දඹුල්ලේ ගැටලුව ගැන තවත් සාකච්ඡාවකට අගමැත
දඹුල්ල පූජා භූමි පරිශ්‍රයේ ඉදිකර ඇති බව කියන ඉස්ලාම් ආගමික සිද්ධස්ථානය සම්බන්ධ සිද්ධිය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා ඉස්ලාම් දේශපාලනික හා ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ සඳහා ප්‍රතිචාර ලෙස හෙට(27) දින ආගමික ඇදහීම්වලින් පසු එම සාකච්ඡා සඳහා ඉස්ලාම් දේශපාලනික හා ආගමික නායකයින් එකඟතාවය පළකර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අදාළ ගැටලුව සම්බන්ධව මීට පෙර එම නායකයින් සමග පැවති සාකච්ඡාවලදී එම ඉස්ලාම් සිද්ධස්ථානය රිසි වෙනත් ස්ථානයක ඉදිකිරීම සම්බන්ධව එකඟත්වය පළවූ බව එම නිවේදනයෙන් දක්වා තිබේ.
පසුව විවිධ අවශ්‍යතා මත අදාළ එකඟතාවය බිඳදැමුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා ඉස්ලාම් ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනීසිටින බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
දඹුල්ල පූජා භූමි පරිශ්‍රයේ ඉදිකර ඇති බව කියන ඉස්ලාම් ආගමික සිද්ධස්ථානය පිළිබඳ ගැටලුව සම්බන්ධ අදාළ යෝජිත සාකච්ඡාවේ දී එළඹෙන තීරණයන් ඒ ලෙසම ක්‍රියාවට නැංවීමට රජය කටයුතු කරන බව ද එම කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.
source -adaderana

Last edited by a moderator: