සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ගේ පවුල් වල ඉතා තදින් මුල්බැස ගෙන ඇති සහ අපේ පාරම්පරික “ගුණධර්මයක්” ලෙස ජනමාධ්‍ය තුලින් හා පාසැල් වලදී උත්කර්ෂවයට නැංවෙන “වැඩිහිටියන්ට දණ්ඩ නමස්කාර කිරීම” යන “චාරිත්‍රය” අරභයා ඇති වූ වත්පොත් සංවාදයක දී මා මෙසේ පවසා සිටියෙමි.
පලමු කාරණය නම්, මෙකී දණ්ඩ නමස්කාර සිරිත කොහොමටවත් සිංහලබෞද්ධ සංස්කෘතියට පමණක් සීමා වූවක් නොවන බවයි. බොහෝ නූතන සංස්කෘතීන් විසින් වර්තමානයේ අතැහැර දමා තිබුනත් ලෝකයේ බොහෝ සංස්කෘතීන් තුළ කිසියම් ආකාරයක “දණ්ඩ නමස්කාර” සිරිතක් අතීතයේ පැවත ඇත. වර්තමාන සිංහලබෞද්ධ සංස්කෘතිය වනාහී මෙම සිරිත තවමත් පවත්වාගෙන යන සංස්කෘතීන් සුළු ගණනින් එකකි.
පොඩි වෙනසකට ඇත්තේ වර්තමානයේ අප විසින් මෙම සිරිතේ අතීත අරුත පොඩ්ඩක් වෙනස් කරගෙන “වැඩිහිටියන්ට” වැඳීම හා “පූජ්‍ය පක්ෂයට” වැඳීම යන ආකාරයට විවරණය කිරීමට උත්සාහ කිරීමය. නමුත් මෙහි සැබෑ අර්ථය නම් “බලය ඇති ගෝත්‍රිකයාට යටහත් පහත් බව ප්‍රදර්ශනය කිරීම” යි.
අප විසින් මෙම සිරිත “වැඩිහිටියන්ට වැඳීම” යනුවෙන් නම් කර තිබුණ ද බොහෝවිට “වැඩිහිටි බව” පමණක් වැඳුම් ලැබීමට ප්‍රමාණවත් කරුණක් වන්නේ නැත. බලය ඇත්තෙක් වීම සහ “කුලයෙන්” උසස් වීම වර්තමානයේ වුවද වැදුම් ලැබීම පිණිස අත්‍යවශ්‍ය කරුණකි. “කුලය” යනුවෙන් මෙහි දී අදහස් කරනුයේ සමාජ තත්ත්වයයි. එනම්, වැදුම් ලැබීමේ සාධකය ලෙස වැඩි භූමිකාවක් දරන්නේ වයස නොව බලයයි. ගෝත්‍රික නායකයා හෙවත් රජු පූජ්‍ය පක්ෂයෙන් හැර අනෙක් හැමෝගෙන්ම වැඳුම් ලැබීම අතීතයේදී සිදු විය. ඇතැම් විට, රජුගේ වැඩිමහල් ඥාතීහු පවා රජුට වැන්දෝය. එමෙන්ම ඇමතිහු, නින්දගම් හිමිහු ඔවුන්ගේ නින්දගම් වාසි කුල හීනයන්ගෙන් අනිවාර්යයෙන්ම වැඳුම් ලැබූහ. සැමියා බිරිඳගෙන් වැඳුම් ලැබුවේ ය. අදටත් ලංකාවේ ඇතැම් පළාත් වල ඇතැම් විවාහෝත්සව වලදී මනමාලිය ලවා මනමාලයාට වැන්ඳවීම සිදුවේ.
අපි මේ සිරිත් ක්‍රමයෙන් අතහරිමින් සිටින්නෙමු. නමුත් මේ අතහැරීම එක්වරම සිදුකිරීමට සමාජය ඉඩ නොදෙන බැවින් අපි දැන් “දෙමාපියන්ට පමණක් වඳිමු”, “ගුරුවරුන්ට පමණක් වඳිමු” යනා දී විවරණ වලට අමාරුවෙන් එළඹෙන්න උත්සාහ කරමින් සිටී. උදාහරණයක් ලෙස, ඇතැම් මූලධර්මවාදී සිංහලබෞද්ධයන් පවා බිරිඳ සැමියාට ප්‍රසිද්ධියේ දනගසා වැඳිය යුතු යැයි සිතන්නේ නැත. නමුත් නූතනත්වයට බොහෝදුරට අනුගත වූ සිංහලබෞද්ධයන් වුවත් තවමත් “දරුවන් දෙමාපියට හා ගුරුවරුන්ට ප්‍රසිද්ධ සභාවක දණගසා වැඳිය යුතුයි” යන මතය සමග ලොකු අවුලක් නැත. මින් පැහැදිලි වෙන කරුණ නම් නූතනත්වය විසින් අතහරින්නට යෝජනාකරන ගෝත්‍රික සිරිතක් එක්වරම අත් හැරගත නොහැකි වීමේ සංකූලතාවයෙන් අප පෙලෙන බවයි.
මාගේ දරුවන්ට මම පෞද්ගලිකව දණ්ඩ නමස්කාර සිරිත හුරු නොකලත්, පාසලෙන් හුරු කිරීම නිසා සහ නෑදෑ හිත-මිතුරන්ගේ සම වයස් කාණ්ඩ වල දරුවන්ගේ ඇසුර නිසා ඔවුන් ද ඇතැම් අවස්ථාවල මේ සිරිත නොකලොත් අපහසුතා වලට පත්වීමට ඉඩ ඇත. මාගේ අදහස් තේරුම් ගත හැකි යැයි සිතන මිතුරන්ට මා විසින් මේ ගැන පවසා ඇති නිසා ඔවුන්ගේ පවුල් තුල මේ සිරිත තදින්ම තිබුනත් මා මෙම සිරිත නොකරන බව දන්නා බැවින් ඒ අවස්ථා වලින් මා සහ මගේ දරුවන් “මුදා හැරීමට” තරම් ඔවුන් කාරුණික වේ. නමුත් සිංහලබෞද්ධ අධිපතිවාදී මත දරන හා “වැඩිහිටියන් නැමඳීම” යනු අපේ සංස්කෘතියේ ලොකුම සංකේතය යැයි මූලධර්මවාදීව කල්පනා කරන ඇතැම් නෑදෑයන් හා මිතුරන් නිසා මා අපහසුතාවයට ලක්වන අවස්ථා ද නැත්තේම නොවේ. ඔවුන්ගේ හොඳ හිත පලුදු කරගැනීමට ඇති අකමැත්ත නිසා ඇතැම් විට මුවින් නොබැන මගේ දරුවන් මේ දණ්ඩ නමස්කාර සිරිත කරනු බලා හිඳීමට මට සිදුව ඇත.
කෙසේ වෙතත්, මාගේ ඇතැම් මූලධර්මවාදී මිතුරන් විසින් “වැඩිහිටියන්ට” නැමදීම යනුවෙන් විවරණය කරන්නා වූ, නමුත් සත්‍ය වශයෙන්ම “බලය ඇති තැනට” වැදීමේ සිරිතේ සැබෑ ස්වභාවය ඉස්මතු වන අවස්ථා ද ඇත. මේ එවැනි අවස්ථාවක්:
දිනක් මම මගේ බිරිඳ, දරු දෙදෙනා, මගේ රියැදුරු ලෙස ඇතැම් විටෙක සේවය කරන වයස හැත්තෑවක් පමණ වන අසල්වාසියෙකු, සහ ගෙදර වැඩපල වලට උදව් දෙන අවුරුදු පනහක පමණ වයස ගැහැණු කෙනෙක් ද සමග කෙටි උවමනාවක් සඳහා මාගේ මූලධර්මවාදී මිතුරෙකු ගේ නිවසට ගොඩ වැදුනෝය. වැඩිහිටියන්ට නැමඳීම යනුවෙන් “සිරිතක්” පුරුදු නොකළද, සියලු පුද්ගලයන්ට තරාතිරම නොබලා, ගුණ යහපත්කම පමණක් බලා, අවශ්‍ය ගෞරවය ලබාදීම හා සමානාත්මතාවය යන සිරිත් මා විසින් මගේ දරුවන්ට හුරුකර ඇති බැවින් මගේ දරුවන් විසින් මගේ රියැදුරු හා ගෙදර අත් උදව් දෙන කාන්තාව අමතන්න්නේ “චන්ද්‍රපාල සීයා” හා “සමන්තා ඇන්ටි” (ඇත්ත නම් තරමක් වෙනස් කළෙමි) යනුවෙනි. එමෙන්ම ඔවුන් මේ දෙදෙනා සම්බන්ධව ක්‍රියා කරනුයේ ගෙදර අනෙකුත් වැඩිහිටියන් සම්බන්දව ක්‍රියාකරන ආකාරයට මැයි.
