දුෂිත පරිපාලනයක තානාපති සලකුණ
February 22, 2012 at 12:13 am | Lanka C News.
දුෂිත පරිපාලනයක තානාපති සලකුණ
ජාතික අනන්‍යතාවය හා රාජ්‍ය තාන්ති‍්‍රක පක්ෂපාතිත්වය එකිනෙකට බැදී පවතින්නකි.සමහර රාජ්‍ය තාන්ති‍්‍රකයකු කරන ප්‍රකාශයෙන් මුළු මහත් ජාතියටම අනිටු ප්‍රතිඵල පවා විදින්නට සිදු විය හැකිය. ජාතික අනන්‍යතාව පිළිබදව හැගීමක් නැති එසේම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් රාජ්‍ය නියෝජනයේ පොදු මතයට විරුද්ධව කටයුතු රාජ්‍ය කරන්නෙක් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වශයෙන් කටයුතු කිරීම බොහෝ ගැටලූ වලට මුහුණ දීමට සිදුවන බරපතල කරුණකි. එනිසාම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු රාජ්‍ය නියෝජිතයෙකු හෝ ජාතියටම වැදගත් වන තනතුරකට පත් කළ යුත්තේ පවතින ආණ්ඩුවට පක්ෂව කටයුතු කරන්නෙකි. එසේම සිය පුද්ගලික මතය කෙසේ වුවද අන්තර්ජාතික වශයෙන් ආණ්ඩුව හෝ එහි පාලකයන්ට විරුද්ධව කටයුතු නොකරන්නෙකි. එසේ නොවුනෙහොත් අන්තර්ජාතික වශයෙන් අප අසරණ වීම නොවැලැක්විය හැකිය. අනෙක් අතට එකී පක්ෂපාතිත්වය යනු පාලකයන් ලග ගැතිවීමක් නොවේ. පවතින්නේ කවර ආණ්ඩුවක් වුවද ඒ තුළින් නියෝජනය වන්නේ රටේ ආත්මය වන බැවින් එම පාලනය විසින් තීරණාත්මක තනතුරකට පත්කළ යුත්තේද විරුද්ධ වාදී අදහස් දරන්නෙක් නොවේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ස්වෛරීත්වය සුරකින බවට පොරොන්දු වෙමින් රාජ්‍ය පාලනය තුළ ස්ථානගත වන කවරෙක්ට වුවද පැවරෙන්නේ බරපතල වගකීමකි. එවැනි පුද්ගලයකු විදේශයක සිදු කරන කටයුතු තුළින් රටක තීරණාත්මක දේ තීරණය විය හැකිය. පවතින රජය අස්ථාවර වූ විට දේශපාලනික හා අන්තර ජාතික වශයෙන් රටක් අපහසුතාවයට පත් කරන්නට උත්සහ කරන්නන්ට මහත් උපකාරයක්ද වෙයි. අතීතයෙන් උදාහරණයක් මෙසේ පෙන්වා දිය හැකිය. කීර්ති ශී‍්‍ර රාජසිංහ මහ රජතුමන් ද්‍රවිඩ සම්භවයක් තිබූ අයෙක් විය. එහෙත් එතුමන් එවක ලංකාවේ පාලකයා විය. එතුමන්ගේ වැරදි කි‍්‍රයා කලාපය නිසා කලකිරී සිටි අනෙක් සමහර නිලමේවරු විරුද්ධවාදී කටයුතු කර ඔහුව ඉංග්‍රීසීන් අතට පවා දුන්හ. පුද්ගලික පළිගැනීමක් වුවද රටේ තිබූ අස්ථාවර තත්වය මත එවැන්නක් සිදු කිරීම මුළු මහත් ජාතියම අසරණ කිරීමක් බව එදා සිටි සමහර අයට නොතේරුණි. අවසානයේ අප විසින්ම අපේ රජතුමා පවා දෙන ලදී. අපට රජෙක් නැති විය. ඒ නිසා සිදු වූ දේ තවදුරටත් පවසන්නට අනවශ්‍යය. මේ පුනපුනා ස`දහන් කරන්නේ රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු රාජ්‍ය නියෝජිතයෙකු කෙසේ විය යුතුද යන්නයි. පවතින රජයට පක්ෂව කටයුතු කිරීම ගැති බවක් නොව ජාතික අනන්‍යතාවය අන්තර්ජාතික වශයෙන් ආරක්ෂා කිරීමක් බවය. අප එය අමුතුවෙන් ස`දහන් කළ යුතු නොවූවත් සමහර රාජ්‍ය තාන්ති‍්‍රකයන්ගේ කටයුතු දකින විට අපට ඇතිවන්නේ මෙවැනි පුද්ගලයින් රටකට සිදුකරන්නේ සේවයක් නොව හානියක් බවය. මේ කතා කරන්නේ කවරකු ගැනද යන්න මේ වන විට ප්‍රංශයේ ශී‍්‍ර ලාංකිකයෝ හොදින් දනිති. ප්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපතිතුමන්ගේ බොහෝ අකටයුතුකම් වරින් වර හෙළිි කරන්නට අපට සිදුවිය. මේ ඒ මුල් කරුණු වලට වඩා වෙනස් වූවකි. එහෙත් අනිවාර්යයෙන්ම පැවසිය යුත්තකි. ප්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති දයාන් ජයතිලක මහතා පිළිබදව කිසිදු පුද්ගලික අමනාපයක් නැති වුවද මේකී හෙලිදරව්ව රට ජාතිය වෙනුවෙනි.
