දරුවන්ට සිදුවන අනතුරු

sankicool

Member
Jul 11, 2018
115
31
0
දරුවන්ට සිදුවන අනතුරු

රුපලාවන්‍ය ද්‍රව්‍ය නිසා දරුවන්ට සිදුවන අනතුරු​

මව්පියන්ගේ විවිධ අතපසුවීම් අමතකව්ම් හා නොසැලකිල්ල නිසා දරුවන්ට විවිධ අනතුරු සිදුවෙන්න පුළුවන්. ඔබේ රූපලාවන්‍ය ද්‍රව්‍ය හෙයාඩ්‍රයර්, ටුවිසර්, රේසර් වැනි දෑ නිසා කුඩා දරුවකු ඉන්න ගෙදරක අනතුරු සිදුවෙන්න පුළුවන්.

ඔබේ රූපලාවන්‍ය ද්‍රව්‍ය දරුවාට මරු කැඳවයි

කුඩා දරුවන් සිටින නිවෙසක ජිවත්වන ඔබට තිබිය යුතු අත්‍යාවශ්‍යම දේ වන්නේ සැලකිලිමත් බවයි. ඒ නිසා දරුවන් කොතරම් ආරක්ෂිතව සිටින්නේ දැයි ඔබට තීරණය කළ නොහැක. මන්ද ඔබේම වැඩ කටයුතු නිසා දරුවා අනාරක්ෂිත වේ. ඔබ තරුණ මවක් විය හැකියි. ඒ වගේම ඔබ රූපලාවන්‍ය කටයුතු වලටත් වැඩි තැනක් දෙනවා ඇති. නමුත් ඒවා කළ යුත්තේ හරි පරිස්සමෙනි.

ස්ට්‍රේට් මැෂින් එකකින් කොන්දේ ස්ට්‍රේට් කර පෙය කිහිපයක් යනතුරු එහි උණුසුම පහව යන්නේ නැත. මෙය භාවිතය ගත් පසු විදුලි ස්ත්‍රීක්කය තරම් උණුසුම පහව යන්නේ නැත. අම්මා කරන දේ දරුවන් හොඳින් බලා සිටියි. පසුව ඔවුහු ඒවාද අත් හදා බැලීමට යති. ඔබ මෙවැනි උපකරණ භාවිතා කර දරුවන්ට හසුවන සේ තැබූ විට දරුවෝ කිසිඳු වග විභාගයකින් තොරව ඇල්ලීමට තැත් කරයි. එසේම කොණ්ඩය පාට කරන ස්ප්‍රේ වර්ග මෙන්ම වර්ණක ද දරුවන්ට ඉතාමත් අනතුරුදායක වේ.

මෙවැනි රූපලාවන්‍ය ද්‍රව්‍ය ඔබ තැබිය යුත්තේ දරුවන්ට හසු නොවන සේය. කොණ්ඩය පාට කරන වර්ණක ඇස්වල තවරුණහොත් ඇස් අන්ධ වේ. එසේ වන්නේ මේවා ඇමෝනියා අම්ල යොදා නිෂ්පාදනය කරන නිසාය.

මේ දේවල් දරුවන්ගෙන් ඈත් කර තබන්න

ටුවිසර්

ටුවිසර් නැතිනම් ඇහි බැම සකස් කරන උපකරණය. මෙයත් කුඩා දරුවන්ට ඉතා අනතුරුදායක උපකරණයකි. එනම් මෙහි විදුලියෙන් ක්‍රියාත්මක වන තියුණු තලයක් බඳු උපකරණ වර්ග දෙකක් ඇත. විදුලියෙන් ක්‍රියාත්මක වෙන උපකරණය දරුවන් අතට හසුවී එය ක්‍රියාත්මක වුවහොත් ශරීරය කැපුම් තුවාල ඇති වීමට ඉඩ ඇත. එසේම තියුණු තලයක් ඇති අඬු සහිත උපකරණය දරුවාගේ ඇස් තුවාල කල හැකියි. කුඩා දරුවන් අනුකරණයට දක්ෂයි. ඔබ කරන්නේ කුමක් ද එය අත් හදා බැලීමට ඔවුන් යොමු වේ. ඒ නිසා දරුවන් මේ උපකරණ ඇසට ලං කිරීම වැනි දේ සිදු කරයි. මේ නිසා එවැනි උපකරණ කුඩා දරුවන්ට හසු නොවන සේ අගුලු ලා හැකි ස්ථානයක තබන්න.

