Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දඩුවම් නැද්ද ..?? දඩ විතරද ..????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඩුවම් නැද්ද ..?? දඩ විතරද ..????

ඇඹිලිපිටිය පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මරණයට පත් වූ සුමිත් ප්රසන්නගේ සිද්ධිය 2010 වසරේදී ආන්දෝලනයක් ඇති කළ සිදුවීමකි.

ඇඹිලිපිටිය ප්රදේශයේ අසල්වැසියෙකුගේ ගැහැනු දරුවකු වැඩිවියට පත් වූ උත්සවයකට

මියගිය සුමිත් ගිය අවස්ථාවක එතැනට පැමිණි පොලිස් නිලධාරීන් සමග ඇතිවූ බහින් බස්වීමකදී නීතිය අතටගෙන ක්රියා කළ ඔවුන් ඉහළ මහළක සිට පහළට සුමිත්ව තල්ලුකර දැමීම නිසා ඔහු මරණයට පත් විය. තමන් කිසිදු වරදක් නොකර අසල්වැසියෙකුගේ නිවසක උත්සවයකට ගිය අවස්ථාවක අනපේක්ෂිත ලෙස මරණය වැළදගන්නට සුමිත්ට සිදු විය.

ඒ වනවිටත් ගැබිණියකව සිටි සුමිත්ගේ බිරිය සිද්ධිය ගැන මාධ්ය ඉදිරියට පැමිණ කථා කළ නිසා පොලිසිය සිදු කළ අසාධාරණය මතුකරගන්නට හැකි විය.

බිරිඳ විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසුව ඔවුන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය, මියගිය තැනැත්තාගේ බිරිඳට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවන ලෙස රජයට ඊයේ (17) නියෝග කළේය. ඊට අමතරව මෙම මරණයට වගකිවයුතු එවකට ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු සිවු දෙනකුට පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් වන්දි මුදල් පෙත්සම්කරියට ගෙන ලෙසද නියෝග කෙරිණි.

සුමිත් ප්රසන්න ජයවර්ධනගේ බිරිඳ ශෂිකා නිශාමනී මුණසිංහ පොලිසිය නීතිය අතටගෙන ක්රියා කළ අයුරු විස්තර කර තිබුනේ මෙසේය.

මගේ නම ශෂිකා නිශාමනී මුණසිංහ. වයස අවුරුදු 29 යි. මගේ මහත්තයගේ නම සුමිත් ප්රසන්න ජයවර්ධන. අපි විවාහ වෙලා අවුරුදු නවයක් වෙනවා. පදිංචි වෙලා හිටියේ ඇඹිලිපිටිය, නව නගරය, අංක 103 පාරේ නිවසක. සැමියා මියයන්න පෙර අපිට එක් දුවක් හිටියා. සිද්ධිය වෙනකොට මං මාස

පහක ගැබිණියක්. මහත්තයාට ස්ථීර රැකියාවක් තිබුණේ නෑ. කුලියට වෑන් හයර් කරපු එක තමයි කළේ. ඒත් අපි ලස්සනට ජීවත් වුණා. මගේ මහත්තයා රස්තියාදුවේ යන,

බීගෙන දගලන කෙනෙක් නෙමෙයි. බොහෝම හොඳ ගතිගුණ තිබුණේ. මටයි, දුවටයි පුදුම

ආදරයක් තිබුණේ. කසාද බැඳපු දවසේ ඉඳලා අපි බොහෝම ආදරයෙන් ජීවත් වුණේ. සිද්ධිය වුණ 04 වැනිදා අපේ ගෙවල් ඉස්සරහා ගෙදර මෙන්ඩිස් මාමාගේ දුව වැඩිවියට පත්වීමේ උත්සවය තිබුණා. ඒ උත්සවය දවල්, රෑ දෙකේම තිබුණා. එදා රෑ මම ටිකක් අසනීප ගතියෙන් හිටිය නිසා මගුල් ගෙදර ගියේ නෑ. මහත්තයා විතරයි ගියේ.

මම රෑ 11. 15 ට විතර නිදාගන්න ලෑස්ති වුණා. ඒ එක්කම මගුල් ගෙදර දිහාවෙන් ලොකු

ශබ්දයක් ඇහුණා. ‘බුදු අම්මෝ ගහන්න එපා... මරන්න එපා...’ කියන හඩ ඇහුණා. මම නිදා සිටි දුවත් ඇහැරවගෙන මගුල් ගෙදර පැත්තට ගියා. ඒ යනකොට පාර මැද පොලූ මුගුරු තියාගත්ත පිරිසක් කිහිප දෙනකුට බිම දාගෙන ගහනවා දැක්කා. ඊට චුට්ටක් එහායින් පොලිස් ජීප් එකකුත් නතර කරලා තිබුණා. ‘අපිට ගහන්න එපෝ...’ කියලා කෑගහන තැනට මම ගියා. මෙන්ඩිස් මාමාගේ බිරිඳයි, තවත් නැන්ද

කෙනෙකුයි මෙන්ඩිස් මාමාව වත්තන් කරගෙන ගෙයි පහළ ඉඳලා උඩ තට්ටුවට ගියා. මමත්

ඒ එක්කම උඩට ගිහිල්ලා මගේ මහත්තයා කොහේද කියලා හොයලා බැලූවා. පහළින් මහත්තයාගේ කටහඩ ඇහුණා. මම උඩ තට්ටුවේ ඉඳගෙනම පහළ බැලූවා. මහත්තයා කොරිඩෝවේ ඉඳගෙන ‘පොලිස් ඇඳුම් ඇඳගත්තට ඔය විදිහට මිනිස්සුන්ට ගහන්න එපා...’ කියලා පොලිස් නිලධාරියකුට කියනවා ඇහුණා. එතකොට ඒ පොලිස් නිලධාරියා ‘තව කියපන්... තව කියපන්...‘ කියලා අතේ තිබුණු ෆෙන් එකෙන් වීඩියෝ

කළා. පස්සේ මම ‘කෑගහන්න එපා... කෑගහන්න එපා...’ කියාගෙන මහත්තයා හිටිය තැනට ගිහින් මගේ අතින් මහත්තයගේ කට තද කළා. ඒ එක්කම මෙන්ඩිස් මාමාගේ දුවත් එතනට ඇවිත් ‘අයියේ යමු... යමු...’ කියලා අපි දෙන්නම මහත්තයගේ අතින් ඇදගෙන ගේ ඇතුළට අරගෙන ගියා.

පස්සේ මම මහත්තයා කෑම කන තැනට එක්කරගෙන ගියා. ඒ අසල සිටි අනිත් අයත් අයියේ කෑම කාලා නංගිත් එක්ක ගෙදර යන්න කිව්වා. මම කෑම එක බෙදලා මහත්තයගේ අතට දෙනකොටම ඇඹිලිපිටිය පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් එතැනට ආවා. එතකොටම ‘මෙන්න මූ තමයි මිනිහා මූ අල්ල ගන්න’ කියලා. ඒ.එස්.පී. මහත්තයා කිව්වා. ‘එයාව ගෙනියන්න එපා... දැන් අපි ගෙදර යන්න හදන්නේ’ කියලා මම ඒ.එස්.පී. මහත්තයාට කිව්වා.

එතකොට ඒ.එස්.පී. මහත්තයා කුණුහරුපෙන් බැණලා මාව තල්ලූ කරලා දැම්මා. ‘මම බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක්...’ කියලා මම කෑගැහුවා. එතකොටත් එතැන හිටපු නිලධාරීන් මගේ මහත්තයාට ගහලා බිම දාගෙන ඇදගෙන ගියා. ඒ එක්කම මම දැක්කා තවත් අයියලා දෙන්නෙකුටත් පොලිසියේ අය පොලූවලින් ගහනවා. පස්සේ මම ෆෙන් එකෙන් කතා කරලා මහත්තයාගේ අම්මට කිව්වා. ඒ කියලා පොලිසිය මහත්තයාව ඇදගෙන යන පස්සෙන්ම මමත් ගියා. මෙන්ඩිස් මාමලාගේ ගෙදර උඩ තට්ටුවට නගින පඩි පෙළ ළගදීත් මම පොලිසියේ අයට කිව්වා ‘අපි ගෙදර යන්න හැදුවේ. අපිට යන්න දෙන්න’ කියලා. එතකොටත් පොලිසියේ අය මට කුණුහරුපයෙන් බැණලා මාව තල්ලූ කළා. ‘මම

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. මගේ මහත්තයට ගහන්න එපා... කියලා මම ආයෙමත් කෑගහලා ඇඩුවා. එහෙම කෑගහනකොට එක පොලිස් නිලධාරියෙක් තුවක්කුවක් දික් කරලා මට කුණුහරුපෙන් බැන්නා. ඒ එක්කම පොලිසියේ අය මාව තල්ලූ කරගෙන මගේ මහත්තයාව ඇදගෙන උඩ තට්ටුවට අරගෙන ගියා.

‘මට ගහන්න එපා...’ කියලා මහත්තයා කෑගහනවා ඇහුණා. ඒ එක්කම වීදුරු බිදගෙෙශබ්දයක් ඇහුණා. මම උඩට දිව්වා. එතකොටත් ඒ.එස්.පී. මහත්තයා දෙවැනි තට්ටුව කොරිඩෝව කෙළවරෙන් මහත්තයාව පහළට තල්ලූ කරන්න හදනවා. ‘අනේ මාව තල්ලූ කරන්න එපා...’ කියලා මහත්තයා කෑගැහුවා. මම මහත්තයා ළගට දිව්වා. එතැනට යනකොටම ඒ.එස්.පී. මහත්තයා මගේ මහත්තයාව තට්ටුවෙන් බිමට තල්ලූ කළා. ’අයියෝ... මේ මොකක්ද කළේ...’ කියලා මම කෑගැහුවා. ඒ එක්කම ඒ.එස්.පී. මහත්තයා

එතැනින් ඉවත් වුණා. එතන රතු පාට රැලි කර්ටන් එකක් තිබුණා. මම ඒ කර්ටන් එක ළගට එනකොට මෙන්ඩිස් මාමාගේ බිරිඳත් එතැන ඉන්නවා දැක්කා. මම ඒ නැන්දට කිව්වා අයියාව තට්ටුවෙන් බිමට තල්ලූ කළා කියලා. එතකොටම ’බුදු පුතේ මොකද වුණේ’ කියලා නැන්දා කෑගැහුවා. ‘මොකක්ද මේ කරපු හෙණ ගහන අපරාදේ’ කියලා අපි දෙන්නම කෑගැහුවා. මහත්තයා තල්ලූ කරපු තැන ඉඳලා පහළ බලනකොට මම දැක්කා මහත්තයා උඩුබැලි අතට වැටිලා ඉන්නවා. ඒ මොහොතේම ඒ.එස්.පී. මහත්තයා පහළ

සිටි පොලිස් නිලධාරියකුට ඔලූවෙන් මොනවාදෝ කියනවා මම දැක්කා. ඒ පොලිස් නිලධාරියා මගේ මහත්තයගේ හිස කකුලෙන් එහාට, මෙහාට තල්ලූ කරලා බැලූවා. පස්සේ ඒ.එස්.පී. මහත්තයා කිව්වා ඔය බොඩිය ත්රීවීල් එකකට දාපං කියලා.

‘අයියව ඉක්මනට ඉස්පිරිතාලෙකට ගෙනියන්න’ කියලා මම උඩ තට්ටුවේ ඉඳගෙනම කෑගැහුවා. ඒත් අයියව වාහනයකට දාගෙන ගෙනියනවා මම දැක්කේ නෑ. ඊට විනාඩි හතළිස් පහකට විතර පස්සේ මමයි, මහත්තයගේ අම්මයි, අක්කගේ පුතයි, දුවයි, මගේ දුවවත් අරගෙන පයින්ම ඇඹිලිපිටිය ඉස්පිරිතාලෙට ගියා. අපි කට්ටියත් එක්කම ගියේ තනියම යන්න බය නිසයි. ඒත් ඉස්පිරිතාලේ ආරක්ෂක නිලධාරීන් මට ඒ

වේලාවේ ඇතුළට යන්න දුන්නේ නෑ. ලෙඩා ඉන්නේ තියටර් එකේ, ඩොක්ටර්ස්ලා ලෙඩා බලනවා. ඒ නිසා එතැනට යන්න දෙන්න බෑ කිව්වා. ඉස්පිරිතාලෙත් තුවක්කු අර ගත්තු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් හිටියා. මම පැය දෙකක් ඉස්පිරිතාලේ මිදුලේ ළතෝනී දීලා ඇඩුවා. ඒ කාලය ඇතුළතදී මට දැනගන්න ලැබුණා මහත්තයාට ලේ දුන්නා කියලා. ඒත් මහත්තයාව අපිට බලන්න දුන්නේ නෑ. ඊට පහුවැනිදා උදේ හයට විතර ලෙඩාගේ තත්ත්වය අසාධ්යයි කියලා ගිලන් රථයක දාලා කොළඹ ජාතික රෝහලට පිටත් කර හැරියා. ඒත් මහත්තයගේ තත්ත්වය දිගින් දිගටම අසාධ්ය තත්ත්වයට හැරුණු නිසා රත්නපුර ඉස්පිරිතාලෙට ඇතුළත් කරලා තිබුණා. එතැනදී ඔපරේෂන් එකක් කරලා වම් අත ඉවත් කරලා තිබුණා. මගේ මහත්තයගේ ජීවිතය බේරගන්න ඉස්පිරිතාල දෙකේදීම වෛද්යවරු උපරිම උත්සාහ කරලා තිබුණා. ඒත් මගේ රත්තරං මහත්තයා 07 වැනිදා අලූයම් කාලේදී අපිව තනි කරලා ගිහින් තිබුණා.

මගේ මහත්තයා මියගියේ ඇඹිලිපිටිය පොලිසියේ ඒ.එස්.පී. මහත්තයා පහරදීලා උඩ තට්ටුවෙන් තල්ලූ කරපු නිසයි. සිද්ධිය වෙච්ච දිනට පසු දින (05 වැනිදා) අපිට වෙච්ච අසාධාරණය කියා පැමිණිල්ලක් කරන්න රත්නපුර ඞී.අයි.ජී. මහත්තයගේ ඔෆිස් එකට ගියා. ඞී.අයි.ජී. මහත්තයා ඒ වෙලාවේ හිටියේ නෑ. වෙන පොලිස් නිලධාරියෙක් හිටියේ. මම කිව්වා ඇඹිලිපිටියේ ඉඳලා ආවේ පැමිණිල්ලක් කරන්න කියලා. එතකොට ඒ නිලධාරියා ඇහුවා ඇඹිලිපිටියේ පොලිස් කේස් එකද කියලා.

‘ඔයා කියන්න ඉස්සර වෙලා අපි ඒ කේස් එක දන්නවා. ඔයා ඔය කරන දේ බරපතලකම

දන්නවාද... ඔයා පොලිස් නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි කළාට ඔයාට මේක උසාවියට ගෙනියන්න පැමිණිලි පිටපතක් අපිට දෙන්න බෑ. අපි පොලිසිය පැත්තෙන් වුණ දේ හොයලා බලනවා. ඔයා ඔය කියන දේවල් අකුරක් නෑර හැම තැනම කියන්න වෙනවා. නැති නම් ඔයයි අමාරුවේ වැටෙන්නේ. ඔයාගේ මහත්තයා රෝහලේ හිටියාට එයත් ලොකු අපරාධකාරයෙක් කියලා ඔයා දන්නවද... මහත්තයා ගහලා පොලිස් නිලධාරීන් හතරදෙනෙක් රෝහලේ ඉන්නවා...’

