දත් හිරිවැටෙන්නේ ඇයි? | දන්ත සංවේදීතාවය (Dentin Hypersensitivity)

Media1

Active member
  • Sep 9, 2022
    151
    186
    43
    දත් හිරිවැටීමට හේතු | දන්ත සංවේදීතාවයට හේතු.

    නිතර නිතර දත් හිරිවැටීමේ තත්වය දන්ත සන්වේදීතාවය ලෙස හදුන්වනවා.
    මේ ආකාරයට දත් හිරිවැටීමට බලපාන හේතු ගැන අපි අද කතා කරමු.

    දතක ව්‍යුහය ගැන අපි මුලින්ම අදහසක් අරන් ඉමු.
    දතක මූලික කොටසක් තුනක් දකින්න පුළුවන්. එම කොටසක් තුන එනමලය , දන්තීනය හා දන්ත කල්කය / කල්ක කුහරයයි.

    දතේ මතුපිටින් දකින්න ලැබෙන කොටස එනමලය ලෙස හදුන්වනවා.එනමලය ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නෙ කැල්සියම් හයිඩ්‍රොක්සි ඇපටයිට් කියන සංයෝගයෙන්.

    එනමලය කිසිදු සන්වේදීතාවයකින් තොර වුනත් එනමලයට යටින් පිහිටා තිබෙන දන්තීනය ස්නායු සැපයුමකින් සමන්විත නිසා සන්වේදීතාවයකින් යුක්තයි.

    කල්ක කුහරයට ස්නායු සැපයුමක් වගේම රුධිර සැපයුමකුත් ලැබෙනවා. ඒ හේතුවෙන් දන්තීනයට වඩා කල්ක කුහරය අධි සන්වේදීතාවයක් දක්වන කොටසක්.

    එනමලය හදුන්වන්නේ මිනිසුන් සිරුරේ තිබෙන ශක්තිමත්ම පටකය විදියට. එහෙම වුනත් විවිධ හේතු නිසා එනමලයට හානි වීම සිදුවෙනව.

    බැක්ටීරියා මඟින්, විවිධ අම්ල වර්ග වල බලපෑම,දත්මිටිකෑම වැනි පුරුදු නිසා හෝ දත් වලට සිදුවන වෙනත් අනතුරු සහ අහිතකර බලපෑම් මඟින් එනමලය හානි වීම හෝ ගෙවීයාම සිදු වෙන්න පුළුවන්.

    බෝතල් මූඩි ආදිය දත් මඟින් විවෘත කිරීම, ඝනකම් කෙඳි සහිත දත් බුරුසු භාවිතා කිරීම වගේම අනවශ්‍ය පීඩනයක් යොදා තදින් දත් මැදීම හෝ අනවශ්‍ය ලෙස වැඩි කාලයක් දත් මැදීම වැනි දේ නිසාත් එනමලයට හානි වීමේ හැකියාවක් තියෙනවා.

    එනමලය මෙසේ හානි වීම සිදු වුනාම එනමලය හා දන්තීනය අතර පරතරය අඩු වීමෙන් හෝ දන්තීනය පිටතට නිරාවරණය වීම නිසා දන්ත සන්වේදීතාවය ඇති වෙනවා.මෙලෙස එනමලය හානි වුන දතක් තව දුරටත් දිරා යාම හෝ හානි වීම දිගින් දිගටම සිදු වූවොත් කල්ක කුහරය දක්වා පිටතට නිරාවරණය වීම සිදු වෙනවා.

    මීට අමතරව, දත වීදුරුමසට සවිවන ප්‍රදේශයේ දතේ බාහිරෙන් ඇති දන්ත සිමෙන්තිය එනමලය තරම් ශක්තිමත් නොවන අතර දත්මුල් දියවීම වැනි තත්වයන් නිසා මෙම දන්ත සිමෙන්තිය බාහිරට විවෘත වී එම දන්ත සිමෙන්තිය අම්ල මඟින් දිය වුන අවස්ථාවකදීත් දත් හීරි වැටීමක් ඇති වෙන්න පුළුවන්.