රේසර්

සාමාන්‍ය රේසරයක් වුවත් විදුලි රේසරයක් වුවත් ඉතා අවදානම් සහිතය. රේසරයක ඇති තල ඉතා සියුම් ඇතිල්ලිමක් වුවත් ශරීරය කැපීමේ අවදානමට ලක් වේ.

හෙයා ඩ්‍රයර් එක

කෙස් වියලන යන්ත්‍රයත් බොහෝ විට කාන්තා පිරිමි දෙපාර්ශවයම භාවිතා කරයි. මෙය විදුලියෙන් ක්‍රියාත්මක වේ. ප්‍රධාන ස්විචය ක්‍රියා විරහිත නොකර උපකරණයේ ඇති ස්විචයෙන් ක්‍රියා විරහිත නොකරන අවස්ථා තිබේ. එසේම භාවිත කර එය දරුවන්ට හසුවන ස්ථානවල තබයි. එහිදී දරුවන් එය ක්‍රියාත්මක කර මුහුණට අල්ලා ගෙන සිටින විට හුස්ම ගැනීමට නොහැකි වී දරුවන්ගේ ජිවිත අනතුරට ලක් වේ. එසේම විදුලියෙන් මෙය ක්‍රියාත්මක වන නිසා විදුලි සැර වැදීමේ අවදානමත් තිබේ.

මේ ගැනත් ඔබේ සැලකිල්ල වැදගත්

ඇතැම් භාණ්ඩ දරුවාට දුරස්ථව තැබීමේ හැකියාව ඔබට ඇතත් තවත් ඒවා ඉවත් කිරීමට අවස්ථාවක් නැත. එවැනි දේ ඉතා ආරක්ෂාකාරීව තබා ගැනීමට ඔබට විවිධ පියවර අනුගමනය කළ යුතු වේ.

ඒ අතර නාන කාමරය අනතුරුවලින් පිරුණු තැනකි. මෙහි ඇති අනතුරු වැළැක්වීමට ඔබට මේ ඉයවර අනුගමනය කල හැකියි.

ඔබ භාවිතා කරන ෂැම්පු වර්ග දරුවන්ට හසු නොවන සේ තබන්න. එසේ නොතිබුණහොත් දරුවන් ඒවා රැගෙන බිම විසුරුවයි. ඒවා ජලය සමඟ මිශ්‍ර වූ පසු ටයිල් පොලොව ලිස්සන සුළු ස්වභාවයට හැරී දරුවා වැටී අනතුරට ලක් වේ.

වැසිකිලි පෝච්චියේ පවා අනතුරක් සැඟවී තිබිය හැකි. ඒ නිසා එහි පියන වසා තබන්නට සෑම විටම මතක තබා ගන්න.

එසේම ඔබ භාවිතා කරන ඖෂධ බෝතල් අවසන් වූ විට එහි වෙනත් ද්‍රව්‍ය දැමීමෙන් වළකින්න. එවිට ඔබට අමතක වී හෝ නැති නම් දරුවන් නොදන්නා නිසා භාවිතා කර අනතුරු සිදු කර ගත හැකිය.

ඔබේ කණ්නාඩි මේසය මත ඇති රූපලාවන්‍ය ආලේපන වර්ග දරුවාට විසිතුරු සෙල්ලම් බඩුය. ඔවුන් ඒවා අල්ලන්නට මෙන්ම ශරීරයේ තවරා ගන්නටත් උත්සහ දරති. බොහෝ විට නිවසේ කණ්නාඩි මේසය වැඩි උසකින් පිහිටන්නේ නැත. දරුවන්ට ළඟා විය හැකි උසකින් එය තිබෙන නිසා එහි ඇති නොයෙක් ද්‍රව්‍ය ඇල්ලීමට හැකිය.

ඇතැම් ආලේපන වර්ග වැඩිහිටි සැමට ඔරොත්තු දුන්නද කුඩා දරුවන්ගේ සැමට අනතුරුදායක වේ. ඒවා නිසා දරුවන්ගේ සම පිළිස්සීම වැනි දේට ලක්විය හැකිය. ඔබ මෙවැනි ආලේපන වර්ග භාවිතා කරන විට ඒවා දරුවන්ට හසු නොවන සේ උසකින් තබන්න. නැතිනම් ඒවා භාවිතා කරන අවස්ථාවේදී පමණක් කණ්නාඩි මේසය මතට ගෙන නැවතත් අගුලු දැමිය හැකි ස්ථානයක ගබඩා කර තබන්න.


source http://thewoman.lk/archives/6071