දයාන් ජයතිලක මහතා සමසමාජ පාක්ෂිකයෙකු ලෙස සිය දේශපාලන මාර්ගයේ ගමන් කරන්නෙකු බව බොහෝ දෙනා දනිති. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගේ දේශපාලන සගයෙකු ලෙස කටයුතු කරන අතර ඔවුන්ගේ පුද්ගලික දේශපාලන මතයන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ප්රජාතන්ත්රවාදී යන රාමුවට කෙතරම් දුරට බද්ද කළ හැකිද යන්න සිතාගත නොහැකිය. ඒ කෙසේ වුවද දයාන් ජයතිලක මහතාගේ පුද්ගලික දේශපාලන මතය පිළිබදව අපට අදාළ නොවේ. තමන් කැමති මතයක් දරන්නට ඕනෑම අයෙකුට අයිතියක් තිබේ. එහෙත් ඒ රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු ලෙස නොවේ. ආණ්ඩුවක් නියෝජනය කරන මතය රටේ මතය ලෙස අන්තර්ජාතීන් විසින් පිළිගනු ලබයි. දයාන් ජයතිලක මහතාද ජනාධිපති තුමන් ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ලංකාවේ සිට ප්‍රංශය වෙත පැමිණියේ ශී‍්‍ර ලාංකික ප්‍රජාතාන්තික සමාජවාදී ජනජයේ ශී‍්‍ර ලාංකික නියෝජිතයා ලෙස මිස යල් පැනගිය දේශපාලන සංස්ථාවක් වූ සමසමාජ පාක්ෂිකයෙක් ලෙස නොවේ. එහෙත් එතුමන්ට එය අමතක වී ඇති සේය. එවැනි සමහර ක්‍රියා දෙස බලන විට සිහිපත් වන්නේ සමහර රාජ්‍ය විරෝධී කටයුතු සිදුකරන පුද්ගලයින්ය. දයාන් ජයතිලක මහතා කවර වර්ගයේ දැයි හදුනාගැනීම මධ්‍යස්ථ පාඨකයන්ට බාරය. මොහු සිදුකරන ලද එවැනි එක් ක්‍රියාවක් වන්නේ තානාපති කාර්යාලයෙන් අගමැති පින්තූරය ඉවත් කිරීමය. අගමැති තුමන් කවර පුුද්ගලයෙක් වුවද ඒ රටේ දෙවැනි පුරවැසියාය. ඔහුගේ පින්තූරය රට නියෝජනය වන ස්ථානයෙන් ඉවත්කර අප ලෝකයට පෙන්වන ජාතික අනන්‍යතාවය කුමක්ද. මෙහිදී නැවතද පැවසිය යුත්තේ අගමැති කවරෙක් වුවද එය ඉවත් කිරීම තුළින් අපගේ අභ්‍යන්තර අර්බුද සහගත තත්වයක් ලෝකයට ප්‍රදර්ශනය වන බවය එනිසා මෙය සාමාන්‍ය කටයුත්තක් නොව බරපතල විරුද්ධ භාවයකි. නැතිනම් ප්‍රදර්ශනය කළ යුත්තේ ජානාධිපති තුමන්ගේ පින්තූරය පමණි එයටද තානාපති නිවසේ ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. තානාපතිගේ නිල නිවසේ ජනපතිගේ‘ පින්තූරය එල්ලා ඇත්තේ දොර අරින විට පින්තූරය නොපෙනෙන ආකාරයටයි. කවුරු හෝ විශේෂ පුද්ගලයෙක් පැමිණියොත් පමණක් එය පෙනෙන ස්ථානයේ එල්ලන ලෙස උපදෙස් දී ඇත. එහෙත් මෙතෙක් මෙම තානාපතිවරයා යටතේ කිසිදු රජයේ නිලධාරියෙක් හෝ ඇමතිවරයෙක් තානාපති නිල නිවසට පැමිණෙනවාට තානාපතිවරයා කැමැත්ත පළකර නැත.