    එනමලයට හානි සිදු වී ඇති මුල්ම අවස්තාවේ දී ෆ්ලොරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතයෙන් දත්කුහර නැවත යම්කිසි දුරකට යථා තත්වයට පත්කරන්න පුළුවන්. නමුත් එනමලය සම්පූර්ණයෙන්ම හානි වී දන්තීනය දක්වා පිටතට නිරාවරණය වී දත් හිරිවැටෙන තත්වයකට පත් වුනාම එනමලය නැවත යථාතත්වයට පත් කරන්න බැරි නිසා අනිවාර්යයෙන්ම දන්ත වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න. සන්වේදීතාවය අඩු කරන දන්තාලේප ආදිය මඟින් දන්ත සන්වේදීතාවයට තාවකාලික සහනයක් ලබා ගන්න පුලුවන් වුනත් හැකි ඉක්මනින් දන්ත වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා ප්‍රතිකාර මඟින් දන්ත සන්වේදීතාවයට ස්ථීර විසදුමක් ලබා ගන්න පුලුවන්. ඉතින් ඔබටත් දන්ත සන්වේදීතාවය තියෙනවා නම් තවත් බලන්න බලන්න ඉන්න එපා ඉක්මනින්ම දන්ත වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාර ලබා ගන්න.


     

    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    මන් ඉස්කෝලේ යන කාලේ ඩොක්ටර් කෙනෙක් කිව්වා දත විදුරුමසට සම්බන්ධ වෙන තැන විශේෂයෙන් ම හොදට මදින්න කියලා..
    ඔව් අනිවාර්යයෙන්ම හොඳට මඳින්න ඕන. නැත්තන්ම් විදුරුමස් රෝග එන්න පුළුවන්. ඒත් ප්‍රශ්නේ තියෙන්න ගොඩක් දත් බුරුසුවල කෙඳි ගොඩක් ඝනකම් එක. soft දත් බුරුසු පාවිච්චි කරනවා නම් හොඳයි. අනිත් එක අනවශ්‍ය ප්‍රෙශර් එකක් සහ ලොකු කාලයක් විදුරුමස් මදින එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි කියල තමයි කියන්නේ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Implant mschn...tooth was extracted completely
    එහෙනම් තුවාලේ හොදටම හොද වෙනකන් ඉන්න ඕනේ bro.. මන් හිතන්නේ දත ගලවල මාස කීපයක් යනකන් ඉන්න ඕනේ.. ඊට පස්සෙ implant එකට පොඩි කැපුමක් දාලා හදනවා.. ඒකත් වේලෙනකන් ඉදලා තමා දත set කරන්නේ.. මාස හත අටක process එකක්..

    Ps: මන් dentist කෙනෙක් නෙවේ.. ඉස්සර ඩෙන්ටෝ මට කියපු දේවල් වලින් තමා ලිවේ.. දැන් මේ duration එක මීට වඩා අඩු වෙන්නත් පුළුවන්..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,229
    113
    එහෙනම් තුවාලේ හොදටම හොද වෙනකන් ඉන්න ඕනේ bro.. මන් හිතන්නේ දත ගලවල මාස කීපයක් යනකන් ඉන්න ඕනේ.. ඊට පස්සෙ implant එකට පොඩි කැපුමක් දාලා හදනවා.. ඒකත් වේලෙනකන් ඉදලා තමා දත set කරන්නේ.. මාස හත අටක process එකක්..