ඒ පොලිස් නිලධාරියා කතා කළේම පොලිසිය පැත්තට. පස්සේ මම ඒ පොලිස් නිලධාරියාට කිව්වා මම දැක්කේ එක පොලිස් නිලධාරියෙක් ඇගිලි දෙකක් ඔතන් ඉන්නවා විතරයි. තුවාල වෙච්ච අනිත් අයව දැක්කේ නෑ කියලා. පස්සේ මම වෙච්ච සිද්ධිය කියනකොට ඒ පොලිස් නිලධාරියා මගෙන් ඇහුවා එතැනට සිවිල් පිටින් ඇවිත් හිටියේ පොලිස් නිලධාරීන් කියලා ඔයා දන්නේ කොහොමද... මම මේ ඇඳුම ගලවලා වෙන ඇඳුමක් ඇඳගෙන ආවා නම් ඔයා දන්නවද මම පොලිස් නිලධාරියෙක්ද

කියලා...‘ ඒ පොලිස් නිලධාරියා මගෙන් ප්රශ්න කළා. පස්සේ මම කිව්වා පවුලේ අය කිසිම කෙනෙක් බැටන් පොලූ අරගෙන හිටියේ නෑ කියලා.

‘ඔයා දන්නේ කොහොමද ඒ ආවේ ඒ. එස්. පී. මහත්තයාම කියලා...’ ආයෙමත් ඒ පොලිස් නිලධාරියා මගෙන් ප්රශ්න කළා. එතකොට මම කිව්වා ටික කාලෙකට කලින් එච්.කිවු.අයි. වෙලා ආව වෙලාවේ ඉස්කෝලේ රැස්වීමකට ආවා. ඊට ටික කාලෙකට පස්සේ ඒ මහත්තයාම ඒ.එස්.පී. වෙලා ඇඹිලිපිටියටම ඇවිත් කියලා දැන ගන්න ලැබුණා. කියලා පස්සේ ඒ පොලිස් නිලධාරියා මට කියනවා ‘ඔයා කිව්ව

දේවල්වලින් ඒ කතාව විතරයි ඇත්ත... ඒ.එස්.පී. මහත්තයාව ඔයා ඉදිරියට ගෙනාවොත් ඔයා, මේ කියන දේවල් මේ විදිහටම කියනවද’ කියලා මගෙන් ඇහුවා. මම ඔව් කිව්වා. ‘මට කලන්තේ වගෙයි. පැමිණිල්ල සටහන් කර ගන්න තව වේලා යනවාද...’ කියලා මම ඒ පොලිස් නිලධාරියාගෙන් ඇහුවා. එතකොට ඒ පොලිස් නිලධාරියා ‘අසනීප කාරයෙක් පැමිණිලි කරන්න ආවේ මොකටද ඉස්පිරිතාලෙකට යන්න නේ තිබුණේ කියලා කිව්වා. පස්සේ මගේ අම්මා එතැනට ඇවිත් ‘සර් මෙයා අසනීප ගතියෙන් ඉන්නේ. ඔච්චර

වද දෙන්න එපා...’ කියලා පින්සෙන්ඩු වුණා. එතකොට ඒ නිලධාරියා කිව්වා උසාවිවලත් ඔය විදිහේ හරස් ප්රශ්න අහනවා. මේවා විනාඩි පහෙන්, දහයෙන් කරන වැඩ නෙමෙයි’ කියලා අම්මටත් සැර දැම්මා. මගේ පැමිණිල්ල කොල කිහිපයක සටහන් කරගෙන අන්තිම කොලේ අත්සන් කරන්න කිව්වා. පැමිණිල්ල මට කියවලා බලන්නවත් දුන්නේ නෑ. පස්සේ අපි ගෙදර ගියා.

බිරිඳ විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසුව ඔවුන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය, මියගිය තැනැත්තාගේ බිරිඳට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවන ලෙස රජයට ඊයේ (17) නියෝග කළේය. ඊට අමතරව මෙම මරණයට වගකිවයුතු එවකට ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු සිවු දෙනකුට පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් වන්දි මුදල් පෙත්සම්කරියට ගෙන ලෙසද නියෝග කෙරිණි. ඊට අමතරව රාජකාරි වගකීම පැහැර හරිනු ලැබූ එවකට ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකුට රුපියල් විසි පන්දහස බැගින් පෞද්ගලිකව ගෙවන ලෙසද නියෝග කෙරිණි.

මෙම සිද්ධියෙන් මියගිය සුමිත් ප්රසන්න නමැත්තාගේ බිරිඳ වන ඇඹිලිපිටිය මොරකැටිය ප්රදේශයේ පදිංචි තරංගා ලක්මාලි නැමැත්තිය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එවකට ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති නිරෝෂාන් අබේකොන්න්, පොලිස් සැරයන් වසන්ත සුරවීර, පොලිස් කොස්තාපල්වරුන් වන හේවා සංගප්පුලිගේ චමින්ද, පුෂ්පකුමාර, ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පීටර්, ප්රධාන පොලිස් පරීක්ෂක විජිත් කුමාර, ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරි ආනන්ද සමරසේකර, පොලිස්පති, ඇඹිලිපිටිය අධිකරණ වෛද්ය නිලධාරී වෛද්ය උත්පලා ආටිගල සහ නීතිපති නම්කරනු ලැබ සිටිති. මෙම තීන්දුව එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්ඳු ප්රනාන්දු සහ එස්. තුරේරාජා යන මහත්ම මහත්මින්ගෙන් යුත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්රකාශයට පත් කෙරිණි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමේ දී වගඋත්තරකාර පාර්ශ්වය විසින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 11 සහ 13 වගන්තිය උල්ලංඝනය කර තිබේ. පළමු වගඋත්තරකාර ඇඹිලිපිටිය හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු 2, 3, සහ 4 වැනි වගඋත්තරකරුවන්ට පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක් බැඟින් පෙත්සමිකාරියට ගෙවන ලෙස නියෝග කරන බව තීන්දුවේ සඳහන් වේ.

[QUOTE="hichchiputha, post: 25022709, member: 565736"] [b]දඩුවම් නැද්ද ..?? දඩ විතරද ..????[/b] [SIZE="4"]ඇඹිලිපිටිය පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මරණයට පත් වූ සුමිත් ප්රසන්නගේ සිද්ධිය 2010 වසරේදී ආන්දෝලනයක් ඇති කළ සිදුවීමකි. ඇඹිලිපිටිය ප්රදේශයේ අසල්වැසියෙකුගේ ගැහැනු දරුවකු වැඩිවියට පත් වූ උත්සවයකට මියගිය සුමිත් ගිය අවස්ථාවක එතැනට පැමිණි පොලිස් නිලධාරීන් සමග ඇතිවූ බහින් බස්වීමකදී නීතිය අතටගෙන ක්රියා කළ ඔවුන් ඉහළ මහළක සිට පහළට සුමිත්ව තල්ලුකර දැමීම නිසා ඔහු මරණයට පත් විය. තමන් කිසිදු වරදක් නොකර අසල්වැසියෙකුගේ නිවසක උත්සවයකට ගිය අවස්ථාවක අනපේක්ෂිත ලෙස මරණය වැළදගන්නට සුමිත්ට සිදු විය. ඒ වනවිටත් ගැබිණියකව සිටි සුමිත්ගේ බිරිය සිද්ධිය ගැන මාධ්ය ඉදිරියට පැමිණ කථා කළ නිසා පොලිසිය සිදු කළ අසාධාරණය මතුකරගන්නට හැකි විය. බිරිඳ විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසුව ඔවුන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය, මියගිය තැනැත්තාගේ බිරිඳට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවන ලෙස රජයට ඊයේ (17) නියෝග කළේය. ඊට අමතරව මෙම මරණයට වගකිවයුතු එවකට ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු සිවු දෙනකුට පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් වන්දි මුදල් පෙත්සම්කරියට ගෙන ලෙසද නියෝග කෙරිණි. සුමිත් ප්රසන්න ජයවර්ධනගේ බිරිඳ ශෂිකා නිශාමනී මුණසිංහ පොලිසිය නීතිය අතටගෙන ක්රියා කළ අයුරු විස්තර කර තිබුනේ මෙසේය. මගේ නම ශෂිකා නිශාමනී මුණසිංහ. වයස අවුරුදු 29 යි. මගේ මහත්තයගේ නම සුමිත් ප්රසන්න ජයවර්ධන. අපි විවාහ වෙලා අවුරුදු නවයක් වෙනවා. පදිංචි වෙලා හිටියේ ඇඹිලිපිටිය, නව නගරය, අංක 103 පාරේ නිවසක. සැමියා මියයන්න පෙර අපිට එක් දුවක් හිටියා. සිද්ධිය වෙනකොට මං මාස පහක ගැබිණියක්. මහත්තයාට ස්ථීර රැකියාවක් තිබුණේ නෑ. කුලියට වෑන් හයර් කරපු එක තමයි කළේ. ඒත් අපි ලස්සනට ජීවත් වුණා. මගේ මහත්තයා රස්තියාදුවේ යන, බීගෙන දගලන කෙනෙක් නෙමෙයි. බොහෝම හොඳ ගතිගුණ තිබුණේ. මටයි, දුවටයි පුදුම ආදරයක් තිබුණේ. කසාද බැඳපු දවසේ ඉඳලා අපි බොහෝම ආදරයෙන් ජීවත් වුණේ. සිද්ධිය වුණ 04 වැනිදා අපේ ගෙවල් ඉස්සරහා ගෙදර මෙන්ඩිස් මාමාගේ දුව වැඩිවියට පත්වීමේ උත්සවය තිබුණා. ඒ උත්සවය දවල්, රෑ දෙකේම තිබුණා. එදා රෑ මම ටිකක් අසනීප ගතියෙන් හිටිය නිසා මගුල් ගෙදර ගියේ නෑ. මහත්තයා විතරයි ගියේ. මම රෑ 11. 15 ට විතර නිදාගන්න ලෑස්ති වුණා. ඒ එක්කම මගුල් ගෙදර දිහාවෙන් ලොකු ශබ්දයක් ඇහුණා. ‘බුදු අම්මෝ ගහන්න එපා... මරන්න එපා...’ කියන හඩ ඇහුණා. මම නිදා සිටි දුවත් ඇහැරවගෙන මගුල් ගෙදර පැත්තට ගියා. ඒ යනකොට පාර මැද පොලූ මුගුරු තියාගත්ත පිරිසක් කිහිප දෙනකුට බිම දාගෙන ගහනවා දැක්කා. ඊට චුට්ටක් එහායින් පොලිස් ජීප් එකකුත් නතර කරලා තිබුණා. ‘අපිට ගහන්න එපෝ...’ කියලා කෑගහන තැනට මම ගියා. මෙන්ඩිස් මාමාගේ බිරිඳයි, තවත් නැන්ද කෙනෙකුයි මෙන්ඩිස් මාමාව වත්තන් කරගෙන ගෙයි පහළ ඉඳලා උඩ තට්ටුවට ගියා. මමත් ඒ එක්කම උඩට ගිහිල්ලා මගේ මහත්තයා කොහේද කියලා හොයලා බැලූවා. පහළින් මහත්තයාගේ කටහඩ ඇහුණා. මම උඩ තට්ටුවේ ඉඳගෙනම පහළ බැලූවා. මහත්තයා කොරිඩෝවේ ඉඳගෙන ‘පොලිස් ඇඳුම් ඇඳගත්තට ඔය විදිහට මිනිස්සුන්ට ගහන්න එපා...’ කියලා පොලිස් නිලධාරියකුට කියනවා ඇහුණා. එතකොට ඒ පොලිස් නිලධාරියා ‘තව කියපන්... තව කියපන්...‘ කියලා අතේ තිබුණු ෆෙන් එකෙන් වීඩියෝ කළා. පස්සේ මම ‘කෑගහන්න එපා... කෑගහන්න එපා...’ කියාගෙන මහත්තයා හිටිය තැනට ගිහින් මගේ අතින් මහත්තයගේ කට තද කළා. ඒ එක්කම මෙන්ඩිස් මාමාගේ දුවත් එතනට ඇවිත් ‘අයියේ යමු... යමු...’ කියලා අපි දෙන්නම මහත්තයගේ අතින් ඇදගෙන ගේ ඇතුළට අරගෙන ගියා. පස්සේ මම මහත්තයා කෑම කන තැනට එක්කරගෙන ගියා. ඒ අසල සිටි අනිත් අයත් අයියේ කෑම කාලා නංගිත් එක්ක ගෙදර යන්න කිව්වා. මම කෑම එක බෙදලා මහත්තයගේ අතට දෙනකොටම ඇඹිලිපිටිය පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් එතැනට ආවා. එතකොටම ‘මෙන්න මූ තමයි මිනිහා මූ අල්ල ගන්න’ කියලා. ඒ.එස්.පී. මහත්තයා කිව්වා. ‘එයාව ගෙනියන්න එපා... දැන් අපි ගෙදර යන්න හදන්නේ’ කියලා මම ඒ.එස්.පී. මහත්තයාට කිව්වා. එතකොට ඒ.එස්.පී. මහත්තයා කුණුහරුපෙන් බැණලා මාව තල්ලූ කරලා දැම්මා. ‘මම බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක්...’ කියලා මම කෑගැහුවා. එතකොටත් එතැන හිටපු නිලධාරීන් මගේ මහත්තයාට ගහලා බිම දාගෙන ඇදගෙන ගියා. ඒ එක්කම මම දැක්කා තවත් අයියලා දෙන්නෙකුටත් පොලිසියේ අය පොලූවලින් ගහනවා. පස්සේ මම ෆෙන් එකෙන් කතා කරලා මහත්තයාගේ අම්මට කිව්වා. ඒ කියලා පොලිසිය මහත්තයාව ඇදගෙන යන පස්සෙන්ම මමත් ගියා. මෙන්ඩිස් මාමලාගේ ගෙදර උඩ තට්ටුවට නගින පඩි පෙළ ළගදීත් මම පොලිසියේ අයට කිව්වා ‘අපි ගෙදර යන්න හැදුවේ. අපිට යන්න දෙන්න’ කියලා. එතකොටත් පොලිසියේ අය මට කුණුහරුපයෙන් බැණලා මාව තල්ලූ කළා. ‘මම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. මගේ මහත්තයට ගහන්න එපා... කියලා මම ආයෙමත් කෑගහලා ඇඩුවා. එහෙම කෑගහනකොට එක පොලිස් නිලධාරියෙක් තුවක්කුවක් දික් කරලා මට කුණුහරුපෙන් බැන්නා. ඒ එක්කම පොලිසියේ අය මාව තල්ලූ කරගෙන මගේ මහත්තයාව ඇදගෙන උඩ තට්ටුවට අරගෙන ගියා. ‘මට ගහන්න එපා...’ කියලා මහත්තයා කෑගහනවා ඇහුණා. ඒ එක්කම වීදුරු බිදගෙෙශබ්දයක් ඇහුණා. මම උඩට දිව්වා. එතකොටත් ඒ.එස්.පී. මහත්තයා දෙවැනි තට්ටුව කොරිඩෝව කෙළවරෙන් මහත්තයාව පහළට තල්ලූ කරන්න හදනවා. ‘අනේ මාව තල්ලූ කරන්න එපා...’ කියලා මහත්තයා කෑගැහුවා. මම මහත්තයා ළගට දිව්වා. එතැනට යනකොටම ඒ.එස්.පී. මහත්තයා මගේ මහත්තයාව තට්ටුවෙන් බිමට තල්ලූ කළා. ’අයියෝ... මේ මොකක්ද කළේ...’ කියලා මම කෑගැහුවා. ඒ එක්කම ඒ.එස්.පී. මහත්තයා එතැනින් ඉවත් වුණා. එතන රතු පාට රැලි කර්ටන් එකක් තිබුණා. මම ඒ කර්ටන් එක ළගට එනකොට මෙන්ඩිස් මාමාගේ බිරිඳත් එතැන ඉන්නවා දැක්කා. මම ඒ නැන්දට කිව්වා අයියාව තට්ටුවෙන් බිමට තල්ලූ කළා කියලා. එතකොටම ’බුදු පුතේ මොකද වුණේ’ කියලා නැන්දා කෑගැහුවා. ‘මොකක්ද මේ කරපු හෙණ ගහන අපරාදේ’ කියලා අපි දෙන්නම කෑගැහුවා. මහත්තයා තල්ලූ කරපු තැන ඉඳලා පහළ බලනකොට මම දැක්කා මහත්තයා උඩුබැලි අතට වැටිලා ඉන්නවා. ඒ මොහොතේම ඒ.එස්.පී. මහත්තයා පහළ සිටි පොලිස් නිලධාරියකුට ඔලූවෙන් මොනවාදෝ කියනවා මම දැක්කා. ඒ පොලිස් නිලධාරියා මගේ මහත්තයගේ හිස කකුලෙන් එහාට, මෙහාට තල්ලූ කරලා බැලූවා. පස්සේ ඒ.එස්.