දන්න ගීයක නොදන්න කතාවක් 3

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ ගීතය මම පොඩි කාලෙ ඉඳන් අද වෙනකල්ම කිසිම වෙනසක් නැතුව එක විදිහටම ආස කරපු, රසවිඳපු සිංදුවක්...

    හැබැයි මේ ගීතයේ ගායකයාගෙ කටහඬට අනුව මම මෙතුවක් කල් හිතාගෙන හිටියෙ මේ ගීය ගායනා කරන්නෙ ලක්ශ්මන් විජේසේකරයන් කියල....
    අද මේ පෝස්ට් එක දාන්න ලෙරික්ස් හොයනකොට තමයි දැනගත්තෙ මේ ගීය රෝහණ වීරසිංහයන්ගේ නිර්මාණයක් කියල...

    පදරචනය - එස්. මහින්ද හිමි
    ගායනය සහ සංගීතය - රෝහණ වීරසිංහ

    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ
    ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි

    දුකසේ සිටුවා අඹ ඇටයක් අද
    එක අඹයක්වත් කන්න ලැබේවිද
    මම ළමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
    කරන්ට හැකිදේ නොමතේරෙයි මට
    පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
    හැදුනොත් ඔහොමට
    ඔබටම වෙයි දොස

    පෙර උන් අය සිටවූ අඹ ගස් වල
    ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

    මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

    මේ ගීතයෙ කියවෙන, අඹ ඇටයේ දෙබසට වඩා එහාට ගිය කරුණක් මට නිතරම දැනුන...

    ඒක තමයි,

    අපි කෙනෙකුට උදව්වක් කරනවනං, ඒ උදවුව කරන කෙනාගෙන් කිසිම ප්‍රති උපකාරයක්, අඩු තරමින් සිනහවක්වත් බලාපොරොත්තු නොවී උදවු කරන්න කියන එක....

    ඒ ගුණය අපිට කලින් පරම්පරා වල පැරණි මිනිස්සු අතර තිබිල තියෙනව. හැබැයි අද වෙනකොට ඒ වගේ ගතිගුණ මිනිස්සු අතරින් ටිකෙන් ටික නැති වෙලා යමිනුයි තියෙන්නෙ.....

    මේ කාරනාවත්, මේ ගීතයේ ඇතුලේ කෙරෙන දෙබසට සම්බන්ධ, පරම්පරා දෙකක සාමාජිකයින් වන මුත්තා සහ ළමයා අතර දෙබස තුලින්ම පෙන්වනව....

    ගීත වල තේරුම් ගැන, මම මීට කලින් දාපු පෝස්ට්...

    https://elakiri.com/threads/දන්න-ගීයක-නොදන්න-කතාවක්.1950987/

    https://elakiri.com/threads/දන්න-ගීයක-නොදන්න-කතාවක්-2.1952462/
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අපි කෙනෙකුට උදව්වක් කරනවනං, ඒ උදවුව කරන කෙනාගෙන් කිසිම ප්‍රති උපකාරයක්, අඩු තරමින් සිනහවක්වත් බලාපොරොත්තු නොවී උදවු කරන්න කියන එක....
    සහතික ඇත්ත, ඕක මහ toxic පුරුද්දක් බං. කොහෙද ඉතින්, කරපු පිං පොත්වල ලියාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටක්නෙ මේක
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    TFS. Mata oka ehenne maha jara widiyakata sahodaraya 😔
    කියන්න එපා මචං හිතේ තියාගෙනම ඉන්න....
    සහතික ඇත්ත, ඕක මහ toxic පුරුද්දක් බං. කොහෙද ඉතින්, කරපු පිං පොත්වල ලියාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටක්නෙ මේක
    :yes: :yes: :yes: අනිවා මචං...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    TFS

    ගූගල් එක ඕක කියවන්නෙ මෙහෙම

    1638028579594.png
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ ගීතය මම පොඩි කාලෙ ඉඳන් අද වෙනකල්ම කිසිම වෙනසක් නැතුව එක විදිහටම ආස කරපු, රසවිඳපු සිංදුවක්...

    හැබැයි මේ ගීතයේ ගායකයාගෙ කටහඬට අනුව මම මෙතුවක් කල් හිතාගෙන හිටියෙ මේ ගීය ගායනා කරන්නෙ ලක්ශ්මන් විජේසේකරයන් කියල....
    අද මේ පෝස්ට් එක දාන්න ලෙරික්ස් හොයනකොට තමයි දැනගත්තෙ මේ ගීය රෝහණ වීරසිංහයන්ගේ නිර්මාණයක් කියල...

    පදරචනය - එස්. මහින්ද හිමි
    ගායනය සහ සංගීතය - රෝහණ වීරසිංහ

    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ
    ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි

    දුකසේ සිටුවා අඹ ඇටයක් අද
    එක අඹයක්වත් කන්න ලැබේවිද
    මම ළමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
    කරන්ට හැකිදේ නොමතේරෙයි මට
    පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
    හැදුනොත් ඔහොමට
    ඔබටම වෙයි දොස

    පෙර උන් අය සිටවූ අඹ ගස් වල
    ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

    මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

    මේ ගීතයෙ කියවෙන, අඹ ඇටයේ දෙබසට වඩා එහාට ගිය කරුණක් මට නිතරම දැනුන...

    ඒක තමයි,

    අපි කෙනෙකුට උදව්වක් කරනවනං, ඒ උදවුව කරන කෙනාගෙන් කිසිම ප්‍රති උපකාරයක්, අඩු තරමින් සිනහවක්වත් බලාපොරොත්තු නොවී උදවු කරන්න කියන එක....

    ඒ ගුණය අපිට කලින් පරම්පරා වල පැරණි මිනිස්සු අතර තිබිල තියෙනව. හැබැයි අද වෙනකොට ඒ වගේ ගතිගුණ මිනිස්සු අතරින් ටිකෙන් ටික නැති වෙලා යමිනුයි තියෙන්නෙ.....

    මේ කාරනාවත්, මේ ගීතයේ ඇතුලේ කෙරෙන දෙබසට සම්බන්ධ, පරම්පරා දෙකක සාමාජිකයින් වන මුත්තා සහ ළමයා අතර දෙබස තුලින්ම පෙන්වනව....

    ගීත වල තේරුම් ගැන, මම මීට කලින් දාපු පෝස්ට්...

    https://elakiri.com/threads/දන්න-ගීයක-නොදන්න-කතාවක්.1950987/

    https://elakiri.com/threads/දන්න-ගීයක-නොදන්න-කතාවක්-2.1952462/

    @PHBhagya sudu yaluwe
    Lee tika aran dennam computer table ekkuy dining table dekakiy hadala denna
    Elakiri eken adura gatta rattaran yaluwek oya
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    මොනවද "තාත්තේ"???

    හෙලයෝ....... ඔයා ඉතිං ඔය මට කියල....
    හත්තිලව්වේ ඉතින් ඔව්ව හරියට ගුගල් එකට කියල දීල නැති නිසා වෙලා තියෙන දෙයක්. උබත් ගිහින් අප්ඩේට කරල ෆීඩ්බැක් එකක් දාපන් හරි එක.