    Ps: මන් dentist කෙනෙක් නෙවේ.. ඉස්සර ඩෙන්ටෝ මට කියපු දේවල් වලින් තමා ලිවේ.. දැන් මේ duration එක මීට වඩා අඩු වෙන්නත් පුළුවන්..
    Ah ela... thanks
    Aaye paarak dental gaane yanna wena awula tamai... But me datha nathuwa dan hapannath ba wage hariyata 😩
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ah ela... thanks
    Aaye paarak dental gaane yanna wena awula tamai... But me datha nathuwa dan hapannath ba wage hariyata 😩
    දතක් ගැලෙව්වම තියෙන ලොකුම seen එක බං ඒකට අල්ලපු දත්වලට ඒ දතෙන් ආපු සපෝර්ට් එක නැති වෙන එක.. උබ දත ගලවල ගොඩක් කල් නම් කන්නාඩියෙන් බලපංකො අනිත් වටේ තියෙන දත් ඒ හිඩැස පැත්තට නැවෙනවා.. ඒකෙන් ඒ දතුත් සවුත්තු වෙන්න පටන් ගන්නවා.. ඕක තමා දතක් ගැලෙව්වම තියෙන ලොකුම හෙනේ 🥲
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දතක් ගැලෙව්වම තියෙන ලොකුම seen එක බං ඒකට අල්ලපු දත්වලට ඒ දතෙන් ආපු සපෝර්ට් එක නැති වෙන එක.. උබ දත ගලවල ගොඩක් කල් නම් කන්නාඩියෙන් බලපංකො අනිත් වටේ තියෙන දත් ඒ හිඩැස පැත්තට නැවෙනවා.. ඒකෙන් ඒ දතුත් සවුත්තු වෙන්න පටන් ගන්නවා.. ඕක තමා දතක් ගැලෙව්වම තියෙන ලොකුම හෙනේ 🥲

    දතක් කැඩිලා ගියා. දැන් ඒ හිඩැසට අනිත් දත් නැවෙනවා මාර සින් එක
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,229
    113
    දතක් ගැලෙව්වම තියෙන ලොකුම seen එක බං ඒකට අල්ලපු දත්වලට ඒ දතෙන් ආපු සපෝර්ට් එක නැති වෙන එක.. උබ දත ගලවල ගොඩක් කල් නම් කන්නාඩියෙන් බලපංකො අනිත් වටේ තියෙන දත් ඒ හිඩැස පැත්තට නැවෙනවා.. ඒකෙන් ඒ දතුත් සවුත්තු වෙන්න පටන් ගන්නවා.. ඕක තමා දතක් ගැලෙව්වම තියෙන ලොකුම හෙනේ 🥲
    happata...thanks machan....
    thaama meka heal wena gaman...one month wage wenne..... kela wenna kalin implant ekak kara ganna wei wage ehenam.... :(
    shik datha galawanne nathuwa goda daannama ba kiwwane...nerve filling ekak karala thibba ekak....
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @dath kimbula අයියා තමා ඉස්සර දත් සම්බන්ධ දේවල් ගැන කිරියෙ උන්ට දැනුම දුන්නෙ
    ගින්දර ඩයල් එක. මගේ දතක් හිරි වැටෙන්න ගත්තා එපා වෙන්න. කිඹුලා අයියා කියපු දේවල් ටිකක් කලා හරි ගියා. දැන් කිරියේ පේන්න නැහැ.
     

    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    දතක් ගලවලා කොච්චර කාලෙකින් දතක් හයි කරන්න පුළුවන්ද? Cost?
    මාසයක් දෙකක් වගේ ඉන්න වෙයි. එක දතක් 90,000- 150,000 අතර වගේ වෙයි. කොහොමත් මාස 4ත් 6ත් අතර ඇදෙන වැඩක් implant කියන්නේ . full set එකම දාද්දි කොහොම වෙයිද දන්නෑ.

    බලපු නැති අය පහළ වීඩියෝ එක බලන්න. Dental implant සරල විස්තරේ විතරයි ඕකේ තියෙන්න ඒත්.

    https://elakiri.com/threads/කෘතීම-දත්-හිටවන්නේ-මෙහෙමයි-දත්-බද්ධ-කිරීම-දත්-සිටුවීම-dental-implant.2110561/#post-28970527