අපට මෙහි පුද්ගලික කෝන්තරයක් නොමැති බව මුලින් ද පවසන ලදිමු. ලංකාවේ දැන් පවතින්නේ වාමාංශික ආණ්ඩුවක් නම් රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියද ඔහු පැමිණෙන්නේ රාජ්‍ය තාන්ති‍්‍රකයෙක් ලෙස නම් ඔහු නියෝජනය කළ යුත්තේ එම ආණ්ඩුවේ මතය මිස අනෙකක් නොවේ. මුළු මහත් ප්‍රංශයේ වාසය කරණ ශ්‍රී ලංකාවට ආදරය කරන ශී‍්‍ර ලාංකිකයන් විරුද්ධ වන්නේ එකී පොදු සම්මතයට පටහැනිව කටයුතු කරන දයාන් ජයතිලකට මිස ඔහුගේ දේශපාලනයන් මතයන්ට නොවේ. ඔහුගේ සමහර අකටයුතුකම් දන්නා අපට එක් අතකට මෙවැනි දේ අරුමයන්ද නොවේ. එහෙත් බලාසිටින සෑම මොහොතක් පසාම ලක්මෑණියන්ගේ ආත්ම ගෞරවය යළිි යළිත් බාල්දු වීමට ඉඩ ලැබෙයි. මෙවැනි කටයුතු තුළින් බාහිර ලෝකය ලංකාව හදුනා ගන්නේ වැරදි සහගත ආකාරයට වීම මෙහි බරපතල තත්වයයි. එයට තවත් උදාහරණයක් මෙසේ පෙන්විය හැකිය. 63 වන නිදහස් උළෙලේ සිදුවූ කි්රයාවක් අතිගරු ජනපති තුමන් ඇතුළු ලක් වැසියන්ගේ අවධානයට ලක් කරනු කැමැත්තෙමු. අතිගරු ජනාධිපතිතුමන් ලක්මවගේ ගෞරවය මහත් සේ රැුකි හෙළ දරුවෙක් ලෙස හදුන්වා දිය හැකිය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියේ සිංහල භාෂාවේ සුමිහිරි හ`ඩ ප්රතිරාව නැංවූ අයුරු අපට තවත් සිහිකළ හැකිය. එය මෙහිදී සිහිපත් කළේ හේතුවක් නිසාය. එසේම එතුමා දෙමළ භාෂාවෙන්ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීය. රටේ ප්‍රධානියා ඉදිරිපත් විය යුතු වැදගත් අවස්ථාවල ඉදිරිපත් වීම එතුමන් ආදර්ශයෙන්ම පෙන්වා දී ඇත. රටේ නිදහස් උත්සවය යනු රටේ වැදගත්ම උත්සවයයි. එම උත්සවයේ ප්‍රධානත්වය ගත යුත්තේ ප්‍රධානියා මිස සේවකයන් නොවේ. නිදහස් උත්සවයේ අතිගරු ජනාධිපති තුමන්ගේ පණිවිඩය මෙතෙක් කාලයක් ලෝකයටම ඇසෙන සේ පැවසුවේ තානාපති වරයා විසිනි. එහෙත් ප්‍රංශ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 63 වන නිදහස් සමරුවේදී එම පණිවිඩය කියවීම නොකළ තානාපතිවරයා එය වෙනත් කෙනෙකුට පවරා නිහඩ විය. නිදහස් දින පණිවිඩය වෙනත් අයෙක් කියවීම එක් අතකින් ජයතිලක මහතාගේ කටයුතු පිළිබදව හාස්‍යයක් මතුකරයි. ඒ තුළින් පෙනෙන්නට තිබුණේ ජනාධිපතිතුමන්ව ඍජුව ප්‍රතික්ෂේප කිරීමකි. පවතින රජයේ රාජ්‍ය නියෝජිතයෙකු ලෙස එසේ ප්‍රතික්ෂේප කිරීම රාජ්‍ය විරෝධී ක්‍රියාවක් ලෙස මිස වෙනත් සාධාරණීකරණයකට ලක් කිරීම දුෂ්කරය.
දයාන් ජයතිලක මහතාට තානාපති වරයෙකු සතුව පැවතිය යුතු මධ්‍යස්ථභාවය දක්නට නැත . කවර රටක තානාපතිවරයෙක් වුවද සිය රටට උපරිමයෙන් ජාත්‍යන්තර ගෞරවය හා ප්‍රසාදය ලබා දෙන්නට කටයුතු කිරීම මහත් සේවයකි. එසේ ලබා ගන්නට නම් උපායශීලිිීත්වය හා මධ්‍යස්ථභාවය තිබිය යුතුය යන්න අපගේ හැගීමයි. ලංකාව අධාර මතද යැපෙන රටකි. එම නිසා වඩාත් අන් රටවල් සමග සුහදතාවයෙන් කටයුතු කිරීම නුවණට හුරුය. ඊශ්‍රායලය ලංකාවට ආධාර ලබාදෙන මිතුරු රටකි. ඔවුනගේ අභ්‍යන්තර ප්‍රශ්න අපට අදාළ නෙවේ. එහෙත් දයාන් ජයතිලක මහතා ඊශ්‍රායලය ප්‍රසිද්ධියේම විවේචනය කරයි. පලස්තීනය යම් ජයග්‍රහණයක් ලැබුවහොත් එම රටේ ධජය ගෙන එහෙ මෙහෙ යයි. තානාපති වරයෙකු කිසියම් රටක් විවේචනය කරන විට හෝ ප්‍රශංසා කරන්නට යාම නුවණට හුරු නොවේ. දුර දිග බැලීමට බුද්ධියක් නැතිනම් නිහඩතාවය බුද්ධිමත්ම තීරණයයි. පලස්තීනයේ කිසියම් මුස්ලිම් ජාතියෙක් සමග හිතවත් කමක් නිසා මෙසේ කරනවා වන්නට පුළුවන. එහෙත් දයාන් මහතා අමතක නොකළ යුතු දෙය වන්නේ තමා රාජ්‍ය නිලධාරියෙක් ලෙස කරන ක්‍රියාවන්ගෙන් රාජ්‍ය මතය සේ වැරදි මතයක් ප්‍රදර්ශනය වන බවයි. එයින් සිදුවන්නේ අනෙක් රටවල් ලංකාව සමග අමනාප වීමයි.
පැරිසියේ වෙසෙන ලාංකිකයන්ගෙන් සියයට අනූ පහකගෙන්ම තානාතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබදව විමසුවහොත් ඔවුන් සිනා නගනු නොඅනුමානය. කෙටියෙන් කිවහොත් පැමිණි දින සිට කළ දෙයක් ඇත්තේම නැත. සිංහල ජාතියට කෙනෙහිලි කම් කරමින් බෞද්ධ කම හෑල්ලූ කිරීම නම් ඔහු අපූරුවට සිදු කළේය. පැරිසියේ තිබෙන විවිධ ආධාර ලබා ගතහැකි ආයතනයක් වන්නේ යුනෙස්කෝවයි. බොහෝ රටවල් විවිධ අවශ්‍යතා ස`දහා මෙයින් ආධාර ලබා ගනියි. එහෙත් තානාපති වරයෙකුට සිදුකළ හැකි එකී කටයුත්ත තුළින් තම රටට සේවයක් කිරීමට වත්මන් තානාපතිවරයා කිසිදු අවස්ථාවක් කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි. වෙනත් රටවල තානාපති වරුන්ගේ පවා යම් අවස්ථාවල මොහුගේ වැඩ අවධානයට ලක්ව තිබේ. තානාපති වරයාට පමණක් තානාපති කාර්යාලයේ කටයුතු කළ නොහැකිය. විවිධ කාර්යභාරයන් විවිධ නිලධාරීන් විසින් මෙහෙයවනු ලබයි. වර්තමානය වන විට එම නිලධාරීන්ගේ අතපය බැ`ද තබන තත්වයට පත්ව තිබේ. ලංකාවට හෝ ප්‍රංශයේ සිටින ශී‍්‍ර ලාංකිකයනට වැදගත් වන කිසිදු ක්‍රියාවකට අවසර ලබා නොදීමට තානාපති වරයා පියවර ගෙන තිබේ. බොහෝ විට සිදුවන දෙයක් වන්නේ නිලධාරීන් අපහසුවට හා අවමානයට ලක් වීමය. මෙ නිසාම තානාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළි`බ`දව තානාපති කාර්යාල නිලධාරීන් ගේ ඇත්තේ දැඩි අප්රසාදයකි. ලංකාවට හිතකර කෙබ`දු යෝජනාවක් වුවද එය පසෙකට දැමීම මෙතුමාගේ සිරිතය. මෙහි සිටින නිලධාරීන් සිය කටයුතු පිළිබදව වසර ගණනාවක පලපුරුද්ද ඇති අය වන අතර ඔවුනට අමුතුවෙන් වැඩ කරන අයුරු කියා දීම අවශ්‍ය නොවේ. එහෙත් ඔවුනගේ සේවය නිරන්තර අවතක්සේරුවට ලක් වෙයි. විදේශ අමාත්‍යංශයෙන් පත්කර එවන ලද නිලධාරීන්ට පවා අවමන් වන අයුරින් කටයුතු කිරීම නිසා වෙනත් තානාපති වරුන්ද මොහුගේ කි‍්‍රයා කලාපය වෙත අවධානය යොමුකර තිබුණි. ඒ තුළින් රටේ ගෞරවනාමය කතාබහට ලක්වීම වැලැකිය නොහැකිය.
වත්මන් තානාපති තුමන් පරිපාලන නිලධාරියෙක් ලෙස ඉතා අසාර්ථක බව මුළු ප්‍රංශ ශී‍්‍ර ලාංකික ප්‍රජාවම දනිති. තානාපති කාර්යාල නිලධාරීන් එකිනෙකා නුරුස්සන තත්වයට පත් වූයේ මොහුගේ කටයුතු නිසාය. අපට දැනගන්නට ලැබෙන ආකාරයට විනාඩි කිහිපයක් ගතවන කටයුත්ත වෙනුවෙන් දින කිහිපයක් ගතවන අවස්ථාද තිබෙන බවයි. තානාපති තුමන්ගේ පුද්ගලික ලේකම් වරිය ලෙස ප්‍රංශ හා ඉංග්‍රීසි භාෂා ඉතා හොදින් දන්නා තැනැත්තියක් ලෙස පත්කර ගත් නමුත් මාස 3 ක් වැනි කෙටි කාලයක් තුළ ඇය සේවය හැර ගියේ තානාපතාතුමන්ගේ හො`දකම නිසාය. ජයතිලක මහතා ප්‍රංශයට පැමිණ කළ පළමු කාර්ය වන්නේ තම නිල නිවස අධිසුඛෝපභෝගී කරගැනීමයි. අමුත්තන්ට සුදුසු තත්වයක තම නිල නිවස නැතැයි පවසමින් පසුගිය මාස 7 ක පමණ කාලය තුළදී රුපියල් 5973000 හෙවත් පනස් නව ලක්ෂ හැත්තෑතුන් දහසකට අධික මුදලක් වැය කළේය. එහෙත් තානාපති ආරංචි මාර්ගවලට අනුව මෙතෙක් කිසිදු අමුත්තෙක් තානාපති නිල නිවසට කැ`දවාගෙන ගොස් නැති අතර මිල අධික සුඛෝපභෝගී හෝටල් වලට රගෙන යමින් විශාල ධන හානියක් සිදුකර තිබේ.
ජී එල් පීරිස් ඇමති තුමාගේ පැරිස් සංචාරය නිසා අලූත් වැඩියා කරන ලද නිල නිවස නැවත වරක් අලූත් වැඩියා කිරීම ස`දහා විශාල මුදලක් කාබාසිනියා කරන්නට ජයතිලක මහතාට හැකි විය. ෙදාර රෙදි කාපට් වැසිකිලි උපකරණ වලට අමතරව යූරෝ 8000 වටිනා සෝපා කට්ටලයක් ද ඇනවුම් කළ අතර එයින් යූරෝ 2000 ක් ගෙවා ඇත්තේද අමාත්‍යංශ අනුමැතියෙන් තොරවය.එහෙත් ඒ සෝපාව තවම නිවසට පැමිණ නැති අතර ජී එල් පීරිස් ඇමති තුමා පැරිසියෙන් පිටව ගියේ නිල නිවස නොදැකම වීම විශේෂත්වයකි. වත්මන් තානාපති තුමන්ගේ වියදම් කෙලවරක් නැත. විවිධ විවිධ හේතු මවමින් පුද්ගලික කරුණු සදහා රජයේ මුදල් විනාශකරන්නට වත්මන් තානාපති තුමා රුසියෙකි. කාර්යාල වියදම් වෙනුවෙන් පසුගිය මාස 7 වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් විසිලක්ෂ හැටහතරදහස් පන්සියයකි. වාහන ගැනීම හා අනවශ්‍ය අලූත්වැඩියාවන් සදහා වැය කර ඇති මුදල දසකෝටි අසුලක්ෂයකි. එසේම මේ සියලූ වියදම් ප්‍රංශයේ තානාපති කාර්යාලයේ නිවාස කුලිය මාසික වැටුප් ගෙවීම් වලට අමතරව බව ලංකා විදේශ කටයුතු ආරංචි මාර්ග ස`දහන් කරයි. මොහුගේ පැමිණීමෙන් පසුව ආයතනයේ වාහන ගාස්තුද විශාල ලෙස ඉහල ගොස් ඇති අතර අතිකාල ගෙවීම් ද අධික වී ඇත. පසුගිය අගෝස්තු මාසයේ තානාපතිවරයා සති දෙකක් නිවාඩු ගෙන ඇති අතර එම කාලයේ රියදුරු ධාවන සටහන් වලින් පෙනී යන්නේ රියදුරු අතිකාල දීමනා විශාල ලෙස වැඩිවී ඇති බවය. මෙසේ ලංකාව වැනි රටක දුක් විදින මිනිසුන්ගේ දාඩිය මහන්සියෙන් ඉපයු මුදල් නිර්දය ලෙස වියදම් කිරීම කෙසේ නම් ඉවසිය හැකිද. දයාන් ජයතිලක සැප වින්දාට අපට කිසිදු ප්‍රශ්නයක් නැත. එහෙත් ඒ සැප ලබන්නේ ජාතික ධනය විනාශ කරමින් වීම අපට ඇති වේදනාව වන අතර මේ හෙළි කිරීම කරන්නේ ඒ අසාධාරණය වෙනුවෙනි. මේවා හෙළිි කරන්නේ ද වගකිව යුත්තන්ට පියවර ගැනීමට මිස බලා තැවීමට නොවේ.
අලි මදිවට හරක් කීවා සේ ජයතිලක මහතාගේ නාට්‍යයට තවත් නළුවෙක් තෙවන ලේකම් ලෙස පත් වී ආ අතර ඔහු නමින් රාසී ය. මුදල් ඉපයීම අරමුණු කරගත් මොහුට රාජකාරිය කිරීමේ කිසිදු උවමනාවක් නැත. පැමිණ සති කීපයකට පසුව ඔහු කාර්යාලයේ කිසිම නිලධාරියෙක් දැනුවත් නොකර කාර්යාල වේලාවෙන් පිට ආයතනයට ඇතුලූව තිබෙන්නේ සිය බිරි`ද ගේ සොයුරෙක් යයි කියා ගන්නා ද්‍රවිඩ මිතුරෙක් ද සමගය. ඉන් පසුව ආයතනයේ සමහර විශේෂ කාමර අස්පස් කිරීමක් සිදුව ඇති අතර එල් ටී ටී ඊ සංවිධානයට විරුද්ධ ලියු බැනර් ආදිය කැබලිවලට ඉරා දමා ඇත්තේ දැඩි ද්වේශයෙන් බව තතු දන්නා ලාංකිකයින් හා ලාංකික සංවිධාන සදහන් කරයි. ඒවා වසර ගණනක් කොටින්ට විරුද්ධව භාවිත කර ඇත. එසේම එම කාමරවල තිබූ වැදගත් ලිපි ලේඛන අස්ථාන ගතවී ඇති අතර බොහෝ ලිපි ලේඛන අපිළිවෙළට ගොඩගසා දමා ඇති බව කාර්යාලයේම සේවකයයෝ සදහන් කළහ. සමහර නිලධාරීන් භාවිත කරන ලද ලිපි ලේඛන වලට සිදු වූ දෙයක් නැති අතර ගමන් බල පත්‍රයක්ද ඔවුන් පැමිණි අවස්ථාවෙන් පසුව අතුරුදහන් වී ඇත .මෙහි බරපතලම දෙයක් වන්නේ තානාපති කාර්යාලය පුද්ගලික බූදලයක් සේ සිතා සමහර කාමරවලට අනෙක් නිලධාරීන්ට පවා ඇතුල් විය නොහැකි සේ අගුලූ දමා තිබීමයි.
තානාපතිවරයෙකුට පැවරෙන රාජකාරිය හා වගකීම අති විශාලය. පාලකයා විනිවිද භාවයෙන් තොර වූ විට කිසිවක් නිවැරදිව සිදුවන්නට නොහැකිය. අනෙක් අයට අවවාද කරන්නටද නොහැකිය. මෙම රාසී නමැති ලේකම් වරයාද තානාපතිවරයාගේ මෙම අකටයුතුකම් හා දුර්වලතා අවබෝධ කරගෙන ඉතා පහසුවෙන් වංචනික කටයුතු ඉදිරියට කරගෙන ගොස් තිබේ. ආයතනය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට කොන්ත්‍රාත් ආයතනයකට පවරා තිබිය දී විදේශ ඇමති තුමාගේ පැමිණීම හේතුවෙන් යූරෝ 8700 ක මුදලක් රාසී විසින් ව්‍යාජ ලෙස අනුමත කරගෙන ඇති අතර එම මුදල් වල වටිනාකමට සරිලන අලූත්වැඩියාවක් සිදු වී නැත. මෙම ඇස්තමේන්තුවද විනිවිද භාවයෙන් තොරව හා සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් තොරව සිදුකරන ලද්දක් බවද තානාපති කාර්යාලයෙන් වාර්තා වේ. සියලූ කටයුතු ටෙන්ඩර් ආයතනයකට භාර දුන් බව පෙන්වන නමුදු තීන්ත ආලේප කිරීම් පවා සිදුව තිබෙන්නේ මොහුගේ අතින් වීම මේ සිදුවීමේ කෑදර බව මනාව පෙන්වා දෙයි. මේ තොරතුරු අපට ලැබෙන්නේ ඉතා විශ්වසනීය ආරංචි මාර්ග වන අතර තානාපති කාර්යාලය හරහාම ඒ සිදුවීම් ආරංචි වන බැවින් ප්රතික්ෂෙප කළ නොහැකිය. පසුව කරන ලද සොයා ගැනීම් වලින් හෙලළි වුයේ එවැනි ටෙන්ඩර් ආයතනයක් ප්‍රංශයේ ලියාපදිංචි වී නැති බවයි. ඇස්තමේනතුව ඉදිරිපත් කළ ටෙන්ඩර් කරුවකු නැති අතර ආයතනයට අයත් බව කියන දුරකතන අංකයේ එක් අංකයක් අඩුබවත් පසුව සොයාගන්නා ලදී. මෙය සම්පූර්ණ මගඩියක් වන අතර මේ සියල්ල අදාළ පුද්ගලයාගේම ව්‍යාජ නිර්මාණ බව අමුතුවෙන් අවබෝධ කරගත යුතු නැත .ටෙන්ඩර් ආයතනයක් හෝ ටෙන්ඩර් කරුවෙක් නොමැති වීම එයට සාක්ෂි දරයි.
තානාපති තුමන්ගේ අනුදැනුම මත සිදුවන රාසී ලේකම් වරයාගේ තවත් නීති විරෝධි කටයුතු බොහෝය. තානාපති කාර්යාලයට පැමිණෙන පිටස්තර පුද්ගලයන්ගේ නම් දුරකතන අංක සටහන් කර ගැනීම සාමාන්‍ය සිරිතකි. එහෙත් රාසී සමග හිතුමතේ පැමිණෙන ද්‍රවිඩ තරුණයන් කවුරුන්දැයි කිසිවෙකුත් දන්නේ නැත. බොහෝ අවස්ථාවල ඔවුන් පැමිණෙන්නේ සෙනසුරාදා හා ඉරිදා දිනවලය. ආයතනයේ තිබූ රිසිට් පොතක් ද මේ දිනවලම අස්ථාන ගත විය. මෙයටද වගකිව යුත්තේ අදාළ නිළධාරියාය. ඔහු නම් ගම් රහිතව පුද්ගලයන් කාර්යාලයට ඇතුළු කරන්නේද මෙවැනි කූට වැඩවලට බව අමුතුවෙන් සිතිය යුතු නොවේ. මෑතක් වනතුරුම නිල නිවසක් සොයා නොගත් මොහුගේ හෝටල් බිල සදහා රුපියල් හැත්තෑලක්ෂයකට අධික මුදලක් වැය වී ඇති අතර එම සියලූ ක්‍රියා සාධාරනීකරණය කරමින් ඔහු පවසන්නේ තමන් තානාපති වරයා ලගට සිටින ජ්‍යේෂ්ඨයා බවයි. එහෙත් තානාපති කාර්යාලයට එන බොහෝ නිලධාරීනහු සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ නිල නිවාසයක් සොයා ගැනීමට සමත් වෙති. එය එසේ නොවන්නේ තානාපතිවරයාගේ වංචනික මිතුරාට පමණකි. එසේම විවිධ කටයුතු කරගැනීමට එන සිංහල ජනතාවගේ කාලය කා දැමීමද මොහුගේ සිරිතකි. මොහු මෙතෙක් කොන්සියුලර් අංශයේ වැඩ බලන අතර මොහුගේ අත්සන අවශ්‍ය ලිපි ලේඛන සදහා අත්සන නොදා පැය ගණන් කාලය කා දැමීම මොහුගේ සිරිතකි. මේ සියලූ කටයුතු සිදුවන්නේ තානාපතිවරයාගේ අනුදැනුම මත වීම නම් නොරහසකි. එසේ නොදැන සිටින්නට නම් තානාපති වරයා අ`ද ගොළු බිහිරි පුද්ගලයෙක් විය යුතුයි. ප්‍රංශ ශී‍්‍ර ලාංකිකයන් පවසන ආකාරයට මේ දෙදෙනා දැඩි මිතුරන් වන අතර සියලූ චංචනික හා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වල නිවාසය වී ඇත්තේ තානාපති කාර්යාලයයි. වඩාත් බරපතල දෙය වන්නේ තානාපතිවරයා විසින් ජාත්‍යන්තර කටයුතු වලදී අත්තනෝමතිකව කටයුතු කිරීමයි. එවැනි කටයුතු වලදී විදේශ කටයුතු අමාත්‍යංශය හෝ වගකිවයුතු නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවට මොහු රිසි සේ කටයුතු කරන බව විදේශ කටයුතු ආරංචි මා්ර්ග සදහන් කරයි. එය ශී‍්‍ර ලංකාවේ කීර්ති නාමයට මහත් කැලලක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
වෙනත් තානාපතිවරුන් ප්‍රංශයෙන් පිටව ගියේ බොහෝ ආශිර්වාද මධ්‍යයේය. මහා සංඝරත්නයේ මෙන්ම පියතුමන්ලාගේද බෞද්ධ හා අබෞද්ධ සියලූ දෙනාගේම ගෞරවණීය සමුදීම මධ්‍යයේය. ඔවුහු සිය ධූර කාලය තුළ මිනිසුන්ද හම්බ කළහ. සිය වගකීම් හදුනාගනිමින් සිය ගරුත්වයද ආරක්ෂා කර ගත්හ. ”ඥනේන කිං සකල සත්ව ජනේෂු වෛරාත් ” යනුවෙන් සංස්කෘත කියමනක් තිබේ. සියලූ සත්වයින් හා මිනිසුන් අමනාප කර ගත් මිනිසාගේ බුද්ධියෙන් කිසිම වැඩක් නැත යනු එහි තේරුමයි. දයාන් ජයතිලක මහතා හම්බ කර ගත්තේ මුදල් පමණකි. ඔහු නිර්මාණය කරගත් ලෝකය හා වටපිටාව හිස්ය. මෙය කරගන්නට ප්‍රංශයට ආ යුතු නැත. ගෙදරක ඇති කරන සුරතල් සතෙකු පවා ආදරය දිනා ගන්නා කලාව දනිති. එය නොදන්නා නිසාම මුලින් ඔහු කෙරෙහි භික්ෂුන් වහන්සේලාගේ තිබූ පැහැදීම නැත්තටම නැති විය. භික්ෂුන් වහන්සේලා ඔහුට පත්ත නික්කුජ්ජන කර්මය සිදුකලේ ඔහු කෙරෙහි ද්වේශයෙන් නොව ඔහුගේ වැරදි ක්‍රියා කලාපයට විරෝධය පෑමක් ලෙසය. ඒ අනුව භික්ෂුන් වහන්සේලා තානාපති මැදුරට වඩින්නේ නැත. තානාපති මැදුරෙන් දානය වළ`දන්නේ නැත. ප්‍රංශයේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට භික්ෂුන් වහන්සේලා තානාපතිතුමන්ව ප්‍රතික්ෂේප කර ඇත. ඔහු භික්ෂුන් වහන්සේලාට කරන ලද අගෞරවය නිසා මෙසේ කරන්නට සිදුව තිබේ. මේ වන විට ප්‍රංශයේ ශී‍්‍ර ලංකා විහාරස්ථාන තුනම ප්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයට වැඩම කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා නිදහස් උත්සවයට මෙවර භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයක් නැත. ඒ තුළින් ජයතිලක මහතාගේ දුර්වලතාවයම ප්‍රකට වන නිසා එයට එතුමන් ගෙන ඇති විකල්පය හාස්‍ය උපදවයි. සර්වාගමික පූජක වරුන් නිදහස් උත්සවය සදහා ගෙන්වමින් විලි වසා ගැනීමට තැත් කරන නමුත් මිනිසුන් මෝඩයින් නොවේ.සමහර විට විදේශික භික්ෂුන් වහන්සේ නමක්ද ගෙන්වා ගැනීමට ඔහුට පුළුවන් වන නමුදු එය ඔහුගේ අසාර්ථක භාවයම ප්‍රදර්ශනය කරන්නකි. ඔහුගේ මේ වෑයම අපට සිහිපත් කරන්නේ හුණුවටයේ නාට්‍යයේ සඳහන් කතා කොටසයි. එහෙත් කොහේදෝ යන භික්ෂූ ගෞරවය කෙලෙසාගත් කෙනෙක් මෙවර නිදහස් උත්සවය සඳහා තානාපති කාර්යාලය මඟින් සොයා ගත්තේය. සවස කොක්ටේල් පාටියටද මෙම භික්ෂුව පැමිණ ඇත. ආගමික පූජකයකවරුන් ලාභ ප්‍රයෝජන මවා පාමින් තානාපති මැදුරට ගෙන්වා ගත හැකි නමුදු ශී‍්‍ර ලාංකික ජාතිකත්වය හෝ අනන්‍යතාවය මුදලට ගත නොහැකිය.
- අමරරත්න ගුණවර්ධන – පැරීසිය