දවසක් ඒවි...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo




    සෙවනැල්ලත් මග හැර යන
    අඳුරේදිත් මා ගාවින් රැඳී
    නුඹ හිටියද හැම සංසාරෙම
    මේ වාගේම මගේ ළඟටම වී

    ඔබ හින්දා මං ගැයු පෙම් වදන්
    දෝරේ ගලා ගියා දැන්
    නුඹෙන් මං විඳිමි හැඟුමන්
    මා හද නිවාලනා

    දවසක් ඒවි අපිත්
    අපේ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින්
    නුඹ හිටියොතින් ඇති

    ජීවිතයේ තැන් තිබුණා
    අපිටම අපිවම නැතිවුන
    ඒ ගැන මං හිතනා විට
    කඳුලක් උනනවා මට නොදැනිම
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP


    මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
    එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
    එදා වගේ හමුවන්නට සුන්දර සවසක
    හීන මවනවද හිර වී හිමි නැති පපුවක.....

    රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
    මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
    සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
    පිනි බිඳක් වෙලා තෙමුනත් ඇති ආදර පවසට....

    අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
    මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
    ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල...
     
    Last edited:
    • Like
    Reactions: Ameesha2 and NRTG

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo


    මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
    එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
    එදා වගේ හමුවන්නට සුන්දර සවසක
    හීන මවනවද හිර වී හිමි නැති පපුවක.....

    රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
    මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
    සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
    පිනි බිඳක් වෙලා තෙමුනත් ඇති ආදර පවසට....

    අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
    මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
    ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල...