දරුවන්ටත් අවි පුහුණුව

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දරුවන්ටත් අවි පුහුණුව

    හිතාගන්න පුලුවන්නේ මේ අරාබී පාසල් කියන ඒවායේ වෙන දේවල්. අනිවාර්යයෙන් ඊලග මරාගෙන මෑරෙන සෙට් එක හදලා තියෙන්නේ. එයාලගේ ආණ්ඩුවක් තමා ඕනේ ඊලග පියවරට යන්න





    සහරාන් වනාතවිල්ලුව පාසලක දරුවන්ටත් අවි පුහුණුව දීලා




    වනාතවිල්ලුවේ පාසලක ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි පුහුණුව දී ඇති බව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින දරුවකු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා ඇත.
    මෙම පාසල 2008 වසරේ ආරම්භ කර ඇති බවත් එය 2018 වසර අවසානය දක්වා පවත්වාගෙන ගොස් ඇති බවද කියයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල මව්පියන් අහිමි ඉස්ලාම් දරුවන් 35 ත් 40 ත් අතර පිරිසක් මෙහිදී අධ්‍යාපනය ලබා ඇති බවත් කියයි. මෙම පාසලේ අපොස සාමාන්‍ය පෙල දක්වා ඉගෙනුම් කටයුතු සිදුකර ඇති බවත් කියයි.
    මෙම අරාබි පාසල 2019 අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය වු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ ශ්‍රී ලංකා නායකයා බවට සැලකෙන සහරාන් විසින් මෙහෙයවා ඇති බවට මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සනාථ කර ගෙන තිබේ.
    එසේම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවා සිටින මෙම අරාබි පාසලේ රැඳී සිටි 14 හැවිරිදි දරුවකු විසින් සිදුකරන ලද පාපොච්චාරණයක් අනුව පැවසෙන්නේ මෙම ආරාබි පාසල තුළ විවිධ වයස් වල දරුවන් රැදි සිටි බවයි. එසේම එහි දරුවන්ට ගිනි අවි යොදා ගනිමින් වෙඩි තැබීමේ පුහුණු විම් දුන් බවද ඇතැම් පුහුණු විම වලදි ඉලක්ක වෙත වෙඩි තැබිමට සිදුවු බවද මෙම දරුවා පවසයි.
    අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම දරුවා ඇතුළු සැකකරුවන් පිරිසක් මෙම ස්ථානයට රැගෙන විත් තිබු බවත් වෙඩි පුහුණුව සිදුවු බව පැවසෙන ස්ථානය දරුවා පෙන්වා ඇතත් එහි මේ වන විට කර ඇති ඉදිකිරිමක් හේතුවෙන් එය සනාථ කර ගැනිම ගැටළු තත්වයක් මතුව ඇති බවත් කියැවේ.
    මෙම දරුවා පවසා ඇත්තේ විවිධ වාහන වලින් පැමිනි පුද්ගලයින් මෙම ස්ථානය පවත්වාගෙන යාම සඳහා පාලනාධිකාරියට විශාල මුදල් දී ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ අත් අඩංගුවේ පසුවන හිටපු ඇමති වරයකුගේ සොහොයුරෙකු හා නිතිඥයකු විසින් විසින් මේ පිළිබදව යම් තොරතුරක් දි ඇති බවටද තොරතුරු ලැබෙමින් පවති.
    සහරාන්ගේ අවි ගබඩාවක් පවත්වාගෙන ගිය ස්ථානයක් ලෙස ජනවාරි 16 දින සොයා ගැනුන වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත සිට මෙම කරතිව් ප්‍රදේශය කිලෝ මිටර් 15 කට ආසන්න දුරකින් පිහිටා තිබේ. එසේම මෙම අරාබි පාසල අවට එක් ජන කොටසක් පමනක් වාසය කර ඇති බවටද වාර්තා වෙයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔය මද්‍රසා පාසල් පකිස්ථානයේ ත් තහනම් කරලා තියෙන්නේ​
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නාවල නිහාල්;25356649 said:
    "ස" තහනම් කරනවා කිව්වට තහනම් කලාද?


    මොන රෙජිස්ටර් කරනවා කිව්වේ අධ්‍යාපන අමාත්‍යාන්සය යටතේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය මද්‍රසා පාසල් පකිස්ථානයේ ත් තහනම් කරලා තියෙන්නේ​



    Ow godak muslim country thahanam karata ape appochita 2/3 ganna ona nisa hema kunu godakma watinawa. ratata ahithakarata wahallunta ewa hoda dewal.
     

    Similar threads