දරුවන්ට කොවිඩ් ආසාදනය වීම උපරිම ධාරිතාවයක - වෛද්‍යවරු අනතුරු අඟවති

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දරුවන්ට කොවිඩ් රෝගය වැළඳීමේ උපරිම ධාරිතාවකට පැමිණ ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි.

    අද (07) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේ, කොවිඩ් -19 ආසාදිත දරුවන් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බවය.

    දරුවන් මේ දිනවල සමාජයට රැගෙන නොයන ලෙස දෙමව්පියන්ට දැනුම්දෙන වෛද්‍යවරයා ප්‍රකාශ කළේ දෙමව්පියන් අනවශ්‍ය බියක් ඇතිකර නොගෙන රෝගී දරුවන් සම්බන්ධයෙන් සායනික කටයුතුවලට සහභාගි විය යුතු බවය.

    "කුඩා දරුවන්ට මේ සම්බන්ධ අවදානමේ යම්කිසි උපරිම අවස්ථාවකට මේ අවස්ථාවේ දී ඇතිවෙලා තියෙනවා. එම නිසා දරුවන් ගැන වැඩිපුර අවදානය කරන්න සහ දරුවන් ට මේ රෝගය වැලඳීම වැළැක්වීමට දෙමාපියන් සහ වැඩිහිටියන් වශයෙන් අපේ යුතුකම ඉතා හොඳින්ම අවශ්‍ය අවස්ථාවක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. මේ රෝග තත්ත්වය විශාල වශයෙන් පැතිර යනකොට ප්‍රතිශතය අඩුවුණත් සංඛ්‍යාව වැඩිවීම නිසා දරුවන් තුළත් සංකූලතා ඇති දරුවන් බහුලව දක්නට ලැබෙන්න පුළුවන්. මේ දිනවල දරුවන් නිවස තුළමයි සිටින්නේ. ඔවුන්ව අනවශ්‍ය ලෙස සමාජයට රැගෙන යෑම සහ රෝගය සහිත පුද්ගලයින්ට නොදැනුවත්වම පිටත සමාජයේදී නිරාවරණය වීම වැළැක්වීම දෙමාපියන්ගේ ඉතා විශාල වගකීමක් හා යුතුකමක්."

    මේ අතර අවුරුදු දෙකට වැඩි කොවිඩ් ආසාදිත දරුවන් රෝග ලක්ෂණ නොමැති නම් නිවසේ දීම රැකබලාගත යුතු බව ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

    "පළමු මාස 6ක් ඇතුළත දරුවා ඉන්නවා නම් කොහොමත් මව්කිරි ලබාදිය යුතුයි. අපි අවුරුදු 2කට අඩු ළමයින්ව රෝහලට ඇතුළත් කර ගන්නවා. නමුත් ඉස්සරහට රෝග ලක්ෂණ නැති වුණොත් දෙමාපියන්ට රෝගය තිබුණත් මව්කිරි ලබාදීම දිගටම ලබාදිය යුතුයි. දෙමාපියන් බය වෙනවා උණ තියෙන දරුවන්ට ෆිට් එක හැදෙයි කියලා. එහෙම බය වෙලා පැරසිටිමෝල් අනවශ්‍ය විදියට ලබාදෙන්න සුදානම් වෙනවා. ඒ වගේ දේවල් හොඳ නෑ. කිලෝ ග්‍රෑම් 1කට මිලිග්‍රෑම් 15ක් වන සේ දවසට උපරිම විදියට 4 සැරයක් පමණක් ලබාදිය යුතුයි. එයට වැඩිය පැරසිටිමෝල් ලබාදුන්නොත් අක්මාවට හානිවෙන්න පුළුවන්. ගෙදර දී දරුවා බලාගන්නා වෙලාවේ දී දරුවන්ට ආරක්ෂාව, විවේකය හා පෝෂ්‍යදායි ආහාරවේලක් ලබාදිය යුතුයි."

    දරුවන්ට වැළදෙන උණ සහ වලිප්පුව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද වෛද්‍යවරයා පැහැදිලි කළේය.

    "උණයි වලිප්පුවයි කියන එක ළමයින්ගේ රෝගයක්. එයින් දරුවන්ගේ මොළයට හානියක් සිදුවන්නේ නෑ. නමුත් උණ නැතුව වලිප්පුව හැදෙනවා නම් එය ප්‍රශ්නයක්. එහෙම අයට අපි වලිප්පුවට දෙන ප්‍රතිකාර ක්‍රියාත්මක කරන්න ඕනේ. ළමා හතිය තියෙනවා නම් එයට නිසිලෙස ප්‍රතිකාර කළ යුතුයි. කාලයක් තිස්සේ ළමයින්ට තියෙන අනෙක් රෝග හෘද වස්තුවේ ආබාධ, වකුගඩුවේ ආබාධ, අක්මාවේ ආබාධ ඇති දරුවන්ට ප්‍රතිකාර දිගටම කළ යුතුයි. එවැනි දරුවන්ට කොවිඩ් හැදුනොත් බරපතළ වෙන්න පුළුවන්. උණයි ෆිට් එකයි කියන එකට බය වෙන්න එපා. සාමාන්‍යයෙන් අවුරුදු 6 පැන්නට පස්සේ ෆිට් එක නවතිනවා. උණ සහ වලිප්පුව හැදුනොත් පැත්තකට හරවලා තියන්න. විනාඩි 5කට වැඩිය තිබුණොත් ළඟම රෝහලක් වෙත ගෙනියන්න. උණ තියෙන දරුවෝ අයිස් හෝ ඇල්වතුරෙන් හෝදන්න එපා. අපි කළ යුත්තේ ළා උණු වතුරෙන් දරුවා සේදීමයි."