දරුවන්ගේ උණ තත්වය පාලනය කිරීමේදී කළයුතු &#3524

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    දරුවන්ගේ උණ තත්වය පාලනය කිරීමේදී කළයුතු &#3524

    දරුවන්ගේ උණ තත්වය පාලනය කිරීමේදී කළයුතු හා නොකළයුතු දේවල්

    කරන්න – වයස හා බර අනුව පැරසිටමෝල් මාත්‍රාවන් ලබා දෙන්න. නිසි මාත්‍රාව සඳහා නිවසේ භාවිත කරන හැඳි වෙනුවට බෙහෙත් සඳහා නිර්දේශිත කෝප්ප හෝ හැඳි භාවිත කරන්න.
    කරන්න එපා – උණ වැළඳීමට හේතුව නොදන්නේ නම් පැරසිටමෝල් හැර වෙනත් බෙහෙත් වර්ග දෙන්න එපා. එය ඩෙංගු රෝගය නිසා ඇතිවූ උණක් නම් රෝගය උත්සන්න විය හැකියි.
    කරන්න එපා – ඇස්ප්‍රින් ලබාදෙන්න එපා. එය රෙර්ස් සින්ඩ්‍රෝම් (Reye’s Syndrome) නැමති භයානක තත්වයකට ඉඩ දෙන්න පුළුවන්.
    කරන්න – දරුවා මාස 6 ට අඩු නම් හැකි තරම් මව් කිරි ලබාදෙන්න. මව් කිරි වල ඇති ප්‍රතිජීවක මගින් දරුවාට විෂබීජ සමග සටන් කිරීමට වැඩිපුර ශක්තියක් ලැබෙනවා.
    කරන්න එපා – වෛද්‍ය උපදෙස් වලින් තොරව දරුවා මාස දෙකට අඩු නම් පැරසිටමෝල් ලබා දෙන්න එපා ශ්‍රීද්ජාජා පවසනවා.
    කරන්න එපා – දරුවා සීතල වතුරෙන් තෙත මාත්තු නොකර ඇල්මැරුණු මද රස්නෙ වතුරෙන් තෙත මාත්තු කිරීම හෝ බාත් ටබ් එකක කෙටි වෙලාවක් තබා (අධීක්ෂණය යටතේ) පමණක් නැවත ගන්න.
    කරන්න එපා – උණ අඩු කිරීමට මධ්‍යසාර ඇඟෙහි ගලවන්න එපා.
    කරන්න එපා – අධිමත්‍රාවන් හා නියමිත කාලයට පෙර බෙහෙත් ලබා දෙන්න එපා.
    කරන්න එපා – දරුවාට බඩගින්නේ ඉන්න දෙන්න එපා. කැමති දෙයක් කෑමට දීම හා හැකි තරම් දියර වර්ග පානයට දෙන්න.
    කරන්න – හැකි තරම් සරල මෘදු ඇඳුම් ඇන්දවීම හා උවමනාවට වඩා වසා තැබීමෙන් උෂ්ණත්වය ඉහළ යාම වැඩිවිය හැකියි.
    කරන්න – දරුවා හැකි පමණ විවේකයෙන් තබන්න.
    කරන්න එපා – දරුවාට පැය 24 ක් පමණ උණ ඇත්නම් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හෝ පාසලට යවන්න එපා.