේවකයෝ කියති.

    එප්පාවල පොස්‌පේට්‌ කන්දේ ගල් කුඩු කරන්නේ අපි. මුදල් උපයන්නේ අපි. නමුත් ඉහළ කළමනාකරණයේ අය කෝටි ගණන් වටිනා වාහන පොස්‌පේට්‌ මුදලින් ලබාගෙන කොළඹ කන්තෝරුවක්‌ දාගෙන. 15 ක්‌ 20 ක්‌ එහි රැඳී සිටිමින් අප උපයන පොස්‌පේට්‌ මුදල් නාස්‌ති කරන්නේ ඇයි? සේවකයෝ ප්‍රශ්න කරති.

    හැටේ දශකයේදී කලාවැව මන්ත්‍රී රත්නමලල මන්ත්‍රීතුමා පොස්‌පේට්‌ නිධිය හඳුනාගෙන රටේ ආර්ථිකයට එකතු කිරීමේ ප්‍රතිඵල රජයට ලැබී තිබේද? අනූවේ දශකයේදී දේශීය පාලකයන්ගේද යටි අනුග්‍රහය ඇතිව බහුජාතික සමාගම් විසින් එප්පාවල පොස්‌පේට්‌ නිධිය කොල්ලකෑමට පැමිණි අවස්‌ථාවේ පුරා වසර දහයක්‌ සටන්කොට අන්තිමට රජයට විරුද්ධව අධිකරණයට ගොස්‌ මහමාංකඩවල ශ්‍රී පියරතන නාහිමියන් විසින් පොස්‌පේට්‌ කන්ද බේරා ගත්තේ ගමට රටට මෙයින් වැඩක්‌ වන්නටයි. එය දැන් සිදුවෙනවාද? සේවකයෝ විමසති


    http://www.divaina.com/2012/11/23/provin05.html
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ලෝකේ උතුම් රට ල0කාවයි සිරි ල0කාවයි

    nvidialogoi.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බලාගනිල්ලා මේක තමයි
    ආසියාවේ ආශ්චර්ය කියන්නේ .........
    මහාරජාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්කවා
    කම්බා හොරුන් සිටින එකම දීපය .....................
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෙහෙම ගියොත් නම් ලංකාවේ එක වැලි කැටයක් වත් අපේ පොඩි උන්ට ඉතිරි වේවිද දන්නේ නැ බන්....:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොස්පෙට් එකත් විකුනවා නම් හරි.........

    ලන්කා වානේ සන්ථාව විකුනුවා වගේ. එතකොට ගන්න උන් දියුනු කරලා ගනී. අපේ රජ තුමාටත් පොඩි සන්තෝශමක් හම්බෙයි.