පී. මහත්තයා කිව්වා ඔය බොඩිය ත්රීවීල් එකකට දාපං කියලා. ‘අයියව ඉක්මනට ඉස්පිරිතාලෙකට ගෙනියන්න’ කියලා මම උඩ තට්ටුවේ ඉඳගෙනම කෑගැහුවා. ඒත් අයියව වාහනයකට දාගෙන ගෙනියනවා මම දැක්කේ නෑ. ඊට විනාඩි හතළිස් පහකට විතර පස්සේ මමයි, මහත්තයගේ අම්මයි, අක්කගේ පුතයි, දුවයි, මගේ දුවවත් අරගෙන පයින්ම ඇඹිලිපිටිය ඉස්පිරිතාලෙට ගියා. අපි කට්ටියත් එක්කම ගියේ තනියම යන්න බය නිසයි. ඒත් ඉස්පිරිතාලේ ආරක්ෂක නිලධාරීන් මට ඒ වේලාවේ ඇතුළට යන්න දුන්නේ නෑ. ලෙඩා ඉන්නේ තියටර් එකේ, ඩොක්ටර්ස්ලා ලෙඩා බලනවා. ඒ නිසා එතැනට යන්න දෙන්න බෑ කිව්වා. ඉස්පිරිතාලෙත් තුවක්කු අර ගත්තු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් හිටියා. මම පැය දෙකක් ඉස්පිරිතාලේ මිදුලේ ළතෝනී දීලා ඇඩුවා. ඒ කාලය ඇතුළතදී මට දැනගන්න ලැබුණා මහත්තයාට ලේ දුන්නා කියලා. ඒත් මහත්තයාව අපිට බලන්න දුන්නේ නෑ. ඊට පහුවැනිදා උදේ හයට විතර ලෙඩාගේ තත්ත්වය අසාධ්යයි කියලා ගිලන් රථයක දාලා කොළඹ ජාතික රෝහලට පිටත් කර හැරියා. ඒත් මහත්තයගේ තත්ත්වය දිගින් දිගටම අසාධ්ය තත්ත්වයට හැරුණු නිසා රත්නපුර ඉස්පිරිතාලෙට ඇතුළත් කරලා තිබුණා. එතැනදී ඔපරේෂන් එකක් කරලා වම් අත ඉවත් කරලා තිබුණා. මගේ මහත්තයගේ ජීවිතය බේරගන්න ඉස්පිරිතාල දෙකේදීම වෛද්යවරු උපරිම උත්සාහ කරලා තිබුණා. ඒත් මගේ රත්තරං මහත්තයා 07 වැනිදා අලූයම් කාලේදී අපිව තනි කරලා ගිහින් තිබුණා. මගේ මහත්තයා මියගියේ ඇඹිලිපිටිය පොලිසියේ ඒ.එස්.පී. මහත්තයා පහරදීලා උඩ තට්ටුවෙන් තල්ලූ කරපු නිසයි. සිද්ධිය වෙච්ච දිනට පසු දින (05 වැනිදා) අපිට වෙච්ච අසාධාරණය කියා පැමිණිල්ලක් කරන්න රත්නපුර ඞී.අයි.ජී. මහත්තයගේ ඔෆිස් එකට ගියා. ඞී.අයි.ජී. මහත්තයා ඒ වෙලාවේ හිටියේ නෑ. වෙන පොලිස් නිලධාරියෙක් හිටියේ. මම කිව්වා ඇඹිලිපිටියේ ඉඳලා ආවේ පැමිණිල්ලක් කරන්න කියලා. එතකොට ඒ නිලධාරියා ඇහුවා ඇඹිලිපිටියේ පොලිස් කේස් එකද කියලා. ‘ඔයා කියන්න ඉස්සර වෙලා අපි ඒ කේස් එක දන්නවා. ඔයා ඔය කරන දේ බරපතලකම දන්නවාද... ඔයා පොලිස් නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි කළාට ඔයාට මේක උසාවියට ගෙනියන්න පැමිණිලි පිටපතක් අපිට දෙන්න බෑ. අපි පොලිසිය පැත්තෙන් වුණ දේ හොයලා බලනවා. ඔයා ඔය කියන දේවල් අකුරක් නෑර හැම තැනම කියන්න වෙනවා. නැති නම් ඔයයි අමාරුවේ වැටෙන්නේ. ඔයාගේ මහත්තයා රෝහලේ හිටියාට එයත් ලොකු අපරාධකාරයෙක් කියලා ඔයා දන්නවද... මහත්තයා ගහලා පොලිස් නිලධාරීන් හතරදෙනෙක් රෝහලේ ඉන්නවා...’ ඒ පොලිස් නිලධාරියා කතා කළේම පොලිසිය පැත්තට. පස්සේ මම ඒ පොලිස් නිලධාරියාට කිව්වා මම දැක්කේ එක පොලිස් නිලධාරියෙක් ඇගිලි දෙකක් ඔතන් ඉන්නවා විතරයි. තුවාල වෙච්ච අනිත් අයව දැක්කේ නෑ කියලා. පස්සේ මම වෙච්ච සිද්ධිය කියනකොට ඒ පොලිස් නිලධාරියා මගෙන් ඇහුවා එතැනට සිවිල් පිටින් ඇවිත් හිටියේ පොලිස් නිලධාරීන් කියලා ඔයා දන්නේ කොහොමද... මම මේ ඇඳුම ගලවලා වෙන ඇඳුමක් ඇඳගෙන ආවා නම් ඔයා දන්නවද මම පොලිස් නිලධාරියෙක්ද කියලා...‘ ඒ පොලිස් නිලධාරියා මගෙන් ප්රශ්න කළා. පස්සේ මම කිව්වා පවුලේ අය කිසිම කෙනෙක් බැටන් පොලූ අරගෙන හිටියේ නෑ කියලා. ‘ඔයා දන්නේ කොහොමද ඒ ආවේ ඒ. එස්. පී. මහත්තයාම කියලා...’ ආයෙමත් ඒ පොලිස් නිලධාරියා මගෙන් ප්රශ්න කළා. එතකොට මම කිව්වා ටික කාලෙකට කලින් එච්.කිවු.අයි. වෙලා ආව වෙලාවේ ඉස්කෝලේ රැස්වීමකට ආවා. ඊට ටික කාලෙකට පස්සේ ඒ මහත්තයාම ඒ.