දඹුල්ල මූලික රෝහලේ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,133
    2,530
    113
    Redhat lab - Aukland
    දඹුල්ල මූලික රෝහලේ

    දඹුල්ල මූලික රෝහලේදී දරු ප‍්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යාමට සූදානම් වන මව්වරුන්ට උපත් පාලනයකට නතුවන ලෙසට බලපෑම් සිදුකරන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

    ඒ සඳහා මව්වරුන්ට බලහත්කාරයෙන් උපත් පාලන උපකරණයක් ශරීරයේ සවි කරන බවටයි තොරතුරු වාර්තා වුණේ.

    ඊට අකමැති මව්වරුන්ට නිවෙස් වෙත යා නොදී දින ගණනක් රෝහල් වාට්ටු තුළ අලූත උපන් බිළිදාද සමග බලහත්කාරයෙන් රඳවා ගන්නා බවද සඳහන්.

    මේ පිළිබද සොයා බැලීම සදහා නෙත් නිවුස් වාර්තාකරුවන් අද උදෑසන දඹුල්ල මූලික රෝහල වෙත ගියා.

    එහිදී මව්වරුන් ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ උපත් පාලන උපකරණය සවි කිරීමට අකමැත්ත පළ කළහොත් දරුවාගේ උප්පැන්න සහතිකය ලියන පෝරමය පවා ලබා නොදෙන බවයි.

    දඹුල්ල රෝහලේ සිදුවන බව කියන මෙම සිද්ධියට විරෝධය පළ කරමින් පිරිසක් ලිඛිතව බලධාරීන් වෙත පැමිණිලිද කර තිබෙනවා.

    රෝහලේ ගැබිණි වාට්ටුවේ ද්‍රවිඩ ජාතික වෛද්‍යවරියක් මෙලෙස බලපෑම් කරන බවයි නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

    නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී චාල්ස් නුගවෙලගෙන්ද විමසීමක් කළා.

    ඔහු කියාසිටියේ මෙවැනි සිද්ධියක් පිළිබද පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබද වහාම පරීක්‍ෂණයක් සිදුකරන බවත්ය.

    රෝගීන්ගේ අකමැත්තෙන් කිසිදු ප‍්‍රතිකාරයක් කිරීමට නොහැකි බවද දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් කියාසිටියා.


    17155371_425392847802514_1934806173199854625_n.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දබුල්ල රෝහලේ ඉන්නේ GMOA ඩොක්කු නෙමෙයි.........

    දබුල්ල රෝහලේ ගෑණු වඳ කරන SAITM ඩොක්කු පන්නව්..........
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මාවනෙල්ල හොස්පිටල් එකෙත් ඔහොම ළමයි වද කරලා නවාස් කියල වේසිගෙ පුතෙක් හිටියා එකා දැන් ඉන්නේ ගම්පොල හොස්පිටල් එකේ.ළමය හම්බ උනාට පස්සේ උප්පැන්න ලියන ෆෝරම් දෙන්න එටකොට බබාට විදින බෙහෙත් ටික එහෙම ගන්න චාර්ඩ් පුරවන්නනම් වැඩ සැත්කම කරන්න ඕනි කියලා බල කරනවාලු සමහරු බයට කරගෙන එනවා .සිංහල සංවිදාන වලින් මෙටව මුකුත් කරන්නේ නැත්තේ අය.සෝඩා බෝටලේ කැඩුවා වගේ රැල්ලට යනවා විටරයි.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මාවනෙල්ල හොස්පිටල් එකෙත් ඔහොම ළමයි වද කරලා නවාස් කියල වේසිගෙ පුතෙක් හිටියා එකා දැන් ඉන්නේ ගම්පොල හොස්පිටල් එකේ.ළමය හම්බ උනාට පස්සේ උප්පැන්න ලියන ෆෝරම් දෙන්න එටකොට බබාට විදින බෙහෙත් ටික එහෙම ගන්න චාර්ඩ් පුරවන්නනම් වැඩ සැත්කම කරන්න ඕනි කියලා බල කරනවාලු සමහරු බයට කරගෙන එනවා .සිංහල සංවිදාන වලින් මෙටව මුකුත් කරන්නේ නැත්තේ අය.සෝඩා බෝටලේ කැඩුවා වගේ රැල්ලට යනවා විටරයි.

    17190762_168836516958829_2511124326304753322_n.jpg