මෙම හමුවීමේ දී, ගෙදරින් පිටත් වෙන අවස්ථාවේ දී, මාගෙ මිතුරා සිය දරුවන් ලවා අමුත්තන්ගේ පාර්ශවයේ “වැඩිහිටියන්ට” වැන්දවීම සිදු කරනු ලැබීය. මේ අවස්ථාවේ අපි සියලු දෙනාම එකට අසුන්ගෙන සිටි අතර, ඇතිවූ කෙටි කතා බහේදී මා සමග ආ පුද්ගලයන් මාගේ කවුරුද යන්න මගේ මිතුරා දැනගත්තේය. වැඳීමේ නාඩගම පටන් ගත් මොහොතේ මා සහ මගේ බිරිඳගෙන් පටන්ගත් ඔහුගේ දරුවන් ඊලඟට “චන්ද්‍රපාල සීයා” වෙත යොමු විය. මෙහිදී මැදිහත්වූ මගේ මිතුරා “නෑ නෑ එයාට වඳින්න ඕනෙ නෑ. මෙයාට (කාන්තාව) වඳින්න ඕනෙත් නෑ. මේ මාමාට (මගේ බිරිඳගෙ මාමා) වඳින්නකො” යනුවෙන් වැඳිය යුතු ස්ථාන හා නොවැඳිය යුතු ස්ථාන පැහැදිලි කර දුන්නේය.
ආපසු ගෙදර යන අතර වාහනයේ දී මාගේ එවකට හය හැවිරිදි දියණිය “ඇයි තාත්ති ඒගොල්ලො චන්ද්‍රපාල සීයටයි, සමන්තා ඇන්ටිටයි වැන්දේ නැත්තෙ?” යනුවෙන් විමසීය. චන්ද්‍රපාල හා සමන්තා ඉදිරියේ දී මෙයට නිසි පිලිතුරක් දීමට මම අපොහොසත් විය. එසේවුවද, මාගේ මිතුරා ඔහුගේ දරුවන්ට උගන්වන්නේ “වැඩිහිටියන්ට ගරු කිරීම” හෝ සානුකම්පිත වීම හා සමානාත්මවාදී වීම නොවන බව නම් පැහැදිලිය. සමහරවිට “සමානාත්මතාවය” යනු සිංහලබෞද්ධ සංකල්පයක් නොවේ වන්නට ද පුලුවන.
ලිව්වේ – රිටිගල ජයසේන
http://wp.me/p3nm0y-3l
කැමති ඕනෑම අයෙක් තමන් කැමති ඕනෑම අයෙකුට වැන්දාට කමක් නැත. නමුත්, මෙය තරමක් පසුගාමී, ගෝත්‍රික (නූතන ලෝකය විසින් අතහැර දැමූ) චාරිත්‍රයක් නිසා ප්‍රසිද්ධියේ නොකරනවානම් වඩා හොඳය. ඒවගේම, මා කාගෙන්වත් වැඳුම් බලාපොරොත්තු නොවෙනවා පමණක් නොව කාටවත් වඳින්නේ ද නැත. මගේ දරුවන් ද අවුරුදු 18 පසුවී ඔවුන්ම තීරණය කොට කාට හෝ වැන්දොත් මිස මාගේ බාරයේ සිටින තාක් කල් කිසිවකුට වැඳීමට මම ඉඩදෙන්නේ ද නැත. කිසිවෙකු මාගෙ දරුවන්ගෙන් බලෙන් වැඳුම් ලබා ගැනීමට උත්සාහ කළහොත් හෝ කිසිවකුට වැඳීමට බලපෑම් කලහොත්, ළමා අපචාරය යටතේ ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගනිමි.
“වැඩිහිටියන්ට වැඳීම” යනුවෙන් අප විසින් අද නූතන ලෝකයට තරමක් හෝ පෑහෙන විදිහට වෙනස් කරගෙන තියෙන, සිංහලබෞද්ධ චාරිත්‍රයක් ලෙස ඉහලින්ම තියාගෙන ඉන්න – ඒ වගේම – අපේ දරුවන්ට බලෙන්ම වාගේ පුරුදු කරන මෙම සිරිතේ මූලයන් සහ මෙම සිරිත මීට අවුරුදු සිය ගාණකට ඉහත ක්‍රියාත්මක වූ ආකාරය විමසා බැලුවොත් අපට මේ සිරිතේ සැබෑ අර්ථය තේරුම් ගැනීමට පුලුවන.