දත්රෝග නැතිකරන ඖෂධීය ජෙලි
මෙලොව ජීවත්වන සියලුම මනුෂ්‍යයන්ට සහ සතුන්ට ද මුඛ රෝග ඇතිවන බව සෘෂි නාඩි වෛද්‍යවරු පවසා තිබෙනවා.
කදර්හි මුඛ රෝගා බාධා පීඩා
සකල සත්ත්ව මනුස්සා
කුරගා කුරගා දුර්ගන්ධ භාගා
දන්ත රෝගා බාධා හේතුං...
තිරිසන් සතුන්ට ඇතිවන මුඛ රෝගවලට වඩා මිනිසුන්ට ඇතිවන මුඛ රෝග පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරමු. අපගේ මුඛ සෞඛ්‍යය නිරෝගී නම් ශරීරයේ අනෙකුත් අවයවත් නිරෝගී බව කිව හැකියි. එනිසා මුඛ සෞඛ්‍යය කියන්නේ ශරීරයේ නිරෝගී බව පවසන කැඩපතක් බඳුය.
නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව මුඛ රෝග වර්ග දෙකක් පවතිනවා. දන්ත රෝග සහ විදුරුමස් රෝග ලෙස එය හඳුන්වනවා.
දන්ත රෝග කියන්නේ දත්වල ඇතිවන රෝගවලටයි. දත්වල එනැමලය දිරායැම, දත් කුහර ඇතිවීම, දත් ගැලවීයැම, දත්වල පැහැය වෙනස්වීම ආදිය දත් රෝග ලෙස හඳුන්වනවා.
මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අප හොඳින් දත් පිරිසිදු කරගෙන නොසිටීම නිසා විෂබීජ ආසාදනයන්ට ලක්වීමයි.
විදුරුමස් රෝගවලට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අප ගනු ලබන ආහාරපානයි. සැර ආහාර වර්ග සහ අධික ඇඹුල් රස ආහාර වර්ග ගැනීම නිසා ආමාශයේ ඇතිවන වෙනස්කම් විදුරුමස්වලට බලපානවා.
මෙය ඉතා භයානක තත්ත්වයක්. විදුරුමස් වලට හානි සිදුවන විට දත්වලට සම්බන්ධ නාඩි විකෘති වෙනාව. මෙම තත්ත්වය මතුවූ විට දත් හිරිවැටීයැම, දත් බුරුල් වීම ආදිය සිදු වෙනවා.
දත් ආරක්ෂා කර ගැනීමට ඇති නාඩි වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?
ප්‍රධාන වශයෙන් කළ යුත්තේ මුඛය හොඳින් පිරිසිදුව තබා ගැනීමයි. ඒ සඳහා ආහාර පාන ගත්පසු දත් හොඳින් මැද පිරිසිදු කර ගන්නවා වගේම ඖෂධ වර්ග භාවිතයෙන් දත් සහ විදුරුමස් ආරක්ෂා කරගත යුතුයි.
කරදමුංගූ, කරාබුනැටි, ඉඟුරු පියලි, වලඟසහල්, සුදු ගම්මිරිස්, සැවැන්දරා මුල්, අරළු යන ඖෂධ සමව ගෙන තම්බා එම ජලය හොඳින් නිවුණු පසු දවසට දෙවරක් විනාඩි පහක් පමණ බැගින් උදේ සවස කට සේදීම කළ හැකියි. දත් සහ විදුරුමස්වලට ගුණදායක පලතුරු වර්ග වන නෙල්ලි, වෙරළු, උක්ගස් නිතර ආහාරයට ගත යුතුයි.
මෙම පලතුරු වර්ග සැපීම මගින් දත්වල ශක්තිමත් බවත්, විදුරුමස්වල නිරෝගී බවත් ඇති වේ.
එසේම දත් සහ විදුරුමස්වලට හිතකර ජෙලි ආහාරයක් සාදාගෙන එය දවසට දෙවරක් ආහාරයට ගැනිම තුළින් දත්, විදුරුමස් මෙන්ම ආමාශයේ මතුවන අම්ල පිත්ත ඉහළ යැමත් පාලනය කරගත හැකියි. ආමාශයේ අම්ල පිත්ත බව ඉහළයැම, විදුරුමස්, දිව තෙල්වල තුවාල ඇතිවිමට බලපානවා.
ජෙලි ආහාරය සාදා ගන්නා හැටි -
කෝමාරිකා මද, ඉදුනු වෙරළු මද, ඉදුණු ලාවුළු මද, කහ පැහැති අඹ මද, දූරියන් මද, ඉදුණු අන්නාසි කැබැල්ලක්, ඇට ඉවත් කළ ඉදුනු තක්කාලි සමව ගෙන ලුණු සහ දෙහි අවශ්‍ය පමණට යොදා අමු ගම්මිරිස් ස්වල්පයක් අඹරා පොල් විනාකිරි හැඳි දෙකක් මිශ්‍ර කර සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු ඊට පිරිසිදු මීකිරි හැඳි දෙකක් මිශ්‍රකර තවදුරටත් හොඳින් මිශ්‍රකර ගන්න. මෙලෙස සාදාගත් ජෙලි ආහාරය පැය භාගයක් පමණ වසා තබා ඉන්පසු ආහාරයට ගන්න.
මෙම ජෙලි වර්ගය සාදා ගන්නා ආකාරය පිළිබඳව වැඩිවිස්තර දැන ගැනීම සඳහා ජංගම දුරකථන අංක 0776500677 මගින් වෛද්‍යතුමන් ඇමැතිය හැකිය.
මොරටුව අඟුලාන දුම්රිය පොළ පාර උද්‍යාන මාවතෙහි ලියන්වෙල සෘෂි නාඩි වෛද්‍ය මධ්‍යස්ථානයේ
වෛද්‍ය මහාචාර්ය ජිනසිරි ලියන්වෙල