දන්න ගීයක නොදන්න කතාවක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තාර පාර දිග පාට පාට කඩ
    සල් පිල් හෙවනැල්ලේ.....
    ගිනි සුළඟින් දූවිලි ඇවිලෙනව
    ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ...

    මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු උන තරුණ පරපුරට කරන අනතුරු හැඟවීමක් තමයි මේ තියෙන්නෙ.
    මෙතනදි ගිනි හුලඟ කියන්නෙ සිගරට්ටුවෙ අග කෙලවර ගිනි අවුලල ඉහලට අදින හුස්මට.
    දූවිලි කියන්නෙ දුම්කොළ හෝ ඒ සමාන මත්ද්‍රව්‍ය වලට.

    රෑප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
    කාසි තරඟයට සූදු කෙළිනවා.....
    ජීවිතයෙ රණ බිමට වඬින්නට
    මලේ නුඹට කල දවසක් එනවා...

    ටී.වී, මොනිටර් දාල හදල තියෙන රේස් බුකිවල අතේ තියෙන මුදල ඔට්ටු දාල සෙල්ලම් කරාට.
    ජීවිතය කියන්නෙ සෙල්ලමක් නෙමෙයි, යද්ධයක්. අතේ තියෙන මුදල් සෙල්ලමකට යෙදෙවුවම ජීවිතය කියන යුද්ධයට මුහුන දෙන්නෙ කොහොමද?

    බෝල ලොසින්ජර දිව රස කෙරුවට
    බඩගින්දර නෑ නිවාදමන්නේ....
    කීරි ගැහෙන කල වාරු නැති දෙපා
    කොහොමද නුඹ දිගු ගමන දුවන්නේ..

    ලොසින්ජරයකින් කරන්නෙ සුලු කාලයකට දිවට රසක් දෙන එක විතරයි. මත්ද්‍රව්‍යත් ඒ වගේ. සුලු වේලාවකට මනස රවටන එක විතරයි කරන්නෙ.
    හැබැයි මොහොතක වින්දනයෙන් ගතත්, සිතත් දුර්වල වෙලා මුලු ජීවිතේටම බලපෑමක් එල්ලවෙනව.

    ගායනය- මාලනී බුලත්සිංහල
    ගී පද- මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර
    සංගීතය- ආනන්ද ගමගේ
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කීරි ගැහෙන කල වාරු නැති දෙපා
    කොහොමද නුඹ දුර ගමන දුවන්නේ..

    ---
    ස්ටෙරොයිඩ් ගන්න එපා කියලා කියන්නේ ඇත්ලීට්ස්ලට
    ඒ කිවුවෙ මචං? තේරුන්නෑ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    තාර පාර දිග පාට පාට කඩ
    සල් පිල් හෙවනැල්ලේ.....
    ගිනි සුළඟින් දූවිලි ඇවිලෙනව
    ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ...

    මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු උන තරුණ පරපුරට කරන අනතුරු හැඟවීමක් තමයි මේ තියෙන්නෙ.
    මෙතනදි ගිනි හුලඟ කියන්නෙ සිගරට්ටුවෙ අග කෙලවර ගිනි අවුලල ඉහලට අදින හුස්මට.
    දූවිලි කියන්නෙ දුම්කොළ හෝ ඒ සමාන මත්ද්‍රව්‍ය වලට.

    රෑප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
    කාසි තරඟයට සූදු කෙළිනවා.....
    ජීවිතයෙ රණ බිමට වඬින්නට
    මලේ නුඹට කල දවසක් එනවා...

    ටී.වී, මොනිටර් දාල හදල තියෙන රේස් බුකිවල අතේ තියෙන මුදල ඔට්ටු දාල සෙල්ලම් කරාට.
    ජීවිතය කියන්නෙ සෙල්ලමක් නෙමෙයි, යද්ධයක්. අතේ තියෙන මුදල් සෙල්ලමකට යෙදෙවුවම ජීවිතය කියන යුද්ධයට මුහුන දෙන්නෙ කොහොමද?

    බෝල ලොසින්ජර දිව රස කෙරුවට
    බඩගින්දර නෑ නිවාදමන්නේ....
    කීරි ගැහෙන කල වාරු නැති දෙපා
    කොහොමද නුඹ දිගු ගමන දුවන්නේ..

    ලොසින්ජරයකින් කරන්නෙ සුලු කාලයකට දිවට රසක් දෙන එක විතරයි. මත්ද්‍රව්‍යත් ඒ වගේ. සුලු වේලාවකට මනස රවටන එක විතරයි කරන්නෙ.
    හැබැයි මොහොතක වින්දනයෙන් ගතත්, සිතත් දුර්වල වෙලා මුලු ජීවිතේටම බලපෑමක් එල්ලවෙනව.

    ගායනය- මාලනී බුලත්සිංහල
    ගී පද- මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර
    සංගීතය- ආනන්ද ගමගේ

    good thread..keep it up
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    images.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    thawa mukuth nadda?
    තියෙනව ඉස්සරහට දාන්නං. තේරුමක් දාන්න කලින් හරියටම පැහැදිලි කරගෙන ඉන්න ඕනෙ. ආවට ගියාට දැම්මොත් ගීතය විකෘති කරා වෙනව.