දරුවන් නොමැති අයට IVF (In Vitro Fertilization) ප්‍රතිකාරය කරන අාකාරය...👶👶👶

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    සාමාන්‍ය පිළිසිඳ ගැනීමක දී ඩිම්බ කෝෂ වලින් පිටවෙන ඩිම්බය පැලෝපීය නාලය තුල දී ශුක්‍රාණුවක් සමග එකතු වෙනව. මෙම සංසේචන ක්‍රියාවලියෙන් පසුව ඇතිවෙන යුක්තාණුව ගර්භාෂය තුලට ගමන් කර එහි තැන්පත් වෙනව. නමුත් විවිධ හේතු නිසා මෙලෙස සාමාන්‍ය සංසේචනයක් සිදු නොවී දරුඵල පමා වන යුවලකට දරු සම්පත් ලබා ගැනීමට උපකාර වන නවීන තාක්ෂණික ක්‍රමයක් තමයි IVF නැතිනම් නල දරු උපතක් කියල කියන්නේ.

    ලොව ප්‍රථම නල දරු උපත ලෙස 1978 ජුලි මස 25 වන දින එන්ගලන්තයේ මැන්චෙස්ටර් හිදී ලුවිස් බ්‍රවුන් නමැති දැරිය උපත ලැබුව. ඉන් පසු දස දහස් ගණනක් දරුවන් මෙම තාක්ෂණය මගින් මෙලොව එලිය දුටුව. සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම වලින් සාර්ථක ප්‍රතිඵල නැති වෙන විට මෙම ක්‍රමයට යොමු විය හැකියි. එක වරක් IVF ප්‍රතිකාරයට යොමු වීමෙන් දරු ඵල ලබා ගැනීමේ හැකියාව 35%ක් පමණ වෙනව.

    VSAuhjv.jpeg

    වයසත් සමග ඕනෑම කාන්තාවකගේ ගැබ් ගැනීමේ හැකියාව අඩු වෙනව. ඒ වගේම IVF ක්‍රමයේ සාර්ථකත්වයත් වයස වැඩි වෙන විට ශීඝ්‍රයෙන් අඩු වෙනව. එම නිසා ඔබ IVF ප්‍රතිකාර ක්‍රමයට යොමු වීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා ඉක්මනින් යොමු වුනොත් සාර්ථක ප්‍රතිළුලයකට ඇති හැකියාව වැඩියි.

    IVF ක්‍රියාවලියේ දී මුලින් ම සිදු කරන්නේ කාන්තාවට ඖෂධ ලබා දී ඇගේ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරිත්වය පාලනය කිරීම. ඉන් අනතුරුව ඩිම්බ කෝෂ වලින් ඩිම්බ වැඩි සංඛ්‍යාවක් එකවර මේරීමට ලක් කරනව. මේ සඳහා නික්ෂේපණ ඖෂධ මගින් ඩිම්බකෝෂ උත්තේජනය කරනව. ඉන් අනතුරුව යෝනි මාර්ගය හරහා මෙම ඩිම්බ පිටතට ගැනීම ස්කෑන් පරීක්ෂණයක් ද ආධාර කර ගනිමින් සිදු කරනව. පිටතට ගත් ඩිම්බ රසායනාගාරය තුල දී ශුක්‍රාණු සමග එකතු වීමට සලස්වන අතර එහි දී සංසේචනය වන ඩිම්බ යුක්තාණුවක් බවට පත්වෙනව. මෙම යුක්තාණුව විද්‍යාගාරය තුල දින කිහිපයක දී කලලයක් බවට පත්වෙනව. ඉන් තෝරා ගත් නිරෝගී කලලයක් හෝ දෙකක් ගර්භාෂය තුලට කුඩා බටයක් ආධාරයෙන් තැන්පත් කිරීම ඉන් පසුවයි සිදු කරන්නේ.

    H4aLHfJ.jpeg

    මෙම ක්‍රියා වලිය සඳහා විශේෂ පහසුකම් ඇති විද්‍යාගාරයක් සහ පුහුණු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනව. දැනට රජයේ රෝහල් වල IVF පහසුකම නැති නමුත් පුද්ගලික අංශයේ ආයතන විශාල සංඛ්‍යාවක මෙම සේවා සපයනව. ඒවායේ ගුණාත්මක භාවය නියාමනය කිරීමක් රජයෙන් සිදු වෙන්නේ නැහැ. එම නිසා ඔබ IVF ප්‍රතිකාරය සඳහා යොමු වන ආයතනයේ ඒ සඳහා ඇති පහසුකම් ගැන කලින් ඔබේ විශේෂඥ වෛද්‍ය වරයා ගෙන් අසා දැන ගන්න.

    Source: VOG.LK
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දැන්ම කරගනින් ඊලග නයවාරිකය ගන්න ඕකටත් බද්දක් ගහනවා අපි
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    හොද බිස්නස් එක ඉතින්.ඉගෙන ගන්න හුගක් ගෑනු 30න් පස්සෙනෙ ලමයි හදන්නෙ.ඒ වෙද්දි ඇග තනිකර වෙනස් වෙලා තියෙන්නෙ ලමයි හැදෙනව අඩුයි. අනික ඉතින් ලමයෙක් හදන එක තනිකර බොරු වියදමක් තමන් ගැන හිතන කෙනෙක්ට.18 වෙනකන් කන්න බොන්න දෙන්න ඕනේ.සමහර විට ඊට පස්සෙත් වියදන් කරන්න ඕන.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,747
    16,968
    113
    e wageda honda kapuwek gaawata gihin kapuwage chuwagenma shukranu garbhashayatama deiyyange ashiwadeth ekkama thampath karaganna eka
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හොද බිස්නස් එක ඉතින්.ඉගෙන ගන්න හුගක් ගෑනු 30න් පස්සෙනෙ ලමයි හදන්නෙ.ඒ වෙද්දි ඇග තනිකර වෙනස් වෙලා තියෙන්නෙ ලමයි හැදෙනව අඩුයි. අනික ඉතින් ලමයෙක් හදන එක තනිකර බොරු වියදමක් තමන් ගැන හිතන කෙනෙක්ට.18 වෙනකන් කන්න බොන්න දෙන්න ඕනේ.සමහර විට ඊට පස්සෙත් වියදන් කරන්න ඕන.
    මොකක්ද බං උඹ ඔය හිතන විදිය. සල්ලි වලින් සේරම මනින උඹට සෑහෙන්න සල්ලි ඇති නේද දැන් ලෝකෙ අල්ලන්න තරම්. :rolleyes:
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    මොකක්ද බං උඹ ඔය හිතන විදිය. සල්ලි වලින් සේරම මනින උඹට සෑහෙන්න සල්ලි ඇති නේද දැන් ලෝකෙ අල්ලන්න තරම්. :rolleyes:
    සල්ලි ඕන ඉතින් තමන් කැමති විදිහට ජීවිතේ ව්දින්න.ලමයෙක් හරියට හදන එක ලොකු වියදමක්.මට තියෙන සල්ලි ප්‍රමානය ප්‍රශ්‍නයක් වෙන්නේ කෝමද ඒකට.🤔
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සල්ලි ඕන ඉතින් තමන් කැමති විදිහට ජීවිතේ ව්දින්න.ලමයෙක් හරියට හදන එක ලොකු වියදමක්.මට තියෙන සල්ලි ප්‍රමානය ප්‍රශ්‍නයක් වෙන්නේ කෝමද ඒකට.🤔
    ඒක හරි ඉතින් මචං සල්ලි හම්බ කරන්නෙ වියදම් කරන්නනෙ ළමයෙක් හදල බලපන්කෝ ජීවිතේ විඳිනව කියල ගන්න ආතල් මොනවද කියල හිතෙයි, මම දැකල තියෙනව වයස 40ත් පැනල සියලු දේවල් තියෙන මිනිස්සු ළමයි නෑ ඕන දෙයක් කරන්න සල්ලි තියෙනව හැබැයි මාර දුකක් විඳිනවා මගෙ ඔෆිස් එකේ යාලුවෙක් වෙන අයිය කෙනෙක් හිටිය ඌ හෙන කලකිරීමෙන් ඉන්නෙ. උඹට වයස කීයද? මගෙ සමහර ගෑනු යාලුවෝ හිටිය ජීවිතේ විඳින්න ඕන කියල හරි වයසෙන් කසාද බැන්දෙ නෑ දැන් වයස පහුවෙලා කොල්ලො සෙට් වෙන්නෙ නෑ ප්‍රපෝසල් හොයනව ඒවත් හරියන්නෙ නෑ හිතින් දුක්වෙනව කෙට්ටු වෙලා ඇදිල ගිහින්. හොඳ ජොබ් කරනවා සල්ලි තියෙනව දේපල තියෙනව අපිත් එක්ක කියල දුක් වෙනව. සල්ලි නැතුව ළමයි හදලත් වැඩක් නෑ උඹ හරි නැත්තන් අර පොඩි කෙල්ලට ගහන මිනිහ වගේ තමයි ලමයි හදල උන්ට සලකන්නෙ.
     
    ඔය ලමයෙක් හදල ආතල් ගන්න එක මට සෙට් වෙන් නෑ මචන්.මනුස්සයෙක් කියන්නෙ කාටවත් predict කරන්න බැරි දෙයක්.ලමයෙක් ඉපදිලා අපිට සතුට විතරක් ඒකෙන් ලැබෙන් නෑ.අසනීප වෙනව,කරදර වෙනව සමහර කරදර උනාම ඒවා සදාකාලිකයි.තනියෙන් ඉදල කරදරයක් උනොත් ඒක මට කියල හිත හදාගන්න පුලුවන්.මට 29යි.මට මගෙ සම වයස් මට්ටමේ අයට වඩා යමක් කමක් තියෙනව.මගෙ යාලුවො ඉන්නව ලමයි හදල ජීවිතෙ එක තැන පල් වෙන.කිසි වෙනසක් නෑ ඒ ජීවිත වල.එයාල ඉතින් සතුටු වෙන්නෙ ලමයින්ගෙ දේවල් දැකල.මට හිතෙන්නෙ අපේ දෙමාපියන්ගෙ ඒ කියන්නෙ 1980 කලින් ඉපදුන හුගක් අය සතුටු උනෙත් ඒම.මන් වයසට ගියාම මාව බලාගන්න ලමයි ඕන් නෑ කියන මතේ මන් ඉන්නෙ. ලමයෙක් ඉදියත් කවුද දන්නේ මොනා වෙයිද කියල. මට දැන් තියෙන දේවල් වලින් උනත් මටයි වයිෆ්ටයි retire වෙලා අපේ තාත්තල වගේ ජීවත් වෙතෑකි.අපි නන් ඉන්නෙ ලමයි හැදුවොත් හදන්නෙ අපි දෙන්නටම ඒම වගකීමක් ගන්න පුලුවන් කාලෙක කියල.තාම නන් අපිට ඒක මහ බොරු වැඩක්.ඉස්සරහට ඉතින් ඕව වෙනස් වෙන්නත් පුලුවන් මීට වඩා එපා වෙන්නත් පුලුවන්.මන් කාටවත් ලමයි හදන්න එපා කියන් නෑ.හැබැයි මට හිතෙන දේ කියනව.