දඩ_වැඩිවේ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    COLOMBO (News 1st) – රථ වාහන වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ අද සිට ක්‍රියාත්මක වේ.
    මීට පෙර පැවති දඩ පත්‍රිකාවට අන්තර්ගත වූ වැරදි සංඛ්‍යාව 23කි.

    මෙවර එය 33 ක් දක්වා වැඩිකර ඇත්තේ දඩ ගෙවීම සම්බන්ධයෙන් ද නව රෙගුලාසි ද හඳුන්වා දෙමිනි.

    රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, ඒ සඳහා වන නව දඩ පත්‍රිකා ඇතුළත් දඩ පොත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් 489 ක් වූ සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බව ය.

    මෙම නව ස්ථානීය දඩ සංශෝධන ක්‍රියාත්මක වන්නේ මේ වසරේ ජනවාරි මස 15 වන දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනූවය.

    ඒ අනූව වේග සීමා උල්ලංඝණය වන පරිදි රිය ධාවනයට මෙතෙක් රුපියල් 1000 ක්ව පැවති දඩ මුදල රුපියල් 3000 දක්වා ඉහළ දමා ඇති අතර දින 14 ක් ඇතුළත ගෙවීමට අසමත් වුවහොත් එම මුදල දෙගුණයක් වන බව පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ය.

    මාර්ග රීතිවලට අවනත නොවීම, පොලිස් නිලධාරීන්ගේ විධාන සහ සංඥාවලට අවනත නොවීම, මාර්ගයක මෝටර් රථයක් නවතා තැබීමේදී හෝ එය ළඟ නොසිටීමේදී හෝ අක්‍රියවීමක දී ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීම යන වැරදි සම්බන්ධයෙන් අය කරන නව දඩ මුදල රුපියල් 2000 ක් වේ.

    ධාවනය කරන විට රියැදුරු බලපත්‍රයක් රැගෙන යාමට අසමත්වීමේ වරදට නව දඩ මුදල රුපියල් 1000 කි.

    ආසන පටි, ආරක්ෂිත හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම සම්බන්ධයෙන් වූ වරදට 15 වන දා සිට අය කරන දඩය රුපියල් 1000 කි.

    මාර්ග සංඥාවලට අවනත නොවීම සම්බන්ධයෙන් ලබන 15 වන දා සිට අය කරන ස්ථානීය දඩය රුපියල් 1000 ක් බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආයෙම පොනිලා මහා බැංකුවවත් කඩලා ද බන්? හැම දේම වැඩි කරන්නේ?
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    vahana permit aragena loku putuwala indagena inna ayata kanna denna karamayakuth thiyenna onene. madyama anduwa , palath saba , pradeshiya saba kiyala me punchi doopath rata palanaya karanna saahenna pirisak kapa wela innawa.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ආයෙම පොනිලා මහා බැංකුවවත් කඩලා ද බන්? හැම දේම වැඩි කරන්නේ?

    පොනිල් හිට්ලර් වෙන්න හදන්නෙ:lol:

    vahana permit aragena loku putuwala indagena inna ayata kanna denna karamayakuth thiyenna onene. madyama anduwa , palath saba , pradeshiya saba kiyala me punchi doopath rata palanaya karanna saahenna pirisak kapa wela innawa.

    මේක.නම් මුස්ලිම් අයට අදාලම නැහැ..:D

    ආරක්ෂිත හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම සම්බන්ධයෙන් වූ වරදට 15 වන දා සිට අය කරන දඩය රුපියල් 1000 කි.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අඩෝ ප්‍රශ්නයක් තියනවා:confused::confused: මගේ bikeඑක ගත්තේ last year දෙසැම්බර් වල එතකොට දුම් පරීක්ෂාවක් ඕනේ උනේ නැ ආදායම් බලපත්‍රය ගන්න මොකද bike Brandnew නිසා එක මට දැන් case එකක් වෙයිද :confused::confused: බන් අදායම් බලපත්‍රයේ නම තියන්නේ කලින් owner ගේ පොතනම් මගේ නමට හරවගත්තා එකේ පොත මගේ නමට අවා insurance එකත් මගේ නමට තියන්නේ​
    :eek::eek:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    අඩෝ ප්‍රශ්නයක් තියනවා:confused::confused: මගේ bikeඑක ගත්තේ last year දෙසැම්බර් වල එතකොට දුම් පරීක්ෂාවක් ඕනේ උනේ නැ ආදායම් බලපත්‍රය ගන්න මොකද bike Brandnew නිසා එක මට දැන් case එකක් වෙයිද :confused::confused: බන් අදායම් බලපත්‍රයේ නම තියන්නේ කලින් owner ගේ පොතනම් මගේ නමට හරවගත්තා එකේ පොත මගේ නමට අවා insurance එකත් මගේ නමට තියන්නේ​
    :eek::eek:

    eka aulak wenne naha. Vehicle ekata revenue license eka thiyenawa ne. eka next year thama ape namata labennel. Dont worry.
     
    • Like
    Reactions: netlife007