දරුණු රෝගයකට දෙළුම් ප්‍රතිකාරයක්

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    දරුණු රෝගයකට දෙළුම් ප්‍රතිකාරයක්

    pomegranate-for-health.jpg


    10632847_698066060261554_107366501520634553_n.jpg


    මෙව්වා වෛද්‍යවරුන්ට කලින් අපේ ගමේ ගොඩේ වෙද්දු දනන් හිටිය!
    දෙළුම් වලට කියන්නේ දිව්‍ය ඖෂධයක් කියල!

    මැරෙන බව දැන දැන පෙනී පෙනී ඉන්න ලෙඩෙකුට හෝ කිසිවෙකුට මර්නාසනන්න මොහොතේදී දෙළුම් දෙන්න එපැයි කියන්නේ,
    පන අදින කාලය වැඩි වෙන නිසා!එක ඒ ජීවියට දුකක් වන නිසා!( එත් අපේ මිනිස්සු කරන්නෙම එකේ අනිත් පැත්ත, කරුණාව සහ ආදරය වැඩි නිසා)

    එත් දැන් ඉතින් වෛද්‍ය පරිකෂකයෝ කිව්වා නේ ඉතින් පිලිගණි පිලිපදියි දෙළුම් ඖෂධයක් විදියට!
    අපේ දේ අගය නොකිරීමත්, අපේ දේ අමතක වී සිටීමත්, අමතක කරවීමත්, අමතක කිරිමත, රටේ අවසනාවක මහත!

    මොළයේ සෛල විනාශ කරන අල්ට්ස්හයිමර් රෝගය පැතිරීම වළක්වාගැනීමට දෙළුම් ආහාරයට එක්කැර ගැනීම වැදගත් යැයි පර්යේෂකයෝ කියති.

    මේ පර්යේෂණය සිදුකැර ඇත්තේ හඩස්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමකි. ඔවුන් පවසන්නේ දෙළුම්වල ඇති රසායනික සංයෝගයක් වන පුනිකැලජින් නමැති රසායනිකය හේතුවෙන් මොළයේ සෛල විනාශ වීම වැළැක්වෙන බවයි. දෙළුම් වල ඇති රසායනික සංයෝග හේතුවෙන් රූමටික හන්දි ප්‍රදාහය සහ පාර්කින්සන් රෝගයේ ලක්ෂණයක් වූ වේදනාවට සහනයක් ලැබෙන බවයි.

    රසායනාගාර පර්යේෂණ මගින් සොයාගෙන ඇති අපූර්ව දෙය නම් දෙළුම් වල ඇති පුනිකැලජින් මොළයේ ඇති සියුම් සෛලවල ඉදිමුම් සමනය කිරිමට සමත්වන බවයි.

    වෛද්‍යවරුන්ට අනුව අල්ට්ස්හයිමර් රෝගයට ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නැත. දෙළුම් වල ඇති පුනිකැලජින් භාවිතා කරමින් මේ රෝගයට ප්‍රතිකාරයක් සොයාගත හැකියැයි විද්‍යාඥයෝ විශ්වසය පළ කරති.

    පර්යේෂණයේ ප්‍රධානි ලෙස කටයුතු කර ඇත්තේ ජර්මනියේ ෆ්රිබර්ග් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඕලමැයකුන් ඔලජිඩි ය. ඔහු හඩස්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ සම පර්යේෂකයන් සමග කටයුතු කර ඇත.
    අල්ට්ස්හයිමර් රෝගයෙන් බ්‍රිතාන්‍යයන් 800,000ක් පමණ පීඩා විදින අතර වසරකට 163,000ක් අලුත් රොගීන් එරටින් වාර්තාවේ.

    බඩේ අජීර්ණයට මීට වඩා බෙහෙතක් නැහැ. අත්දැකීමෙන් කියන්නේ


    source: lankadeepa.lk
     
    Last edited:
    • Like
    Reactions: jeewan tk