දරාගත නොහැකි දත් කැක්කුමට නොවරදින ප්‍රත්‍යක්ෂ ඖෂධය..

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වෙදගොල්ලා

    මං මේ කියන ඖෂධය ගහක කොලයක් අලයක් කඳක් මලක් නම් නෙවෙයි ගසක් මත යැපෙන සත්වයෙක්.මුලින්ම ඒ සත්වයා ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්..
    මෙම සත්වයා විවිධ නම් කීපයකින්ම හඳුන්වනව.ගස් බෙල්ල,ගස් ගොළුබෙල්ල,වෙද බෙල්ල,වෙද ගොල්ල,වෙද ගොළුබෙල්ල යනාදී නම් සියල්ලෙන්ම හඳුන්වන්නෙ මෙම එකම බෙල්ලන් විශේෂය තමයි.ගොළුබෙල්ල කිව්වම අපිට ඇතිවන්නෙම ජුගුප්සාජනක හැඟීමක්.ඒ වගේම මතකයට එන්නෙම විනාශකාරී සත්වයෙක්.නමුත් මේ බෙල්ලන් විශේෂය අපට නිතර දක්නට ලැබෙන ආක්‍රමණශීලී විනාශකාරී බෙල්ලන් විශේෂය නොවේ.
    Acavus Phoenix යන විද්‍යාත්මක නාමයෙන් තමයි මෙයාල හඳුන්වන්නෙ.තෙත් කලාපීය ප්‍රදේශවල තමයි බොහෝදුරට දක්නට ලැබෙන්නෙ.මෙයාලගෙ ශරීරය ගත්තොත් සාමාන්‍ය බෙල්ලෙක්ගෙ මෙන්ම කැල්සියම් කවචයක් තුල තමයි පිහිටන්නෙ.නමුත් සාමාන්‍ය ගොළුබෙල්ලාගේ මෙන් උල්වූ දිගටි ශරීරයක් පිහිටන්නෑ.එක තැන ඕවලාකාර වූ ශරීර හැඩයක් තමයි තියෙන්නෙ.කටුව බොහෝදුරට රෝසපාටට හුරු සුදුපාටක් ගන්නව.සමහර සතුන් රතුපාටට හුරුවද දක්නට ලැබෙනව.
    ඒ අතර බහුතරයක් සතුන්ගේ කටුව කොලපාටින්ද දක්නට ලැබෙනව.නමුත් ඒ වෙදබෙල්ලාගේ කටුවෙහි පිහිටන ස්භාවික වර්ණයක් නම් නෙවෙයි.බොහෝ කලක් එකතැන සිටීම නිසා කටුව මත කාලයත් සමග වර්ධනය වන දියසෙවෙල හේතුවෙන් තමයි එවැනි කොල පාටක් ගන්නෙ.
    ශරීරයේ මා‍ංශමය කොටස කලු වර්ණයට සමාන තද රතුපාටින් යුත්තයි.ස්පර්ශක යුගල් 2ක් පිහිටන ලද අතර ඉන් එක් යුගලයක අග ඇස් පිහිටනව.අනෙක් ස්පර්ශක යුගලය ස‍ංවේදකයන්‍.
    ගස්වල යුශය උරාබීමෙන් හෝ මියගිය දිරාගිය ශාක කොටස් ආහාරයට ගැනීමෙන් තමයි මෙයාල යැපෙන්නෙ.බොහෝදුරට වාසස්ථානය ගසක කඳක්.සාමාන්‍ය ගොළුබෙල්ලන් මෙන් විනාශකාරී සත්වයෙක් නොවන අතර සාමාන්‍ය ගොළුබෙලන්ට සාපේක්ෂව මෙයාලගෙ බෝවීම නම් ගොඩක් අඩුයි.එක්වරකට එක් බිත්තරයක් පමණක් දමන නිසා සහ විලෝපිකයන්ට බහුලව ගොදුරු වන නිසා මෙයාල මේ වෙනකොට වඳවීයාමේ තර්ජනයට ලක්වෙලා ඉන්නෙ.මට මතකයි මං පොඩිකාලෙ අපේ ගමේ ගහක් ගලක් ගානෙ මෙයාල හිටිය.ඒත් දැන් මේ අය හොයාගන්න නම් බොහොම අපහසුයි.
    ආදි මානව යුගයේදි ආදි මානවයින්ගෙ ප්‍රධානතම අහාරයක් වෙලා තියෙනවා මෙයාල.
    ඒ වගේම පුරාණ වෙදකමේදි ගස්වලින් වැටුන මිනිසුන්ට,සහ අශ්ඨි බිඳීම්වලට ලක් වූවන්ට වෙදබෙල්ලාගේ ලාටු යුශ පානය කිරීමට ලබා දුන් බව සඳහන් වෙනව.
    තවද ඇස් වෙදකමේදි ඇස්වලට විශක් කැවුනු විට වෙදගොළු ලාටු ඇසෙහි ගානව.
    ඔන්න මං අදාල බෙල්ලා ගැන පොඩි හැඳින්වීමක් කලා,ඖෂධීය වටිනාකම ගැනත් හැඳින්විමක් කලා.මං දැන් මගේ ප්‍රධාන මාතෘකාවට එන්නම්.ඒ කිව්වෙ දත් කැක්කුමට කොහොමද වෙදබෙල්ලාගෙ ලාටු යොදාගන්නෙ කියල.
    ඔයාලට දත් කැක්කුම හැදිල තියෙනවා නම් ඔයාල දන්නව ඇති එහි වේදනාව කොයිතරම්ද කියල.දන්න කියන හැම වෙදකමම කරලත් අඩු උන් නැති උනාම ඔයාට තියෙන එකම විසඳුම තමයි මේක.අතීතයේ මිනිසුන් නම් මේ ප්‍රතිකාරය කරල තියෙන්නේ රෝගියට හොරෙන් කෙම් ක්‍රමයක් ලෙස තමයි .ඊට සත්‍ය හේතුවනම් රෝගියා අදාල ඖෂධය දැනගත්තොත් අප්පිරියාවක් දැනෙයි කියන හේතුවට.නමුත් ඔබ කිසිවිටෙකත් මේ ඖෂධය පිලිබඳව අප්පිරියාවක් ඇතිකරගත යුතු නෑ.මොකද වෙදබෙල්ල කියන්නෙ අපිරිසිදු පරිසරයන්හි ජීවත්වන අපිරිසිදු ආහාර ගන්නා සතෙක් නෙවෙයි.
    මුලින්ම ඔයා වෙදබෙල්ලෙක් හොයාගන්න.වර්ථමානයේ මෙයාල ගොඩක් දුර්ලභ හින්දා හොයාගන්න නම් ටිකක් අමාරු වෙයි.මෙයාල බොහෝදුරට ඉන්නෙ පුවක් ගස්,රටදෙල් ගස්,කොස් ගස්වල තමයි.
    හැබැයි මෙයාල ඉන්න පලාතක නම් මේ මොන මොන ගහේ නොහිටියත් ඇඹරල්ලා ගහක බලන්න අනිවාර්යයෙන් ඉඳියි.
    වෙද බෙල්ලෙක් අතින් අරගෙන කටුවෙ විවෘත මා‍ංශමය පැත්ත ඉහලට හරවන්න.ඊට පස්සෙ පොඩි කෝටු කෑල්ලකින් එයාගෙ මාංශමය ශරීරය ස්පර්ශ කරන්න.හැබැයි එයාට අනතුරක් වෙන විදියට තදින් කෝටුවෙන් අනින්න නම් එපා.
    ස්පර්ශ කල විට එයාගෙ ශරීරයෙන් ලාටු ආකාරයට විනිවිද පෙනෙන සුලු සෙවෙල් උකු ද්‍රාවණයක් පිටවෙන්න ගන්නව.අන්න ඒ ලාටු ස්වල්පයක් කුඩා පුලුන් කෑල්ලක හොඳින් තවරල කැක්කුම හැදුන දතේ තියන්න.ටිකක් තිත්ත රසයක් දැනෙයි.හැබැයි ඉතාම කෙටි කාලයකින් දතේ වේදනාව සුව වෙනව.
    ඔයාගෙ වෙදකම කරගත්තට පස්සෙ වෙදබෙල්ල උඩු අතටම බිමට අතාරින්නෙ නැතුව යටි අතට හරවල හෙමීට සුදුසු ස්ථානයක තියන්න වගබලාගන්න.

    353651290_3335891940035404_9138598841308654623_n.jpg
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    අඩේ ඕව ඇත්තද බන්? :o

    ඔහොම ගාපුවාම හරියනවා කියල පළවෙනියටම හොයගත්තු එක්කෙනා කරලද දන්නෙ නෑ හොයාගත්තෙ නේද