දයාසිරිට අභියෝගයක්

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
දයාසිරිට අභියෝගයක්

Tissa-Aththanayaka-and-Dhyasiri-Jayasekara.jpg


Source: RealGossipLanka.com
එක්කෝ මං නැත්තනම් දයාසිරි!!
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතරු වලට නිලධාරින් පත්කරගැනීම පසුගියදා සිදුවූ අතර, ඉන් පසු පක්ෂය පෙරටත් වඩා දෙකඩ වීමට පටන් ගත්තා,
එජාපයේ ව්‍යවස්ථාව වෙනස් කරන ලෙසත් නිලධාරීන් පත් කරගැනීම ඡන්දයකින් සිදුවිය යුතු බවටත් රට පුරා උද්ඝෝෂණ කරමින් ජනතාවට එජාපය එපා වීමට කටයුතු කළ, ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිරතුරුව කතා කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිම්න්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ ප්‍රකාශ කලේ ඡන්දය දුෂිත බවයි.
ඔහු එසේ චෝදනා කලේ පක්ෂ මහලේඛම් තිස්ස අත්තනායක මහතාටයි.
එයට පිළිතුරු දුන් තිස්ස අත්තනායක මහතා අද මාධ්‍ය හමුවකදී පැවසුවේ,
එම ප්‍රකාශය් ගැන තමන් ඇත්ත වශයෙන්ම කණගාටු වන බවයි. දයාසිරි ජයසේකර මහතා ඡන්දය දූෂිත යැයි ඔප්පු කළහොත් තමා ඒ මොහතේම ඉල්ලා අස්වීමට සූදානම් බවත් එසේ දූෂිත යැයි ඔප්පු කිරීමට බැරි වුවහොත් දයාසිරි ජයසේකර මහතා ඉල්ලා අස්විය යුතු බවටත් තිස්ස අත්තනායක මහතා අභියෝග කළා.

විපක්ෂය මේ ආකාරයෙන් පිළිකුල් සහගත ලෙස කටයුතු කිරීමෙන් ආණ්ඩුවට “ජැක්” ගැසීමක් වන අතර. මේවා සිදු කරනුයේ කාගේ උවමනාවකටදැයි ජනතාව දැනගත යුතුයි. රටක් සංවර්දනය වීමට නම් ඇත්ත වශයෙන්ම ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුය. ඡන්දයට පෙර දයාසිරි මහතා ඇතුළු පිරිස පැවසුවේ මෙවන් ඡන්දයක් තුලින් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය වන බවත් පක්ෂය තුල තිබෙන මත වාද නැතිවන බවත්ය. එමගින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිය හැකි බවත් එකල ඔවුන්ගේ මතය විය.
දයාසිරි ජයසේකර මහතා නිවැරදි නම් ඔහු අභියෝගය බාර ගත යුතුය.
තනතුරු වලට කෑදර වී පක්ෂය දෙකඩ කිරීම නැවැත්විය යුතුය.