එස්.පී. වෙලා ඇඹිලිපිටියටම ඇවිත් කියලා දැන ගන්න ලැබුණා. කියලා පස්සේ ඒ පොලිස් නිලධාරියා මට කියනවා ‘ඔයා කිව්ව දේවල්වලින් ඒ කතාව විතරයි ඇත්ත... ඒ.එස්.පී. මහත්තයාව ඔයා ඉදිරියට ගෙනාවොත් ඔයා, මේ කියන දේවල් මේ විදිහටම කියනවද’ කියලා මගෙන් ඇහුවා. මම ඔව් කිව්වා. ‘මට කලන්තේ වගෙයි. පැමිණිල්ල සටහන් කර ගන්න තව වේලා යනවාද...’ කියලා මම ඒ පොලිස් නිලධාරියාගෙන් ඇහුවා. එතකොට ඒ පොලිස් නිලධාරියා ‘අසනීප කාරයෙක් පැමිණිලි කරන්න ආවේ මොකටද ඉස්පිරිතාලෙකට යන්න නේ තිබුණේ කියලා කිව්වා. පස්සේ මගේ අම්මා එතැනට ඇවිත් ‘සර් මෙයා අසනීප ගතියෙන් ඉන්නේ. ඔච්චර වද දෙන්න එපා...’ කියලා පින්සෙන්ඩු වුණා. එතකොට ඒ නිලධාරියා කිව්වා උසාවිවලත් ඔය විදිහේ හරස් ප්රශ්න අහනවා. මේවා විනාඩි පහෙන්, දහයෙන් කරන වැඩ නෙමෙයි’ කියලා අම්මටත් සැර දැම්මා. මගේ පැමිණිල්ල කොල කිහිපයක සටහන් කරගෙන අන්තිම කොලේ අත්සන් කරන්න කිව්වා. පැමිණිල්ල මට කියවලා බලන්නවත් දුන්නේ නෑ. පස්සේ අපි ගෙදර ගියා. බිරිඳ විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසුව ඔවුන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය, මියගිය තැනැත්තාගේ බිරිඳට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවන ලෙස රජයට ඊයේ (17) නියෝග කළේය. ඊට අමතරව මෙම මරණයට වගකිවයුතු එවකට ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු සිවු දෙනකුට පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් වන්දි මුදල් පෙත්සම්කරියට ගෙන ලෙසද නියෝග කෙරිණි. ඊට අමතරව රාජකාරි වගකීම පැහැර හරිනු ලැබූ එවකට ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකුට රුපියල් විසි පන්දහස බැගින් පෞද්ගලිකව ගෙවන ලෙසද නියෝග කෙරිණි. මෙම සිද්ධියෙන් මියගිය සුමිත් ප්රසන්න නමැත්තාගේ බිරිඳ වන ඇඹිලිපිටිය මොරකැටිය ප්රදේශයේ පදිංචි තරංගා ලක්මාලි නැමැත්තිය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එවකට ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති නිරෝෂාන් අබේකොන්න්, පොලිස් සැරයන් වසන්ත සුරවීර, පොලිස් කොස්තාපල්වරුන් වන හේවා සංගප්පුලිගේ චමින්ද, පුෂ්පකුමාර, ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පීටර්, ප්රධාන පොලිස් පරීක්ෂක විජිත් කුමාර, ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරි ආනන්ද සමරසේකර, පොලිස්පති, ඇඹිලිපිටිය අධිකරණ වෛද්ය නිලධාරී වෛද්ය උත්පලා ආටිගල සහ නීතිපති නම්කරනු ලැබ සිටිති. මෙම තීන්දුව එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්ඳු ප්රනාන්දු සහ එස්. තුරේරාජා යන මහත්ම මහත්මින්ගෙන් යුත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්රකාශයට පත් කෙරිණි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමේ දී වගඋත්තරකාර පාර්ශ්වය විසින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 11 සහ 13 වගන්තිය උල්ලංඝනය කර තිබේ. පළමු වගඋත්තරකාර ඇඹිලිපිටිය හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු 2, 3, සහ 4 වැනි වගඋත්තරකරුවන්ට පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක් බැඟින් පෙත්සමිකාරියට ගෙවන ලෙස නියෝග කරන බව තීන්දුවේ සඳහන් වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom