දත් පරිස්සම් කරගත්තේ නැත්නම් වෙන දේ දැනග&#3505

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
දත් පරිස්සම් කරගත්තේ නැත්නම් වෙන දේ දැනග&#3505

දරුවන්ගේ දත් රැකගන්න දෙමව්පියන්ගේ දායකත්වය අවශ්‍යයි


attachment.php


පාසල් දරුවන් අතර අද දන්තාබාධ ඉතාම සුලබ රෝග තත්වයක් බවට පත්ව තිබෙනවා. හයක් හතරක් නොතේරෙන වයසේදී දරුවන්ට තමන්ගේ දන්ත සෞඛ්‍යය (Health) ගැන කිසිම වැටහීමක් අවබෝධයක් නැති වුනත් වැඩිහිටියන් විදිහට ඔවුන් සමාජගත වෙන දිනකදී නීරෝගී දත් දෙපලක අවශ්‍යතාවය ඔවුන්ට නොදැනීම තේරුම් යනවා. ඒත් ඒ වෙන විට ඔවුන් ප්‍රමාදයි. මේ නිසා දරුවා බාල කාලයේ පටන්ම ඔවුන්ගේ දන්ත නීරෝගිතාවය වෙනුවෙන් දෙමව්පියන්ගේ විශේෂ අවධානය යොමු වීම ඉතාම වැදගත්. මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ ගම්පල මුලික ( ශික්ෂණ ) රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍ය බී. එච්. ද සිල්වා මහතායි.



දත් මගින් පුද්ගලයෙකුගේ මුහුණට ලැඛෙන්නේ පි්‍රයජනක පෙනුමක්. මෙම පෙනුමට අමතරව දත් මගින් පුද්ගලයෙකුට ලැඛෙන වාසි කීපයක් ඇත.



දත් මගින්, දන්ත සෞඛ්‍යය (Health) පුද්ගලයෙකුට ලැඛෙන වාසි
❖ ආහාර සපා ගැනීම

❖ වචන උච්චාරනය

❖ මුහුණේ හැඩය


attachment.php


දරුවන්ගේ දත් මෝදුවීම ආරම්භ වන්නේ ඔවුන්ට මාස පහක් සහ හයක් අතර කාලවදී වුනත් සෑම දරුවෙකුටම මෙම කාලසීමාවේදීම මෙම සිද්ධිය වෙන බවට සහතික වීම අපහසුය. ඇතැම් දරුවන්ට මෙම කාලය ඉක්මවා යන අවස්ථාවන් ඇත. මුල් කිරි දත යටිහණුවේ මෝදු වෙන අතර දත් මෝදු වෙන විට ඇති වෙන විවිධ අපහසුතාවයන් කීපයක් ඇත.



දත් මෝදු වෙන විට ඇති වෙන විවිධ අපහසුතා
❖ වේදනාව නිසා දරුවාගේ හැඬිම

❖ ආහාර ප්‍රතිෙක‍ෂප කිරීම

❖ නිතර නිතර මල මුත්‍ර පිටවීම

❖ සමහර විට ඇති වෙන උණ තත්වය



මේ අන්දමින් ආරම්භ වෙන දත් දෙපල සම්පූර්ණ වෙන විට දරුවාට වයස අවුරුදු තුනක් පමණ වේ. බොහෝ දෙමව්පියන් දරුවන්ගේ කිරිදත් පිලිබඳව එතරම් උනන්දුවක් නොදක්වන්නේ මෙම දත් වැටීමෙන් පසුව ස්ථීිර දත් මෝදු වෙන නිසා වුනත් ඇත්ත වශයෙන්ම ස්ථීිර දත්වලට පාර කියන්නේ කිරිදත් බව බොහෝ අය තුළ දැනුවත් බවක් නොමැත.



ශ්‍රී ලංකාවේ වයස අවුරුදු හයට අඩු දරුවන් අතර දත් දිරා යෑම සුලබව දක්නට ලැබේ. දරුවාගේ දන්ත සෞඛ්‍යය වෙනුවෙන් යොමු යුත්තේ ඔවුන්ගේ පළමු දත මෝදු වුන දිනයේ පටන්ම බව අමතක කළ යුතු නැත. එබැවින් මේ කාලයේ පටන්ම දත් බුරුසුවක් යොදා ගෙන දත් මැදීම ඉතා වැදගත් වේ. එමෙන්ම දරුවන්ට රාති්‍ර කාලයේදී ලබා දෙන කිරිවේල නිසා ඔුවුන්ගේ මුඛයේ බැක්ටීරියා වර්ධනය වීම දත් දිරා යෑමට බලපාන හේතුවක් සේ සැලකේ. මේ නිසා සීනි සහිත ආහාර සහ කාබොහයිඩ්ඩේ්‍රට අඩංගු ආහාර හැකි තරම් සීමා කිරීමද වැදගත් වේ.


attachment.php



දරුවන්ට බොහෝ අවස්ථාවන්හි රාති්‍ර නින්දෙන් කිරි පෙවීමත් නිසාවිශේසයෙන් උඩු ඇන්දේ කිරිදත් පවා දිරා යන තත්වයට පත් වෙනු ඇත.බොහෝ මව්පියන් ගේ අදහස වී ඇත්තේ දන්ත සෞඛ්‍යය පිලිබඳව මව්පියන් උනන්දු විය යුත්තේ කිරිදත් වෙනුවෙන් නොව ස්ථීර දත් වෙනුවෙන් බවයි. එහෙත් දරුවාගේ පළමු කිරිදත මෝදු වුන තැන පටන් දන්ත සෞඛ්‍යය පිලිබඳව යොමු වීම ඉතාම වැදගත් වේ.



මේ නිසා දරුවන්ගේ සීනි සහිත ආහාර මෙන්ම කාබොහයිඩ්ඩේට් අඩංගු ආහාර හැකි තරම් සීමා කිරීම ඉතා වැදගත් වේ. දත් මොදු වීමෙන් පසුව රාති්‍ර කාලයේදී ලබා දෙන මව්කිරි පවා දත් දිරා යෑමට හේතු වේ. නින්දෙන් කිරි බෝතලය කටේ තබා ගෙන නිදාගන්නා දරුවන් අප බොහෝ විට දැක ඇත. මේ තත්වයද දත් දිරා යෑමට හේතු වේ.



ප්‍රධාන ආහාර වේලකින් පසුව මෙන්ම පැනිරස ආහාර ගැනීමෙන් පසුව කට සෝදා හැරීමට දරුවා හුරු කරන්න. අද බොහෝ දෙමව්පියන් සමග දරුවන්ට තිඛෙන ප්‍රධාන අරගලයක් බවට රාති්‍ර නින්දට පෙරාතුව දත් මැදීම පත්ව ඇත. දෙමව්පියන් වශයෙන් ඔබ මෙම කටයුත්ත ජයගත යු=තුව ඇත. ඊට හේතුව වන්නේ රාති්‍ර කාලයේ දත් නොමැද නින්දට යෑම බැක්ටීරියා වර්ධනයට අවශ්‍ය හිතකරම පරිසරය එහිදී ගොඩ නැගෙන නිසාය. එහෙත් අපි දරුවන් වැසිකිලියට හුරු කරනවා වගේම දත් මැදීමත් සාමාන්‍ය කටයුත්තක් බවට පත්කිරීමෙන් ඔබට මෙම අපහසුතාවය මග හරවා ගත හැකි වේ.



attachment.php


වයස අවුරුදු 5 -15 අතර පාසල් දරුවන්ගේ මිශ්‍ර දත් දක්නට ලැබෙනවා. ඒ නිසා දෙමව්පියන් වශයෙන් අපි ඔවුන්ගේ මේ කිරි සහ ස්ථීර දත් පිලිබඳව අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.පාසල් දරුවන් අතර දත් දිරා යෑම සුලබව දක්නට ලැඛෙනවා. මේ නිසා මසා හයකටවරක්වත් සුදුසුකම් සහිත දන්ත වෛද්‍යවරයෙක් ලවා දරුවාගේ දත් පරීක්සා කර ගැනීමෙන් දන්ත ව්‍යසනයන්ගෙන් ඔවුන් ආරක්ෂා කර ගත හැකියි. මේ වයසේදී ඇති වෙන විකෘති දත් ( malocclusim ) පවා මේ අවස්ථාවේදී යථා තත්වයට පත් කර ගත හැකියි.



පාසල් වයස්වලදී දරුවන්ගේ කාර්යබහුල ජීවිතය සමග දන්ත සෞඛ්‍ය පිලිබඳව අවධානය මව්පියන්ගෙන්ද ගිලිහී යන නිසා දරුවන් අතර දන්තාබාධ බහුලව දක්නට ලැබේ.එහෙත් දෙමව්පියන් වශයන් ඔබ දරුවාගේ දත් දෙපෙල ආරක්ෂා කිරීමට අවශ්‍ය සහයෝගය ලබා නුදුනහොත් අනාගතයේදී ඔවුන්ට ලස්සන දත් දෙපෙලකින් සිනාසීමට ඇති අයිතිය අහිමි වෙනු ඇත.



දරුවාගේ දන්ත සෞඛ්‍ය ( Health ) ගැන උනන්දු වෙන්න නම්
❖ නිතරම දරුවාගේ දන්ත සෞඛ්‍ය ගැන උනන්දු වෙන්න.

❖ මාස හයකට වරක් දන්ත චිකිත්සාගාරයකින් දත් පරීක්ෂා කරන්න.

❖ දන්ත සෞඛ්‍ය රැකෙන පෝෂණීය ආහාර ලබා දෙන්න.

❖ තමන්ගේ දත් දෙපෙල ලස්සනට තබා ගැනීමේ වැදගත්කම දරුවාටත් කියා දෙන්න.

මේ අන්දමට දත් ආරක්ෂා කිරීම යනු තනි අතින් අත්පොලොසන් දීම අපහසුය යන සිද්ධාන්තයට සමාන වේ. එබැවින් දරුවන්ගේ දත් රැක ගැනීමේ කටයුත්ත වෙනුවෙන් මව්පියන් සහ දරුවන් අතර ඉතාම මිත්‍රශීලි සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම අත්‍යවශ්‍ය වේ.



 

Attachments

  • dental health the woman.lk 3.jpg
    dental health the woman.lk 3.jpg
    24.8 KB · Views: 222
  • dental health the woman.lk 2.jpg
    dental health the woman.lk 2.jpg
    31 KB · Views: 220
  • dental health thewoman.lk 3.jpg
    dental health thewoman.lk 3.jpg
    85.6 KB · Views: 217
  • dental health thewoman 5.jpg
    dental health thewoman 5.jpg
    42.5 KB · Views: 218