සම්මුඛ චෛත්‍ය
බුදුරදුන් බුද්ධත්වයට පත්ව පස්වග තවුසන් මුලින්ම හමු වූ ස්ථානය තමයි මේ....මුස්ලිම් ආක්රමණීකයන් විසින් මෙම චෛත්‍ය මුදුනේ තිබු නිදන් පැහැරගත් බව කියවේ..මෙක තියෙන්නේ වාරණාසි(බරනැස් නුවර) වරණ + අසි යන ගංගා 2 මැදිවූ නිසා වරණඅසි වර්ථමානයේ වාරණාසි නමින් හදුන්වනවා උත්තර ප්‍රදේශයට අයත් ..ඒ දවස්වල කසී රටේ අග නුවර වගේම කසී සලු වලට ප්‍රසිද්දය..
මිගදාය-(ඉසිපතානාරාමය)
මිගදාය කියන්නේ මුවන්ට අභයස්ථානයක් වූ ස්ථානයක් අදත් මුවන් දක්නට ලැබේ සාරානාත් කියන්නේත් මේ හරියට..පස්වග තවුසන්ට ධම්සක් සූත්‍රය දේශනා කල ස්ථානයද මෙයයි එම ස්ථානයේ පිහිටවූ චෛත්‍ය ධම්මික චෛත්‍ය ලෙස හදුන්වයි..සැදැහැවත් කුල පුත්‍රයකු දැක වැදගත යුතු එක් ස්ථානයක් තමයි මෙතන..මෙතන එහා පැත්තේ කෞතුකාගාරය තුල තමයි සාරානාත් බුදු පිලිමය තියෙන්නේ..කෞතුකාගාරයට කැමර් හා ෆොන් ගෙනියන්න තහම් ඒ නිසා පින්තූර නම් ගන්න බැරි උනා..මම ඉන්දියාවේ කෙනෙක් කියලා හිතපු ආරකශකයෙක් ටිකට් ඉල්ලලා පොඩි සද්දෙකුත් දැම්මා මට
දන්න හින්දි ටිකක් දාලා බේරැනා..ධර්මාශෝක රජුන් වන්දනාමාන කල ඉදිකල ස්ථාන වල අශෝක ස්ථම්භයක් පිහිටවනවා සිංහ මූනූ 3 ඇති උස කුලුනක් මේක දැන් ගලවගෙන ගිහින් කෞතුකාගාරයේ තමයි තියෙන්නේ
මූලගන්ධ කුටි විහාරය
බුදුරජානන් වහන්සේ ප්‍රථම වස් විසූ ස්ථානය මෙයයි මේ වගේ ගොඩක්ම නටබුන් ඉසිපතනාරාමයේ අදටත් දක්නට ලැබෙනවා සම්පූර්ණ භූමිය අක්කට 900 වගේ කියලා කියන්නේ
මෙයා නම් ෆොටෝ එකට ඉන්න බෑම කිව්වා..හරි අමාරැවෙන් කැමති කරවා ගත්තේ
දබදිව වන්දනා-01
දබදිව වන්දනා-02
Last edited:
