දවසකට රුපියල් ලක්‍ෂයක රා බොන මිනිස්සු ඉන්
බලංගොඩ ජනතාව කොතරම් රා බොනවාදැයි පසක් වූයේ ඉකුත්දා ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති බලංගොඩ පින්නවල අංක 02 රා තැබෑරුම ටෙන්ඩර් කරන අවස්ථාවේදීය.
එදින ටෙන්ඩර්කරුවන් කිහිපදෙනකු පැමිණ සිටි අතර ටෙන්ඩර් මණ්ඩලයේ ප‍්‍රධානියා වූයේ ඉඹුල්පේ ප‍්‍රාදේශීය මහලේකම් කීර්ති ජයසිංහ මහතාය. සෙසු සාමාජිකයින් වූයේ සහකාර සුරාබදු කොමසාරිස් වී.යූ වික‍්‍රමරත්න, බලංගොඩ සුරාබදු ස්ථානාධිපති කපිල විජේසිංහ හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන ගණකාධිකාරීවරයාය.
උදෑසන 10.30ට පමණ ටෙන්ඩර් පත‍්‍රිකා විවෘත කිරීම සිදු විය. එක් අයෙකු රුපියල් එක්කෝටි දස ලක්‍ෂයක ලංසුවක් දමා තිබිණි. තවත් අයෙක් දමා තිබූ ලංසුව රුපියල් දෙකෝටි දස ලක්‍ෂයකි. වැඩිම ලංසුව ලැබී තිබුණේ ගාල්ල කරන්දෙණිය ප‍්‍රදේශයේ පුද්ගලයෙක් ඉදිරිපත් කළ ටෙන්ඩර් පත‍්‍රිකාවේය. එය රුපියල් දෙකෝටි හැත්තෑඅට ලක්‍ෂයක් විය.
ඒ අනුව 2018 වර්ෂයේ බලංගොඩ පින්නවල අංක 02 රා තැබෑරුම පවත්වාගෙන යාම එම ලංසුව තැබූ පුද්ගලයාට ලබා දීමට ටෙන්ඩර් මණ්ඩලයේ ප‍්‍රධානී ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා තීරණය කළේය.
කීර්ති ජයසිංහ මහතා සඳහන් කරන අන්දමට ඉකුත් වසරේ මෙම රා තැබෑරුම ටෙන්ඩර් වුයේ රුපියල් එක්කෝටි තිස්තුන් ලක්‍ෂයකටය. එසේ ගණන් හිලව් බලනවිට මෙවර ටෙන්ඩරය පෙර වසරට වඩා දෙගුණයකින් පමණ වැඩි වී තිබේ.
මේසා විශාල මුදලකට අලෙවි වූ රා තැබෑරුම මහා ලොකු නගරයක් මැද්දේ ඇති එකකැයි කෙනෙකුට සිතෙනු ඇත. එ්ත් පුදුමය එසේ නොවීමයි. ලංකාවේ ලොකුම මුදලට අලෙවි වූ මෙම රා තැබෑරුම පිහිටා ඇත්තේ බලංගොඩ නගරයෙනුත් කිලෝමීටර් විස්සක් පමණ එපිටින් ඇති පින්නවල ග‍්‍රාමයේය.
පසුගිය කාලයේදී මෙම ප‍්‍රදේශයේ ස්ථිර පොලිස් ස්ථානයක් ස්ථාපනය කිරීමටද හිටපු පොලිස්පති වරයකු වූ එන්.කේ. ඉලංගකෝන් මහතා පියවර ගෙන තිබුණි. පින්නවල එම හිටපු පොලිස්පතිවරයාගේ උපන් ගම් ප‍්‍රදේශයද වේ.
අනවසර මත්පැන් මෙම ප‍්‍රදේශයේ බහුලව ඇති නිසා එය වළක්වාලීමටත්, ප‍්‍රදේශයේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමටත් අවශ්‍ය බැවින් ගමට ඇති ආදරය නිසාම මෙම පොලිස් ස්ථානය එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් ඉදිකරන්නට ඇත. පොලීසිය විවෘත කරනු ලැබුවේ ඔහු විශ‍්‍රාම ගැනීමට දින කිහිපයක් තිබියදීය.
පින්නවල ප‍්‍රදේශය යනු සිංහල, මෙන්ම දෙමළ ජනතාව සම සමව ජීවත් වන ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන, හින්දු කෝවිල් හා කතෝලික පල්ලි රාශියක් දැක ගැනීමට හැකියාව තිබේ.
විශේෂයෙන් පින්නවල ප‍්‍රදේශය විශාල හා කුඩා තේ වතු ඇති ප‍්‍රදේශයකි. මේ තේ වතු වල හා තේ කාර්මාන්තශාලාවල සේවය කරන්නේ වැඩි වශයෙන් දෙමළ කම්කරුවන්ය.
වලේබොඩවත්ත, මාරතැන්නවත්ත හා ඒ ආසන්නයේම බගවන්තලාව වතු යායද පිහිටා තිබේ.
පින්නවල රා තැබෑරුම මෙරට පැරණිම රා තැබෑරුමකි. එය ආරම්භ වී ඇත්තේ විදේශකයින් මෙරට වතු පාලනය කරන සමයේය. එ් කාලයේ මුලින්ම බලංගොඩ නගරයේ රා තැබෑරුමක් ස්ථාපනය කර ඇති අතර ඉහත කී වතුවල සේවය කරන කම්කරුවන්ට බලංගොඩ නගරයට පැමිණිමේ අපහසුතාවය හේතුකොට ගෙන විදේශකයින් පින්නවල රා තැබෑරුම අරම්භ කළ බව අතීත තතු දන්නෝ කියති. අංක 01 රා තැබෑරුම ලෙස බලංගොඩ නගරයේ රා තැබෑරුමත්, අංක 02 රා තැබෑරුම ලෙස පින්නවල රා තැබෑරුමත් නම් කර ඇත්තේ එ් අනුවය.
රා තැබෑරුමේ ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයා කඩ කුලිය, විදුලි බිල්, වතුර බිල්, සේවක වැටුප්, රා සඳහා මුදල් ගෙවීම, ඒ සඳහා ප‍්‍රවාහන වියදම් ඇතුළුව මෙකී නොකී වියදම් සියල්ලමද ගෙවිය යුතුය. එ් ටෙන්ඩරය ලබාගැනීමට වැය කළ දෙකෝටි හැත්තෑ ලක්ෂයට අමතරවය.
එසේ රජයට ගෙවන දෙකෝටි හැත්තෑඅට ලක්‍ෂයට අමතරව ඔහු මෙම තැබෑරුමේ ගනුදෙනුවෙන් ලාභයක්ද ලැබිය යුතුව තිබේ. ලාභය ගැන නොසලකා හැරියද ටෙන්ඩරය සඳහා වැයකළ මුදල වසරක් තුළදී උපයා ගැනීමට වුවද ඔහු අවම වශයෙන් දිනකට රුපියල් අසූතුන් දහසක්වත් රා විකිණිය යුතුය.
ලාභයක් ලබන්නට නම් දිනකට රුපියල් ලක්ෂයකවත් රා විකිණිය යුතුය. බලංගොඩ මැතිවරණ කොට්ඨාසයට ඇත්තේ රා තැබෑරුම් දෙකකි. එකක් බලංගොඩ නගරයේය. අනෙක පින්නවලය. මුලින් කී පරිදි පින්නවල බලංගොඩ නගරයෙන් ඈත එපිට පිහිට ගමකි. එවැනි ගමක රා අලෙවියෙන් මෙතරම් මුදලක් සොයා ගන්නේ කෙසේද? තවද පෝය දින හා රජයේ විශේෂ අවස්ථාවලදී තැබෑරුම වසා දැමීමට සිදු වේ.
සාමාන්‍යයෙන් බලංගොඩ ප‍්‍රදේශයේ කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් අටසියයත් දහසත් අතර මුදලකි. රා බෝතලයක මිල රුපියල් එකසිය හතළිහකි. සාමාන්‍ය ගාණට පදම් වීමට නම් දිනකට රා බෝතල් තුනක්වත් පානය කළ යුතු බව රා බොන්නෝ පවසති.
ඒ අනුව දිනකට කම්කරුවෙකු රා සඳහා අඩු තරමේ රුපියල් හාරසිය විස්සක් වැය කරති. ඊට අමතරව වඬේ, මඤ්ඤොක්කා වැනි අමතර දේවල් සඳහා ද තවත් රුපියල් පනහක්වත් වැය වේ. දුම්වැටි සහ බීඩි සඳහා රුපියල් සියයක්වත් වැය කරති. ඒ අනුව දිනකට නිකරුණේ වැය කරන මුදල රුපියල් හයසියයකට ආසන්න වේ.
ඉන්පසුව නිවසේ වියදමට ඉතිරි වන්නේ රුපියල් දෙතුන් සියයකි. ඒ අනුව බලන කල පින්නවල ප‍්‍රදේශයේ ගෙවල්වල දිනපතා දිගහැරෙන අඬ දබර සමනය කිරීමට නම් පින්නවලට පොලීසියක් නැතිවම බැරි බව නම් පැහැදිලි සත්‍යයකි.
මේ කරුණු කාරණා මෙසේ තිබියදී රා තැබෑරුම්වල විකිණිමට ඇත්තේ නියම පොල් රා නොවන බවත් ඒවා කෘත‍්‍රිමව නිෂ්පාදනය කරන රා බවත් රා බොන්නෝ පවසති. ලංකාවටම අවශ්‍ය තරම් පොල් රා නිෂ්පාදනය කරන පළාතක් අප දන්නා තරමට ලංකාවේ නම් නැත්තේය. බලංගොඩ ප‍්‍රදේශයට අවශ්‍ය රා රැගෙන එන්නේ මීගමුව ප‍්‍රදේශයෙනි.
කිතුල්ගහට ගිය මිනිහාටද නිදහසට කියන්නට දෙයක් ඇත්තේය. දිනපතා ඇඟ වෙහෙසන තමන් හැන්දෑවට රා උගුරක් බොන්නේ ඇගේ අමාරුවට බව රා බොන්නෝ කියති. රා පානයට මුදල් වියදම් කිරීම ගෙදරට බරකි. එ්ත් විකල්පයක් නැතැයි ඔවුහු කියති.
ගෙවත්තක ඇති පොල් ගසක් , කිතුල් ගසක් මැද ගෙන රා ටිකක් නිෂ්පාදනය කර ගැනීමට සහනදායී වැඩපිළිවෙළක් සලසා දෙන්නේ නම් එය තමන්ට ලොකු සහනයක් බවද මොවුහු කියති.
එහෙත් බලංගොඩ සුරාබදු ස්ථානාධිපති කපිල විජේසිංහ නම් කියන්නේ රුපියල් පනහක් වැනි සුළු මුදලක් ගෙවා රා මැදීම සඳහා වාර්ෂික බලපත‍්‍රයක් ලබා ගත හැකි බවයි.
Source - http://lakbima.lk/

ලංකාවේ ලිගල් විදියට් ඕක හදල හොද බෝතලේක දලා මාකට් කරානම් ඉම්පොට් කරන්න තරම් මාකට් එකක් එනවා.